බයි-ටොයි ගැටුම සුරකිමු!

Batcha

Active member
  • Jan 17, 2011
    488
    92
    28
    බයි-ටොයි ගැටුම සුරකිමු!

    පොහොට්ටුවේ අපේක්ෂකයා විදිහට ගෝඨාභය මහත්මා නම් කිරීමත් එක්ක විපක්ෂය කැළඹීමට පත්ව ඇතිබවක් පේනවා. ඒ අතර ගෝඨාභය හා තරඟ කරන්න "දිනන්න පුළුවන් අපේක්ෂකයෙක්" දමන බව එජාපයේ රංජන් රාමනායක මහතා කියලා තියෙනවා. දිනන්න පුළුවන් අපේක්ෂකයෙක් කියලා මේ කෙකර ගගා කියන්නෙ සජිත් ප්‍රේමදාස අපේක්ෂකත්වයට නම්කරන්න උත්සාහ කරන බවයි. සජිත් ගෝඨාභයට තරඟයක් දෙන්න පුළුවන් බව හිතෙන්නෙ සජිත්ට ගෝඨාභයට සමාන ඡන්ද පදනමක් ඇති හින්දයි. මේ පදනම ග්‍රාමීය, අර්ධ ග්‍රාමීය සිංහල බෞද්ධ පදනමයි. ජනප්‍රිය අපේක්ෂකයෙක්ට සමාන පදනමක් ඇති වෙනත් අපේක්ෂකයෙක් නම් කරන්න එජාපය උත්සාහ කරන මුල් අවස්ථාව මෙය නෙවේ. මීට කලින් සරත් ෆොන්සේකා මහත්මා ඉදිරිපත් කරමින් කලෙත් මේ හා සමාන දෙයකුයි. මේ උපාය හින්දා කෙටිකාලීනව හෝ දිගුකාලීනව රටට හෝ එජාපයට සෙතක් නොවන බව මගේ අදහසයි.

    මේ වෙලාවේ ගෝඨාභයට ලොකු ඉල්ලුමක් රටේ ඇති බව ඇත්තක්. මේ ඉල්ලීම කරන්නෙ බහුතරයක් සිංහල-බෞද්ධ, ත්‍රස්තවාදයට සංවේදී, නාගරික ලස්සන ගැන සංවේදී, හොඳින් හෝ නරකින් රට ලස්සන කලයුතුයි හිතන ජනයා. ගෝඨාභය නියෝජනය කරන්නෙ මේ ඉල්ලීමයි. මේ ප්‍රවාහයට ලඟින්ම තැබිය හැකි අපේක්ෂකයා සජිත් (පාඨලීත් හොඳ යෝජනාවක්). නමුත් සජිත් ඉදිරිපත් වෙන එක කෙටිකාලීන විසඳුමක් නොවන්නේ ඇයි? හේතුව සජිත් ගෝඨාභය නොවන හින්දයි! සජිත් කොච්චර උත්සාහ කරත් සජිත්ට වඩා ගෝඨාභය ගෝඨාභයට සමානයි. ඒ හින්දා ගෝඨාභගේ චරිතය ඉල්ලන ඡන්දෙකින් ගෝඨාභය පරද්දලා සජිත්ට දිනන්න හැකියාවක් නෑ. ඒක අවස්ථාව නාස්ති කිරීමත් පමණයි. ඇත්තටම 2010දී ෆොන්සේකා මහත්මාට උනෙත් මේ දේම තමා. මහින්ද නියෝජනය කල දේට ඉතා සමීප ආදේශකයක් උනත් ෆොන්සේකාට මහින්ද තරම් මහින්ද කෙනෙක් වෙන්න බැරිඋනා!

    ලංකාව ගැන දැනුවත් හැමෝම දන්නවා ලංකාවේ දේශලපාලනය දැන ධ්‍රැවීකරණය වෙලා තියෙන්නෙ ටොයියා- බයියා බෙදීම ඇතුලෙ. මේක ගම-නගරය බෙදීමක්වත් පොෂ්-ගොඩේ බෙදීමක්වත් තරම් සරල නැහැ. මේ ඇතුලෙ තියෙන්නෙ ඉතා සියුම් දේශපාලන බෙදීමක්. මේක ඇත්තටම Republican - Democratic බෙදීමට ගොඩක් සමානයි.

