එවරෙස්ට් කඳු තරණය - ඔබ සූදානම්ද?

sahani_000

Well-known member
  • Nov 4, 2011
    2,665
    947
    113
    Australia
    එවරෙස්ට් කඳු තරණය - ඔබ සූදානම්ද?

    එවරෙස්ට් කඳු තරණය මහත්වූ බලාපොරොත්තු සහ බිඳී ගිය සිහිනයන්ගෙන් සමන්විත ගවේෂණයක් වේ. මුහුදු මට්ටමේ සිට මීටර 8850 ක් උසින් පිහිටි ලෝකයේ උච්චතම ස්ථානයවූ එවරෙස්ට් කඳු මුදුනට පය තැබීමේ මහඟු බලාපොරොත්තුවෙන් ගවේෂණය ආරම්භ කරනා පිරිස අතුරින් එම බලාපොරොත්තුව ඉටුවන කොටසක් මෙන්ම සිහිනය බිඳී ගොස් ජීවිතය පවා අහිමි වන කොටසක්ද වෙති.

    නවසීලන්ත ජාතික ශ්‍රීමත් එඩ්මන්ඩ් හිලරි සහ නේපාල ජාතික ටෙන්සීන් නෝගේ 1953 දී මුල්වරට එවරෙස්ට් කඳු ශිඛරයට පා තැබීමෙන් පසු මේ වනවිට සැළකිය යුතු පිරිසක් එවරෙස්ට් කඳු මුදුනට පා තබා ඇත.


    urPBFTL.jpg

    කඳු මුදුනට පා තැබීම සඳහා ඉඩ ලබා දෙන වාර්ෂික ‘කාල කවුළුව’ 2019 මැයි 29 වන දින අවසාන වනවිට ගවේෂකයන් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙම මරණවල අවාසනාවන්ත බව තවත් වැඩි වන්නේ ඔවුන්ගේ සිරුරු සොයා ගැනීම පවා නොහැකි වන නිසාය. හිමාලය කඳුවැටිය ඔවුන්ගේ සොහොන් බිම වී තිබේ.

    එවරෙස්ට් කඳු මුදුනට ප්‍රවිෂ්ට වීමේ මාර්ග දෙකක් තිබේ. පළමුවැන්න නේපාලය හරහා යෙදී ඇති ගිණිකොනදිග (Southeast) මාර්ගය වන අතර දෙවැන්න ටිබෙට් හරහා වැටී ඇති උතුරු (North) මාර්ගය වේ. බොහෝ දෙනා නේපාල මාර්ගය ඔස්සේ ගවේෂණයේ යෙදෙන්නේ ටිබෙට් මාර්ගය ඉතා අසීරු නිසාවෙන්ය.

    මෙම ලිපිය නේපාලය හරහා තිබෙන ගිණිකොනදිග මාර්ගයේ ඇති භයානකත්වය සහ අනතුරු සහිත බව රූප රාමු අනුසාරයෙන් විස්තර කෙරේ.


    pHNiQnI.jpg



    jNfotXm.jpg



    sydt641.jpg



    OZVfwEz.jpg



    9iYtTZ0.jpg



    mANAewk.jpg



    bQ8As1W.jpg



    AngMCJz.jpg



    hcSBdKY.jpg


    එවරෙස්ට් කඳු තරණය මා හට මේ ආත්මයේදී කල හැකි දෙයක් නොවේ. මේ ලිපිය කියවන ඔබ සමහරක් මෙම දුෂ්කරවූ ක්‍රියාව සාර්ථකව සිදු කිරීමට සමත් වනු ඇත.​
     

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    ඕකට වඩා බලන්න් යන්න තැන් කොච්චර තියනවද බං..

     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁

    මේ අවුරුද්දේ මේ වෙද්දී 11 ක් සෙත්තපෝච්චි වෙලා නේද ඕක උඩදී :sorry::sorry:
     

    the_Guy

    Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    ඕකට නගින්ඩ හිතෙන එකත් එක්තරා විදියක පුකේ අමාරුවක් නේද...
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,306
    32,026
    113

    මේ අවුරුද්දේ මේ වෙද්දී 11 ක් සෙත්තපෝච්චි වෙලා නේද ඕක උඩදී :sorry::sorry:

    මගෙත් අවසන් කැමැත්ත ඔහොම වෙන්න. ඒත් එහෙම වෙයිද දන්නෙ නෑ...:dull:
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    මගෙත් අවසන් කැමැත්ත ඔහොම වෙන්න. ඒත් එහෙම වෙයිද දන්නෙ නෑ...:dull:


    කොහොමද ඇ* දෙකේ ඉදන් ගල් වෙලා මැරෙද්දි සනීපෙ :sorry::sorry:
     

    the_Guy

    Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    මගෙත් අවසන් කැමැත්ත ඔහොම වෙන්න. ඒත් එහෙම වෙයිද දන්නෙ නෑ...:dull:

    ඕකට කියන්නෙ පුකේ අමාරුව කියල
     

    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    කදු නගින්නෙකුගේ හීනයක් තමයි එවරස්ට්. ඒකට හොද පුහුනවක් සහ පලපුරුද්දක් තියෙන්නෙ ඕන.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,306
    32,026
    113

    කොහොමද ඇ* දෙකේ ඉදන් ගල් වෙලා මැරෙද්දි සනීපෙ :sorry::sorry:

    ඒක සනීපයි බෝම්ම කාල, කඩු වලින් කැපිල මැරෙනවට වඩා...
     

    the_Guy

    Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    කදු නගින්නෙකුගේ හීනයක් තමයි එවරස්ට්. ඒකට හොද පුහුනවක් සහ පලපුරුද්දක් තියෙන්නෙ ඕන.

    සහ පුකේ අමාරුවකුත් :lol:
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth


    Good post :)
    කොහොමද එවරස්ට් මුදුනේ ට්‍රැෆික් එක....සිරිපාදේ වගේ නේ...

    ඔතනත් තව ටික කාලෙකින් ලොකු කුණු ගොඩක් වෙයි වගේ...
    මේ මැයි 22 දා එවරස්ට් මුදුන...

    :dull::dull::dull::dull:


    eELiNIK.jpg