වඳ dosthara

visalbro

Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    සිසේරියන් සැත්කම අතරතුර පැලෝපීය නාලවලට හානිසිදුකර මව්වරුන් වද කර ඇතිබවට දිවයින හෙලි කරානෙ.මේක හෙලිකරාට පස්සෙ අම්මල ඇවිත් රෝහලට.ඉපදුන පලවෙනි බබාත් මැරිලා කියල එක අම්මකෙනෙක් කිව්ව.තව අම්මලට දෙවෙනි බබා ලැබිල නෑ.මේ කුරුනෑගල දොස්තර විතරක් නෙවේ වෙන පලාත්වලත් මෙහෙම මුස්ලිම් දොස්තරලා ඉන්නව්වා ඇති.දැන් මේ ලමයි නැති අම්මලට රජයෙන් වන්දියක් නැද්ද?මේක නිකම් අහක දායිද දන්නෙ නෑ.සහරාන්ට වඩා මිනීමරුවෙක් එහෙම බලද්දි මේ දොස්තරයා.මුස්ලිම් එකෙක්ක්ගෙ තාප්පෙකට ගලක් වැදුනනම් බලාගන්න තිබ්බා ආන්ඩුවෙන් අලුත් තාප්පෙකුත් හදලා දෙය්.රාජිතගෙ කතාව කොහොමද උන් දොස්තරව සුද්ද කරනවා.අර අම්මල පව් අඩ අඩ කතා කරේ.මේවට කවුරුත් කතා කරන්නෙ නැද්ද?.
     
    • Like
    Reactions: dhanuka1990

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    ඳ සැත්කම් ගැන කුරුණෑගල රෝහලේ වෛද්‍යවරයෙක් මෙසේ කියයි
    ++++++++++++++++++++++++++++++++++++++++++++
    කුරුණෑගල රෝහලේ සේවය කරන ප්‍රසව හා නාරිවේද ජේෂ්ඨ නේවාසික වෛද්‍ය SHO ගාමිණී විමලරත්න මහතා ගේ අදහස
    ---------------------------------------------------------------------------

    මේ සිදුවීම සම්බන්ධයෙන් බොහෝ දෑ කිවයුතුව තිබුනත් පවතින වාතාවරණය තුල නිහඬව සිටින්නට උත්සාහ කළෙමි. නමුත් වගකිවයුතු දැනුමැත්තන්ගෙනුත් යම්‍ යම් නිවැරැදි නොවන ප්‍රකාශයන් නිකුත් වෙනබව පෙනෙන හෙයින් යමක් කිවයුතු බව හැගුනි.