    බයියා - Democratic ලක්ෂණ පහල කරනවා. රටේ තීරණ බහුතරය මත පදනම් වෙන්න ඕන, පුද්ගලික නිදහස එතරම් වැදගත් නැහැ කියන එකයි බයි මතය. උදාහරණෙකට ලංකාව සිංහල බහුතරයක් ඉන්න රටක්. සිංහලය ප්‍රමුඛ සංස්කෘතිය කරන් අනික් අය ඒ වටා හැඩගැහෙන්න ඕන කියලා බයියෝ කියනවා. Democratic වලට අදාලත්වයක් නැතත් ටිකක් හොරකං කරලා හරි රට ගොඩදාන්න පුළුවන් දැඩි පාලනයකට තමා බයියො පක්ෂ.

    ටොයියා - වැඩියෙන් Republican ලක්ෂණ තියෙන කට්ටියක්. කුඩා කණ්ඩායම් වල පැවැත්ම හා අදහස් දැක්වීම ගැන සංවේදියි. නිදහස් චතුරස්රයේ කිස් කරන්න තියෙන නිදහස වගේ රටේ බහුතරයක් සංවේදී නැති ප්‍රශ්න කතා කරන්න පෙළඹෙන්නෙ ඒ හින්දා. ආගමික නිදහස, බලය බෙදීම වගේ දේවල් වලදී ටොයියො වඩා විවෘතයි. ටොයියො දූෂණයට විරුදධ ජාතියක්. මහබැංකු චෝදනාවලින් පස්සේ ටොයියො ගොඩක් රනිල්ව අතහරින්නේ මේ හේතුව හින්දයි.

    දැන් මේ මතවාද දෙකෙන් මොකක්ද හරි කියන එක විවාදාත්මකයි. එක මතයක් නිරපේක්ෂව හරියි කියන්න බැහැ. ඒ ගැන මිනිස්සු සංවාද කරන්න ඕන. ඒකයි වෙන්න ඕන. හැබැයි, පක්ෂ දෙකෙන් ඔය මතවාද දෙකෙන් එකකට අදාල දෙන්නෙක් දෙපැත්තෙන් දැම්මොත් මොකද වෙන්නේ? එහෙම උනොත් පුද්ගලයෝ දෙන්නම නියෝජනය කරන්නෙ එකම මතයි. එතකොට ඡන්දෙ පිලිබඳ සංවාදය පුද්ගල සංවාදයකට යනවා. එතකොට අපේක්ෂකයෝ කතා කරන්නෙ අහවල් අපේක්ෂකයට තරහ යනවද, කෑම හදපු කෝකියාට මොකද කරේ, නිදන කාමරේ ඇක්ටිව්ද වගේ රටට වැදගත් නොවන කාරණා.

    2015දී ටොයි මතවාදය දින්නට පහුගිය අවුරුදු හතරේ බයි මතවාදී ආණ්ඩුව අසාර්ථක වෙලා තියෙනවා. සහරාන්ගේ ප්‍රහාරය එහි උච්ඡතම තැනයි. ඒ හින්දා ආණ්ඩුව ෆේල් - කතා දෙකක් නෑ. නමුත් ටොයි මතවාදය වැරදියි කියන එක ඒකෙන් අදහස් වෙනවාද? අද සජිත් නම් කරන්න එජාපයට තියෙන පෙළඹුමෙන් පේන්නේ ටොයි මතවාදය වැරදියි කියන නිගමනයට පක්ෂයක් විදිහට ඇවිත් තියෙන වගයි. සජිත් කියන්නෙත් බයි මතයට පෙනී හිටින කෙනෙක් (දැනට පේන විදිහට). නමුත් එහෙම කිරීමනේ රටේ ඇතිවෙන්න පුළුවන් බුද්ධියට අමතන්න පුළුවන් සංවාදයකට ඉඩ නැතිවෙලා පුද්ගලික දේවල් කතාවෙන ඕලාරික මැතිරවණ ව්‍යාපාරයක් ඇතිවෙනවගයි මගේ අදහස. ඒ හින්දා සජිත් අවොත් දිගුකාලීන රටට වෙන දෙයක් නෑ කියලයි මම හිතන්නේ.

