"සඳකැන් වැසිලා" -අපි නොදත් පෑත්ත

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    "සඳකැන් වැසිලා" -අපි නොදත් පෑත්ත

    ප්‍රේම කීර්ති මහතාගේ ජනප්‍රියම ගීතයක් සඳකැන් වැසිලා . හුග දෙනෙක් කිව්වේ මේක එතුමාගේ ජීවන අත්දෑකීමක් කියලා. මමත් හිතන් හිටියේ එතුමාගේ පලමු බිරිද අප්සෙට් චරිතයක් කියලා. සහන් කසීර ඈත්ත කතාව ලියලා තියෙනවා. ඔහුට ස්තූති කලයුතුයි. වසර ගනනාවක් වරදක් නොකර බෑණුම් අහපු කාන්තාවක් නිදොස් කලාට


    https://www.facebook.com/sahankaseera/posts/10218156544162314


    චාල්ස් පියතුමා හෝ සහෝදරතුමා කියන හැඳින්වීමෙන් යුතු පුද්ගලයෙක්ගේ සාහිත්‍යය විචාර , ගීත ගායනා වැඩසටහනක් අහම්බෙන් යූ ටියුබ් එකෙන් නරඹන්න ලැබුණා. පියතුමා "සඳකැන් වැසිලා" ගීතය ගායනා කරලා ගීතය රසවින්දනය කරනවා. නැවත නැවත ඒ ගීතයේ තෝරාගත් පද ගායනා කර කර තමන් කියන්න හදන කාරණය සාධනය කරනවා. පියතුමා ගේ ප්‍රියතම ගී පාදය තමයි " මේ ලොව මා සතු - ඈ සතු ඒ නෙතු - අසල්වාසියෙකු සොයනු පෙනේ" කොටස. තමන්ගේ ආදරණීය බිරිඳ වෙනත් පුරුෂයෙක් සමඟ යහන්ගත වෙලා ඉන්නවා දකින විවාහක පුරුෂයෙක් ඒ සිදුවීමේ කම්පනය උපේක්ෂාවෙන් දරාගන්නා හැටි මෙහෙමයි කියලා උත්කර්ෂයට නගන පියතුමා ඒ ආශ්‍රයෙන් පවුල් සංස්ථාවට ගන්න පුළුවන් ආදර්ශ ගැන කතා කරනවා.
    ඔක්කොම හොඳයි. එකම දේ ඒ සිංදුව ගැන මූලික හැඳින්වීම කරනකොට චාල්ස් ගේ ප්‍රවේශයේ කියවෙන්නේ "මේ ප්‍රේමකීර්ති ද අල්විස් මුහුණ දුන්න අත්දැකීමක්" වගේ අදහසක්. ඒ කියන්නේ ප්‍රේමකීර්තිගේ බිරිඳ වෙන කෙනෙක් එක්ක යහන්ගත වෙලා ඉන්නවා ඇහැට දැක්කට පස්සේ ඒ කම්පනයට ලිව්වා කියන එක. චාල්ස් ට කවුද එහෙම කිව්වේ ? ප්‍රේමකීර්තිම ද ?
    අවංකව ම කතා කරනවා නම් මේ ගීතයේ අර්ථය මේ වගේ දෙයක් කියන අදහස එළියේ කතාවෙන පළමු අවස්ථාව මේක නෙමෙයි. චාර්ල්ස් ට කලින් ඉඳන් බොහෝ දෙනෙක් ඒක එහෙමයි කියලා විශ්වාස කරන ගමං තව අයට තහවුරු කරලා ඒ දේ ම බලහත්කාරයෙන් ඒත්තු ගන්වන්න හදනවා. මේ වගේ ජනකාන්ත මිථ්‍යා මත මුලින් පැතිරෙන්නේ අනුමාන සහ සම්භාවිතාමය ස්වරූපයෙන්. පස්සේ කාලයක් යනකොට අර අනුමාන සහ සම්භාවිතාමය ප්‍රශ්නාර්ථය හැලිලා කාරණය නියතයක් , පරම සත්‍යයක් බවට පත් වෙනවා. හැම දෙනාම වගක් විභාගයක් නැතිව මේ ප්‍රලාප බෙදා හදාගන්නවා.
