මීහරකා (1994) සිංහල ෆිල්ම් Meeharaka Sinhala Film 1994 -

asksajee

Well-known member
  • Nov 27, 2006
    670
    339
    63

    මීහරකා (1994)

    100.jpg

    Awards
    * Sarasaviya Awards Best Actor 1995 (Linton Semage)
    * Swarna Sanka Awards Best For Music Direction (Premasiri Kemadasa)

    Director: I.N. Hewawasam
    Cast: Linton Semage, Swarna Mallawarachchi, Cyril Wickramage, Damitha Abeyratne, Daya Alwis, Sanath Gunathilake

    මෙන්න ලින්ක එක
    https://openload.co/f/JHpXyxFbPTY/m-h.1993.DVDRip.H264.Ak47.mp4

    මචෝ හතරවටේ ලින්ක් එක share කරන්න එපා. එලකිරියෙන් පිට දෙනවනම් usb එකකින් share කරගනින්.

    මචං Download කරළා තියාගත්තට කමක් නෑ බං හෝල් වලට ගිහින් සිංහල ෆිල්ම් බලපං නැත්තං හොද ෆිල්ම් හැදෙන් නැතුවම නැතිවෙලා යයි. මම නම් මචං වේදිකා නාට්‍ය සිංහල ෆිල්ම් හෝල්වලට ගිහින් බලනවා බං ඒවලට තියෙන ආසාව නිසායි සල්ලි දීලා අරන් ලග තියාගන්නේ.

    [මීහරකා ෆිල්ම් එක ගැන දීප්ති කුමාර ගුණරත්න සිය "ඇසිඩ් වැස්ස" පොතේ කළ කියවීමක් දැම්මා ඒකත් කියවලා බලන්න. හැමදාම අපිකරන්නේ ෆිල්ම් බලන ඒක ඒත් ඒවා කියවන්න පුලුවන්...... අලුතින් යමක් එකතුවේවි ජීවිතයට]
     
    asksajee

    Well-known member
  • Nov 27, 2006
    670
    339
    63
    "චිත්‍රපටය අවසන් වන්නේ ගුණපාල විසින් පාසැල් ගුරුවරිය අතවරයකට ලක් කොට එකී පාපයෙන් ගැළවෙන්නට මෙන් ඔහු කාම සඟරා ආදිය එල්ලා තැබූ පෞද්ගලික කුටිය තුළ ම ගිනි තබාගෙන තමන් ද සියදිවි හානි කරගන්නා අන්දම පෙන්වමිනි. මෙය මුළුමනින්ම අතිෂයෝක්තියකි, අධ්‍යක්ෂවරයා මෙය ගෙන හැර දක්වනුයේ ආත්ම ඝාතනයක් ලෙසින් වුවද එය හිතලුවකි. මක්නිසාද යත් එබඳු ආත්ම ඝාතනයක යෙදිය හැක්කේ ද සංකීර්ණ මනසකින් යුත් යමක් කමක් සිතන්නට හැකි පුද්ගලයකුට පමණි. මෝඩයකු මෝඩකමට දිවි නසා ගැනීමත් මෙහිදී ගුණපාල දිවි නසා ගැනීමත් අතර විශාල වෙනසක් ඇත. මෙහිදී ගුණපාල දිවි නසා ගැනීමක් කරන්නේ මෝඩකම නිසා නොව තමා පාපයක් කළා ය යන තියුණු හැඟීමකින් ඔහු පෙළෙනු නිසා ය යන අදහසක් ප්‍රේක්ෂකයා තුළ ජනිත කරවමිනි. එහෙත් එබඳු හැඟීමක් ඇතිවන්නට තරම් සංවේදි සදාචාර මතයක් ගුණපාල වෙත තිබිණි ද ?"
    (82 පිටුව)

    තම පියාණන්ට තම රහස් පෙදෙස පෙන්නා ඔහුව අපහසුතාවට පත් කරන ගුණයක් නැති ගුණපාල තුලින් එවන් තියුණු හැඟීමක් ඇත්තෙන්ම බලාපොරොත්තු නොවිය හැකිය. ඒ අයුරින් ම මේ චිත්‍රපටිය ගම දූෂණය වීම ( පෞද්ගලික බසය ගෙනෙන කාමසඟරා ) ආදියත් මෙහි නිරූපිතය. තැනෙක කතුවරයා මෙලෙස පවසයි. මෙහිත් යම් සත්‍යයක් දකිමි.