    ප්‍රථමයෙන්ම මේ සිද්ධියට සම්බන්ධ වෛද්‍යවරයා පිළිබඳව මාගේද එතරම් ප්‍රසාදයක් නැතිබව කිවයුතුය. මා ඔහු දන්නා නමුත් අප අතර ඇසුරක් නොමැත.
    මා කුරුණෑගල ශික්ෂණ රෝහලේම නාරි හා ප්‍රසව වේද අංශයේ ජේය්ෂඨ වෛද්‍ය නිළධාරි වරයෙක් ලෙස දීර්ඝ කාලයක අත්දැකීම් ඇත්තෙක්මි. හරිහැටි ගනන් බලා නොතිබුණත් මා සිසේරියන් සැත්කම් 4000කට වඩා කර ඇත්තෙක්මි. සිසේරියන් සැත්කමකදී ශල්‍ය කර්මය සිදුකරන වෛද්‍ය වරයාගේ සහායට තවත් වෛද්‍ය වරයෙක් සහ මනා පුහුණුවකින් යුත් හෙදියක් සහභාගීවේ. ශල්‍යකර්ම යේ සියළුම පියවරයන් පිළිබඳව ඔවුන් මනාලෙස දැනුම්වත්‍ ය. ඔවුනගේ ඇස් වසා පැලෝපීය නාල ගැටගැසීමක්වත් ඒවා කැපීමක්වත් කළ නොහැක. මන්ද යත් එම ක්‍රියාවන් හට අවශ්‍ය උපකරණ, නූල් යනාදිය සැපයිය යුත්තේ සහායක හෙදිය විසින් බැවිනි. පැලෝපීය නාල යනු ඉතා කුඩා අන්වීක්ෂීය ඉන්ද්‍රියයන් නොවේ. ඒවා උපකරණයක් ඇසුරෙන් Clamp කලහොත් මනාව අවට සිටින්නන්ට දර්ශණය වේ. නමුත් අනිත් අයගේ ඇස් වසා එකදෙයක් කළ හැකි බව කිවයුතුයි. එනම් තම ඇගිලි තුඩුවලින් නාල මිරිකා තැලීමකට ලක්කල හැකියි. මෙයින් නාල වලට කිසියම්වූ හානියක් ඇතිකල හැකියි. එහෙත් ප්‍රායෝගික ව එම නාල නැවත යථා තත්වයට පත්වීමේ හැකියාව වැඩියි. කරුණු මෙසේ හෙයින් මේ 4000 වද කිරීමේ කතාව යථාර්ථයක් නොවෙන බව මගේ හැගීමයි. කළකට පෙර ශල්‍යකර්ම වලදී වකුගඩු ඉවත්කරන බවට පලවූ කතාව සිහිපත් කරමි.
    මෙහි පලවූ තවත් අදහසක් ගැන අවධානය යොමුකරමි. එනම් නිසරු කාන්තාවන් හට කරණ පරීක්ෂණ හෝ ශල්‍යකර්ම වලදී නාල වලට හානිකිරීමට ඇති හැකියාව ගැනයි. පරීක්ෂණ (HSG වැනි) වලදී නාල අතනොගැසෙන බැවින් එවැනි යමක් කළ නොහැකියි. නාල සම්බන්ධ ශල්‍යකර්ම සාමාන්‍යයෙන් VOG වරයෙකුගේ මූලිකත්වයෙන් මිස SHO කෙනෙකුගේ මූලිකත්වයෙන් සිදුනොවේ.
    අවසාන වශයෙන් මෙසේ කිවයුතුය. මෙකියන වෛද්‍යවරයා ඔවැනිදෙයක් කළානම් සහායකයින්ගේ සහායෙන් තොරව එවැන්නක් කළ නොහැක.
    මා ඉතා හොදින් දන්නා පරිදි එවැනි නිර්ලජ්ජිත සහායක වෛද්‍යවරුන් හෝ හෙද නිළධාරින් කුරුණෑගල රෝහලේ නොමැත.
    එසේ හෙයින් සමාජ මාධ්‍යක මෙවැනි ප්‍රකාශ ඉදිරිපත්කිරීමේදී පරෙස්සමින් හා වගකීමෙන් ක්‍රියා කළයුතු බව කාරුණිකව ප්‍රකාශ කරමි.

    (මගේ අදහස - සුදුසුකම් ලත් වෛද්‍යවරු දාහක් සත්‍ය තත්වය කිවත් ජාතිවාදී බුරුවන් එය පිළිගන්නේ නැත. ඔවුන් පිළිගන්නේ බුරුවන් කියන දේවල් පමණි -බර්ටි රනවීරගේ )

    විද්‍යාව නොදන්න ගොරකයන්ට ප්‍රොෆෙසර් හේමන්ත රන්දුනු තරම් කෙනෙක් නෑ ඉතිං! පව්! දිවයින පත්තර කන්තෝරුවටලු එයාලගේ වයිෆ්ලා අරන් යන්නෙත් බාබාලා හම්බෙනකොට! :lol::lol:
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    විද්‍යාව නොදන්න ගොරකයන්ට ප්‍රොෆෙසර් හේමන්ත රන්දුනු තරම් කෙනෙක් නෑ ඉතිං! පව්! දිවයින පත්තර කන්තෝරුවටලු එයාලගේ වයිෆ්ලා අරන් යන්නෙත් බාබාලා හම්බෙනකොට! :lol::lol:

