එවරෙස්ට් කඳු තරණය - ඔබ සූදානම්ද?
එවරෙස්ට් කඳු තරණය මහත්වූ බලාපොරොත්තු සහ බිඳී ගිය සිහිනයන්ගෙන් සමන්විත ගවේෂණයක් වේ. මුහුදු මට්ටමේ සිට මීටර 8850 ක් උසින් පිහිටි ලෝකයේ උච්චතම ස්ථානයවූ එවරෙස්ට් කඳු මුදුනට පය තැබීමේ මහඟු බලාපොරොත්තුවෙන් ගවේෂණය ආරම්භ කරනා පිරිස අතුරින් එම බලාපොරොත්තුව ඉටුවන කොටසක් මෙන්ම සිහිනය බිඳී ගොස් ජීවිතය පවා අහිමි වන කොටසක්ද වෙති.
නවසීලන්ත ජාතික ශ්රීමත් එඩ්මන්ඩ් හිලරි සහ නේපාල ජාතික ටෙන්සීන් නෝගේ 1953 දී මුල්වරට එවරෙස්ට් කඳු ශිඛරයට පා තැබීමෙන් පසු මේ වනවිට සැළකිය යුතු පිරිසක් එවරෙස්ට් කඳු මුදුනට පා තබා ඇත.
කඳු මුදුනට පා තැබීම සඳහා ඉඩ ලබා දෙන වාර්ෂික ‘කාල කවුළුව’ 2019 මැයි 29 වන දින අවසාන වනවිට ගවේෂකයන් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙම මරණවල අවාසනාවන්ත බව තවත් වැඩි වන්නේ ඔවුන්ගේ සිරුරු සොයා ගැනීම පවා නොහැකි වන නිසාය. හිමාලය කඳුවැටිය ඔවුන්ගේ සොහොන් බිම වී තිබේ.
එවරෙස්ට් කඳු මුදුනට ප්රවිෂ්ට වීමේ මාර්ග දෙකක් තිබේ. පළමුවැන්න නේපාලය හරහා යෙදී ඇති ගිණිකොනදිග (Southeast) මාර්ගය වන අතර දෙවැන්න ටිබෙට් හරහා වැටී ඇති උතුරු (North) මාර්ගය වේ. බොහෝ දෙනා නේපාල මාර්ගය ඔස්සේ ගවේෂණයේ යෙදෙන්නේ ටිබෙට් මාර්ගය ඉතා අසීරු නිසාවෙන්ය.
මෙම ලිපිය නේපාලය හරහා තිබෙන ගිණිකොනදිග මාර්ගයේ ඇති භයානකත්වය සහ අනතුරු සහිත බව රූප රාමු අනුසාරයෙන් විස්තර කෙරේ.

එවරෙස්ට් කඳු තරණය මා හට මේ ආත්මයේදී කල හැකි දෙයක් නොවේ. මේ ලිපිය කියවන ඔබ සමහරක් මෙම දුෂ්කරවූ ක්රියාව සාර්ථකව සිදු කිරීමට සමත් වනු ඇත.