ගැලෙව්වට කමක් නැද්ද?

sannsa

Well-known member
  • Dec 4, 2018
    641
    2,452
    93
    FB_IMG_1623488348552.jpg


    එදා දහවල වැස්ස පිරුණු දවසක්.. ඒ වැස්ස තුරන් වෙලා තිබුණත් ඉතිරිකර ගියපු වැහි හීතලක් හවසත් එහෙම්ම තිබුණා.

    "අනේ දිනේෂ්... අද ට්‍රාන්ස්පෝර්ට් එක නැහැ. ඔයාට පුලුවන්ද මාව බෝඩිමට ඩ්‍රොප් කරන්න?."

    ඔෆීසියේ සුදා ධවල ගිනි ගින්දර රූ සපුවට හිමිකම් කියන ඒ ලලනාවගේ ඒ වචන කිහිපය මගේ හිත තොරණක් කලා.. එකපාරම සියලු බල්බ් පත්තුවෙන්න ගත්තා..

    අපි යමින් ගමන් ගොඩක් දේවල් කතාබහ කලා. එයා ඒ හැම වෙලාවකම මගේ ඇස් දිහා බලාගෙනම කතා කලා. මටත් එහෙම කරන්න තිබුණා ඒ වටකුරු ඇස් ඇගේ වටකුරු පපුව මට්ටමේ පිහිටලා තිබුණනම්.

    "අද හරි සීතල දවසක්නේ. මේ දවස් වල ටිකක් නතර වෙලා කොෆි එකක් බොන්නවත් තැනක් නැහැනේ".

    මම ඒක කිව්වේ පොඩි හීල්ලුමකුත් එක්කාසු කරලා. නමුත් ඒක ප්‍රාථමික පිරිමි උපක්‍රමයක්. ඒ වතාවෙනම් මම ඒ ඇස් දිහා බලං හිටියා. ප්‍රශ්ණයක් නොවුනත් ඒක පිලිතුරක් බලාපොරොත්තු වෙන කියමනක්.

    "ඉතින්... මගේ බෝඩිමට ගිහින්ම බොමු. මට රසට කොෆී හදන්න පුලුවන්..

    හදවතේ තොරන් රාජයා මතට අධි වෝල්ටීය විදුලියක් වැදුණු හැටි මට දැනුනා. සියල්ල නිලංකාර වෙලා එක පාරටම යලි දැල්වෙන්න ගත්තා. බ්‍රේක් වෙනුවට ඇක්ස්ලේටරය පෑගෙන්න හැදුවා. මම හෑන්ඩ් බ්‍රේක් ලිවරයට මගේ වමත තියාගත්තා..

    නමුත්.. ඇය තව මොනවාම හරි කියන්න හදනවා. තෙරපුණු තොල් අතර හිරවුණු වචන මට පේනවා.

    "ඔයා මොකක් හරි අවුලකින්ද ඉන්නේ බබා?"

    අපූරුයි.. මගේ හඩ පාලනය හරිම අපූරුයි.. ඉෂිතා රමන්ගෙන්වත් මෙහෙම ආදරෙන් අහලා නැතුව ඇති.

    "අනේ අනේ දිනේෂ් ඔයා නම්.. කොහොමද ඔයා මාව ඔය තරම් හොදින් රීඩ් කලේ. පුදුම හොරෙක් තමා..

    " ඉතින්.. ඔයා කැමති නම් කියන්න. මම අහගෙන ඉන්නම්..

    හොද සන්නිවේදකයෙක් හොද සවන් දෙන්නෙක් විය යුතුයි.. ඉතින් මම ඒ නියමය ඉතා සද්භාවයෙන් භාවිතා කරන්න ගත්තා..

    "අනේ දිනේෂ්.. මම මේක ගලවන්නද.. උදේ ඉදන්ම මේක පිටින්ම ඉදලා දැන්නම් එපා වෙලා.. හරි ටයඩ්.. බට්..... ඔයාට අවුලක් නැහැ නේද මම මේක ගැලෙව්වට?"