    ඔයා බබා වෙන්න එපා.උබ හම්බයනේ.උබල ඔයවගේ තිරිසන් වැඩ ඉගෙනගත්තේ කුරානෙ කියවලනේ.නොදකින් උබල.යකෝ ඔයවගේ දරුවෙක් නැති කරනව කියන්නෙ කොච්චර අපරාධයක්ද?බොරු තර්ක දාන්න එපා
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඕකා එකෙක් විතරයි.ඔය ජාතිය වඳ කිරීම සංවිධානත්මකව කරන වැඩක්..ඕවා අර රාජිත වේස බල්ල එහෙම දැනුවත්ව වෙන්නේ.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,618
    40,191
    113
    රතන හාමුදුරුවො වීඩියෝ එහෙක කිව්ව මීට අවුරුදු 20කට විතර කලින් ඊබ්‍රහිම් කියලා ඩොක්ටර් කෙනෙක් එ අම්මගෙ ගර්භාශය කියන්නෙත් නැතුව අයින් කරලලු. ඒ අම්මා ඇඬුවා බන්
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    රතන හාමුදුරුවො වීඩියෝ එහෙක කිව්ව මීට අවුරුදු 20කට විතර කලින් ඊබ්‍රහිම් කියලා ඩොක්ටර් කෙනෙක් එ අම්මගෙ ගර්භාශය කියන්නෙත් නැතුව අයින් කරලලු. ඒ අම්මා ඇඬුවා බන්

    හම්බ ගෑණි රට පැනලාලු.
     

    senal neveyi

    Well-known member
  • Apr 4, 2019
    1,099
    857
    113
    රතන හාමුදුරුවො වීඩියෝ එහෙක කිව්ව මීට අවුරුදු 20කට විතර කලින් ඊබ්‍රහිම් කියලා ඩොක්ටර් කෙනෙක් එ අම්මගෙ ගර්භාශය කියන්නෙත් නැතුව අයින් කරලලු. ඒ අම්මා ඇඬුවා බන්

    probably as a life saving measure. hysterectomy can not performed willy nilly without a proper indication . but usually mother or if she is unconscious family members are informed .it can not done solely based on one doctor's will.
     
    • Like
    Reactions: waca

    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,109
    958
    113
    V
    probably as a life saving measure. hysterectomy can not performed willy nilly without a proper indication . but usually mother or if she is unconscious family members are informed .it can not done solely based on one doctor's will.

    so what r u saying ? family kept her in dark for all this time or? :confused:
     

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    ඔයා බබා වෙන්න එපා.උබ හම්බයනේ.උබල ඔයවගේ තිරිසන් වැඩ ඉගෙනගත්තේ කුරානෙ කියවලනේ.නොදකින් උබල.යකෝ ඔයවගේ දරුවෙක් නැති කරනව කියන්නෙ කොච්චර අපරාධයක්ද?බොරු තර්ක දාන්න එපා

    මේව උඹලාගේ දෙමව්පියන්ගේ වැරදි. තමන්ගේ ලමයින්ට හරි හමන් අද්‍යාපනයක් දීලා, උන් යම් බුද්ධිමට්ටමකට ගේන එක දෙමව්පියන්ගේ වගකීම. වල් පැල වගේ ලමයි හැදුවම බිහිවෙන්නේ උබ වගේ විද්‍යාව ගැන, සාමාන්‍ය දැනීම ගැන මෙලෝ දෙයක් දන්නේ නැති ගොරක හරමානිස්ලා තමයි! පව තමයි ඉතිං.!
    :lol::lol:


    61123022_125156308687186_4190977384620490752_n.jpg
     

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    [/COLOR][/SIZE][/B]
    සිසේරියන් සැත්කම්‍ සහ වඳ සැත්කම් පිළිබඳ ඇත්ත වෛද්‍ය ඇසින් කියවමු
    Piyal-Perera.jpg



    වෛද්‍ය පියල් පෙරේරා කොළඹ වෛද්‍ය පීඨයෙහි අධ්‍යාපනය හදාරා, ප්‍රසව සහ නාරීවේදී ජේෂ්ඨ වෛද්‍යවරයෙක් ලෙස වසර 14ක් ශ්‍රී ලාංකාවේ සේවය කර ඇති අතර, දැනට බ්‍රිතාන්‍යයේ මිල්ටන් කේන්ස් විශ්වවිද්‍යාල රෝහලෙහි සේවය කරයි)
    ##


    මම මහාචාර්යවරයෙක් නොවෙමි. නමුත් වසර විසි දෙකක් තිස්සේ මගේ සහ මගේ පවුලේ ජීවිත ගැටගසා ගැනීම සඳහා ඩිම්බකෝෂ,පැලෝපීය නාළ, ගර්භාෂය, යෝනි මාර්ගය සහ සමහර විට ගුද මාර්ගය සහ මුත්‍ර මාර්ගය අතපත ගාන්නෙමි. එබැවින් බොහෝ දෙනකුගේ ඉල්ලීම මත කෙටි පැහැදිලි කිරීම් කිහිපයක් ඉදිරිපත් කිරීමට සිතුවෙමි.

