රෝගී ජීවිත සුවපත් කර ගැනීමට ජනාධිපති අරමු
ජනපති අරමුදලේ මූලාරම්භය සිදුවූයේ කෙසේද?
මෙරට සුවහසක් ශ්‍රී ලාංකීය ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක වන ජනාධිපති අරමුදල, එමඟින් සුවිශේෂී ප්‍රතිලාභ රැසක් වෛද්‍යාධාර ලබාදීමේ ක්‍රියාවලිය තුළින් හිමිකර දෙනු ලබයි.
ජනාධිපති අරමුදල ආරම්භ වූයේ මීට වසර හතළිහකට පමණ පෙර, එනම් 1978 අංක 07 දරන ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ පාර්ලිමේන්තුවේ පනතකින් සම්මත වූවක් වන අතර එවකට ජනාධිපති ධූරය දැරූ ජේ. ආර්. ජයවර්ධන මැතිතුමාගේ ධූරයේ කටයුතු වෙනුවෙන් පවත්වන ලද සමාරම්භක උත්සවයකදී පරිත්‍යාගශීලින්ගෙන් ලද මූල්‍යමය මැදිහත් භාවයකින් එනම් රුපියල් දෙලක්ෂ තිස්හත්දහස් එකසිය විස්සක මූලික ප්‍රාග්ධනයකිනි.
ජනාධිපති අරමුදලට මුදල් ලැබෙන ආකාරය
මේ සඳහා මුදල් සපයාගනු ලබන්නේ සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ලොතරැයිපත් අලෙවියෙන් ලැබෙන ආදායමෙන් කොටසකින් සහ විවිධ පරිත්‍යාගශීලීන්ගෙනි.
ජනාධිපති අරමුදල පාලනය කරනු ලබන්නේ කවුද?
මෙය පාලනය කරනු ලබන්නේ පාලක මණ්ඩලයක් විසිනි. මෙහි සභාපති ජනාධිපතිතුමා වන අතර, සෙසු සාමාජිකයන් අගමැතිතුමා, කථානායකතුමා, විපක්ෂ නායකතුමා, ජනාධිපති ලේකම්වරයා සහ ජනාධිපතිතුමා විසින් පත්කරනු ලබන සාමාජිකයන් දෙදෙනෙක් පමණි.
ජේ. ආර්. ජයවර්ධන මැතිතුමාගේ සිට වර්තමාන ජනාධිපතිතුමා දක්වාම මෙය නොකඩවා සක්‍රීයව පවත්වාගෙන යනු ලබයි. මෙය ජනාධිපති වරයාගේ අරමුදල නමින් හඳුන්වනු ලබන අතර එය කළමනාකරණය කිරීම සඳහා පනත අනුව ජනාධිපතිවරයා වෙත බලය පැවරේ.
රජයේ විගණකාධිපතිවරයා විසින් වාර්ෂිකව ජනාධිපති අරමුදලේ ගිණුම් විගණනය කරනු ලබයි.
ජනාධිපති අරමුදලේ අරමුණු
ජනාධිපති අරමුදලේ පනත ප්‍රකාරව අරමුදල පිහිටුවීමේ ප්‍රධාන අරමුණු පැහැදිලි කළහොත්..
ශ්‍රී ලාංකීය ජනතාවගේ...
දරිද්‍රතාවයට සහන සැලසීම.
අධ්‍යාපනය හෝ ඥානය වර්ධනය කිරීම.
සියලු ආගම් නංවාලීම.
ජාතිය වෙනුවෙන් සේවයක් කර ඇති තැනැත්තන්ට මූල්‍යමය ප්‍රදානයන් කිරීම.
ජනාධිපතිවරයාගේ හා පාලක මණ්ඩලයේ මතය අනුව මහජනතාවගේ සුබ සිද්ධිය හා යහපත පිණිස වූ වෙනත් කර්තව්‍යයන් ඉටු කිරීම.
මෙරට පුරවැසියන් වෙනුවෙන් සුවිශේෂී වූ කාර්‍යභාරයන් රැසක් මෙම අරමුදල මඟින් ඉටුකරනු ලැබුවද, වර්තමානයේ මනුෂ්‍ය ජීවිතයේ වටිනාකම සුරක්ෂිත කර ගැනීම සඳහා ප්‍රමුඛත්වය ලබාදෙන්නේ වෛද්‍යාධාර ලබාදීම සඳහායි.
රෝගියෙක් වෙනුවෙන් ජනාධිපති අරමුදලින් ආධාර ලබාගන්නේ කෙසේද? කුමන සැත්කම් / ප්‍රතිකාරයන් සඳහා ආධාර ලබාගත හැකිද?
