අලුතෙන්ම ලිව්ව ස්ක්රිප්ට් එක
කෝටිපතියෙක් වීමේ සරල නීති දෙකක් තියෙනවා, පලවෙනි එක,
ඔබ උපයන සෑම රුපියල් 10කින්ම එක රුපියලක් ඔබට ගෙවන්න, ඊට පස්සේ ඔයාට පුළුවන් ඉතුරු රුපියල් 9 වියදම් කරන්න. සුපර් මාර්කට් එකට යන්න එපා, යාළුවො එක්ක එලියට යන්න එපා ඔයා ඔයාටම ඒ පලවෙනි රුපියල වියදම් කරගන්නකල්.
සාදරයෙ පිලිගන්නවා boost sri lanka චැනල් එකට, අනාගත ශ්රී ලංකාව පාලනය කරන පරපුර හදන තැන. ඉතින් අද අපි කතා කරන්න හදන්නේ Richest man in babylon පොතේ එන පොහොසත් වීමේ සරල සිද්ධාන්ත කීපයක් ගැන. මේ දේවල් ඉතාම සරලයි වගේම ඉතාම වැදගත් කවදාහරි ජිවිතේ ගොඩ යන්න ඉන්න කෙනෙක්ට.
මුලින්ම රුපියලක් ඉතුරු කරන්න කිව්වම මට දැනටම දැනෙනවා කට්ටිය හිතන හැටි, උඹ කියන්න ඕනෙද අපි ඉතුරු කරන්න ඕනේ කියලා පොහොසත් වෙන්න? ඇත්තටම කියන්න ඕනේ, මොකද මේ තියෙන්නේ පොහොසත් වීම පිලිබඳ මම මගේ ජිවිතේ කියවපු හොඳම පොත්වලින් එකක්. සහ මේ සරල කාරනා නොකරන එකෙන් තමා අද ලෝකේ භෝ දෙනෙක් දුප්පත්කමේ අගාධයෙන් ගොඩ එන්නේ නැත්තේ.
සරලවම කාරණේ මේකයි, ඔයාට සිද්දවෙනවා ඔබ උපයන හැම රුපියල් 10කින්ම රුපියලක් ඉතුරු කරන්න, ඔයාට සල්ලි හදිස්සි වෙන්න පුළුවන්, ඔයාට ලෙඩ වෙන්න පුළුවන්, ඔයාට ණය ගෙවන්න වෙන්න පුළුවන් නමුත් කිසිම සමාවක් නෑ හැම මාසෙම ඔයා ඒ රුපියල ගෙවාගන්නම ඕනේ. මාසයක් දෙකක් නෙවේ, වසර කීපයක් එක කරන්නම ඕනේ.
ඒත් මට එහෙම කරන්න බෑනේ, මගේ පඩිය ජිවත් වෙන්නවත් මදිනේ. චුට්ටක් හිතන්න ඔයාගේ බොස් හෙට ඇවිත් කිව්වොත් ආයතනයේ සේවක පඩියෙන් 10%ක් අඩු කරන්න වෙනවා ආයතනය පාඩු ලබන නිසා කියලා. විස්වාස කරන්න ඔයා ඒකට හැඩගැහෙනවා, ඔයාට මාස දෙක තුනකින් එක එහෙම උනා කියලවත් දැනෙන එකක් නෑ.
හොඳයි පලවෙනි අදහස, උපයන සෑම රුපියල් 10කින්ම එක රුපියලක් ඔබ වෙනුවෙන් ගෙවාගත යුතුයි.
ඊළගට දෙවෙනි කාරණය, පලවෙනි නිතිය ක්රියාත්මක කරද්දී ඔයාට යම් මුදලක් ඉතුරු කරගන්න පුළුවන් වේවි, දැන් ඔබ තේරුම් ගත යුතුයි රුපියල් එහෙම නැත්තන් සල්ලි කියන්නේ ආදායම් උපයන වෙළඳ භාණ්ඩයක් බව. කොටින්ම සල්ලි කියන්නේ තව සල්ලි උපයන දෙයක්, උදාහරනෙකට ගෙයක් ගමු, ඔයාට ගෙයක් තියෙනවනම් ඒක වල් වැදිලා පරණ වෙන්න දෙන්නේ නෑනේ. ඔයා ඒක රෙන්ට් එකට දෙනවා. ඒ වගේ තමයි, ඔයාට සල්ලි තියෙනවනම් ඒ සල්ලි නිකන් සේප්පුවක බැංකු ගිනුමක තියෙන්න අරින්නේ නෑ. ඒ සල්ලි තව සල්ලි උපයනන යොදවනවා.
හොඳයි අපි හිතමු ඔයාගේ පඩිය 30,000යි. ඔයා 3000ක් ඉතුරු කරන්නේ නෑ. අවුරුද්දක් ගෙවෙනකොට ඔයාට රුපියලක්වත් ඉතුරු කරගන්න වෙන්නේ නෑ. අවුරුද්දක් අවසානේ අකවුන්ට් එක බින්දුවයි. දැන් අපි බලමු ඔයා මේ 30,000න් 3000ක් ඉතුරු කරනවා. ඔයාට අමාරු දවස් එනවා, අසනීප වෙනවා එත් කොහොමහරි අමාරුවෙන් ඔයා මේ ගැන ඉතුරු කරනවා. අවුරුද්දක් අවසානේ ඔයාට 36000ක් ඉතුරු කරගන්න පුළුවන්. දැන් බලයි මේ මොන මගුලක්ද මෙච්චර දගලලා 36000ක් ඉතුරු කරලා මොනවා කරන්නද කියලා.
නමුත් මෙතෙන්දි තමයි compounding effect එක එන්නේ, ඔයා මාසෙට අයින් කරන හැම 3000ටම 5%ක return එකක් හැම මාසෙකට ඔයාට ගන්න පුළුවන් උනොත් හැම මාසෙම, අවුරුදු 5ක් ඉවර වෙද්දී ඔයාගේ එකවුන්ට් එකේ ලක්ෂ 11ක් එකතු වෙනවා. අවුරුදු 10ක් ඉවර වෙද්දී මිලියන 21ක් එකතු වෙනවා. නමුත් දන්නවද දෙයක්? කාලෙත් එක්ක ඔයා ඉතුරු කරන ගානත් වැඩි වෙද්දී ඔයා මිට වඩා ගොඩක් ගොඩක් සල්ලි අකවුන්ට් එකට එකතු කරගන්නවා. Compounding effect එක ගැන හොඳ වීඩියෝ එකක් ඉස්සරහට ගේන්නම් ඔයාල හැමෝටම හරිම වැදගත් දෙයක් ඒක.
ඉතින් ඔයාලට පේනවා ඇති කෙටි කාලිනව පොඩි ගානක් උනත් දිගු කාලීනව මේක ඔයාව පොහොසතෙක් කරන්න ඉතාම වැදගත් බව. මෙතනින් අද වීඩියෝ එක අපි නවත්තනවා අමතක කරන්න එපා subscribe කරන්න අපේ චැනල් එක. අපිට ඕනේ නෑ දේශපාලකයෝ ගෙනත් දෙනකල් බලන් ඉන්න සමාජයක් අපිට ඕනේ ස්ව ශක්තියෙන් දියුණුවෙන තරුණ කොල්ලෝ කෙල්ලෝ ටිකක් මේ රටට. දියුණු වෙන්න ආසනම් අනිවාර්යෙන් ඉස්සරහට අපිත් එක්ක එකතු වෙලා ඉන්න ඒ වගේම අපේ පරණ විඩියෝස් බලන්නත් අමතක කරන්න එපා.