    එහෙනං බයි මතය නියෝජනය කරන්න පුළුවන් 2020 බලවේගය කවුද? කවුරුත් නෙවේ ඒ අනුර කුමාරයි. දැනට ජාතික ජනතා ව්‍යාපාරයෙන් ඉදිරිපත් කරලා තියෙන අනුරට සහය දක්වන්න තරම් කොන්දක් එජාපෙට තිබ්බොත් ඉදිරි මැතිවරණය කතා කරන්න දේවල් තියෙන මැතිවරණයක් වේවි!

    https://praagiyathan.blogspot.com/2019/08/blog-post.html
     
    • Like
    Reactions: Robinhood wage ekek

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    .................

    එහෙනං බයි මතය නියෝජනය කරන්න පුළුවන් 2020 බලවේගය කවුද? කවුරුත් නෙවේ ඒ අනුර කුමාරයි. ...........................

    https://praagiyathan.blogspot.com/2019/08/blog-post.html

    මේක මුලිම්ම දැම්මනම් කියන්න හැදුවේ මොකක්ද කියල සරලව තේරෙනවා අපිට :P
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113

    බයියා - Democratic ලක්ෂණ පහල කරනවා. රටේ තීරණ බහුතරය මත පදනම් වෙන්න ඕන, පුද්ගලික නිදහස එතරම් වැදගත් නැහැ කියන එකයි බයි මතය. උදාහරණෙකට ලංකාව සිංහල බහුතරයක් ඉන්න රටක්. සිංහලය ප්‍රමුඛ සංස්කෘතිය කරන් අනික් අය ඒ වටා හැඩගැහෙන්න ඕන කියලා බයියෝ කියනවා. Democratic වලට අදාලත්වයක් නැතත් ටිකක් හොරකං කරලා හරි රට ගොඩදාන්න පුළුවන් දැඩි පාලනයකට තමා බයියො පක්ෂ.

    ටොයියා - වැඩියෙන් Republican ලක්ෂණ තියෙන කට්ටියක්. කුඩා කණ්ඩායම් වල පැවැත්ම හා අදහස් දැක්වීම ගැන සංවේදියි. නිදහස් චතුරස්රයේ කිස් කරන්න තියෙන නිදහස වගේ රටේ බහුතරයක් සංවේදී නැති ප්‍රශ්න කතා කරන්න පෙළඹෙන්නෙ ඒ හින්දා. ආගමික නිදහස, බලය බෙදීම වගේ දේවල් වලදී ටොයියො වඩා විවෘතයි. ටොයියො දූෂණයට විරුදධ ජාතියක්. මහබැංකු චෝදනාවලින් පස්සේ ටොයියො ගොඩක් රනිල්ව අතහරින්නේ මේ හේතුව හින්දයි.

    https://praagiyathan.blogspot.com/2019/08/blog-post.html

    මේක නම් සම්පුර්ණ වැරදි කියවීමක්.... එතනින් එහාට මේක වැඩක් නැත

    මගේ මතය පමණයි
     
    Last edited:

    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    ලෙෆ්ට් බ්‍රේනර්ස් ඇන්ඩ් රයිට් බ්‍රේනර්ස්
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඔබේ මතයත් කියන්න ඉතිං

    බයියා සහ ටොයියා කොයිමේ වෙලාවකවත් Democratic/Republican කරන්න බැහැ....

