අපෙන් වෙන්ව ගිය සොදුරු මිනිසා "සසා"

RidilaTM

Banned
Aug 31, 2018
26
5
0
Malabe
මොකුත් නොදැන නිකං තප්පු ලන්ඩ එපා මචං. කිඹුලා කොච්චර සසාව බීමෙන් ගලවගන්න මහන්සි උනාද කියලා උඹලා දන්නෙ නෑනේ. කව්රුවත් කාවවත් බේබද්දෝ කරලා නෑ.

අනිත් එක හොදට තේරුම් ගනිං මේක බීම නිසාම විතරක් උන මරණයක් නෙවෙයි. හිතට එන දේවල්, ඔහේ ටයිප් කරලා දන්නෙ නැතුව හිටපං බං. මේ වෙලාවේ මිනිස්සුන්ගේ හිත් තව අව්ල් කරන්න එපා.

:dull:
 

Chuty_Putha

Active member
  • Jan 22, 2017
    399
    142
    43
    ජානගතව තිබු Wilson's disease නමින් හදුන්වන අක්මාවේ තබ තන්පත්වීමේ අතිශය දුර්ලභ තත්ත්වයක් සමග ඔහු මල්පැන් වෙත තිබු දැඩි ආලය ඔහුගේ මේ අකල් මරණයට හේතු වී තිබුනා......

    :shocked::shocked::(:(

    Hena aul mcn.. E daws wala man Ara thread set ekama nidi maran kiyeuwwa..

    :(:(

    Yali me duk sasare noipadi Niwana awaboda wenna kiyala patamu mcn. :(
     

    RidilaTM

    Banned
    Aug 31, 2018
    26
    5
    0
    Malabe
    තොපි ඌව බේබද්දෙක් කරලා ඌව මරාගත්තා.උඹල හින්ද කොල්ලො කීයක් අමාරුවේ දැම්මද? ඔය මෝල නවත්ත ගනින්.:dull:

    :frown::frown::yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    ජානගතව තිබු Wilson's disease නමින් හදුන්වන අක්මාවේ තබ තන්පත්වීමේ අතිශය දුර්ලභ තත්ත්වයක් සමග ඔහු මල්පැන් වෙත තිබු දැඩි ආලය ඔහුගේ මේ අකල් මරණයට හේතු වී තිබුනා......

    :(:( මාරම අවුල් දත් මාමේ..... ඊයෙ අර පොඩි එකා මෙලෝ දෙයක් නොදැන බිස්කට් අල්ල අල්ල යනව දැකල........!! :dull::(:dull:
     

    Chuty_Putha

    Active member
  • Jan 22, 2017
    399
    142
    43
    මචං අධික ලෙස නිදි මැරීම, ශරීරයට හා මොළයට අහිතකර ලෙස ආ වෙහෙසකර ලෙස පමණ ඉක්මවා වැඩකටයුතු වල නිරත වීම නිසා රුධිරයේ හීනවීමක් ලු

    Thanks mcn.. :(:(:(:(
     

    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    ජානගතව තිබු Wilson's disease නමින් හදුන්වන අක්මාවේ තබ තන්පත්වීමේ අතිශය දුර්ලභ තත්ත්වයක් සමග ඔහු මල්පැන් වෙත තිබු දැඩි ආලය ඔහුගේ මේ අකල් මරණයට හේතු වී තිබුනා......

    කිඹුලා අයියා මේ රෝගය ගැන සදහන් කරපු එක හොදයි සසා බිව්වා තමයි නමුත් මේතරම් ඉක්මනට වයස 36 වෙද්දි ජීවිතේ නැතිවෙන්න බෑ සිද්ද උනේ සසා ගේ බීමට තිබුන කැමත්ත නිසා අක්මාවේ තිබුන රෝගී ත්ත්වය උත්සන්න උනා මම හිතන්නේ.නමුත් 100% බීම මතම වරද පටවනවා කට්ටිය රෝගය ගැන නොදැන.
     

    Rummy678

    Well-known member
  • Nov 15, 2015
    8,435
    3,074
    113
    Namunukula
    :eek:
    avatar35153_49.gif


    සසා හෙවත් sasliit අපෙන් වෙන්ව ගිහිල්ලා, අද දවසේ අවසන් කටයුතු කරත්, තවම හිතා ගන්න බෑ ඔහුගේ වියෝව. මට ඔහු වෙනුවෙන් යමක් ලියන්නම ඕනේ. පහුගිය දවස් දෙකෙත් ලියන්න උවමනාව තිබුනට ලියන්න තරම් හිත මෙල්ල කරගන්න බැරි උනා. :

    සසා කියන්නේ පුදුම චරිතයක්. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඔහු සරල මනුස්සයෙක්. ඒ වගේම බොහෝම මිත්‍රශීලී මනුස්සයෙක්. අනිත් පැත්තෙන් ගත්තම දැනුම් ගබඩාවක්. ඒ හැම දේම අද වෙනකොට නැති වෙලා. දැන් අපි තුළ තියන්නේ ඔහු ඉතුරු කරලා ගිය ඒ සරළ කම, ඒ නිහතමානී කම, ඒ මිත්‍රශීලී කම සහ ඔහුගේ නිර්මාණ, ගුණ සුවද පමණයි.

