අපෙන් වෙන්ව ගිය සොදුරු මිනිසා "සසා"

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අපෙන් වෙන්ව ගිය සොදුරු මිනිසා "සසා"

    avatar35153_49.gif


    සසා හෙවත් sasliit අපෙන් වෙන්ව ගිහිල්ලා, අද දවසේ අවසන් කටයුතු කරත්, තවම හිතා ගන්න බෑ ඔහුගේ වියෝව. මට ඔහු වෙනුවෙන් යමක් ලියන්නම ඕනේ. පහුගිය දවස් දෙකෙත් ලියන්න උවමනාව තිබුනට ලියන්න තරම් හිත මෙල්ල කරගන්න බැරි උනා. :(

    සසා කියන්නේ පුදුම චරිතයක්. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඔහු සරල මනුස්සයෙක්. ඒ වගේම බොහෝම මිත්‍රශීලී මනුස්සයෙක්. අනිත් පැත්තෙන් ගත්තම දැනුම් ගබඩාවක්. ඒ හැම දේම අද වෙනකොට නැති වෙලා. දැන් අපි තුළ තියන්නේ ඔහු ඉතුරු කරලා ගිය ඒ සරළ කම, ඒ නිහතමානී කම, ඒ මිත්‍රශීලී කම සහ ඔහුගේ නිර්මාණ, ගුණ සුවද පමණයි.

    මම මුලින්ම සසා ගැන දැන ගන්නේ ගීත විචාර කියවලා. ඒ විචාර එසේ මෙසේ ඒවා නෙවෙයි. ඒවා කියෙව්වට පස්සේ නැවත නැවත බලන්න හිතෙනවා. සම්පූර්ණයෙන් මුළු ඔලුවටම ඒවා වදිනවා. ඒ ඔහුගේ ඉගැන්වීමේ හැකියාව නිසා වෙන්න ඕනේ. ඒ වගේම ඔහුගේ දැනුම ගවේශනයේ ප්‍රතිඵල. ඉතිං ඒ ත්‍රෙඩ් හරහා මට සසා ගැන ඇති උනේ ලොකු පැහැදීමක්. ඉන් පස්සේ කිඹුලා අයියට දවසක් කෝල් කරාම සසා ගැන තව විස්තර දැන ගන්න ලැබුනා. ඒ හරහා සසාව තව දුරටත් ආශ්‍රය කරන්න පෙළඹුනා.

    ආදුනිකයෙක් විදිහට මම ගීතයක් විචාරය කරන්න උත්සාහ ගත්තම ප්‍රවින සසා මට PM දාලා අඩුපාඩු පෙන්නලා දීලා මට උදව් කරා. "මචං උඹ හිතේ තියන හැම දේම හරියට එලියට දාලා ලියන්නෙ නෑ. එහෙම ලියපං විචාර" කියලා ඔහු මට කිව්වා. අදත් මට වෙලා තියන්නේ ඒකමයි. සසා ගැන හිතේ තියන හැම දේම එළියට දාලා ලියා ගන්න බෑ. :(

    සසා ඔහුගේ බිරිදත් එක්ක කරපු රේඩියෝ ප්‍රෝ්‍ග්‍රෑම් එළකිරි රේඩියෝව අහපු කාටවත් අමතක වෙයි කියලා මම හිතන්නෙ නෑ. :( ඒ තරම් ඒක සාරවත්.

    හිටපු ගමන් අපේ එළකිරි වෝල් එකට ඇවිත්, අපි හොදින් ඉන්නවද කියලා හොයලා බලලා vm එකක් දාන්න ආයි සසා එන්නෙ නෑ. :( කොහොමද මචං මේ දවස්වල වැඩ කියලා pm එවන්න ආයි සසා එන්නෙ නෑ.:( එළකිරියෙන් විතරක් අදුර ගත්තට, අකුරුවලින් විතරක් අදහස් හුවමාරු කරගෙන තිබුනට ඒ මිත්‍රත්වය සෑහෙන්න ලොකුවට දැනෙනවා. සෑහෙන්න ලොකු හිතේ වේදනාවක් මට දැනෙනවා. ඒ සංවේදී මනුස්සයා අද අපි අතර නෑ. :(
    ආයි මේ එකවන්ට් එකෙන් http://www.elakiri.com/forum/member.php?u=35153 සසා ලොග් වෙන්නෙ නෑ. :(