හදවත් සැත්කම්
වකුගඩු බද්ධ කිරීමේ සැත්කමට හෝ රුධිරකාන්දුකරණ ප්‍රතිකාරය
මොළයේ සැත්කම්
අක්මාව බද්ධ කිරීමේ සැත්කම්
පිළිකා ප්‍රතිකාර සඳහා ( ඖෂධ හා එන්නත් ලබා ගැනීමට )
ඇටමිඳුළු බද්ධ කිරීමේ සැත්කම්
කර්ණශංඛ බද්ධ කිරීමේ සැත්කම්
කොඳුඇට පෙළේ විකෘති වීම් නිවැරැදි කිරීමේ සැත්කම්
කොඳුඇට පෙළ තෙරපීම නිවැරැදි කිරීමේ සැත්කම
දණහිස්, උකුල්, උරහිස් හා වැලමිට අස්ථි ප්‍රතිෂ්ඨාපනය
කෘතිම අත්, පාද මිළදී ගැනීම සඳහා
තැලසීමියා රෝගීන්ට ප්‍රතිකාර කිරීමට අවශ්‍ය උපකරණ මිළදී ගැනීම සඳහා
විදේශීයව සිදුකරන අක්ෂි සැත්කම්
ඉහත රෝගාබාධ සඳහා පහත පරිදි මූල්‍යාධාර ලබාදෙනු ලැබේ.
හදවත් සැත්කමක් සඳහා රුපියල් හහළිස් දහසේ ( රු. 40,000 ) සිට රුපියල් ලක්ෂ දෙක ( රු. 200,000 ) දක්වාත්
වකුගඩු බද්ධ කිරීමේ හෝ රුධිරකාන්දුකරණ ප්‍රතිකාර සඳහා රුපියල් ලක්ෂ දෙකේ ( රු. 200,000 ) සිට රුපියල් ලක්ෂ හතර ( රු. 400,000 ) දක්වාත්
පිළිකා රෝගීන්ගේ ප්‍රතිකාර සඳහා ඇස්තමේන්තු ගත මුදල රුපියල් හත්ලක්ෂ පනස් දහස දක්වා 50% ක් ද එම ඇස්තමේන්තුගත මුදල රුපියල් හත්ලක්ෂ පනස් දහසට වඩා වැඩි අයට රුපියල් ලක්ෂ හතරක් ( රු. 400,000 ) දක්වාද ගෙවනු ලබයි.
අක්මා බද්ධ කිරීමේ සැත්කම සඳහා රුපියල් ලක්ෂ පහක් ද ( රු. 500,000 )
ඇටමිඳුළු බද්ධ කිරීමේ සැත්කම සඳහා රුපියල් ලක්ෂ පහක් ද ( රු. 500,000 )
කොඳුඇට පෙළ විකෘති වීම නිවැරැදි කිරීමේ සැත්කමට රුපියල් ලක්ෂ දෙකක් ( රු. 200,000 ) හා
කොඳුඇට පෙළ තෙරපීමේ සැත්කමට රුපියල් ලක්ෂ දෙකක ( රු. 200,000 ) මුදලක් ද,
කර්ණශංඛ බද්ධ කිරීමේ සැත්කම සඳහා රුපියල් ලක්ෂ පහක් ද ( රු. 500,000 )
උකුල්, දණහිස්, උරහිස් හා වැලමිට අස්ථි ප්‍රතිෂ්ඨාපනයේ එක් සන්ධියක් සඳහා රුපියල් ලක්ෂය ( රු. 100,000 ) බැගින් ද ගෙවනු ලැබේ.
මොළයේ සැත්කම් සඳහා ඇස්තමේන්තු මුදල රුපියල් ලක්ෂ පහක් ( රු. 500,000 ) දක්වා රුපියල් දෙලක්ෂ පනස්දාහක් ද ( රු. 250,000 )
ඇස්තමේන්තු ගත මුදල රුපියල් ලක්ෂ දහයක් ( රු. 1000,000) දක්වා රුපියල් ලක්ෂ තුනක් ( රු. 300,000 ) ක් ද,
ඇස්තමේන්තුගත මුදල රුපියල් ලක්ෂ පහලොව ( රු. 1500,000 ) දක්වා රුපියල් තුනලක්ෂ පනස්දහසක් ( රු. 350,000 ) හා
ඇස්තමේන්තු මුදල රුපියල් පහළොස් ලක්ෂය ඉක්මවීමේදී රුපියල් ලක්ෂ හතරක ( රු. 400,000 ) මුදලක් ද,
කෘතිම අත් සහ පාද මිළදී ගැනීම සඳහා එක් අවයවයකට රුපියල් පනස්දහසක් ද ( රු. 50,000 )
ජනාධිපති අරමුදලින් ගෙවනු ලැබේ.