    සිසේරියන් සැත්කම් දස දහසකට වඩා සිදුකර ඇති වෛද්‍යවරුන් සිය ගණනකි. වඳ සැත්කම් දසදහසකට වඩා සිදුකර ඇති වෛද්‍යවරුන් අතලොස්සක් ඇත. නමුත් සිසේරියන්, වඳ සැත්කම් හාරදහසක් සිදු කිරීමට එක් වෛද්‍යවරයෙකුට ලැබෙන ඉඩකඩ ඉතාම අල්පය.

    සියල්ලටම රහසේ එතරම් ප්‍රමාණයක් සිදුකිරීම ඇත්තෙන්ම හිතළුවකි.
    සාමාන්‍යයෙන් සිසේරියන් සැත්කමක් සිදු කිරීමේ දී ගර්භාෂය කපා දරුවා සහ වැදෑමහ ඉවත් කර ගර්භාෂ නැවත මසා අවසන් වන තුරු පැලෝපීය නාල දෙස අත ඇස හිත යොමන්නේ නැත. එනමුත් සැත්කම දෙස සැම විටම ඇස් හයක් යොමුවේ. ඒ සැත්කම සිදුකරන්නා, සහායකයා සහ සහායක හෙදියගේ ය. සමහරු ගර්භාෂය බඩේ කැපුම හරහා ඉවතට ඇද මසන අතර එවිට ඕනෑම අයකුට පැලෝපීය නාලයන් දැකගත හැක.
    වඳ සැත්කමක් සාර්තකවීම සඳහා පැලෝපීය නාලය අවහිර කිරීම හෝ කොටසක් කපා ඉවත් කළයුතුය. සිසේරියන් වඳ සැත්කමකදී දෙවන එනම් පැලෝපීය නාල කොටසක් ඉවත් කිරිමේ ක්‍රමය අනුගමනය කරන අතර එම සැත්කමක් අසාර්ථක වීමේ හැකියාව දෙසියට එකකි.
    යතුරු සිදුරු වඳ සැත්කම කරන විට ලෝහ හෝ ප්ලාස්ටික් වලලුවලින් පැලෝපීය නාලය අවහිර කරනු ලැබේ.
    මෙය වඳ සැත්කම් කිරිමේ පිලිගත් ක්‍රමවේදයයි. සමහරු මේවා යම් වෙනස් කිරීම් සහිතව සිදුකරයි. ඒ අනුව වෙනත් ක්‍රම මගින් පැලෝපීය නාලවලට තුවාල කිරීම වඳ සැත්කම් ලෙස සැලකිය නොහැක. පැලෝපීය නාලය සැත්කම් අඬුවකින් තද කරතැබීම, ඩයතමි තාපය යෙදිම සහ සැත්කම් නූලකින් පැලෝපීය නාලය ගැට ගැසීම වැනි අසම්මත ක්‍රම අසාර්තක වන්නේ නාලය නැවත සැකසෙන(Re-Canalisation) නිසා සහ ගර්භාෂයෙන් පිටත (Ectopic pregnancy )පිළිසිඳීම වන නිසාය.
    සීසර් සැත්කමක් කරන අවස්ථාවකදී සාමාන්‍යයෙන් Artery Forceps යන අඬුව හෝ ඩයතමි උපකරණය පැලෝපීය නාල වෙත ගෙන එනු නොලැබේ. නමුත් ගර්භාෂ බිත්ති උදර බිත්තියට ඇලී පවතින අවස්ථාවකදී අමතර අඩු හෝ diathemy උපකරණ පාවිච්චි කරනු දැකිය හැක.
    සාමාන්‍ය සිසේරියන් සැත්කමකදී ගර්භාෂය තුළට භාවිතා කරන අඬු වර්ගය මගින් පැලෝපීය නාලවලට තෙරපුමක් ඇති කර නොහැක.
    ඒවාට ග්‍රීන් ආර්මිටේජ් අඬුයයි කියනු ලැබේ. හොඳ පුහුණු වෛද්‍යවරයෙක් මේ හැර වෙනත් කිසිදු අඬුවක් යොදා නොගන්නා අතර කාටත් රහසින් එසේ යොදා ගැනීම හිතලුවක් පමණි. එසේ වුවද වෙනත් විශේෂ අවස්ථාවලදී අමතර වෙනත් අඬු පාවිච්චිය සිදුවිය හැකි නමුත් හැමවිටම සහායක වෛද්‍යවරයා හෝ සහායක හෙදිය නොදැනුවත්ව එය සිදු කළ නොහැක.