    මම මුලින්ම සසා ගැන දැන ගන්නේ ගීත විචාර කියවලා. ඒ විචාර එසේ මෙසේ ඒවා නෙවෙයි. ඒවා කියෙව්වට පස්සේ නැවත නැවත බලන්න හිතෙනවා. සම්පූර්ණයෙන් මුළු ඔලුවටම ඒවා වදිනවා. ඒ ඔහුගේ ඉගැන්වීමේ හැකියාව නිසා වෙන්න ඕනේ. ඒ වගේම ඔහුගේ දැනුම ගවේශනයේ ප්‍රතිඵල. ඉතිං ඒ ත්‍රෙඩ් හරහා මට සසා ගැන ඇති උනේ ලොකු පැහැදීමක්. ඉන් පස්සේ කිඹුලා අයියට දවසක් කෝල් කරාම සසා ගැන තව විස්තර දැන ගන්න ලැබුනා. ඒ හරහා සසාව තව දුරටත් ආශ්‍රය කරන්න පෙළඹුනා.

    ආදුනිකයෙක් විදිහට මම ගීතයක් විචාරය කරන්න උත්සාහ ගත්තම ප්‍රවින සසා මට PM දාලා අඩුපාඩු පෙන්නලා දීලා මට උදව් කරා. "මචං උඹ හිතේ තියන හැම දේම හරියට එලියට දාලා ලියන්නෙ නෑ. එහෙම ලියපං විචාර" කියලා ඔහු මට කිව්වා. අදත් මට වෙලා තියන්නේ ඒකමයි. සසා ගැන හිතේ තියන හැම දේම එළියට දාලා ලියා ගන්න බෑ. :(

    සසා ඔහුගේ බිරිදත් එක්ක කරපු රේඩියෝ ප්‍රෝ්‍ග්‍රෑම් එළකිරි රේඩියෝව අහපු කාටවත් අමතක වෙයි කියලා මම හිතන්නෙ නෑ. :( ඒ තරම් ඒක සාරවත්.

    හිටපු ගමන් අපේ එළකිරි වෝල් එකට ඇවිත්, අපි හොදින් ඉන්නවද කියලා හොයලා බලලා vm එකක් දාන්න ආයි සසා එන්නෙ නෑ. :( කොහොමද මචං මේ දවස්වල වැඩ කියලා pm එවන්න ආයි සසා එන්නෙ නෑ.:( එළකිරියෙන් විතරක් අදුර ගත්තට, අකුරුවලින් විතරක් අදහස් හුවමාරු කරගෙන තිබුනට ඒ මිත්‍රත්වය සෑහෙන්න ලොකුවට දැනෙනවා. සෑහෙන්න ලොකු හිතේ වේදනාවක් මට දැනෙනවා. ඒ සංවේදී මනුස්සයා අද අපි අතර නෑ. :(
    ආයි මේ එකවන්ට් එකෙන් http://www.elakiri.com/forum/member.php?u=35153 සසා ලොග් වෙන්නෙ නෑ. :(

    මිනිස්සුන්ට සැබෑ මිනිසෙක් වෙලා හිටපු සසා ශ්‍රේෂ්ඨ චරිතයක්. කිඹූලා අයියා කියනවා වගේ ඔහු එළකිරියේ එක පුරාවෘතයක්.
    ගුරුවරයෙක් විදිහට ළමයින්ගේ ගුණදර්ම හදපු, ළමයින්ට උගන්නපු, මිනිස්සුන්ගේ හිත් හදපු ශ්‍රේෂ්ඨ චරිතයක්

    දැන් මේ මොනදේ ටයිප් කරත් වෙනදා වගේ සසා දකින්නෙ නෑ. දැන් අපිට සසාට දෙන්න පුළුවන් පිං විතරයි. උඹට පිං මචං. මේකේ උන්ගේ හිත් හැදුවට, හිත් සතුටින් තිබ්බට, මේකේ උන්ට සාහිත්‍ය රසය කියලා දුන්නට උඹට පිං. ළමයින්ට ඉගැන්නුවට, ළමයින්ගේ ගුණධර්ම හැදුවට උඹට පිං.

    ඔඹට නිවන් සුව ලැබේවා මචං...