විශේෂ ව්‍යාපෘතිය යටතේ හදවත් රෝගීන්ගේ විවෘත හදවත් සඳහා සහන සැලසීම...
විවෘත හදවත් සැත්කම් සිදු කිරීමට රජයේ රෝහලක දීර්ඝ කාලයක් පොරොත්තු ලේඛනයේ රැඳී සිටීමට සිදුවන බැවින් බොහෝ රෝගීන් අධික මුදලක් වැය කරමින් පෞද්ගලික රෝහලකින් සිය සැත්කම සිදුකරවා ගැනීමට උත්සාහ ගනී.
එහෙත් දැන් ඔබට මෙම ව්‍යාපෘතිය යටතේ විවෘත හදවත් සැත්කම් කරාපිටිය ශීක්ෂණ රෝහලේ හෘද රෝග ඒකකයෙන් නොමිලේ සිදුකරවා ගැනිමට ඉඩකඩ සලසා ඇත. මෙම සැත්කම සිදුකරන රෝහල් කාර්‍යමණ්ඩලය වෙනුවෙන් ජනාධිපති අරමුදලේ ප්‍රතිපාදන මඟින් දිරි දීමනා ලබාදෙයි.
ජනාධිපති අරමුදලින් මූල්‍යාධාර ලබාගැනීමට සුදුසුකම් ලබන්නේ කුමන අයද?
සැත්කම / ප්‍රතිකාරය සිදුකර රෝහලින් පිටවූ දින සිට දින 30 ක් ඇතුළත අයදුම්පත ඉදිරිපත් කිරීම. ( සතිඅන්ත හා රජයේ නිවාඩු දිනයන්ද ඇතුළුව )
ආදායම් බදු නොගෙවන පුද්ගලයන් ( රෝගියා, කලත්‍රයා ඇතුළු අවිවාහක දරුවන් )
සැත්කම් / ප්‍රතිකාර සඳහා වැය වූ මුළු මුදලින් 50% ක් හෝ ඊට වැඩි මුදලක් වෙනත් ආයතනයකින් නොලැබෙන අය ( උදා:- රක්ෂණ ක්‍රමයකින් / වෛද්‍යාධාර ක්‍රමයකින් / සුබසාධන ක්‍රමයකින් හෝ වෙනත් ආකාරයකින් )
අග්‍රහාර රක්ෂණ ක්‍රමයේ ප්‍රතිලාභ නොලබන අය
පවුලේ මාසික ආදායම රුපියල් ලක්ෂය නොයික්මවන අය ( රෝගියා කලත්‍රයා ඇතුළු අවිවහක දරුවන් )
සැත්කම / ප්‍රතිකාරය සඳහා යන වියදම දරා ගැනීමට ප්‍රමාණවත් මූල්‍ය සම්පත් රෝගියාගේ පවුල සතු නොවීම
අනුමත රෝගයක් වීම / අනුමත රෝහලකින් සැත්කම / ප්‍රතිකාරය සිදුකරවා ගැනීම
අයදුම්පතේ අසත්‍ය තොරතුරු නොසැපයීම
ශ්‍රී ලාංකික පුරවැසියන් පමණක් වීම
ජනාධිපති අරමුදලින් මූල්‍යාධාර ලබා ගැනීමට අවශ්‍ය ලිපි ලේඛන...
ඉහතින් සඳහන් කළ සැත්කම් / ප්‍රතිකාර සඳහා ජනාධිපති අරමුදලින් මූල්‍යාධාර ලබාගැනීමට අවශ්‍ය නම් ජනාධිපති අරමුදලින් නිකුත් කරනු ලබන අයදුම්පත සම්පූර්ණ කර පහත සඳහන් ලියකියවිලි සමඟ ඉදිරිපත් කළ යුතුයි. මේ සඳහා පවුලේ සාමාජිකයෙකුට වුවද ඉල්ලුම් කළ හැකියි.
විශේෂඥ වෛද්‍යවරයාගේ නිර්දේශිත ලිපියේ මුල් පිටපත
වියදම් ඇස්තමේන්තුවේ මුල් පිටපත
රෝගියාගේ හෝ ඉල්ලුම්කරුගේ ලිඛිත ඉල්ලීමක්
සැත්කම හෝ ප්‍රතිකාර සිදුකර අවසන් නම් රෝග නිශ්චය කාඩ්පතේ ( Diagnosis Card ) ඡායා පිටපතක් සමඟ අයදුම්පත්‍රය, විශේෂඥ වෛද්‍යවරයාගේ ලිපියේ මුල් පිටපත හා වියදම් කරන ලද මුළු මුදලට අදාළ අවසාන බිල්පත සමඟ රිසිට්පත් වල මුල් පිටපත් ඉදිරිපත් කළ යුතුය. ( බිල්පත් හා රිසිට්පත් වල සහතික කරන ලද හා දෙවන පිටපත් සඳහා ගෙවීම් කරනු නොලබන බව ද කාරුණිකව සැළකිය යුතුයි.)