    මේ සිංදුවේ කතාව මේ තරම් හිට් වෙලා පැතිරිලා ගියේ ඇයි ? ඒකට හේතුව තමයි ප්‍රේමකීර්ති ද අල්විස් කියන නම දන්න හුඟ දෙනෙක් දන්නවා ප්‍රේමකීර්ති මැරෙන මොහොත වෙනකොට මුල් විවාහයෙන් වෙන් වෙලා දෙවනි විවාහයකට ගිහිං හිටියා කියලා. එතකොට හැමෝම උපකල්පනය කරනවා "මේ හේතුව නිසා තමයි ප්‍රේම් ඒ විවාහෙන් වෙන් වුණේ" කියලා. දැන් ප්‍රේම් ජීවතුන් අතර නැහැ. එතකොට ඔය කියන මුල් බිරිඳ ? එයා ජීවතුන් අතර ඉන්නවා. දයා ද අල්විස් කියන්නේ ලංකාවේ ගීත ලෝකයේ වැඩිම අසාධාරණයට ලක් වුණු කාන්තාව කියලා කියන්න වෙන්නේ මෙන්න මේ හේතුව හින්දයි. මැරුණු මනුස්සයාව බලහත්කාරයෙන් සුරදූතයෙක් කරන සමාජය ජීවත් වෙලා පාඩුවේ පැත්තක ඉන්න ගෑණියෙක්ව වෙසඟනක් කරන්න පුදුම උත්සාහයක් දරනවා. ඈන් ෆ්‍රෑන්ක් ඝාතනය වන්නට මත්තෙන් තමන්ගේ සුප්‍රකට දිනපොතේ වරක් මෙහෙම ලියනවා. "Dead people receive more flowers than the living ones" ඒක ඇත්ත කියන එකට ජීවමාන සාක්ෂ්‍ය දයා ද අල්විස්.
    සිංදු වලට විවිධ අර්ථකථන දෙන්න උත්සාහ කරන එක සාහිත්‍යකරණයේ දී ශක්‍යතා දියුණු කරගන්න හොඳ අභ්‍යාසයක්. ඒත් එහෙමයි කියලා ජීවත්වෙලා ඉන්න ගෑණු මනුස්සයෙක් සමස්ත සමාජයකම පරීක්ෂණාගාර මීයෙක් වෙන එක හරිම ඛේදජනකයි. ප්‍රේමකීර්ති ද අල්විස් අඩු වයසෙන් සහ සන්නිවේදන මාධ්‍යය අද තරම් නොදියුණු යුගයක දී සාහසික වෙඩි පහරකින් මිය යනවා. අද වෙනකොට ප්‍රේම් සොඳුරු බවේ , මනුෂ්‍යත්වයේ සහ උත්තරීතර බවේ සංකේතයක් වෙලා. ප්‍රේම් ලියපු අව්‍යක්ත පද සහිත ගීත පවා විශිෂ්ඨයි කියලා උත්කර්ෂයට මැවෙන සමාජයක ඒ හැම ගීතයක් ඇතුළෙම ප්‍රේම්ගේ ජීවන අත්දැකීමක් ඇතිය කියලා උපකල්පනය කරන්න පෙළඹෙනවා. මේවාට දරදිය සපයන කොට්ඨාසයක් ඉන්නවා. ඒ තමයි දසක ගාණක් තිස්සේ සාහිත්‍ය , කලා සමාජ වල ගැවසෙන , ඒ සමාජය ආශ්‍රය කරන ඒ වුණත් තමන්ට කියලා ස්ථාවර නමක් හදාගන්න බැරිවුණ කණ්ඩායම. ඒ අයගේ අවසාන උත්සාහය තමයි මේ සයිබර් අවකාශය සෘජුව හෝ වක්‍රාකාරව ඉලක්ක කරගත් වේදිකාව. "රජ කුල රහස මැති නිය" දැන සිටි සැලලිහිණියා වගේ ම තමනුත් ඒ කලා ලෝකයේ කෙරුම්කාරයින්ව හොඳට දැන සිටියාය , ඒ රහස් පවා තමන් දන්නවා ය කියන එක හරහා අලුත් වෙළඳපොළක් අලුත් ප්‍රේක්ෂකාගරයක් විවෘත කරගන්න එක තමයි මේ අයගේ උපක්‍රමය. පළිඟු මැණිකේ නාට්‍යයේ සූරසේන ගමට ඇවිත් කොළඹ ගැන කියනවා වගේ තමයි මේ වගේ අයගේ කලා ලෝකයේ රසබර තැන්. ඒවායේ අවසාන ගොදුර තමයි ජීවත් වෙලා ඉන්න මිනිස්සු.
