චර්නොබිල් ව්‍යවසනය ගැන තතු...

rukshan0000

Well-known member
  • Dec 1, 2010
    8,546
    5,567
    113
    ඇයි අහන්නේ,එන්නද
    චර්නොබිල් ව්‍යවසනය ගැන තතු...

    aHR0cDovL3d3dy5saXZlc2NpZW5jZS5jb20vaW1hZ2VzL2kvMDAwLzEwNS81OTYvb3JpZ2luYWwvQ2hlcm5vYnlsLUhCTy5qcGc=

    න්‍යෂ්ටික බලාගාර, බලශක්‌ති අර්බුදයට සාර්ථක විසඳුමක්‌ වුවත්, එහි ඇති අනතුරුදායක බව යළි ලෝකයටම පසක්‌ වූයේ පසුගිය මාර්තු 11 වැනි දින ජපානයේ සිදුවූ සුනාමියේ අතුරු ඵලයක්‌ ලෙස µqකුෂිමා න්‍යෂ්ටික බලාගාරයේ සිදුවූ හදිසි අනතුරත් සමගය. එම න්‍යෂ්ටික බලාගාරයේ සිදුවූ හදිසි අනතුර මගින් යළිත් වතාවක්‌ ලෝකයට එම බලාගාරවල ඇති අනතුරුදායක බව පසක්‌ කළ බව අපට සඳහන් කිරීමට සිදුවී තිබෙන්නේ මීට පෙර ද මෙබඳුම අනතුරු සිදුවී ඇති බැවිනි.

    එලෙස සිදුවූ එක්‌ න්‍යෂ්ටික අනතුරක්‌ ලෙස සෝවියට්‌ දේශයට අයත්ව පැවැති යුක්‌රේනයේ චර්නොබිල් න්‍යෂ්ටික බලාගාරයේ සිදුවූ අනතුර සඳහන් කළ හැක. එම අනතුර සිදුවී ඇත්තේ ගි්‍රනිච් වේලාවෙන් 1.23.45 ට 1986 අප්‍රේල් 26 වැනි දිනය.

    න්‍යෂ්ටික අනතුර ඇතිවීම සඳහා බලපෑ මූලික හේතුව වෙනස්‌ වුවත් යුක්‌රේනයේ චර්නොබිල් බලාගාරයේ අනතුර සිදුවී තිබෙන්නේ ද µqකුෂිමා බලාගාරයේ මෙන්ම එහි සිසිලන පද්ධතිය ක්‍රියාවිරහිතවීම හේතුකොට ගෙනය. ජපානයේ µqකුෂිමා න්‍යෂ්ටික බලාගාරයේ සිසිලන පද්ධතිය සුනාමිය හේතුකොට ගෙන ක්‍රියාවිරහිත වී ඇති අතර යුක්‌රේනයේ චර්නොබිල් න්‍යෂ්ටික බලාගාරයේ සිසිලන පද්ධතියේ ක්‍රියාකාරීත්වය සිතාමතාම ක්‍රියාවිරහිත කොට ඇත. එA හදිසියකදී විදුලිය ඇනහිටීමකින් සිසිලන පද්ධතිය ක්‍රියාවිරහිත වුවහොත් කෙසේ ක්‍රියා කළ යුතුද යන්න පිළිබඳ සිදු කළ පෙරහුරුවක්‌ සඳහාය.

    චර්නොබිල් න්‍යෂ්ටික බලාගාරයේ මෙන්ම පුකුෂිමා බලාගාරයේද සිදුවූ දෙය පිළිබඳ දල අදහසක්‌ හෝ ලබාගැනීම සඳහා එබඳු බලාගාරයක ක්‍රියාකාරීත්වය කෙබඳු ද යන්න කෙටියෙන් හෝ විමසා බැලිය යුතුය. න්‍යෂ්ටික බලාගාරයක විදුලිය ජනනය කරනු ලබන්නේ න්‍යෂ්ටික ශක්‌තියෙන් ක්‍රියාත්මක වන ටර්බයින මගිනි. එA සඳහා ශක්‌තිය ලබාගන්නේ යුරේනියම් වැනි ද්‍රව්‍යවල අඩංගු පරමානු බල ශක්‌තියෙනි. එලෙස යුරේනියම් වැනි ද්‍රව්‍යවල අඩංගු ශක්‌තිය නිදහස්‌වීමේදී අධික තාපයක්‌ නිකුත් වේ. මෙම බලාගාරවල න්‍යෂ්ටික ශක්‌තිය, විකිරණ ලෙස බලාගාරයෙන් පිටතට කාන්දුවීම වැළැක්‌වීමට මිනිරන්වලින් ආවරණයක්‌ නිර්මාණය කර ඇත. එසේ වුවත් එම මිනිරන් ආවරණය ද දිගින් දිගටම රත්වීම වළක්‌වා එය සිසිල් කිරීම සඳහා සෑම න්‍යෂ්ටික බලාගාරයකම සිසිලන පද්ධතියක්‌ නිර්මාණය කර ඇත.

