විද්‍යාව

ctooi

Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    PSunLG0.jpg
     
    Last edited:

    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113


    විද්‍යාව :)

    සූත්‍ර පිටකය » සංයුත්‌ත නිකාය » මහා වර්ගය » 12. සච්ච සංයුක්තය » 2. ධම්‌මචක්‌කප්‌පවත්‌තන වර්ගය » විජ්‌ජා සූත්‍රය

    එකල එක්තරා මහණෙක් භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්නේ ය. එකත්පසෙක හුන් ඒ මහණ භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකෙළේ ය: “වහන්ස, විද්‍යා විද්‍යා”යී කියනු ලැබේ. වහන්ස, විද්‍යා නම් කවර යැ? කෙතෙකින් විද්‍යාගතත් වේ දැයි? මහණ, යම් දුකෙහි දැනීමෙක්, දුක් හටගැන්මෙහි දැනීමෙක්, දුක් වැළැක්මෙහි දැනීමෙක්, දුක් වැළැක්මට පමුණුවන පිළිවෙතෙහි දැනීමෙක්, වේ ද, මහණ, මේ ‘විද්‍යා’ යි කියනු ලැබේ. මෙතෙකින් විද්‍යාගතත් වෙයි. මහණ, එහෙයින් මෙහි ලා “මේ දුක්ඛ” යි වීර්‍ය්‍ය කටයුතු ... “මේ දුක්ඛනිරොධගාමිනී පටිපදා”යී වීර්‍ය්‍ය කටයුතු යි.
     
    Last edited:
    • Like
    Reactions: ctooi