ElaBaba

Well-known member
  • Jun 8, 2018
    7,212
    10,878
    113
    NWP
    මෙහෙමවත් කරමු....
    අදින් පස්සෙ Ecosia එකෙන් search කරලා පැලයක් සිටුවන්න දායක වෙමුද?

    මිනිස් ක්‍රියාකාරකම් සහ ස්වභාවික හේතු නිසා ගිනිගෙන දැවෙන ඇමේසන් වනාන්තරය ගැන ඔබ දන්නවා ඇති.
    "මේ ගැන අපිට මොනාද කරන්න පුලුවන්?" ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක්.

    අපිට කළ හැකි ඉතා පහසු, නමුත් සාර්ථක විසඳුමක් තියෙනවා.

    ඒ තමයි Ecosia සෙවුම් යන්ත්‍රය සහ වෙබ් බ්‍රව්සරය. දැනටමත් මිලියන 8කට වඩා මෙම සේවාව භාවිතා කරනවා.

    ලොව නැවතත් හරිත පැහැයෙන් සරසන්නට බලාපොරොත්තු වන ඔවුන් උපයන ආදායමෙන් 80%ක් ම වැය කරන්නෙ ලොව පුරා රුක් රෝපණ කටයුතු සඳහායි.

    මේ වනවිට මිලියන 65කට අධික පැළ ලොව පුරා සිටුවා ඇති අතර සෙවුම් වාර 45ක් කල විට එක් පැලයක් සිටුවීමට දායක වෙන්න ඔබටත් පුලුවන්.

    ඇමේසන් වනාන්තරයේ ගිනි ගැනීම නිසා බ්‍රසීලයේ තවත් පැල මිලියනයක් සිටවන්නට ඔවුන් පොරොන්දු වුනා.

    පරිශීලක ආරක්ෂාව තහවුරු කරන ඔවුන් google, facebook වැනි සමාගම් මෙන් ඔබේ දත්ත වෙනත් සමාගම් වලට විකුණා වංචනික ලෙස මුදල් උපයන්නේ නෑ. පාරදෘෂ්‍ය ලෙස විගණන කටයුතු සිදු කරන ඔවුන්ගේ අය වැය වාර්තා වෙබ් අඩවියෙන් දැකගත හැකියි.

    පරිගණකය සහ වෙබ් බ්‍රව්සර් ඔස්සේ සෙවුම් යන්ත්‍රයට පිවිසෙන්න
    https://www.ecosia.org/

    ඇන්ඩ්‍රොයිඩ් :
    https://play.google.com/store/apps/details?id=com.ecosia.android&fbclid=IwAR2edhWV4vB3eECb8W7jP0SM2_RMXXu_pLwDdEKBQDdEXRJlnbcfDzwF0YY

    ඇපල් දුරකථන සඳහා:
    https://apps.apple.com/us/app/ecosia/id670881887?fbclid=IwAR219FvjQiyG5yR1osIRgIxlg9ibmtomBOyI_3lVmX7czpfyTBEHSytRYRo



    බුකියෙන් copy කරන ලදී..
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,212
    10,878
    113
    NWP
    ඇමසන් වනාන්තරයෙදී මාධ්යවේදියෙක්ගේ කැමරා කාචයක සටහන් වුණ චායාරූපයක්...මේ සත්තවයාගේ මව දඩයකරුවන් අතින් මිය ගිහින් තියනවා...ඉතින් මේ වානාන්තරයේ වාසය කරන ගෝත්රික මවක් ඒ පැටවාට ජීවත් කරවීමට මව්කිරි ලබාදෙන අයුරු මේ කැමරා කාචයේ සටහන් වෙලා...කොච්චර ලස්සන පිංතූරයක්ද?ඉතින් ඇමසන් 🌎 වටින්නේ ඇයි කියන්න අමුතුවෙන් කියන්න ඕන නැහැ..දවසින් දවස ස්භාව දහමෙන් මිනිස්සු ඈත් වෙනවා..ඒත් ඒ ලෝකේ මිනිස්සු ස්භාදහමට බැදිලා.

    69611269_221986898771673_2142059413542797312_n.jpg
     
    • Like
    Reactions: Anarky

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    සෙවුම් වාර 45ක් කල විට එක් පැලයක් සිටුවීමට දායක වෙන්න ඔබටත් පුලුවන්.
     
    • Like
    Reactions: ElaBaba

    Anarky

    Active member
  • Jan 3, 2018
    341
    76
    28
    GOOGLE පක්කු පෝසත් කරන් නැතිව සොබාදහමට සතා සිව්පාවන්ට උදව් කරන මේ වගේ ආයතනයකට සප් එකක් දෙමු. BUMP +++++
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,825
    8
    35,339
    113
    ඇමසන් වනාන්තරයෙදී මාධ්යවේදියෙක්ගේ කැමරා කාචයක සටහන් වුණ චායාරූපයක්...මේ සත්තවයාගේ මව දඩයකරුවන් අතින් මිය ගිහින් තියනවා...ඉතින් මේ වානාන්තරයේ වාසය කරන ගෝත්රික මවක් ඒ පැටවාට ජීවත් කරවීමට මව්කිරි ලබාදෙන අයුරු මේ කැමරා කාචයේ සටහන් වෙලා...කොච්චර ලස්සන පිංතූරයක්ද?ඉතින් ඇමසන් 🌎 වටින්නේ ඇයි කියන්න අමුතුවෙන් කියන්න ඕන නැහැ..දවසින් දවස ස්භාව දහමෙන් මිනිස්සු ඈත් වෙනවා..ඒත් ඒ ලෝකේ මිනිස්සු ස්භාදහමට බැදිලා.