    සිසේරියන් සැත්කම් හාරදහසක දී වඳ සැත්කම හෝ පැලෝපීය නාලවලට හානි කිරීම් හොරෙන් කිසි විටෙකත් සිදු කළ නොහැකි වන්නේ ඔහුට අවම වශයෙන් එම කාලය තුළ දහ දෙනකුට වඩා සහයක වෛද්‍යවරුන් සහ විසි දෙනෙකුට වඩා සහයක හෙදියන් සිටිය යුතු බැවින් ඔවුන් කිසිවකු හෝ සැක කොට අදාල තැන් වලදී සාකච්ඡා කිරීම හෝ ඉහලට ගෙන යෑම සිදු නොවේ යැයි සිතන්නේ නම් එය මුලාවකි.
    නමුත් මෙම ක්‍රියාව මෙම වෛද්‍යවරයා හෝ වෙන වෛද්‍යවරයකු විසින් මහා පරිමාණ ලෙස අහබුවක් ලෙස සිදුකළ හැකිය. නමුත් එවන් අවස්ථාවලදී එය වාට්ටු භාර ප්‍රධාන වෛද්‍යවරයා හෝ වෙනත් ඉහළ නිලධාරීන් දැනගැනීමෙන් පසු ඔවුන්ට අවවාද කරනු ලැබේ.
    නමුත් සමහර ප්‍රසව හා නාරි වෛද්‍යවරුන් ජනගහනය පාලනය කිරීම වෙනුවෙන් යම් යම් උපක්‍රම භාවිතා කළ හැකිය පවසනු අසා ඇත. එනම් පළවෙනි දරුවා ලැබෙන විට එම දරුවා සීසර් සැත්කමකින් බිහිකිරීමයි. එවිට දෙවැනි හා තෙවැනි සිසේරියන් සැත්කම කර ඒ සමගම මවගේ කැමත්තෙන් වඳ සැත්කම සිදුකරනු ලබයි.
    සමහර විටෙක මෙම ගර්භාෂය තවදුරටත් දරු ගැබක් පිහිටා දරු ප්‍රසූතියක් සදහා සුදුසු නොවන බව පවසා වඳ සැත්කම් සිදුකර වෛද්‍යවරුන් සිටිය අතර ඔවුන් ඒ බවට රෝගියා ව දැනුවත් කර ඇත. නමුත් සමහර සිංහල බෞද්ධයන් පළමු දරුවා සිසේරියන් සැත්කමකින් ලබා දීමේ උපක්‍රමය කරන බවට පුරසාරම් දොඩනු අසා ඇත. එසේම පැලෝපීය නාල තුවාල කළ හැකි බවට පුරසාරම් දොඩනු අසා ඇත. නමුත් ප්‍රායෝගිකව මහා පරිමාණයෙන් මෙම කටයුත්ත සහයක හෙදියන් සහ සහයක වෛද්‍යවරුන්ගේ සහාය නැතිව කල නොහැක.

    අද අපට අවශ්‍යව තිබෙන්නේ මෙහි සත්‍යතාවයක් තිබේදැයි නිවැරදි විද්‍යානුකූලව සොයා බැලීමයි.