    "ශ්‍රී ලංකාව යනු ගම-නගරය අතර භේදය විසඳා නොගත් රටකි. මේ නිසා සමාජ යථාර්ථයේ සෑම අතුරු මුහුණතකට ම අදාළ ප්‍රතිවිරෝධය අපට හමුවෙ යි. අධ්‍යාපනය, කලාව, ලිංග-භේදය, චින්තනය, ශ්‍රමය, මනුෂ්‍යත්වය ආදී මෙකී නොකී සියලු ප්‍රපංචවලට අදාළව අහසින් කඩා වැටුණාක් මෙන් හමුවන ප්‍රතිවිරෝධයන්, ප්‍රතිවාදයන් යනු ගම-නගරය භේදයේ විවිධ බාහිර ප්‍රකාශයන්ය."

    (71 පිටුව)

    (මීහරකා ෆිල්ම් එක ගැන දීප්ති කුමාර ගුණරත්න සිය "ඇසිඩ් වැස්ස" පොතේන්)
     
    Last edited:

    N i m

    Active member
  • Aug 19, 2016
    650
    139
    43
    මී හරකා | The Buffalo (1994)

    බොහොම ස්තූතියි! :love:
     
    Last edited:

    N i m

    Active member
  • Aug 19, 2016
    650
    139
    43
    නොමියෙන මිනිසුන් | The Immortals (1994)

    ඔයා ගාව ගාමිණි ෆොන්සේකා අධ්‍යක්ෂණය කරපු "නොමියෙන මිනිසුන්" (The Immortals) චිත්‍රපටිය හොයාගන්න තියෙනව ද? :eek:
    YouTube එකේ මුල් කොටස විතරයි තියෙන්නේ. :(
    මේකෙ මහින්ද රාජපක්ෂත් රඟපානවා ජෙනරාල්වරයා විදිහට. :rolleyes:
    අමරදේවගේ "මිහිපිට බිම් අඟලක්" ගීතය තියෙන්නෙත් මේකෙ. :love:
    පුළුවන් නම් ටිකක් හොයලා බලලා ලැබුනොත් දෙන්න. :sorry:
     
    Last edited:
    • Like
    Reactions: buddikagayan

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,429
    7,150
    113
    මචං ගොලු හදවත ෆීල්ම් එක හොයාගන්න තියනවද? මම ඒක අව්රුදු ගානක් තිස්සේ හොයනවා බං.

    +7
     
    Viman

    Junior member
  • Sep 4, 2006
    50
    1
    8
    මචං ගොලු හදවත ෆීල්ම් එක හොයාගන්න තියනවද? මම ඒක අව්රුදු ගානක් තිස්සේ හොයනවා බං.

    youtube eke tibba
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,010
    3,833
    113
    "චිත්‍රපටය අවසන් වන්නේ ගුණපාල විසින් පාසැල් ගුරුවරිය අතවරයකට ලක් කොට එකී පාපයෙන් ගැළවෙන්නට මෙන් ඔහු කාම සඟරා ආදිය එල්ලා තැබූ පෞද්ගලික කුටිය තුළ ම ගිනි තබාගෙන තමන් ද සියදිවි හානි කරගන්නා අන්දම පෙන්වමිනි. මෙය මුළුමනින්ම අතිෂයෝක්තියකි, අධ්‍යක්ෂවරයා මෙය ගෙන හැර දක්වනුයේ ආත්ම ඝාතනයක් ලෙසින් වුවද එය හිතලුවකි. මක්නිසාද යත් එබඳු ආත්ම ඝාතනයක යෙදිය හැක්කේ ද සංකීර්ණ මනසකින් යුත් යමක් කමක් සිතන්නට හැකි පුද්ගලයකුට පමණි. මෝඩයකු මෝඩකමට දිවි නසා ගැනීමත් මෙහිදී ගුණපාල දිවි නසා ගැනීමත් අතර විශාල වෙනසක් ඇත. මෙහිදී ගුණපාල දිවි නසා ගැනීමක් කරන්නේ මෝඩකම නිසා නොව තමා පාපයක් කළා ය යන තියුණු හැඟීමකින් ඔහු පෙළෙනු නිසා ය යන අදහසක් ප්‍රේක්ෂකයා තුළ ජනිත කරවමිනි. එහෙත් එබඳු හැඟීමක් ඇතිවන්නට තරම් සංවේදි සදාචාර මතයක් ගුණපාල වෙත තිබිණි ද ?"
    (82 පිටුව)

    තම පියාණන්ට තම රහස් පෙදෙස පෙන්නා ඔහුව අපහසුතාවට පත් කරන ගුණයක් නැති ගුණපාල තුලින් එවන් තියුණු හැඟීමක් ඇත්තෙන්ම බලාපොරොත්තු නොවිය හැකිය. ඒ අයුරින් ම මේ චිත්‍රපටිය ගම දූෂණය වීම ( පෞද්ගලික බසය ගෙනෙන කාමසඟරා ) ආදියත් මෙහි නිරූපිතය. තැනෙක කතුවරයා මෙලෙස පවසයි. මෙහිත් යම් සත්‍යයක් දකිමි.