    ස්ටීරින් වීල් එක අල්ලගෙන ඉස්සරහා බලාගෙන ආපු මගේ ඇතුල් හදවතේ ඉක්කා වැටෙන්න පටන් ගත්තා. අග්න්‍යාශය ආශ්‍රිත කලාපයේ විශාල අධි පීඩන තත්වයක් නිර්මාණය වන බව දැනුනා. මම ඉදිරිය බලාගෙනම උන්නා..

    "ඇයි ළමයෝ.. ඔයා බයයිද? බය වෙන්න එපා දිනේෂ්.. මම හරි සේෆ්ටි.. වැඩිය ක්‍රවුඩ් එකත් එක්ක මූ වෙන්නෙත් නැහැ.. අනික නිකමට හරි පොලිස්සියෙන් නතර කරලා ඇහුවොත් අපි හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ් කියමු. එතකොට ප්‍රශ්ණයක් වෙන්නේ නැහැනේ"

    "හා"

    මගේ ශබ්දකෝෂයේ වචනෙකට කියලා ඒ වෙලාවේ තිබුණේ ඒක විතරයි.

    "අනේ ස්වීට් දිනේෂ්. ඔයා ඔහොම හා කිව්වට සමහරු නම් කැමති නෑ.. අර අපේ පෙන්ෂන් යන්න ඉන්න ජීඑම්... මිස්ටර් හතරලියද්ද.. ලාස්ට් වීක් එයා මට ඩ්‍රොප් එකක් දුන්නා. එයා කිව්වනේ මේක ඇතුලේ ගලවන්න එපා. මම හාර්ට් පේශන්ට්. මම රිස්ක් එකක් ගන්න කැමති නැහැ කියලා.. මම හරි ෂොක් උනා අනේ.. ඒ අතින් ඔයානම් බ්‍රේව් හාර්ට්..

    මල ඉලව් බ්‍රේව් හාර්ට්.. දෙවියනේ තුන් සූත්‍රයම එක හුස්මට කියෝගෙන යද්දි මම ඉන්නේ ඩෝං පටෝං ගාලා ගැහෙන හදවතින්.. නමුත් මේ වගේ මොහොතකදි පුරුෂ දහිරිය උපරිමයෙන් පරිහරණය කල යුතුයි.

    "ඔයාට රිලැක්ස් වෙන්න ඕන නම් ඔයා ගලවන්න ළමයෝ. මට ඉෂූ එකක් නැහැ.."

    කැස්බෑවොත් අකාලේ මියැදෙන මේ කාලේ ඉබ්බයි, තුනපහයි නොමිලේම ලැබෙන එකේ ඉබිමස් ටිකක් කෑවා කියලා පවක් සිද්ධවෙන එකක් නැහැ.. මම ධර්මානුකූලව සියල්ල සාධාරණීයකරණය කරගත්තා..

    මම එයා දිහා නෙත් කොනින් බලාන ඉද්දි එයා ඒක ගැලෙව්වේ ඉතාම පහසුවෙන්. ඒ කරලා ඇස් හීනි කරගෙන තුනී හිනාවක් දෙන ගමන් කිව්වා "ඔන්න ඔහේ ඔයත් ගලවන්න ළමයෝ. මම ගලවලා ඉදිද්දි ඔයා මොකට දාගෙන ඉන්නවද?" කියලා..

    මට මං ගැන උපන් හතර විලි ලැජ්ජාව වහං කරගෙන මමත් ඔන්න ඔහේ ගැලෙව්වා. අපි දෙන්නම ගලවපුවා ඩෑෂ් බෝඩ් එක උඩින් තියලා එයා ෆොටෝ එකක් අරගෙන මට වට්ස්අප් කලා. එතකොටයි මම දැක්කේ අපි දෙන්නම දාගෙන ඉදලා තියෙන්නේ එකම ජාතියේ "මාස්ක් දෙකක්" නේද කියලා..

    බලන්න ප්‍රිය ක්‍රීඩාලෝලී හිතවතුනි.. ජීවිතය කියන්නේ මොනතරම් දෛවෝපගත සිදුවීම් පිරුණු තැනක්ද?


    උපුටා ගැනීම - මාධ්‍යවේදී දිනේෂ් උපේන්ද්‍ර @Dinesh Upendra