    මේ සඳහා ක්‍රම කිහිපයක් භාවිතාකර හැකිය.

    1. මෙම පුවත්පතේ(මේ පිළිබද පුවත සදහන් වූයේ දිවයින් පුවත්පතෙහිය. සංස්කාරක) සඳහන් වෛද්‍යවරයා ඔහුගේ සේවා කාලය තුළ කරන ලද සැත්කම්වල රෝගීන් සහ ලේඛන සොයා එම රෝගීන් ට සිසේරියන් සැත්කම් සමග වඳ සැත්කම කර ඇති බව සඳහන් කර නොමැති නම් ඒ ගැන සැක නම් ඒ සඳහා එච්.එස්. ජී. (Hysterosalpingography) හෝ Hysterosalpingo contrast sonography (HyCoSy) පරීක්ෂාවක් සිදුකිරීම මගින් නාල අවහිරතා සිදුවී ඇති දැයි පරික්ෂා කර ගත හැක.

    2. වෛද්‍යවරු හෝ හෙදියන් කිසියම් වෛද්‍යවරයෙක් විසින් තමන්ගේ සේවා කාලය තුළ එසේ කරනු දැක හෝ අසා හෝ ඇතිනම් ඒ බව දැනුම් දීමට රෝහල් අධ්‍යක්ෂකට හෝ අමාත්‍යාංශයට දැනුම් දීමට චක්‍රලේඛයක් නිකුත් කර එමගින් සැක සහිත වෛද්‍යවරුන්ගේ සැත්කම් පිළිබඳ තොරතුරු සහ රෝගීන්ගේ තොරතුරු එකතු කර ගත හැකිය.

    3. තමාට එසේ සැත්කම් කර ඇති බව සැක රෝගීන්ට ළඟම පොලීසියට පැමිණිල්ලක් කර ඒ පිළිබඳව විමර්ශන ආරම්භ කළ හැකිය.
    එසේම අදාල පුවත අසත්‍ය පුවතක් පළ කලේ නම් එමගින් ජාතිවාදය ඇවිස්සීමට සහ රටේ ජනයා නොමඟ යැවීම හේතුවෙන්, නීති මාර්ගයෙන් ක්‍රියාත්මකවීම සහ පුවත්පත තහනම් කිරීම ද කළ යුතුව ඇත. මේ වෙනුවෙන් රජයේ වෛද්‍ය නිලධාරි සංගමය, ශ්‍රී ලංකා වෛද්‍ය මණ්ඩලය, ශ්‍රී ලංකාවේ ප්‍රසව හා නාරි වෛද්‍යවරුන්ගේ විද්‍යාලය, සෞඛ්‍ය අමාත්‍යංශය ,පොලිසිය සහ ජනතාව එක්ව කටයුතු කල යුතුය.

    ගොරක කබ්බනි! තවත් පීචං නොවී විද්‍යාවෙන් පිලිතුරු දෙන්න, නැත්නම් කටයි පුකයි වහගෙන පැත්තකට වෙන්න.
     

    Recovery

    Well-known member
  • Jul 28, 2017
    736
    57
    48
    තූත්තුකුඩියේ.
    ගොරක කබ්බනි! තවත් පීචං නොවී විද්‍යාවෙන් පිලිතුරු දෙන්න, නැත්නම් කටයි පුකයි වහගෙන පැත්තකට වෙන්න.


    මචං ඒ ඩොකා ගැන පරීක්ෂණ කරන කවුරුවත් කිරියේ නෑ නේද???
    ඔය ඉන්ෆොමේෂන් ටික පොලිසියට දුන්නොත් මොකද??:rolleyes::rolleyes:
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,340
    72,529
    113
    මාලඹේ
    විද්‍යාව නොදන්න ගොරකයන්ට ප්‍රොෆෙසර් හේමන්ත රන්දුනු තරම් කෙනෙක් නෑ ඉතිං! පව්! දිවයින පත්තර කන්තෝරුවටලු එයාලගේ වයිෆ්ලා අරන් යන්නෙත් බාබාලා හම්බෙනකොට! :lol::lol:

    අම්මලා 116(අද වෙනකොට වාර්තා උන ගාන ) ළමයි හම්බු උනේ නැත්තේ කොහොමද කියපන්කො මුලින්ම.
     

