මේක එක එක අයට වෙනස් විදියට තමයි තේරෙන්නෙ. ඒත් ඇත්තටම මේ විදියට ලෝන් එකක් අරගෙන තියේනම් තේරෙනව වටිනකම.
මම උදාහරණයක් විදියට 100,000ක FD එකකින් 100,000ලෝන් එකක් ගත්තම(එහෙම ගන්න බෑ, 90%යි උපරිම පුලුවන් ඒත් උදාහරණයට ගන්නම්) වෙන දේ පැහැදිලි කරන්නම්...
ලක්ෂයක FD එක දැම්මෙ මාස 6ට. ඒකට රේට් එකක දුන්න 10%ක්. අපි ඒකෙන් ලක්ෂයක ලෝන් එකක් ගන්නව ඒක පොළිය වෙන්නෙ 12.5ක් වගේ. ලෝන් එක දාන්නෙත් මාස 6කට...
එතකොට FD එක කල්පිරෙද්දි අපිට ලැබෙනව.
පොළිය = 100000*10%=10,000
මාස 6ට = 5,000යි.
WHT අඩු වුණාම= 5000*95%=රුපියල් 4750යි පොළිය කල් පිරෙද්දි. අතට එනව 104750ක්
එතකොට ලෝන් එක Schedule වෙන්නෙ මේ විදියට,
100000/6=16,667.00
1 වාරිකය --- 16,677(Capital) + 1041.66(Interest) = 17,718.66
2 වාරිකය --- 16,677(Capital) + 867.94(Interest) = 17,544.94
3 වාරිකය --- 16,677(Capital) + 694.22(Interest) = 17,371.22
4 වාරිකය --- 16,677(Capital) + 520.51(Interest) = 17,197.51
5 වාරිකය --- 16,677(Capital) + 346.79(Interest) = 17,023.79
6 වාරිකය --- 16,677(Capital) + 173.07(Interest) = 16,850.07
Total Interest Paid to Bank = (1041.66+867.94+694.22+520.51+346.79+173.07)=3,644.19
Total Interest for FD = 4750
Interest Difference =4750-3644.19=1,105.81
ඕක හොඳට කියවල බැලුවම තේරෙයි තියන චාන්ස් එක මොකක්ද කියල. හැබැයි අනිවා මාසෙට ලෝන් එක ගෙවන්න ඉන්කම් එකක් තියෙන්න ඕන නැතුව අරගත්තොත් නම් පට්ට පාඩුයි.
තව කෙනෙකුට ප්රයෝජනවත් වෙයි කියල ගණං හදල පෙන්නුවෙ. තීරණය ඔයාලගේ අතේ තමයි. කොහොම හරි පාඩුවක් නම් වෙන්නෙ නෑ.
Lankawe Loan walata Tax gahanne nadda