    මීට කලින් වතාවක මට වඩා වැඩිහිටි ෆේස්බුක් මිත්‍රයෙක් පෝස්ට් එකක් දැම්මා ප්‍රේමකීර්ති ද අල්විස් "රත්තරන් මැණික් මුතු මොකටද ඒවා" කියන සිංදුව ලිව්ව හැටි කියලා. ඒ කතාවේ හැටියට ප්‍රේමකීර්ති ට අඩියක් ගහන්න විදියක් නැතුව ඉන්නකොට ශ්‍රීමති තිලකරත්නගේ මහත්තයාව මුණ ගැහිලා එයාට බොන්න අඬ ගහනවා. ශ්‍රීමතිගේ මහත්තයා කියනවා තමා ගාව තියෙන්නේ ශ්‍රීමති උකස් කරපු රත්තරන් බඩු වගයක් බේරාගන්න දුන්න සල්ලි නිසා බොන්න විදියක් නෑ කියලා. ප්‍රේම් පඩි දවසට ඒ සල්ලි ආපහු දෙන පොරොන්දුවට මිත්‍රයාව ඇදගෙන ගිහිං බොන ගමං "රත්තරන් මැණික් මුතු මොකටද ඒවා" සිංදුව ලියලා ශ්‍රීමතීට දෙන්න කිව්වාලු. මේ පෝස්ට් එක එකසිය ගාණට ෂෙයාර් වුණා. "මේ වගේ කතා ඇහින් දැක්කා වගේ ලියන එකෙන් අර මැරුණු මනුස්සයා වගේ ම ජීවත් වෙලා ඉන්න මනුස්සයත් අපහසුතාවට ලක් වෙනවා නේද ? මේ වගේ නිහීන බේබදු හැසිරීම් වල උත්කර්ෂයට නගන්න දෙයක් තියෙනවද ?" මම කමෙන්ට් එකක් දැම්මා. පිළිතුර විදියට ඇනුම්පදයක් පළ වුණා. දවස් දෙකයි ගියේ. ඒ පුද්ගලයාම පෝස්ට් එකක් දානවා ශ්‍රීමති තිලකරත්නගේ දුව කෝල් කළා කියලා. මේ කතාව බොරුවක්ය , ඔය සිංදුවට එහෙම ඉතිහාසයක් නෑය කියලා ශ්‍රීමති කියන්න කිව්වා කියන පණිවුඩය එක්ක ශ්‍රීමතී ගේ දුව තමන්ට කෝල් කරපු සතුට ඉහ වහා ගිය ඒ "නිවැරදි කිරීම" ට ලයික් සීයක් වත් තිබුණේ නෑ. කලින් බේගල් ඕපදූපයට නම් ෂෙයාර්ස් ම එකසිය ගාණයි. ඔන්න ඔහොමයි ප්‍රේම් , ලංකාවේ වැඩ.
    මම මේ තරම් දුරට මේක ලියන්න හේතු වුණේ දයා ද අල්විස් කියන ගීත රචිකාවට තියෙන අප්‍රමාණ ගෞරවය සහ ඇගේ නිහඬතාවය උඩ හබන් කුකුළන්ට මඟුල් අවස්ථා සැපයෙන බව පේන නිසා.
    මිත්‍රවරුනි;
    ඔය "සඳ කැන් වැසිලා" සිංදුව අල්ලගෙන ලියන හැම යාං හෑල්ලක්ම පිටිපස්සේ ඔබලා නොදැනුවත්ව උත්කර්ෂයට නගන "පවුල් සංස්ථාව" සහ "කුටුම්භය" කියන දේ මාරම මාර දෙයක් නම් , මෙන්න මේ දේත් අමතක කරන්න එපා. දයා ද අල්විස් කියන කාන්තාව ප්‍රේමකීර්ති ද අල්විස් එක්ක විවාහ වෙන්නේ තමන්ගේ ස්වාමි පුරුෂයා වුණු ලේඛක සෝමපාල රණතුංගයන් මිය ගියාට පස්සේ. මුල් විවාහයේ පුතාත් එක්ක දයා ව භාරගන්න ප්‍රේමකීර්ති , තමන්ට දාව සුරංගි ද අල්විස් හම්බ වුණාට පස්සේ දයාගෙන් වෙන් වෙලා වෙනත් විවාහයක් කරගන්නවා. ඒක ප්‍රේම්ගේ කැමැත්ත. හැබැයි අමතක කරන්න එපා දයා තනියම හරි තමන්ගේ දරුවෝ දෙන්නාව හොර මැරකම් නොකර ලෝකෙට බරක් නොවෙන්න උස් මහත් කරපු බව. මේ ඡේදය කියවනකොට විවාහය හෝ නැවත විවාහ වීම කියන එක පුද්ගලික අයිතියක් ය කියලා හිතෙන්න ගත්තා නම් මෙච්චර කල් දයා ද අල්විස් ගැන තමන්ගේ කෝණෙන් කතා කරනකොට එයා ට ඒ පුද්ගලිකත්වය අහිමි වුණේ ඇයි කියලත් ආපහු පාරක් හිතන්න.