    එA ආකාරයට යුක්‌රේනයේ චර්නොබිල් න්‍යෂ්ටික බලාගාරය සිසිල් කිරීම සඳහා ස්‌ථාපිත කර තිබූ සිසිලන පද්ධතිය බට 1600 කින් සමන්විත වී ඇත. ඊට අමතරව තවත් බට ද එA සඳහා යොදාගෙන ඇත. එම එක්‌ බටයක්‌ හරහා පැයකට ජලය ලීටර් 28,000 ක්‌ ගමන් කරන බව වාර්තා වේ. මෙලෙස එක්‌ බටයකට පැයකට ජලය ලීටර් 28,000 බැගින් බට 1600 ක්‌ ඇතුළු සිසිලන පද්ධතිය ක්‍රියාත්මක කිරීම සඳහා මෙගා වොට්‌ 5.5 ක විදුලිබලයක්‌ ද අවශ්‍ය වී තිබෙනවා.

    එලෙස සපයන විදුලිය ඇනහිටියහොත් සිසිලන පද්ධතියත් ක්‍රියාවිරහිත වන ආකාරයට තමයි එම න්‍යෂ්ටික බලාගාරය නිර්මාණය කරල තිබෙන්නේ. හදිසි විදුලි ඇනහිටීමකදී කෙලෙස ක්‍රියා කළ යුතුද යන්න පිළිබඳ සලකා බැලීම සඳහායි විදුලිය සැපයුම නතර කොට තිබෙන්නේ. නමුත් එA සඳහා එම බලාගාරයේ සැලසුම් ශිල්පියාගෙන් හෝ විද්‍යාත්මක කළමනාකරුගෙන් අවසර ගෙන නැහැ. එම පර්යේෂණය සිදු කර තිබෙන්නේ එම ආයතනයේ අධ්‍යක්‍ෂගේ අවසරයෙන් පමණයි.

    එම තීරණයට අනුව විදුලිය විසන්ධි කළත් බලාගාරයේ නිපදවන න්‍යෂ්ටික ශක්‌තිය පාලනය කරගත නොහැකි වී තිබෙන අතර, මෙම නිසා බලාගාරයේ ශක්‌තිය පිටවීම වැළැක්‌වීම සඳහා යොදා තිබූ මිනිරන් ආවරණය ගිනි ගෙන පුපුරා ගොස්‌ තිබෙනවා. එම පිපිරීමත් සමග මිනිරන් දූවිලි න්‍යෂ්ටික විකිරණශීලී ද්‍රව්‍යයන් සමග අහසට එක්‌වී ඇත. මෙම විකිරණශීලී ද්‍රව්‍ය බටහිර රුසියාවේ සහ යුරෝපයේ ප්‍රධාන වශයෙන් පැතිරී ගොස්‌ තිබෙනවා. පසුව සිදු කරන ලද පර්යේෂණ මගින් තහවුරු වී තිබෙන්නේ මිනිරන් ආවරණ ආරක්‍ෂා කිරීම සඳහා තවත් ඝන ද්‍රව්‍යයකින් ආවරණයක්‌ යොදා තිබුණේ නම් හානිය මීට වඩා අවම කරගැනීමේ හැකියාව තිබූ බවයි.

    එය එසේ වුවත් මෙම අනතුරට ප්‍රධාන හේතුව වූයේ පෙරහුරුවේදී සැලසුම් කළ පරිදි විදුලිය විසන්ධි කළ කාලය තුළදීත් න්‍යෂ්ටික ශක්‌තිය ජනනයවීම සහ යළි විදුලිය සැපයුවත් එය යථා තත්ත්වයට පත් නොවී බලාගාරය පුපුරා යැමයි. මෙම පුපුරා යැම මගින් ටී.එන්.ටී. ටොන් 10 ක ශක්‌තිය නිකුත් වී තිබෙනවා.