    ඔහුගේ අරුත්බර ගීත විචාර මේ ත්‍රෙඩ් හරහා බලන්න පුලුවන්.
    http://www.elakiri.com/forum/showthread.php?t=1313860
    http://www.elakiri.com/forum/showthread.php?t=1437174
    :eek::eek::eek:
    :(:(:(:(:(
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    එළකිරියට එන්න හේතුවක් වෙච්චි ගීත විචාර ත්‍රෙඩ් එකේ අපිව අඬවාපු, ඉඳලා හිටලා ජෝක් මැසේජ් පීඇම් දාපු සසා අය්යා...............

    සුන්දර ගීත අපේ හිතට ගෙනල්ල අපිව රසවත් කරපු පිනම ඇති සසා අයියට නිවන් සුව ලබන්න.මතු උපදින භවයක මෙවන් අකල් මරණයක් නොලැබේවා..........

    නිවන් සුව අයියේ !!!!!
    :(:(:(
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,426
    2,142
    113
    Leeds, UK
    avatar35153_49.gif


    සසා හෙවත් sasliit අපෙන් වෙන්ව ගිහිල්ලා, අද දවසේ අවසන් කටයුතු කරත්, තවම හිතා ගන්න බෑ ඔහුගේ වියෝව. මට ඔහු වෙනුවෙන් යමක් ලියන්නම ඕනේ. පහුගිය දවස් දෙකෙත් ලියන්න උවමනාව තිබුනට ලියන්න තරම් හිත මෙල්ල කරගන්න බැරි උනා. :(



    කියල වැඩක් නැ බන්, මාත් එක්ක එකට මේක SLIIT එකේ ඉගෙන ගත්තේ :( මේක දැක්කම මමත් Shock උනා බන්. නිවන් සුව මුස්තාපා!
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,224
    4,125
    113
    සසා අයියෙ උබ එක්ක කතාබහ කරල තිබබට කවදාවත් හිතුවෙ නෑ, උබව එහෙම දකින්න එන්න වෙයි කියලා , එ්ත් ඊයේ රෑ උබ එහෙම ඉන්නවා දැක්කම.. :(

    මතක් උනා උබේ සොදුරු වදන් පෙළ "දිමියා %@&$. තොගෙ ලොකු සීන් නේ, වරෙන් & #@@)( මාව බලල යන්න, ඒත් ඊයේ දිමියා උබව බලන්න එනකොට උබ අායිත් නොයෙන්නම යන්න ගිහින්.
    නිවන් සුව සස්ලිට් අයියේ

    Mr Tom සොයුරා එම අාදරනිය අතීතය ගැන සඳහන් කර අැති බැවින්, නවක සාමාජිකයන්ගේ දැන ගැනීම පිණිස මා මෙසේ උෟනපූර්නයක් එක් කරමි,


    එම සදාදරණීය මිනිසා ගේ මතකයෙන් බිදක්
    අවුරුදු 7කට පමණ පෙර.​

     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,971
    113
    TrapHouse
    නිවන් සුව ලැබේවා සහෝදරයා ඔබට ..
    මෙච්චර කල් අපි එක්ක බෙදාගත්ත දැනුමට ඔබට සෑහෙන පිං
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    සසා අයියෙ උබ එක්ක කතාබහ කරල තිබබට කවදාවත් හිතුවෙ නෑ, උබව එහෙම දකින්න එන්න වෙයි කියලා , එ්ත් ඊයේ රෑ උබ එහෙම ඉන්නවා දැක්කම.. :(

    මතක් උනා උබේ සොදුරු වදන් පෙළ "දිමියා %@&$. තොගෙ ලොකු සීන් නේ, වරෙන් & #@@)( මාව බලල යන්න, ඒත් ඊයේ දිමියා උබව බලන්න එනකොට උබ අායිත් නොයෙන්නම යන්න ගිහින්.
    නිවන් සුව සස්ලිට් අයියේ

    Mr Tom සොයුරා එම අාදරනිය අතීතය ගැන සඳහන් කර අැති බැවින්, නවක සාමාජිකයන්ගේ දැන ගැනීම පිණිස මා මෙසේ උෟනපූර්නයක් එක් කරමි,


    එම සදාදරණීය මිනිසා ගේ මතකයෙන් බිදක්
    අවුරුදු 7කට පමණ පෙර.​


    :(:(
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,045
    1
    8,892
    113
    -~උලක් උඩ-~
    මම සස්ලිට් එක්ක කතාකරලා නෑ මම හිතන්නෙ.. ඒත් එලකිරි යෙ කට්ටියගෙ අදහස් වලින් ඔහු මොන වගේ කෙනෙක්ද කියලා හිතාගන්න පුලුහන්.. ඔබට නිවන් සුව. :(:(:(