    It's very sad what's happening to Amazon. I have been there, both to Brazilian and the Peruvian sides of Amazon rain forest. Really beautiful parts of the world. It''s really hard when it rains. Unbelievably heavy rains.. and humidity near 100%. A drop of water on the room floor still remains the next day!
    You sink knee deep in the mud. Clothes start to stink because they don't dry naturally. It's a different place.
     
    Last edited:
    • Like
    Reactions: ElaBaba

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,212
    10,878
    113
    NWP
    සැලකූ අයට හැකි අයුරින් සලකන ලදී...
    Thanks...!!
     

    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    ඇමසන් හා ජිකියුටේයා

    මේ දවස් වල ලෝකෙ පුරා සංසරණය වෙච්ච ෆොටෝ එකක් තමයි කරමත සිටින ජගුවර්. යන්නෙ ඇමසන් වල මෙහෙයුම් වලින් බේරගත්ත සතෙක් විදිහට. හැබැයි ඇත්ත කතාව සෑහෙන්න වෙනස්.

    Jiquitaia කියන්නෙ ජගුවර් සතෙක්. (Panthera Onca) දකුණු ඇමරිකාවට ආවේණික මහ බළල් විශේෂයක්. Jiquitaia වල බ්‍රසීල විශේෂ බලකා සෙබලුන්ට හම්බෙන්නෙ වනගත මෙහෙයුමකදි. ඒ මව විසින් ප්‍රතික්ෂේප කරන ලද පැටියෙක් විදිහට දුර්වලව කැලේ වැටිලා ඉන්නකොට. Survival of the fittest කියන කාරණාව බළල් පවුලට සුවිශේෂී දෙයක්. කිරෙන් බාල වූ හෝ ෆිසිකලි ෆිට් නැති පැටවුන්ව මව විසින් ප්‍රතික්ෂේප කරනවා. මේ පැටියත් එහෙම මව විසින් ප්‍රතික්ෂේප කරපු පැටියෙක්.

    හොයාගත්ත පැටියව බ්‍රසිල හමුදා වනගත සටන් පුහුණු මධ්‍යස්ථානයට ගෙන ආවත් හමුදා බට පිරිසට සතා පෝෂණය කරන අාකාරය පිලිබදව අවබෝධයක් තිබුනෙ නෑ. ඒක හින්දා අදාල අංශ වලින් ආධාර පැතුවත් ඔවුන් කිව්වෙ පැටියා ජිවත් කරවන්න අමාරුයි කියන කාරණාව. කෙසේ හෝ පැටියව හමුදාවටම ඔවුන් බාර දී පැත්තකට උනා. දැඩි දුෂ්කරතා මැද ජගුවර් පැටියව හමුදාව නඩත්තු කර දිවි බේරගන්නවා. එහෙම බේරගත්ත පැටියට සත්ව විශේඥයින් ලබා දෙනවා අදාල එන්නත් හා පෝෂ්‍ය ද්‍රව්‍ය ලබා දෙන්න. මෙහෙම බේරගත්ත ජගුවර් පැටිය වැඩුන පසු වනයට නැවත මුදාහරින්න ඔවුන් කටයුතු කරනවා. මුදාහරින විටත් පැටවා මානව ඇසුරට පුරුදු වී සිටියත් වනයට අයිති දේ අයිති වනයට බව පසක් කරමින් සතාව ප්‍රතිනිශ්චයනය කරනවා එරට හමුදාව.

    අවාසනාවකට ජගුවර් පැටියා ඇමසන් වල තෙත් කාලයේ ඇතිවන මහා ගංවතුරට අසුවෙනවා. ජගුවර් පැටියව දකින ස්වදේශිකයන් මේ පිලිබදව නැවත හමුදාවට දැනුම් දෙනවා. ඒ ජගුවර් පැටියා උස් ස්ථානයක නැග ගත නොහැකිව ගගේ නොගිලෙන්න උස්සහ ගනිමින් පීනන බව. නිලධාරීන් කඩිනමින් පියවර ගනිමින් ජගුවර් පැටවා ව නැවත මුදාගන්නවා. ඒ අවස්ථාවේ මර බිය දැනුන පැටවා ගසකට නැග සිටි අතර නිලධාරීන්ට සතාව ගන්න සිදු ⁣උනේ ගසට නැග බලහත්කාරයෙන්. මෙලෙස බේරාගත් ජගුවර් පැටවාව නැවත කදවුර තුලම තබා ගන්න එරට හමුදාව කටයුතු කරනවා. එකම සත්වයෙක් දෙවරක් මරණයෙන් මුදවාගන්නා ලද දුර්ලභ අවස්ථාවට ජිකියුටේයා මුහුණ දුන්නෙ මෙලෙසින්.

    බ්‍රසීල හමුදාව එරට ජනාධිපතිට නැති උනත් ඇමසන් වනය බේරගන්න වෙනම කටයුතු කරනවා. ඔවුන්ගෙ බහුතර මෙහෙයුම් සිදුවෙන්නෙ වනය ආශ්‍රිතව සිදුවන ජාවාරම් මැඩලීම සදහා හා එමෙන්ම අනතුරට පත් සතුන් මුදාවාගෙන ඒමේ රාජකාරි පවා ඔවුන් කරනවා. මේ මොහොත වන විටත් 50,000 කට ආසන්න හමුදා භට පිරිසක් ඇමසන් වනයේ ගින්න නිවන්න ඔවුන්ගේ උපරිම ශක්තිය යොදවා අවසන්.


    70148167_153058325775228_1411289535790186496_n.jpg


    69781430_153058349108559_8552217138394300416_n.jpg


    69101299_153058382441889_7318884869524684800_n.jpg