    "ශ්‍රී ලංකාව යනු ගම-නගරය අතර භේදය විසඳා නොගත් රටකි. මේ නිසා සමාජ යථාර්ථයේ සෑම අතුරු මුහුණතකට ම අදාළ ප්‍රතිවිරෝධය අපට හමුවෙ යි. අධ්‍යාපනය, කලාව, ලිංග-භේදය, චින්තනය, ශ්‍රමය, මනුෂ්‍යත්වය ආදී මෙකී නොකී සියලු ප්‍රපංචවලට අදාළව අහසින් කඩා වැටුණාක් මෙන් හමුවන ප්‍රතිවිරෝධයන්, ප්‍රතිවාදයන් යනු ගම-නගරය භේදයේ විවිධ බාහිර ප්‍රකාශයන්ය."

    (71 පිටුව)

    (මීහරකා ෆිල්ම් එක ගැන දීප්ති කුමාර ගුණරත්න සිය "ඇසිඩ් වැස්ස" පොතේන්)

    මචන් මම නම් මේ විචාරයට එකඟ වෙන්නේ නෑ . ගුණපාල සියදිවි හානි කරගන්නේ ගුරුවරියට අතවර කරලා ඒ පාපය ගැන හිතලම නෙමේ . ඔහු දැඩි අපේක්ෂාබංගත්වයට පත් වෙච්ච කෙනෙක් .
    ඒක වෙන්නේ ලිංගිකත්වය කියන දේ ගම්වල ඉන්න නූගත් අසරණ මිනිස්සුන්ට අරුමයක් වෙච්ච නිසා වගේම නව සමාජ ක්‍රමයට හැඩ ගැහෙන්න බැරි වෙච්ච නිසා . දැන් බලපන් අවුරුදු 80 ට ඉස්සෙල්ලා මිනිස්සුන්ගේ ජීවිත ඉතාම සරලයි . සමහර මිනිස්සු වෙනසට කැමති වෙලා හැඩ ගැහුනා . තව සමහර මිනිස්සු මේ වගේ වල්මත් උනා . උගත් මිනිස්සු උනත් හිටියා මොලේ කුරුවල් වෙච්ච . මේ කතාව එතකොට විසිදැල වගේ ඒවගේ මේ දේ පෙන්නනවා . මේ කතාව මම බලපු හොඳම එකක් . ඒවගේම ලින්ටන් ගේ රඟපෑම අතිවිශිෂ්ටයි.
     
    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    මචන් මම නම් මේ විචාරයට එකඟ වෙන්නේ නෑ . ගුණපාල සියදිවි හානි කරගන්නේ ගුරුවරියට අතවර කරලා ඒ පාපය ගැන හිතලම නෙමේ . ඔහු දැඩි අපේක්ෂාබංගත්වයට පත් වෙච්ච කෙනෙක් .
    ඒක වෙන්නේ ලිංගිකත්වය කියන දේ ගම්වල ඉන්න නූගත් අසරණ මිනිස්සුන්ට අරුමයක් වෙච්ච නිසා වගේම නව සමාජ ක්‍රමයට හැඩ ගැහෙන්න බැරි වෙච්ච නිසා . දැන් බලපන් අවුරුදු 80 ට ඉස්සෙල්ලා මිනිස්සුන්ගේ ජීවිත ඉතාම සරලයි . සමහර මිනිස්සු වෙනසට කැමති වෙලා හැඩ ගැහුනා . තව සමහර මිනිස්සු මේ වගේ වල්මත් උනා . උගත් මිනිස්සු උනත් හිටියා මොලේ කුරුවල් වෙච්ච . මේ කතාව එතකොට විසිදැල වගේ ඒවගේ මේ දේ පෙන්නනවා . මේ කතාව මම බලපු හොඳම එකක් . ඒවගේම ලින්ටන් ගේ රඟපෑම අතිවිශිෂ්ටයි.

    :yes::yes:
     
    lwd

    Junior member
  • Jan 30, 2008
    154
    14
    18
    down wenne nene ban ai e.. legally kiyana msg eka enwa. uba gawa aswesuma tiyenam diyanko