සැත්කම සිදුකර අවසන් රෝගීන් සඳහා නම් රෝගියා රෝහලින් බැහැර වූ දින සිට දින 30 ක් ඇතුළත ඉල්ලීම ඉදිරිපත් කළ යුතු වේ.
( අයදුම්පතක් ලබා ගැනීමට නම් රෝහල් වලින් විමසීම් කළ හැකි අතර එසේ නොමැති නම් ජනාධිපති අරමුදලේ වෙබ් අඩවියට පිවිස අයදුම්පත බාගත ( Download ) කළ හැක.
️ වෙබ් අඩවිය ( පහත Link එකෙන් ගොස් අයදුම්පත Download කරගන්න. )
http://www.presidentsfund.gov.lk/index.php/downloads/
සම්පුර්ණ කරන ලද ඉල්ලුම්පත සමඟ ඉහත ලිපි ලේඛන ඉදිරිපත් කිරීමෙන් පසු ජනාධිපතිතුමාගේ අනුමැතියට යොමු කිරීම සඳහා රෝගියාගේ පවුලේ හා ආදායම් තොරතුරු ලබාගැනීම සඳහා ප්‍රාදේශීය ලේකම්වරයා වෙත යොමුකරන අතර රෝගය පිළිබඳව නිර්දේශිත වාර්තාවක් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ද කැඳවනු ලැබේ.
ඔබ ඉහතින් සඳහන් කළ සැත්කමකට හෝ ප්‍රතිකාරයකට භාජනය වූයේ නම් ඔබට ආධාර මුදලක් අවශ්‍ය නම් පහත සඳහන් ලිපිනයට ඉල්ලුම්පත සමඟ අදාළ ලියකියවිලි ඉදිරිපත් කළ හැක. ( සැත්කම / ප්‍රතිකාර සිදු කිරීමට පෙර ද ඉල්ලීම් ඉදිරිපත් කළ හැක.)
ජනාධිපති අරමුදල, 03 වන මහල, අංක 35, ලේක් හවුස්, ඩී. ආර්. විජේවර්ධන මාවත, කොළඹ 10.
ජනාධිපති අරමුදලේ අනුමත මුදල ගෙවනු ලබන්නේ කා හටද?
සැත්කමට පෙර ජනාධිපති අරමුදලේ මූල්‍යාධාරය අනුමත වූ පසු රෝගියාගේ සැත්කමට නියමිත දිනය ජනාධිපති අරමුදල වෙත දැන්වූ පසු රෝහලට හෝ ආයතනය වෙත අනුමත මුදලට වගකීමේ ලිපියක් නිකුත් කරනු ඇත.
සැත්කම සිදුකළ පසු ලියකියවිලි ඉදිරිපත් කර ඇත්නම් ඒ සඳහා ජනාධිපති අරමුදලේ මූල්‍යාධාරය අනුමත වූ පසු හදවත් සැත්කමක් නම් රෝගියාගේ නමින් අදාළ මුදල ගිණුමට බැර කරනු ලැබේ. වෙනත් සැත්කමක් / ප්‍රතිකාරයක් නම් රෝගියාගේ ලිපිනයට චෙක්පතක් මඟින් ලියාපදිංචි තැපෑලෙන් යොමු කරනු ලැබේ.
ජනාධිපති අරමුදලේ තොරතුරු ලබාගත හැකි මාර්ග...
01. දුරකථන අංක :-
011-2354354 - දිගු අංක : 4800 සිට 4805, 4808 සිට 4825, 4831 සිට 4833 දක්වා
02. තැපැල් මඟින් :- ජනාධිපති අරමුදල, 03 වන මහල, අංක 35, ලේක් හවුස්, ඩී. ආර්. විජේවර්ධන මාවත, කොළඹ 10.
03. රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය
1919
04. ඊමේල් ( Email ) :-
[email protected]
05. වෙබ් අඩවිය :-
www.presidentsfund.gov.lk
06. කාර්‍යාලයට පැමිණීමෙන් :-
ජනාධිපති අරමුදල, 03 වන මහල, අංක 35, ලේක් හවුස්, ඩී. ආර්. විජේවර්ධන මාවත, කොළඹ 10.
---------------------------------------------------------------------
තොරතුරු :- ජනාධිපති අතිරේක ලේකම් / ජනාධිපති අරමුදලේ ලේකම් ඩී.
මූලාශ්‍රය :- නවලිය පුවත්පත
සැකසුම :- හෙළ අරණ
Form FB