චර්නොබිල් න්‍යෂ්ටික බලාගාරයට රුසියාවෙන් ඩ්‍රෝන ප්‍රහාරයක්

mahadana_muththa

Well-known member
  • Jan 5, 2020
    2,126
    2,662
    113
    යුක්රේනයේ චර්නොබිල් න්‍යෂ්ටික බලාගාරයේ පිහිටි විකිරණ නවාතැනට රුසියාව විසින් ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කර ඇති බව යුක්රේන ජනාධිපති වොලොදිමියර් සෙලෙන්ස්කි පවසනවා.

    ප්‍රහාරයත් සමග අදාළ ස්ථානයේ ඇති වූ ගින්න නිවා දමා ඇති බවයි විදෙස් වාර්තා සදහන් කළේ.

    ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සිය අදාළ ස්ථානයේ පරික්ෂා කිරීමක් සිදු කර තිබූ අතර, බලාගාරයෙන් විකිරණ පිටවන තරම් හානියක් සිදුව නොමැති බවටයි තහවුරු කරගෙන ඇත්තේ.

    කෙසේ වෙතත් රුසියාව මෙම ප්‍රහාරය පිළිබද මේ දක්වා කිසිදු ප්‍රතිචාරයක් දක්වා නැහැ.

    වසර 1986 දී චර්නොබිල් බලාගාරයේ ලොව දරුණුතම න්‍යෂ්ටික අනතුර සිදු වූ අතර එම අවස්ථාවේදී අදාළ විකිරණශීලී ද්‍රව්‍ය යුරෝපය පුරා පැතිර යාමත් සමග හදිසි අවස්ථාවක් ද ප්‍රකාශයට පත් කළා.
     

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,547
    3,900
    113
    Speed force
    False flag operation වෙන්න ඇති. Trump, පුටින් එක්ක call එක්ක අරන් Peace plan එකකට යමු කිව්වා විතරයි, Russian උන් එක පාරකට එක drone එකක් ඒවල Chernobyl වලට ගහනවා.
     

    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,126
    2,662
    113
    මේ මගුල ආයෙත් පත්තු උනොත් ලංකාවට බලපෑමක් නැද්ද?
     

    pramodh87

    Well-known member
  • Oct 11, 2007
    3,937
    10,342
    113
    False flag operation වෙන්න ඇති. Trump, පුටින් එක්ක call එක්ක අරන් Peace plan එකකට යමු කිව්වා විතරයි, Russian උන් එක පාරකට එක drone එකක් ඒවල Chernobyl වලට ගහනවා.
     
    • Like
    Reactions: Bart_Allen