    මිනිස්සුන්ට සැබෑ මිනිසෙක් වෙලා හිටපු සසා ශ්‍රේෂ්ඨ චරිතයක්. කිඹූලා අයියා කියනවා වගේ ඔහු එළකිරියේ එක පුරාවෘතයක්.
    ගුරුවරයෙක් විදිහට ළමයින්ගේ ගුණදර්ම හදපු, ළමයින්ට උගන්නපු, මිනිස්සුන්ගේ හිත් හදපු ශ්‍රේෂ්ඨ චරිතයක්

    දැන් මේ මොනදේ ටයිප් කරත් වෙනදා වගේ සසා දකින්නෙ නෑ. දැන් අපිට සසාට දෙන්න පුළුවන් පිං විතරයි. උඹට පිං මචං. මේකේ උන්ගේ හිත් හැදුවට, හිත් සතුටින් තිබ්බට, මේකේ උන්ට සාහිත්‍ය රසය කියලා දුන්නට උඹට පිං. ළමයින්ට ඉගැන්නුවට, ළමයින්ගේ ගුණධර්ම හැදුවට උඹට පිං.

    ඔඹට නිවන් සුව ලැබේවා මචං...



    ඔහුගේ අරුත්බර ගීත විචාර මේ ත්‍රෙඩ් හරහා බලන්න පුලුවන්.
    http://www.elakiri.com/forum/showthread.php?t=1313860
    http://www.elakiri.com/forum/showthread.php?t=1437174

    එම සදාදරණීය මිනිසා ගේ මතකයෙන් බිදක්
    අවුරුදු 7කට පමණ පෙර.

    http://www.mediafire.com/file/y01q5...5+-+Miyuru+Gee+Sara+with+sasliit-Clarence.mp3
     
    Last edited:
    • Like
    Reactions: CONCORDE777

    asiriwasthu

    Active member
  • Oct 22, 2013
    362
    55
    28
    හොද මිනිසුන් හිමින් යන නිසාම කිරියට ගොඩවුනේ අහම්බෙන් එත් මේ පුවත ඇත්තටම සසල කළා
    නිවන් පතන්න බෑ ඒ තරම් ඔහු සමාජයට අවශ්‍ය චරිතයක් .......

    අනේ මන්දා
    නුදුටු මිතුරාණනි
    යලි එන්න

    මම
    ආසිරි වාස්තු
    බත්තරමුල්ල
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Mona welada mcn nati wela tynne ?

    නිවන් සුව ලැබේවා :(:(:(:(

    ජානගතව තිබු Wilson's disease නමින් හදුන්වන අක්මාවේ තබ තන්පත්වීමේ අතිශය දුර්ලභ තත්ත්වයක් සමග ඔහු මල්පැන් වෙත තිබු දැඩි ආලය ඔහුගේ මේ අකල් මරණයට හේතු වී තිබුනා......
     
    • Like
    Reactions: Chuty_Putha

    csss

    Banned
  • Mar 8, 2009
    221
    8
    18
    ජානගතව තිබු Wilson's disease නමින් හදුන්වන අක්මාවේ තබ තන්පත්වීමේ අතිශය දුර්ලභ තත්ත්වයක් සමග ඔහු මල්පැන් වෙත තිබු දැඩි ආලය ඔහුගේ මේ අකල් මරණයට හේතු වී තිබුනා......

    තොපි ඌව බේබද්දෙක් කරලා ඌව මරාගත්තා.උඹල හින්ද කොල්ලො කීයක් අමාරුවේ දැම්මද? ඔය මෝල නවත්ත ගනින්.:dull:
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,308
    13,201
    113
    33
    ෆින්ලන්ඩ්
    Mona welada mcn nati wela tynne ?