    හේතුව ලංකාවේ දේශපාලනයේ මුලික පක්ෂ දෙකේ මිශ්‍ර සංකලන තියනවා...මිනිස්සුන්ව වෙනස් කරලා අඳුර ගන්න බැරි තරමට වෙනස්ම මිශ්‍රණයක් තියෙන්නේ...ඔය මිශ්‍රණය හොඳකම තව වැඩි වෙනවා ආගම, සංස්කෘතිය, ආරක්ෂාව වගේ කරුණු එකතු උනාම..
    සරල උදාහරනෙකට LGBTQ අයට දෙන අයිතිවාසිකම් හුඟක් වෙලාවට එන්නේ Democratic අදහස් එක්ක....

    මේ කැඳ හැලිය එක පලයක් විදිහට තමයි සමාජ වාදී JVP, නව ලිබරල් වාදී UNP එක්ක එකට වැඩ කරන්න පුළුවන් වෙන්නේ....
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    Anthimata gihilla bayy toyy jeppe okkoma eketa illuwanan hari...rata gode goda

    දැන් උඹ ජෙපි කියලා දැම්මේ නාගට ජෙප්පෝ support නොකරපු නිසානේ..දැන් ජෙප්පොන්ව පෙන්න බැහැ නේ ? :lol::lol:

    උන් කියල මොනා කරන්නද බන්...චන්ද කඩාගෙන බැහැනේ..
     
    Batcha

    Active member
  • Jan 17, 2011
    488
    92
    28
    බයියා සහ ටොයියා කොයිමේ වෙලාවකවත් Democratic/Republican කරන්න බැහැ....

    හේතුව ලංකාවේ දේශපාලනයේ මුලික පක්ෂ දෙකේ මිශ්‍ර සංකලන තියනවා...මිනිස්සුන්ව වෙනස් කරලා අඳුර ගන්න බැරි තරමට වෙනස්ම මිශ්‍රණයක් තියෙන්නේ...ඔය මිශ්‍රණය හොඳකම තව වැඩි වෙනවා ආගම, සංස්කෘතිය, ආරක්ෂාව වගේ කරුණු එකතු උනාම..
    සරල උදාහරනෙකට LGBTQ අයට දෙන අයිතිවාසිකම් හුඟක් වෙලාවට එන්නේ Democratic අදහස් එක්ක....

    මේ කැඳ හැලිය එක පලයක් විදිහට තමයි සමාජ වාදී JVP, නව ලිබරල් වාදී UNP එක්ක එකට වැඩ කරන්න පුළුවන් වෙන්නේ....

    ඇත්තටම දැන් ඇමරිකන් දේශපාලනයේ ඔය දෙක පැටලිල තියෙන්නෙ. මේ Rrepublican/Democratic කියගා තියෙන්නේ දැන් ඇමරිකාවේ පක්ෂ මත අනුව නෙවේ - සාම්ප්‍රදායක අර්ථ දැක්වීම අනුව. https://www.thoughtco.com/republic-vs-democracy-4169936

    කැඳ හැලියක් තමා. ඒත් සමස්තයක් විදිහට ගත්තම මේ වර්ගීකරණය ගැලපෙනවා.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,894
    28,799
    113
    දැන් උඹ ජෙපි කියලා දැම්මේ නාගට ජෙප්පෝ support නොකරපු නිසානේ..දැන් ජෙප්පොන්ව පෙන්න බැහැ නේ ? :lol::lol:

    උන් කියල මොනා කරන්නද බන්...චන්ද කඩාගෙන බැහැනේ..

    Kiyanna bane...isserahata monewa weida kiyela....monewa unath jeppo kola, nil redi dekama asse ringapu unne..ha nadde?...unta kohomath thaniyen illela keranna puluwan deyak na...kata hari mukku gahana eka tamai keranna tiyenne..
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,894
    28,799
    113
    ඇත්තටම දැන් ඇමරිකන් දේශපාලනයේ ඔය දෙක පැටලිල තියෙන්නෙ. මේ Rrepublican/Democratic කියගා තියෙන්නේ දැන් ඇමරිකාවේ පක්ෂ මත අනුව නෙවේ - සාම්ප්‍රදායක අර්ථ දැක්වීම අනුව. https://www.thoughtco.com/republic-vs-democracy-4169936

    කැඳ හැලියක් තමා. ඒත් සමස්තයක් විදිහට ගත්තම මේ වර්ගීකරණය ගැලපෙනවා.

    Toyyo = republican, bayyo = democratic kiyena ekenma meka liyapu ekage danuma hithaganna puluwan:rofl:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    Toyyo = republican, bayyo = democratic kiyena ekenma meka liyapu ekage danuma hithaganna puluwan:rofl:

    ඒක තමයි බන් මාත් කිව්වේ...එතනින් එහාට කියවන එක නැවැත්තුව..අනුර කුමාර අන්තිම පේලියේ හැංගිලා ඉන්නවා දැක්කේ දැන්...:lol::lol::lol:
     
    Batcha

    Active member
  • Jan 17, 2011
    488
    92
    28

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    වෙනස් මතයක් තියෙනවනං හේතු ඇතිව දාන්න. තේරුම දන්නැත්තන් කියවලා ඉන්ඩ.

    https://www.thoughtco.com/republic-vs-democracy-4169936

    https://www.worldatlas.com/articles/what-is-the-difference-between-republicans-and-democrats.html

    Democrats: In general Democrats are more reluctant to use military force against other countries and advocate slow increases of military budgets. Recently, they favor gun control legislation arguing on the basis of the increase in the number shootings and irresponsibility by civilian gun holders. On social issues, Democrats openly support abortion as well as LGBTQ rights as people have freedom of choice, but when it comes to the death penalty, a majority seem to oppose. Democrats favor higher taxes for high-income earners and the increase of the minimum wage.

    Republicans: Republicans mostly favor rapidly increasing the military budget and take hard lines against other countries like Iran. They are pro-second amendment (right to bear arms) and support carrying concealed weapons in public. Party supporters have tough stands on abortion, contraceptive and LGBTQ rights with the belief that legalizing them ruins the social fabric of the society. On tax, Republicans seem to favor tax cut for all, be it rich or poor, and for the market to control the minimum wage. Republican policies favor strong border controls and limited immigration as opposed to Democrats who are more open.

    ඔය උඹේ ලින්ක් එකෙන් ගත්තු ඒවා...මේක ලියල තියෙන්නේ එච්චර දැනුම තියන එකෙක් නෙමෙයි මචන්....
     
    ඇමරිකන් රිපබ්ලිකන්-ඩිමොක්‍රටික් පක්ෂ මුල් අදහස් වලින් අපගමනය වෙලා තියෙනවා කිව්වෙ ඒ හින්දයි. මම ඔය වචන පාවිච්චි කරේ ඓතිහාසික අර්ථයකින් මිසක් අද ඇමරිකාවේ පක්ෂ වල ප්‍රතිපත්ති බලල නෙවේ. උඹ ඔය දාලා තියෙන්නේ Practical Differences කියන ඡේදයෙන්. ඊට උඩින් තියෙන Philosophy කියන ඡේදය බලන්න.

    Philosophy
    Democrats: Democrats are usually to the “left” of Republicans on many issues. For starters, Democrats support domestic social services but majorly not very aggressive on foreign policy. Being liberal, they root for a strong government to improve social structures and support equality and communal responsibility.

    Republican: Republicans advocate for limited government intervention on domestic issues but dominate on international relations. While on the right, Republicans are pro-military, pro-business, pro-religion, and campaigns for people have freedoms and to take personal responsibility for their actions. On approach, this party is socially and fiscally conservative in nature advocating for a lean government and strong free market (Darwinian Capitalism).
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    බයි ජනතාව තමා ජාති ආලේ ඉස්සරහට දාල පිටරට උන් එක්ක ගේම අදින ට්‍රම්ප් වගේ එකෙක්ට චන්දෙ දෙන්නේ. ටොයි ජනතාව නෙ මානව හිමිකම්, සාමය, සංහිඳියාව ගැන කියන සුළු ජාතීන්ට සලකන අයට චන්දෙ දෙන්නේ නැද්ද.