    ප්‍රේමකීර්ති සාහසික වෙඩි පාරකින් මැරුණා. එක පාරට මාර ම සුන්දර මනුස්සයෙක් වුණා. ගුවන් විදිලි සංස්ථා ඉතිහාසයේ කාගෙන්වත් අහන්නේ නැතිව වුණත් ප්‍රේම් කියන්නේ කිසිම වැරැද්දක් නැති , කැළලක් නැති උත්තරීතර චරිතයක් බවට පත් වුණා. ගතානුගතික සමාජය ප්‍රතික්ෂේප කරන දේවල් ප්‍රේම් අතින් වුණා නම් ප්‍රේම් ලියපු සිංදු උපුටා අරගෙන ඒ තීරණ ගන්න වුණේ දයා ද අල්විස් ගේ වැරැද්දෙන් ය කියලා ඒක පාර්ශ්වීය තීන්දු ගත්තා.
    ප්‍රේමකීර්ති ද අල්විස් ඝාතනය වුණු මොහොතේ ධර්මසිරි ගමගේ මෙහෙම ලිව්වා.
    "කවියකුගේ ජිවිත පුෂ්පය රුදුරු වෙඩි පහරකින් මිලාන විය. මල් පෙත්තක් බදු ඔහුගේ හදවත සිදුරු විමේ පුවත අසා අපි ඒ අදුරු රැය පහන් වනතුරු කදුළු සැලුවෙමු. පසුදා උදැසන ඔහු හොමාගම රෝහලේ සිමෙන්ති බංකුවක් මත වැතිර සිටියේය. නල දත ඉතිරි වන සේ මුවට වෙඩි තබා තිබුණද මරණයට සිනහව උදුරා ගත නොහැකි විය."
    දයා ද අල්විස් ජීවත් වන මොහොතේ සහන් කසීර වික්‍රමසිංහ කියලා කෙනෙක් මෙහෙම ලියනවා.
    "ගීත රචිකාවකගේ ජීවිත පුෂ්පය රුදුරු වෙඩි පහරවලින් මිලාන වෙමින් පවතී. මල් පෙත්තක් බඳු ඇයගේ හදවත සිදුරු වෙමින් දැක දැක ම අප රැයක් දහවලක් නොමැතිව ඒ ප්‍රලාපයන් බෙදා හදාගන්නෙමු. අහිමි වීම් රැසකට මුහුණ දී ජීවිතය පමණක් ඉතිරි වූ ගැහැණියකගේ සිනහව උදුරා ගැනීමට එක ගීතයකට හැකි විය"
    මිත්‍රවරුනි;
    වෙඩි උණ්ඩයට වඩා මරණීය තුවාල , කටකතා විසින් සදාතනිකව ඉතිරි කරනු ඇත.

    - සහන් කසීර වික්‍රමසිංහ-
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    indeed

    monada ban kiyanne me :baffled:




    meka ne seen eka. Oya sinduwe widihata kattiya hithanne Prem ge first wife wena minihek ekka inna eka athata ahu wela prem oka liwwa kiyala. Namuth aththa seen eka ehema neme. meka ehema siddiyak hinda prem liwwa ekak neme lu. ekai u kiyanna hadanne.
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    Eka ehema nahai kiyanna, premakirithi wage ekek ta dos kiyala hariyanne na :lol:




    Mu prem da dos kiyala naa ban. Prem ge wife sambanda karala kiyana katha walatai waradi kiyala thiyenne. Charles kiyala father kenek gana ne u kiyanne. mu prem ge fan kenek