ඔය ඇස්......

^Chamith^BE_ONE

Active member
  • Aug 27, 2014
    348
    64
    28
    අදාල නෑනේ
    ලස්සනයි ඔය ඇස්
    තුරුළු කරගත්තා මගෙ ඇස්

    කතා කරන ඒ ලස්සන ඇස්
    ජීවිතේම මගෙමැයි සිතූ ඔය ඇස්

    එන්න ලඟට යැයි කියූ ඒ ඇස්
    මාව වශී කරගත්තා ඔය ඇස්

    ගොඩාක් හීන මට මවපු ඔය ඇස්
    හීන ලොවක මා රජ කල ඒ ඇස්

    දමා ගිහින් මාව ඒ ලස්සන ඇස්
    දුක් විඳිනවා යලි දකින්නට ඒ ඇස්

    කඳුළු බිඳු පිරුණු මගේ දුප්පත් ඇස්
    මඟ බලනවා යලිත් එනතුරු ඔය ඇස්

    attachment.php
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,670
    1
    60,270
    113
    Mother Earth
    වෙන්නට හැදුවත් සමහරු පොස්..
    කාටවත් කියන්නෙ නෑ මම දොස්..

    කෑවත් සමහරු දණ ගහල පස්..
    කන්නෙ නෑ මම කන්නෙ කොස්..

    ප්‍රාණගාත කරල කන මස්..
    කවුරුත් ඉන්නෙ පේන්නෙ නෑ වගේ ඇස්..

    අපායෙ යද්දි එන්නෙ නෑ නේ බස්..
    යනකොට යන්න වෙන්නෙ මොකුත් නැතුව ලොස්..
     
    • Like
    Reactions: ^Chamith^BE_ONE

    ^Chamith^BE_ONE

    Active member
  • Aug 27, 2014
    348
    64
    28
    අදාල නෑනේ
    වෙන්නට හැදුවත් සමහරු පොස්..
    කාටවත් කියන්නෙ නෑ මම දොස්..

    කෑවත් සමහරු දණ ගහල පස්..
    කන්නෙ නෑ මම කන්නෙ කොස්..

    ප්‍රාණගාත කරල කන මස්..
    කවුරුත් ඉන්නෙ පේන්නෙ නෑ වගේ ඇස්..

    අපායෙ යද්දි එන්නෙ නෑ නේ බස්..
    යනකොට යන්න වෙන්නෙ මොකුත් නැතුව ලොස්..

    :yes::yes::yes::love::love::D
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,670
    1
    60,270
    113
    Mother Earth
    උබේ කවිය ලස්සනයි. හොඳ සිතුවිලි තියේ නම් කතාවක් ලියපන්කො. කෙටි කතා වගේ. උබ ගුණදාස අමරසේකර මහත්තයගෙ රතු රෝස මල කෙටි කතා පොත කියවල තියේද ? එක හුස්මට කියවන් යන්න පුළුවන්. කියවනකොට ඒ කතාවෙ ඉන්න චරිත මේ මේ වගේ ඇති කියල මැවිල පේනවා. :yes:
     
    ^Chamith^BE_ONE

    Active member
  • Aug 27, 2014
    348
    64
    28
    අදාල නෑනේ
    උබේ කවිය ලස්සනයි. හොඳ සිතුවිලි තියේ නම් කතාවක් ලියපන්කො. කෙටි කතා වගේ. උබ ගුණදාස අමරසේකර මහත්තයගෙ රතු රෝස මල කෙටි කතා පොත කියවල තියේද ? එක හුස්මට කියවන් යන්න පුළුවන්. කියවනකොට ඒ කතාවෙ ඉන්න චරිත මේ මේ වගේ ඇති කියල මැවිල පේනවා. :yes:

    :love::love::love:ස්තුතියි සහෝ ... :love::love:
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    මම දැක්කා උබ ලඟදි ඉදන් වෙනමම ස්ටයිල් එකකට ලියනවා. දිගටම ලියපන්. අපි දැන් වයසයි, හෙට අනිද්දට අපි මේකෙන් ගියාම මෙකේ ඉතිරිවෙලා ඉන්න අයට, අළුතෙන් එන අයට බලන්න රස විදින්න කවි ලියන අය මෙකේ තව තවත් බිහි වෙන්න ඔනේ, ජය වේවා,:yes::yes:
     
    • Like
    Reactions: ^Chamith^BE_ONE

    ^Chamith^BE_ONE

    Active member
  • Aug 27, 2014
    348
    64
    28
    අදාල නෑනේ
    මම දැක්කා උබ ලඟදි ඉදන් වෙනමම ස්ටයිල් එකකට ලියනවා. දිගටම ලියපන්. අපි දැන් වයසයි, හෙට අනිද්දට අපි මේකෙන් ගියාම මෙකේ ඉතිරිවෙලා ඉන්න අයට, අළුතෙන් එන අයට බලන්න රස විදින්න කවි ලියන අය මෙකේ තව තවත් බිහි වෙන්න ඔනේ, ජය වේවා,:yes::yes:

    ස්තුතියි සහෝ ... :love::love::love::yes::yes: