ඇයි අපි පොහොසත් නැත්තෙ?

wiky123

Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    මල්ලි කෙනෙක් මේ ත්‍රෙඩ් එක යු ටියුබ් චැනල් එකක් කරන්න ඉල්ලුවා........ මම මේ ටික ඒ මල්ලිට දෙනවා මචන්ලා, මම තව ස්ක්‍රිප්ට් ටිකක් ලියලා උට දෙන්නම් උඹලා ඒ යු ටියුබ් එක බලාගෙන පලයල්ලා(ඌ අප්ලෝඩ් කරාම අනිවා මේකේ දාන්නම්). සොරි මෙච්චර කාලෙකට මුකුත් දැම්මේ නැති එකට. මගේ ජීවිතෙත් ලොකු වෙනස්කම් උනා, නැගිට්ටා වැටුනා ආයේ නැගිට්ටා ආයේ වැටුනා.... දැන් ආයේ නැගිටිමින් ඉන්නවා... හැබැයි මේ පාර මම තනියම, කාගේවත් මත ඩිපේන්ද වෙන්නේ නෑ. මම මේ අවුරුදු ගානට ඉගෙනගත්තු දෙයක් උඹලට කියන්නම්.

    1. හවුලේ කැදත් එපා කියන එක සිරාම ඇත්ත. කාවවත් ට්‍රස්ට් කරන්න එපා මේ පාරේ යදිදී

    2. කිසිම එකෙක් කිව්වට උඹේ දෙයක් නවත්තලා අලුත් දේවල් කරන්න යන්න එපා. සමහර වෙලාවට හිතේ තියෙන තන්හාවට අපි තියෙන එකට වඩා හොඳයි කියලා අලුත් දෙයක් පටන් ගන්නවා. ඒත් එකෙන් වෙන්නේ එකින් එකට පැන පැන යනවා මිසක් සාර්ථක වෙන එක නෙවේ.:baffled: මට ඕක උනා ගිය අවුරුද්දේ.

    මේ වගේ තව කතා ගොඩක් තියෙනවා කියන්න, අරුට යවන ස්ක්‍රිප්ට් එක මම මේකෙත් එහෙම්ම දාන්නම්.:D
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,776
    19,733
    113
    අම්මෝ මචන් විකියා කියන්න වචන නෑ බන්. දැන් තමයි කියවල ඉවර උනේ පිටු 77 ම.. දවස් තුනක් අරගෙන කියෙව්වෙ exam එකත් තියෙන අතරෙ.. පට්ට බන්. පුලුවන් නම් අර script
    එකත් upload කරපන් අපි බලන් ඉන්නව..
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    පලවෙනි වීඩියෝ එකලු, මම ලිව්වා ස්ක්‍රිප්ට් එකක් තියෙනවා උට යවදදී මේකෙත් දාන්නම්
     
    Alu kurulla

    Well-known member
  • Sep 7, 2015
    466
    299
    63
    ඉතිං මේ සිස්ටම් එකේ ඉන්න උන්ට ඕක තේරෙන්නෙ නැද්ද?උඹ කිව්වා වගේ බැච් ටොප් වෙච්චි එකා මෝඩයෙක්ද?

    ඇත්තටම ගොඩක් උන්ට තේරෙනවා,ඒත් කවුරුවත් පලවෙනි ස්ටෙප් එක ගන්නෙ නෑ,උදාහරනෙකට උඹ ගිහින් මේ ත්‍රෙඩ් එක පෙන්නපන් උඹලගෙ කැම්පස් එකේ බැච් ටොපෙක්ට.ඌ පුකෙනුත් හිනාවෙයි උඹට.උගෙ ඇතුලාන්තය දන්නවා උනත් උගෙ ක්‍රමය හරි නෑ කියලා ඌ ආසයි ඒ ෆැන්ටසියෙ ජීවත් වෙන්න.හම එකාටම පොරක් වෙලා ඉන්න.බැච් එකේ ලස්සන කෙල්ලොන්ට පාඩම් කියලා දෙන්න.ගෙදර ගියාම අසල් වැසියන්ට නෑදෑයින්ට පොර ටෝක් දෙන්න.උන්ට ඊරිසියා හිතවන්න.උන් ඊරිසියාවෙ පැලෙයි කියලා හිතලා සතුටු වෙන්න.....,ඒත් උට ජීවිතේ යම් තැනක උගෙ වැරැද්ද තේරෙනවා,ඔය ෆැන්ටසි ලෝක ඔක්කොම කුඩු එදාට,එතකොට උන් හැදෙයිද?නෑ මචන් උන්ට උන්ගෙ අර පර්ෆෙක්ට් හීනෙන් මිදෙන්න බෑ,උන් ආසයි ටික වෙලාවකට හරි ඒකෙ ජීවත් වෙන්න.ඒක නිසා තමයි ලෝකෙට පේන්න ලොකු කාර් ගන්නෙ,මාසයක් ලෙව කාලා ලෙව කාලා පඩි දවසෙ හිල්ටන් එකෙන් කාලා ෆේස්බුක් ෆොටෝස් දාන්නෙ.ඒත් උන්ගෙ ඇතුලාන්තෙ අර පීඩනය තියෙනවා,ඉතින් ඌ වැඩ ඇරිලා ඇවිත් ටීවී එක ඉස්සරහට වෙලා නිව්ස් බලනවා,ඊට පස්සෙ දේශපාලකයොන්ට බනිනවා,ක්‍රීඩා පුවත් පෙන්නද්දි තේරීම් කමිටුවට බනිනවා,ඒ මදිනම් ගෑනිටත් බනිනවා.. පස්සෙ පස්සෙ අර ප්‍රෙශර් එක පොඩ්ඩකට අමතක වෙන්න හාවසට ඩ්‍රින්ක් එකක් දානවා,මේකෙන් තවත් ආර්ථිකේට කෙල වෙනවා,තවත් ඌ හිර වෙනවා

    100% :yes:
     
    winrar77

    Member
    Nov 1, 2016
    1,431
    148
    0
    සිංහලය එකමුතු නෑ බන් ඒකයි අපේ ඈයොන්ට ගොඩ යන්න බැරි, එක සබ්ස්කයිබ් සීයක් ගන්න බැරි උනානේ මගේ චැනල් එකට😅😅😅😅
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    අලුතෙන්ම ලිව්ව ස්ක්‍රිප්ට් එක

    කෝටිපතියෙක් වීමේ සරල නීති දෙකක් තියෙනවා, පලවෙනි එක,

    ඔබ උපයන සෑම රුපියල් 10කින්ම එක රුපියලක් ඔබට ගෙවන්න, ඊට පස්සේ ඔයාට පුළුවන් ඉතුරු රුපියල් 9 වියදම් කරන්න. සුපර් මාර්කට් එකට යන්න එපා, යාළුවො එක්ක එලියට යන්න එපා ඔයා ඔයාටම ඒ පලවෙනි රුපියල වියදම් කරගන්නකල්.

    සාදරයෙ පිලිගන්නවා boost sri lanka චැනල් එකට, අනාගත ශ්‍රී ලංකාව පාලනය කරන පරපුර හදන තැන. ඉතින් අද අපි කතා කරන්න හදන්නේ Richest man in babylon පොතේ එන පොහොසත් වීමේ සරල සිද්ධාන්ත කීපයක් ගැන. මේ දේවල් ඉතාම සරලයි වගේම ඉතාම වැදගත් කවදාහරි ජිවිතේ ගොඩ යන්න ඉන්න කෙනෙක්ට.

    මුලින්ම රුපියලක් ඉතුරු කරන්න කිව්වම මට දැනටම දැනෙනවා කට්ටිය හිතන හැටි, උඹ කියන්න ඕනෙද අපි ඉතුරු කරන්න ඕනේ කියලා පොහොසත් වෙන්න? ඇත්තටම කියන්න ඕනේ, මොකද මේ තියෙන්නේ පොහොසත් වීම පිලිබඳ මම මගේ ජිවිතේ කියවපු හොඳම පොත්වලින් එකක්. සහ මේ සරල කාරනා නොකරන එකෙන් තමා අද ලෝකේ භෝ දෙනෙක් දුප්පත්කමේ අගාධයෙන් ගොඩ එන්නේ නැත්තේ.

    සරලවම කාරණේ මේකයි, ඔයාට සිද්දවෙනවා ඔබ උපයන හැම රුපියල් 10කින්ම රුපියලක් ඉතුරු කරන්න, ඔයාට සල්ලි හදිස්සි වෙන්න පුළුවන්, ඔයාට ලෙඩ වෙන්න පුළුවන්, ඔයාට ණය ගෙවන්න වෙන්න පුළුවන් නමුත් කිසිම සමාවක් නෑ හැම මාසෙම ඔයා ඒ රුපියල ගෙවාගන්නම ඕනේ. මාසයක් දෙකක් නෙවේ, වසර කීපයක් එක කරන්නම ඕනේ.

    ඒත් මට එහෙම කරන්න බෑනේ, මගේ පඩිය ජිවත් වෙන්නවත් මදිනේ. චුට්ටක් හිතන්න ඔයාගේ බොස් හෙට ඇවිත් කිව්වොත් ආයතනයේ සේවක පඩියෙන් 10%ක් අඩු කරන්න වෙනවා ආයතනය පාඩු ලබන නිසා කියලා. විස්වාස කරන්න ඔයා ඒකට හැඩගැහෙනවා, ඔයාට මාස දෙක තුනකින් එක එහෙම උනා කියලවත් දැනෙන එකක් නෑ.

    හොඳයි පලවෙනි අදහස, උපයන සෑම රුපියල් 10කින්ම එක රුපියලක් ඔබ වෙනුවෙන් ගෙවාගත යුතුයි.

    ඊළගට දෙවෙනි කාරණය, පලවෙනි නිතිය ක්‍රියාත්මක කරද්දී ඔයාට යම් මුදලක් ඉතුරු කරගන්න පුළුවන් වේවි, දැන් ඔබ තේරුම් ගත යුතුයි රුපියල් එහෙම නැත්තන් සල්ලි කියන්නේ ආදායම් උපයන වෙළඳ භාණ්ඩයක් බව. කොටින්ම සල්ලි කියන්නේ තව සල්ලි උපයන දෙයක්, උදාහරනෙකට ගෙයක් ගමු, ඔයාට ගෙයක් තියෙනවනම් ඒක වල් වැදිලා පරණ වෙන්න දෙන්නේ නෑනේ. ඔයා ඒක රෙන්ට් එකට දෙනවා. ඒ වගේ තමයි, ඔයාට සල්ලි තියෙනවනම් ඒ සල්ලි නිකන් සේප්පුවක බැංකු ගිනුමක තියෙන්න අරින්නේ නෑ. ඒ සල්ලි තව සල්ලි උපයනන යොදවනවා.

    හොඳයි අපි හිතමු ඔයාගේ පඩිය 30,000යි. ඔයා 3000ක් ඉතුරු කරන්නේ නෑ. අවුරුද්දක් ගෙවෙනකොට ඔයාට රුපියලක්වත් ඉතුරු කරගන්න වෙන්නේ නෑ. අවුරුද්දක් අවසානේ අකවුන්ට් එක බින්දුවයි. දැන් අපි බලමු ඔයා මේ 30,000න් 3000ක් ඉතුරු කරනවා. ඔයාට අමාරු දවස් එනවා, අසනීප වෙනවා එත් කොහොමහරි අමාරුවෙන් ඔයා මේ ගැන ඉතුරු කරනවා. අවුරුද්දක් අවසානේ ඔයාට 36000ක් ඉතුරු කරගන්න පුළුවන්. දැන් බලයි මේ මොන මගුලක්ද මෙච්චර දගලලා 36000ක් ඉතුරු කරලා මොනවා කරන්නද කියලා.

    නමුත් මෙතෙන්දි තමයි compounding effect එක එන්නේ, ඔයා මාසෙට අයින් කරන හැම 3000ටම 5%ක return එකක් හැම මාසෙකට ඔයාට ගන්න පුළුවන් උනොත් හැම මාසෙම, අවුරුදු 5ක් ඉවර වෙද්දී ඔයාගේ එකවුන්ට් එකේ ලක්ෂ 11ක් එකතු වෙනවා. අවුරුදු 10ක් ඉවර වෙද්දී මිලියන 21ක් එකතු වෙනවා. නමුත් දන්නවද දෙයක්? කාලෙත් එක්ක ඔයා ඉතුරු කරන ගානත් වැඩි වෙද්දී ඔයා මිට වඩා ගොඩක් ගොඩක් සල්ලි අකවුන්ට් එකට එකතු කරගන්නවා. Compounding effect එක ගැන හොඳ වීඩියෝ එකක් ඉස්සරහට ගේන්නම් ඔයාල හැමෝටම හරිම වැදගත් දෙයක් ඒක.

    ඉතින් ඔයාලට පේනවා ඇති කෙටි කාලිනව පොඩි ගානක් උනත් දිගු කාලීනව මේක ඔයාව පොහොසතෙක් කරන්න ඉතාම වැදගත් බව. මෙතනින් අද වීඩියෝ එක අපි නවත්තනවා අමතක කරන්න එපා subscribe කරන්න අපේ චැනල් එක. අපිට ඕනේ නෑ දේශපාලකයෝ ගෙනත් දෙනකල් බලන් ඉන්න සමාජයක් අපිට ඕනේ ස්ව ශක්තියෙන් දියුණුවෙන තරුණ කොල්ලෝ කෙල්ලෝ ටිකක් මේ රටට. දියුණු වෙන්න ආසනම් අනිවාර්යෙන් ඉස්සරහට අපිත් එක්ක එකතු වෙලා ඉන්න ඒ වගේම අපේ පරණ විඩියෝස් බලන්නත් අමතක කරන්න එපා.

    • Like
    Reactions: kavindu84

    zero_0

    Active member
  • Oct 15, 2015
    169
    37
    28
    mathara,weligama
    අපි මේ සිස්ටම් එකට ආවෙ කොහොමද?

    කියන්න කනගාටුයි සහෝදරවරුනි අපිව මේ සිස්ටම් එකට දාන්න ගොඩක්ම හේතු උනේ අපේ දෙමව්පියො සහ වටේ ඉන්න මිනිස්සු.නිකමට හිතහන් උඹලගෙ තාත්තා බයික් එකේ වඩට යනවා,ඔන්න තාත්තට පේනවා ඩොකෙක් කාර් එකකින් යනවා.තාත්තා හිතනවා බයික් කට්ටෙ කට්ට කන මට වඩා හොඳ සතුටින් ඩොකා ඇති කියලා.උබලගෙ තාත්තට ඩොකාව පේන්නෙ වීරයෙක් වගේ,එදා ඉඳලා උඹලගෙ තාත්තා උඹව ඩොකෙක් කරන්න මහන්සි ගන්නවා.උගන්නනවා,ක්ලාස් 65කට විතර යවනවා,පාඩම් කරවනවා.ඒත් ඇත්තටම ඩොකා ඉන්නෙත් සතුටින්ද?පැය ගානක් රෑ නෑ දවල් නෑ වැඩ කරන්න ඕනෙ,රෑ දෙගොඩහරි ජාමෙ වෙනකල් ප්‍රයිවට් කරන්න ඕනෙ,ඊට පස්සෙ ට්‍රැෆික් එකේ මැරිලා මැරිලා කොට්ටෙට ඔලුව තියනකොට ඔන්න අමාරු ලෙඩෙක් ඇවිත් කියලා හොස්පිටල් එකෙන් කෝල් එකක්.ගිහින් එනකොට පාන්දර 3යි.6ට ආපහු වැඩට යන්න ඕනෙ.ඒ යනකොට තමයි උඹලගෙ තාත්තා ඩොකාව දකින්නෙ.උඹලගෙ තාත්තා දකින සතුට ඩොකා ලඟ ඇත්තටම නෑ....,ඉතින් ඇයි අපෙ තාත්තලා අපිව මේ සිස්ටම් එක ඇතුලට තල්ලු කරන්නෙ? මොකද අම්මලා තාත්තලත් දන්නෙ නැති නිසා මචන්,ඒ මිනිස්සු උඹව හිතලා මේකට දානවා නෙවෙයි,ඒ මිනිස්සු උඹට ගොඩක් ආදරේ නිසා,ඒ මිනිස්සු දන්න උපරිමේට යවන්න තමයි උඹව මේ සිස්ටම් එකට ඇදලා දාන්නෙ.
    survival bias kiyala ekak thiyenawa. poddak search karala balanna ...... gatha yuthu deyak thiyenaw eke.. lokuwata system wenas karanna hadana uda panina uun paressam wenna ona kohomada kiyala therum ganna puluwan ekath ekka. api system wenas karanna yana kramaya waradiy .. ekayy awula .
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    survival bias kiyala ekak thiyenawa. poddak search karala balanna ...... gatha yuthu deyak thiyenaw eke.. lokuwata system wenas karanna hadana uda panina uun paressam wenna ona kohomada kiyala therum ganna puluwan ekath ekka. api system wenas karanna yana kramaya waradiy .. ekayy awula .

    ඒක ඇත්ත මචන්, ගොඩක් උන් මේ සීන් එකට බහින්නේ නිකන් ඔහේ යන්නම් වාලේ... survival bias, selection bias ගැන ඉස්සරහට මුන්ට කියලා දෙන්න ඕනේ. ඒත් මුලින්ම ඕක කිව්වොත් එකෙක්වත් එතනින් එහාට කියවන්නේ නෑනේ. ඉස්සෙල්ලා ප්‍රශ්නේ කියලා දීලා හැම පාරකම අමාරුකම හිමිහිට කියලා දෙන්න ඕනේ. කම්මැලිකමට ඉදගෙන සාර්ථක වෙන්න බෑ.
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    අලුතෙන්ම ලිව්ව ස්ක්‍රිප්ට් එක

    කෝටිපතියෙක් වීමේ සරල නීති දෙකක් තියෙනවා, පලවෙනි එක,

    ඔබ උපයන සෑම රුපියල් 10කින්ම එක රුපියලක් ඔබට ගෙවන්න, ඊට පස්සේ ඔයාට පුළුවන් ඉතුරු රුපියල් 9 වියදම් කරන්න. සුපර් මාර්කට් එකට යන්න එපා, යාළුවො එක්ක එලියට යන්න එපා ඔයා ඔයාටම ඒ පලවෙනි රුපියල වියදම් කරගන්නකල්.

    සාදරයෙ පිලිගන්නවා boost sri lanka චැනල් එකට, අනාගත ශ්‍රී ලංකාව පාලනය කරන පරපුර හදන තැන. ඉතින් අද අපි කතා කරන්න හදන්නේ Richest man in babylon පොතේ එන පොහොසත් වීමේ සරල සිද්ධාන්ත කීපයක් ගැන. මේ දේවල් ඉතාම සරලයි වගේම ඉතාම වැදගත් කවදාහරි ජිවිතේ ගොඩ යන්න ඉන්න කෙනෙක්ට.

    මුලින්ම රුපියලක් ඉතුරු කරන්න කිව්වම මට දැනටම දැනෙනවා කට්ටිය හිතන හැටි, උඹ කියන්න ඕනෙද අපි ඉතුරු කරන්න ඕනේ කියලා පොහොසත් වෙන්න? ඇත්තටම කියන්න ඕනේ, මොකද මේ තියෙන්නේ පොහොසත් වීම පිලිබඳ මම මගේ ජිවිතේ කියවපු හොඳම පොත්වලින් එකක්. සහ මේ සරල කාරනා නොකරන එකෙන් තමා අද ලෝකේ භෝ දෙනෙක් දුප්පත්කමේ අගාධයෙන් ගොඩ එන්නේ නැත්තේ.

    සරලවම කාරණේ මේකයි, ඔයාට සිද්දවෙනවා ඔබ උපයන හැම රුපියල් 10කින්ම රුපියලක් ඉතුරු කරන්න, ඔයාට සල්ලි හදිස්සි වෙන්න පුළුවන්, ඔයාට ලෙඩ වෙන්න පුළුවන්, ඔයාට ණය ගෙවන්න වෙන්න පුළුවන් නමුත් කිසිම සමාවක් නෑ හැම මාසෙම ඔයා ඒ රුපියල ගෙවාගන්නම ඕනේ. මාසයක් දෙකක් නෙවේ, වසර කීපයක් එක කරන්නම ඕනේ.

    ඒත් මට එහෙම කරන්න බෑනේ, මගේ පඩිය ජිවත් වෙන්නවත් මදිනේ. චුට්ටක් හිතන්න ඔයාගේ බොස් හෙට ඇවිත් කිව්වොත් ආයතනයේ සේවක පඩියෙන් 10%ක් අඩු කරන්න වෙනවා ආයතනය පාඩු ලබන නිසා කියලා. විස්වාස කරන්න ඔයා ඒකට හැඩගැහෙනවා, ඔයාට මාස දෙක තුනකින් එක එහෙම උනා කියලවත් දැනෙන එකක් නෑ.

    හොඳයි පලවෙනි අදහස, උපයන සෑම රුපියල් 10කින්ම එක රුපියලක් ඔබ වෙනුවෙන් ගෙවාගත යුතුයි.

    ඊළගට දෙවෙනි කාරණය, පලවෙනි නිතිය ක්‍රියාත්මක කරද්දී ඔයාට යම් මුදලක් ඉතුරු කරගන්න පුළුවන් වේවි, දැන් ඔබ තේරුම් ගත යුතුයි රුපියල් එහෙම නැත්තන් සල්ලි කියන්නේ ආදායම් උපයන වෙළඳ භාණ්ඩයක් බව. කොටින්ම සල්ලි කියන්නේ තව සල්ලි උපයන දෙයක්, උදාහරනෙකට ගෙයක් ගමු, ඔයාට ගෙයක් තියෙනවනම් ඒක වල් වැදිලා පරණ වෙන්න දෙන්නේ නෑනේ. ඔයා ඒක රෙන්ට් එකට දෙනවා. ඒ වගේ තමයි, ඔයාට සල්ලි තියෙනවනම් ඒ සල්ලි නිකන් සේප්පුවක බැංකු ගිනුමක තියෙන්න අරින්නේ නෑ. ඒ සල්ලි තව සල්ලි උපයනන යොදවනවා.

    හොඳයි අපි හිතමු ඔයාගේ පඩිය 30,000යි. ඔයා 3000ක් ඉතුරු කරන්නේ නෑ. අවුරුද්දක් ගෙවෙනකොට ඔයාට රුපියලක්වත් ඉතුරු කරගන්න වෙන්නේ නෑ. අවුරුද්දක් අවසානේ අකවුන්ට් එක බින්දුවයි. දැන් අපි බලමු ඔයා මේ 30,000න් 3000ක් ඉතුරු කරනවා. ඔයාට අමාරු දවස් එනවා, අසනීප වෙනවා එත් කොහොමහරි අමාරුවෙන් ඔයා මේ ගැන ඉතුරු කරනවා. අවුරුද්දක් අවසානේ ඔයාට 36000ක් ඉතුරු කරගන්න පුළුවන්. දැන් බලයි මේ මොන මගුලක්ද මෙච්චර දගලලා 36000ක් ඉතුරු කරලා මොනවා කරන්නද කියලා.

    නමුත් මෙතෙන්දි තමයි compounding effect එක එන්නේ, ඔයා මාසෙට අයින් කරන හැම 3000ටම 5%ක return එකක් හැම මාසෙකට ඔයාට ගන්න පුළුවන් උනොත් හැම මාසෙම, අවුරුදු 5ක් ඉවර වෙද්දී ඔයාගේ එකවුන්ට් එකේ ලක්ෂ 11ක් එකතු වෙනවා. අවුරුදු 10ක් ඉවර වෙද්දී මිලියන 21ක් එකතු වෙනවා. නමුත් දන්නවද දෙයක්? කාලෙත් එක්ක ඔයා ඉතුරු කරන ගානත් වැඩි වෙද්දී ඔයා මිට වඩා ගොඩක් ගොඩක් සල්ලි අකවුන්ට් එකට එකතු කරගන්නවා. Compounding effect එක ගැන හොඳ වීඩියෝ එකක් ඉස්සරහට ගේන්නම් ඔයාල හැමෝටම හරිම වැදගත් දෙයක් ඒක.

    ඉතින් ඔයාලට පේනවා ඇති කෙටි කාලිනව පොඩි ගානක් උනත් දිගු කාලීනව මේක ඔයාව පොහොසතෙක් කරන්න ඉතාම වැදගත් බව. මෙතනින් අද වීඩියෝ එක අපි නවත්තනවා අමතක කරන්න එපා subscribe කරන්න අපේ චැනල් එක. අපිට ඕනේ නෑ දේශපාලකයෝ ගෙනත් දෙනකල් බලන් ඉන්න සමාජයක් අපිට ඕනේ ස්ව ශක්තියෙන් දියුණුවෙන තරුණ කොල්ලෝ කෙල්ලෝ ටිකක් මේ රටට. දියුණු වෙන්න ආසනම් අනිවාර්යෙන් ඉස්සරහට අපිත් එක්ක එකතු වෙලා ඉන්න ඒ වගේම අපේ පරණ විඩියෝස් බලන්නත් අමතක කරන්න එපා.

    හොඳ ලිපි ටිකක් . මචන් උඹ අර මාසෙට 3000 ගානේ ඉතුරු කරලා අර අවුරුදු 5-10 ගාණ ආපු විදිය පොඩ්ඩක් පැහැදිලි කරලා දියන්කෝ .
     
    • Like
    Reactions: inspiron

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,965
    10,572
    113
    ආශික්ලන්තෙ
    Rich Dad, Poor Dad - Robert Kiyosaki - 19 MP3 Audiobooks (Size: 3.41 GB)
    Get over 13,000 oldies! Search The Pirate Bay and Kickass Torrents for MaxiMusic.mp3 817.13 KB

    By Robert Kiyosaki - Rich Dad, Poor Dad

    Rich Dad's Advisors - Own Your Own Corporation

    Rich Dad's Advisors - Real Estate Advantages

    Rich Dad's Advisors - Sales Dogs

    Rich Dad's Advisors - The ABC's Of Building a Business Team

    Rich Dad's Advisors - The ABC's Of Property Management

    Robert Kiyosaki - Cashflow Quadrant

    Robert Kiyosaki - Freedom or Security

    Robert Kiyosaki - Guide to Becoming Rich

    Robert Kiyosaki - How to Find Great Investments

    Robert Kiyosaki - Increase Your Financial IQ

    Robert Kiyosaki - Retire Young, Retire Rich

    Robert Kiyosaki - Rich Dad's $uccess $tories

    Robert Kiyosaki - Rich Dad's Guide to Investing

    Robert Kiyosaki - Rich Dad's Prophecy

    Robert Kiyosaki - Rich Dad's Secrets of Wealth

    Robert Kiyosaki - Rich Dad's Who Took My Money

    Robert Kiyosaki - The Science Of Personal Achievement

    Robert Kiyosaki - Why We Want You To Be Rich

    Pdf link dahnko
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    හොඳ ලිපි ටිකක් . මචන් උඹ අර මාසෙට 3000 ගානේ ඉතුරු කරලා අර අවුරුදු 5-10 ගාණ ආපු විදිය පොඩ්ඩක් පැහැදිලි කරලා දියන්කෝ .

    එක ගන්නේ බන් උඹ අර ඉතුරු කරන 3000 ට 5%ක return එකක් ගත්තම උඹට එනවා මචන් 3150ක් ඉඉලග මාසේ 3150ට එකතු වෙනවා තව තුන්දාහක් ඊට පස්සේ මාසේ ඒ මුළු 6150ට 5%ක return එකක් ගත්තම එනවා 6457ක් එහෙම එහෙම දිගින් දිගටම වැඩිවෙලා, උඹ 3000ක පුවක් අරගෙන 5%ක් ලාබ තියාගෙන 3150ට විකුනලා 150ක් ලාබ ගන්නවා. ඊලගට තව 3000කුයි අර 3150යි එකතු කරලා 6150ක පුවක් අරගෙන 6457කත 5%ක් ලාබ තියාගෙන විකුනනවා. ඔය ප්‍රොසෙස් එක දිගින් දිගටම උනාම මචන් අවසානේ ලොකු ගානක් එකතු වෙනවා.
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    එක ගන්නේ බන් උඹ අර ඉතුරු කරන 3000 ට 5%ක return එකක් ගත්තම උඹට එනවා මචන් 3150ක් ඉඉලග මාසේ 3150ට එකතු වෙනවා තව තුන්දාහක් ඊට පස්සේ මාසේ ඒ මුළු 6150ට 5%ක return එකක් ගත්තම එනවා 6457ක් එහෙම එහෙම දිගින් දිගටම වැඩිවෙලා, උඹ 3000ක පුවක් අරගෙන 5%ක් ලාබ තියාගෙන 3150ට විකුනලා 150ක් ලාබ ගන්නවා. ඊලගට තව 3000කුයි අර 3150යි එකතු කරලා 6150ක පුවක් අරගෙන 6457කත 5%ක් ලාබ තියාගෙන විකුනනවා. ඔය ප්‍රොසෙස් එක දිගින් දිගටම උනාම මචන් අවසානේ ලොකු ගානක් එකතු වෙනවා.

    එළකිරි මචන් . දිගටම ලියපන් උඹට පින් සිද්ද වෙනවා . අපිට මේ පොත් ඔක්කොම කියවන්න වෙලාවක් නෑ හැබැයි සාරාංශයක් වගේ දානවනම් පට්ට .
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    එක ගන්නේ බන් උඹ අර ඉතුරු කරන 3000 ට 5%ක return එකක් ගත්තම උඹට එනවා මචන් 3150ක් ඉඉලග මාසේ 3150ට එකතු වෙනවා තව තුන්දාහක් ඊට පස්සේ මාසේ ඒ මුළු 6150ට 5%ක return එකක් ගත්තම එනවා 6457ක් එහෙම එහෙම දිගින් දිගටම වැඩිවෙලා, උඹ 3000ක පුවක් අරගෙන 5%ක් ලාබ තියාගෙන 3150ට විකුනලා 150ක් ලාබ ගන්නවා. ඊලගට තව 3000කුයි අර 3150යි එකතු කරලා 6150ක පුවක් අරගෙන 6457කත 5%ක් ලාබ තියාගෙන විකුනනවා. ඔය ප්‍රොසෙස් එක දිගින් දිගටම උනාම මචන් අවසානේ ලොකු ගානක් එකතු වෙනවා.

    මචන් කියපන්කො 5% ආයෝජනයක් ගන්න හොඳ ක්‍රමයක් . බැංකු වල දෙන්නේ 3%-4% වගේ එදිනෙදා ගිණුම් වලට . 3000 ගානේ fix deposit වලට දාන්නද උඹ කියන්නේ ?