https://m.facebook.com/story.php?story_fbid=2408343766104833&id=100007876993746
හලෝ ලොක්කා තමුන් අර ලේන්සු ඔලුවේ බැඳන් ඇවිත් ස්ලිප්ට හරි කීපර්ට හරි කැච් දීලා යනකාලේටත් ඉස්සර ඉඳන් මේ රටේ මිනිස්සු මැච් බලන්නේ.ඔයා දකුණු අප්‍රිකාවේ බ්‍රෙට් ෂූල්ෂ්ට හත් පාරක් එකම විදියට අවුට් වෙලා යද්දීත් අපි එදා මැච් බැලුවේ ඔයාට යටින් අරවින්දලා අර්ජුනලා ගුරාලා හෂාන්ලා හිටිය නිසා.හලෝ,මේ රටේ මිනිස්සුන්ට දශක තුනක් ක්‍රිකට් බලලා බලලම තමුන්ට වඩා ක්‍රිකට් ගැන දැනුමක්,ඉවක් උන්ට තියෙනවා. දැන්, අඩුම තරමේ දන්නවද මෙන්ඩිස් මැතිව්ස් දෙන්නම මේ පිච් වල බොටම් හෑන්ඩ් යූස් කරනවා වැරදියි.බැට් එජ් එක ගලී පැත්තට හැරෙනවා.ඒ කියන්නේ බොටම් හෑන්ඩ් එක කලින් රිලීස් කරනවා.තමුන් ලක්ෂ ගාණක් පඩ් අරන් මුලින්ම තමන්ගේ රස්සාව හරියට කරනවා.බාර ගත්ත දවසේ ඉදල රට ආපස්සට. ක්‍රීඩාකයෝ සීසී කඩ.ටීම් එකේ එකමුතුවක් නෑ.තමන්ට ඒ පහලොව පාලනය කරගන්න බැරිව වෙන මගුල් පාලනය කරන්න එනවා. හලෝ..මිනිස්සු FB එකේ බැනලා හරි තමන්ට එන කේන්තිය පාලනය කරගන්නවා. ඉන්දියාවේ වගේ උනා නම් තමුන්ටයි අරුන්ටයි ඉන්න වෙන්නේ හංගිලා. ක්‍රිකට් මේරටේ ආගමක්,සංස්කෘතියක්.මිනිස්සු ඒ තරම් මේකට ආදරෙයි.තමුන් නියෝජනය කරන්නේ මෙන්ඩිස්වත් අරූවත් මූවත් නෙමෙයි. රටක්.ඔය ටීෂට් එකේ Sri Lanka කියලා print කරලා තියෙන්නේ ඒකයි.ඕක හරීන්ගේ, හතුරුසිංහගේ,දිමුත්ගේ,මාලිංගගේ,ටීම් එක නෙමෙයි.මගේ රටේ ටීම් එක.අපි බනිනවා,ඒත් අපි ඊට වඩා දහස් ගුණයක් උන්ට ආදරේ කරනවා. නිදිමරාගෙන,රටේ ගහද්දී වියදම් කරන් පිට්ටනියට ගිහින්,බෝල 600 ක් දානකල් බෝල 240 ක් දානකල් ඕවර 90 ක් දානකල් ලෝකෙම අමතක කරලා කට ඇරන් බලන් ඉන්නේ ඒ ආදරේට.දැන් වත් බාහිර මගුල් අතහැරලා,බොරු කටමැත දොඩවන එක අත ඇරලා තමුන් ගන්න පඩියට හරි වැඩක් කරනවා.කොන්ද කෙලින් තියාගෙන ටීම් එක හදාගන්නවා.මුලින්ම ඔය පාලොස් දෙනාගේ face book යන එක නවත්තා ගන්නවා.රටේ උන් හදන්න කලින් ඕයි තමුන්ගේ වටේ ඉන්න ක්‍රීඩකයන්ගේ විනය හදලා උන්ට "ක්‍රිකට් ගහන්න කියලා දෙනවා". රටට ණය නොවී පඩිය ගන්නවා.