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    අම්මලා 116(අද වෙනකොට වාර්තා උන ගාන ) ළමයි හම්බු උනේ නැත්තේ කොහොමද කියපන්කො මුලින්ම.

    Is this proven? I mean is this proven in a medical laboratory?
    If not, you should not act as a doctor. (Which you are not) wait for a laboratory report.
     

    senal neveyi

    Well-known member
  • Apr 4, 2019
    1,099
    857
    113
    අම්මලා 116(අද වෙනකොට වාර්තා උන ගාන ) ළමයි හම්බු උනේ නැත්තේ කොහොමද කියපන්කො මුලින්ම.

    check normal secondary subfertility rates.

    this kind of improbable accusations will only make other fact based accusations lose their credibility. use your little grey cells guys
     

    WMSLD

    Member
    Nov 12, 2018
    144
    14
    0
    Ane manda oya kathawa aththa wennath puluwan nathi wennath puluwan. science wala ada hari kiyana 1 heta boru wenawa. research karana aya nam danna onima deyakata sathya wennath asathya wennath karunu thiyanawa. a science wala hati. :no:


     

    WMSLD

    Member
    Nov 12, 2018
    144
    14
    0
    ඩොකාල ගෑන නම් කියල වෑඩක් නෑහෑ. මෙ ලගදි දවසක මගෙ නෑනට ඩොකා බෙහෙතක් දීල තිබුන වමනෙට. එයාට බබෙක් හම්බෙන්න ඉන්නෙ. මම සාමාන්යෙන් අලුත් බෙහෙතක් හම්බුනහම ඒකෙ මොනවද තියන්නෙ කියල කියවල බලනව.(ඔයාල දෑකල අති බෙහෙත් පෙට්ටියෙ තියනව ලොකු කොලයක් පොඩියට නවල නවල ඔකෙ තියනවා සේරම ජාතකේ බෙහෙත ගෑන ). ඒ බෙහෙත බබාල හම්බෙන අයට ටෙස්ට් කරල නෑහෑ කියල එකේ ගහල ම තියනව. මොනව කරන්නද බීලත් ඉවරයි. :(:(:(


     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,636
    2
    54,225
    113
    ගර්භනී මතාවකට සිසේරියන් සැත්කමක් සිදුකිරීමේදී වෛද්‍යවරයෙකුට අවශ්‍ය නම් ඇයගේ පැලෝපීය නාලයට හානි කිරීමේ හැකියාවක් පවතින අතර එලෙස පැලෝපිය නාලය අවහිරවීමෙන් පසුව එහි ක්‍රියාකාරීත්වය නතර වන්නේ යැයි කොළඹ ජාතික රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂ්‍ය වෛද්‍ය මහාචාර්ය හේමන්ත දොඩම්පහළ මහතා පැවැසීය.

    සිසේරියන් සැත්කම අතරතුර පැලෝපීය නාලයේ අග කොටස වසා දැමීම, නාලයේ මැද කොටස ශල්‍ය උපකරණයක් මගින් තදකර අවහිර කිරීම හා නාලයේ ඉහළ කොටසට හානී කිරීම වැනි ක්‍රියාවක් සිදුකළ හැකි බවද මහාචාර්ය දොඩම්පහළ මහතා කීය.

    එලෙස කුමන ක්‍රමයකින් හෝ පැලෝපීය නාලයට හානියක් වීමෙන් පසුව එහි ක්‍රියාකාරීත්වය නතරවන අතර එහි ප්‍රතිඵලය වනුයේ දරුවන් ලැබීමේ හැකියාව නැති වීම යැයි ද හෙතෙම සඳහන් කළේය.

    ඇතැම් මව්වරුන්ට සිදුකරන එල්.ආර්.ටී සැත්කම් යනුවෙන් හඳුන්වන්නේද පැලෝපීය නාලයේ කොටසක් කපා ඉවත් කිරීම වන අතර එමගින් දරුවන් බිහිවීමේ හැකියාව නතර වන බවද මහාචාර්ය හේමන්ත දොඩම්පහළ මහතා කීය.

    රංජන් කස්තුරි

    – lankadeepa