    මෙම න්‍යෂ්ටික අනතුර මගින් සෘජුවම 31 දෙනකු මරණයට පත්වූ බව එවකට බලයේ සිටි සෝවියට්‌ ආණ්‌ඩුව පිළිගෙන තිබෙනවා. නමුත් මෙම අනතුරත් සමග සෝවියට්‌ දේශයේ න්‍යෂ්ටික බලාගාර පිළිබඳ නැවත සමාලෝචනය කිරීමට මෙන්ම එතෙක්‌ න්‍යෂ්ටික බලාගාර සම්බන්ධයෙන් පවත්වාගෙන ගිය රහස්‍යභාවය තරමක්‌ දුරට හෝ අවම කිරීමටත් සෝවියට්‌දේශයට සිදුවී තිබෙනවා.

    එම බලාගාරයේ කාර්ය මණ්‌ඩලය, ගිනි නිවන භටයන් මෙන්ම එම හදිසි අවස්‌ථාවේ සේවය සඳහා යෙදවූ පුද්ගලයනුත්a එම අනතුර සිදුවූ අවස්‌ථාවේ එය නැරැඹීම සඳහා ගිය පුද්ගලයනුත් මියගිය පිරිසට අයත් වනවා.

    එක්‌සත් ජාතීන්ගේ (ඹභීCEAR) වාර්තාවේ සඳහන් වන විදියට 2008 වන විට මෙම අනතුරින් 64 දෙනකු මියගොස්‌ තිබෙනවා. එම පිරිසෙන් වැඩි කොටසක්‌ එම අවස්‌ථාවේදීම මරණයට පත්වූ බවත් එහි සඳහන් වනවා. නමුත් ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කළ වාර්තාවක සඳහන් වන්නේ මෙම අනතුර නිසා මියගිය සංඛ්‍යාව 4000 කට ආසන්න වන බවයි. එසේ වුවත් ගී්‍රන් පීස්‌ සංවිධානය ප්‍රකාශයට පත් කළ වාර්තාවක සඳහන් කර තිබෙන්නේ මෙම අනතුර නිසා ලක්‍ෂ 2 ක පමණ පිරිසක්‌ මියගිය බවයි. එය කෙසේ වුවත් රුසියාවේ ප්‍රකාශයට පත් කරන ලද සඟරාවක පවා සඳහන් වූයේ 1986 සිට 2004 දක්‌වා මෙම අනතුර නිසා 9,85,000 ක පිරිසක්‌ මියගිය බවයි. එම වාර්තාවල මියගිය සංඛ්‍යාව පිළිබඳ සඳහන් වන අතර, මෙම අනතුර නිසා පරිසරයට නිදහස්‌ වූ විකිරණශීලී ද්‍රව්‍ය නිසා මේ දක්‌වා පුද්ගලයන් විවිධ රෝගාබාධයන්ට ගොදුරු වන බවත් සඳහන් වනවා. මීට අමතරව 1986 සිට 2000 දක්‌වා කාලය තුළ පුද්ගලයන් 3,50,400 ක්‌ යළි පදිංචි කිරීමටත් සෝවියට්‌ සහ යුක්‌රේන ආණ්‌ඩු කටයුතු කර තිබෙනවා. මෙබඳු කටයුතු සඳහා රූබල් බිලියන 18 ක්‌ වැය කිරීමට සිදුවීම නිසා සෝවියට්‌ ආර්ථිකය පවා අඩාල වී තිබෙනවා.

    මෙම චර්නොබිල් න්‍යෂ්ටික බලාගාරය මගින් උත්පාදනය කර ඇති අවම බලය මෙගා වොට්‌ 700-800 ත් අතර වනවා. එහි සාමාන්‍ය ධාරිතාව මෙගා වොට්‌ 3800 ක්‌. බලශක්‌ති අර්බුදය විසඳීම සඳහා එතරම් බලශක්‌තියක්‌ සෝවියට්‌ දේශයට උපදවා දුන්නත්, මෙම න්‍යෂ්ටික බලාගාරය නිසා අවසානයේ සිදුවී තිබෙන්නේ විශාල හානියක්‌ මෙන්ම විශාල පාඩුවක්‌.

    මෙම විනාශය සිදුවී වසර 25 ක්‌ සම්පූර්ණ වන මෙම අවස්‌ථාවේදී, මෙබඳු අනතුරුවලින් තොරව න්‍යෂ්ටික බලය යොදා ගන්නේ කෙසේද කියන කරුණ පිළිබඳ අවධානය යොමු කළ යුතු වනවා.