    නිවන් සුව ලැබේවා :(:(:(:(
    මචං අධික ලෙස නිදි මැරීම, ශරීරයට හා මොළයට අහිතකර ලෙස ආ වෙහෙසකර ලෙස පමණ ඉක්මවා වැඩකටයුතු වල නිරත වීම නිසා රුධිරයේ හීනවීමක් ලු
     
    • Like
    Reactions: Chuty_Putha

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    තොපි ඌව බේබද්දෙක් කරලා ඌව මරාගත්තා.උඹල හින්ද කොල්ලො කීයක් අමාරුවේ දැම්මද? ඔය මෝල නවත්ත ගනින්.:dull:

    මොකුත් නොදැන නිකං තප්පු ලන්ඩ එපා මචං. කිඹුලා කොච්චර සසාව බීමෙන් ගලවගන්න මහන්සි උනාද කියලා උඹලා දන්නෙ නෑනේ. කව්රුවත් කාවවත් බේබද්දෝ කරලා නෑ.

    අනිත් එක හොදට තේරුම් ගනිං මේක බීම නිසාම විතරක් උන මරණයක් නෙවෙයි. හිතට එන දේවල්, ඔහේ ටයිප් කරලා දන්නෙ නැතුව හිටපං බං. මේ වෙලාවේ මිනිස්සුන්ගේ හිත් තව අව්ල් කරන්න එපා.
     
    Last edited:

    nimeshkd

    Well-known member
  • Jul 27, 2015
    1,707
    287
    83
    Neverland
    Last Activity: 04-23-2019 09:16 PM
    LEGEND OF ELAKIRI. නිවන් සුව ලැබේවා
     
    Last edited:

    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    I have seen so many threads for him.
    He earned so many people.
    Me nibbana attained you, "සසා"
     

    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    මොකුත් නොදැන නිකං තප්පු ලන්ඩ එපා මචං. කිඹුලා කොච්චර සසාව බීමෙන් ගලවගන්න මහන්සි උනාද කියලා උඹලා දන්නෙ නෑනේ. කව්රුවත් කාවවත් බේබද්දෝ කරලා නෑ.

    අනිත් එක හොදට තේරුම් ගනිං මේක බීම නිසාම විතරක් උන මරණයක් නෙවෙයි. හිතට එන දේවල්, ඔහේ ටයිප් කරලා දන්නෙ නැතුව හිටපං බං. මේ වෙලාවේ මිනිස්සුන්ගේ හිත් තව අව්ල් කරන්න එපා.

    ෆේක් වලට උත්තර දෙන්න ගිහින් කාලය නාස්ති කරන් ලේ පුච්ච ගන්න එපා මචං
    :no:
     

    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    Thread link - එලකිරියේ සස්ලිට් අප අතරින් සමුගෙන

    bw7VO7p.jpg






    Thread link -ගුඩ් නයිට් මචන්



    යළි උඹට අකල් මරණයක් නම් නොවේවා
    ඉපදෙන ඉපදෙන වාරයක් පාසා
    නිර්වාණයටම සිත් පහළ වේවා
    සසා, ගුඩ් නයිට් මචන්



    මේ හඬ පටය එළකිරියේ ඉවෙන්ට්ස් සාර්ථක කරගන්න රෑ 12 ට විතර කථාකරපු සීයකුත් පැය වලින් තත්පර කීපයක්

    soundcloud link



    Thread link -නික්මගිය කවියානනි...
    Kavi.jpg




    Thread link -RIP ~ Sasliit ~
    sas.jpg




    LINK


    අපේ ආදරණිය සොහොයුරා ඔහුගේ profile එකේ තම location එක සදහන් කර ඇති ආකාරය බලන්න .... අපි කාටත් නොකියා ඔහු එතනට ගොසින්ය ....:no:


    ඔබට නිවසුව මිතුර !!!



    Life is short :(