    උපුටා ගැනීම හා ලිපියේ ගෞරවය - එරික්‌ ගාමිණී ජිනප්‍රිය
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    මෙම බලාගාරවල න්‍යෂ්ටික ශක්‌තිය, විකිරණ ලෙස බලාගාරයෙන් පිටතට කාන්දුවීම වැළැක්‌වීමට මිනිරන්වලින් ආවරණයක්‌ නිර්මාණය කර ඇත. එසේ වුවත් එම මිනිරන් ආවරණය ද දිගින් දිගටම රත්වීම වළක්‌වා එය සිසිල් කිරීම සඳහා සෑම න්‍යෂ්ටික බලාගාරයකම සිසිලන පද්ධතියක්‌ නිර්මාණය කර ඇත.

    :baffled::baffled::rofl:

    කව්ද බං මේක ලියපු එකා

    විකිරණ කාන්දු වෙන වලක්වන්න කොන්ක්‍රීට් & යකඩ ආවරණයක් තියෙන්නේ

    මිනිරන් පාවිච්චි කරන්නේ Control rod වලට. එකෙන් තමයි න්‍යෂ්ටික පතික්‍රියාව පාලනය කරන්නේ
     
    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831

    Mamath confuse una ban oya scene ekata. TV series eke anthima episode eke explain karanawa reasons
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,208
    18,832
    113
    අදාල නෑනේ
    මෙම බලාගාරවල න්‍යෂ්ටික ශක්‌තිය, විකිරණ ලෙස බලාගාරයෙන් පිටතට කාන්දුවීම වැළැක්‌වීමට මිනිරන්වලින් ආවරණයක්‌ නිර්මාණය කර ඇත. එසේ වුවත් එම මිනිරන් ආවරණය ද දිගින් දිගටම රත්වීම වළක්‌වා එය සිසිල් කිරීම සඳහා සෑම න්‍යෂ්ටික බලාගාරයකම සිසිලන පද්ධතියක්‌ නිර්මාණය කර ඇත.

    :baffled::baffled::rofl:

    කව්ද බං මේක ලියපු එකා

    විකිරණ කාන්දු වෙන වලක්වන්න කොන්ක්‍රීට් & යකඩ ආවරණයක් තියෙන්නේ

    මිනිරන් පාවිච්චි කරන්නේ Control rod වලට. එකෙන් තමයි න්‍යෂ්ටික පතික්‍රියාව පාලනය කරන්නේ

    උපුටා ගැනීම හා ලිපියේ ගෞරවය - එරික්‌ ගාමිණී ජනප්‍රිය
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,829
    3,854
    113
    USA
    මෙම බලාගාරවල න්‍යෂ්ටික ශක්‌තිය, විකිරණ ලෙස බලාගාරයෙන් පිටතට කාන්දුවීම වැළැක්‌වීමට මිනිරන්වලින් ආවරණයක්‌ නිර්මාණය කර ඇත. එසේ වුවත් එම මිනිරන් ආවරණය ද දිගින් දිගටම රත්වීම වළක්‌වා එය සිසිල් කිරීම සඳහා සෑම න්‍යෂ්ටික බලාගාරයකම සිසිලන පද්ධතියක්‌ නිර්මාණය කර ඇත.

    :baffled::baffled::rofl:

    කව්ද බං මේක ලියපු එකා

    විකිරණ කාන්දු වෙන වලක්වන්න කොන්ක්‍රීට් & යකඩ ආවරණයක් තියෙන්නේ

    මිනිරන් පාවිච්චි කරන්නේ Control rod වලට. එකෙන් තමයි න්‍යෂ්ටික පතික්‍රියාව පාලනය කරන්නේ
    ලංකාවේ පත්තර වාර්තාකාරයෝ දන් නැද්ද මොකක් හරි උස්සන් ඇවිල්ල දානවා උඩින් පල්ලෙන් බලලා
    කොහොම හරි සෝවියට් සමුහාණ්ඩුව කැඩෙන්ඩත් චර්නොබිල් සීන් එක හේතුවක් උනාලු.
     
    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,287
    4,132
    113
    ලංකාවේ පත්තර වාර්තාකාරයෝ දන් නැද්ද මොකක් හරි උස්සන් ඇවිල්ල දානවා උඩින් පල්ලෙන් බලලා
    කොහොම හරි සෝවියට් සමුහාණ්ඩුව කැඩෙන්ඩත් චර්නොබිල් සීන් එක හේතුවක් උනාලු.

    Owa monad bn me lagakadi lankadeepe dala thibba bill gates gana article ekak , eke kiyanaw bill gates books kiyawanna kamathi nalu:lol::lol::lol::lol: