ජයවේවා

Banned!

Member
Jun 30, 2013
10,779
1,070
0
SXNGSLr.jpg

👉ගජබා , සිංහ රෙජිමේන්තුවල නායකයන් සෙවූ ඔබට දැන් විශේෂ බලකායේ නායකත්වයක් ලැබී ඇත.

👉අවුරුදු හැත්තෑවේ අසූවේ නායකයන් සෙවූ ඔබට දැන් ඉතාමත්ම සුදුසු වයසේ නායකත්වයක් ලැබී ඇත.

👉ලුතිනන් කර්නල් ලා සෙවූ ඔබට දැන් ජෙනරාල් කෙනෙකු ලැබී ඇත.

👉හමුදාව හැර වෙන රටකට ගොස් පදිංචි වූවෙකු නොව විශ්‍රාම යන තුරු රට රැකි අයෙකු දැන් ඔබට ලැබී ඇත.

👉තියෙන option වලින් හොඳම option එක සෙවූ ඔබට දැන් වඩාත්ම හොඳ option එකක් ලැබී ඇත.

👉225 එපා කියූ නුඹට , ඒ පාහර ප්‍රධාන පක්ෂ වල සොරුන් මිනීමරුවන්, කුඩු එතනෝල් වෙළෙන්දන් , මැරයන් පිරිවරා නොගත් එහෙත් මේ රටේ බිහිවූ උගතුන් බුදුධිමතුන් පිරිවරාගත් අලුත් නායකත්වයක් ලැබී ඇත.

👉මේ වෙලාවේ security first යැයි ආරක්ෂාවට මුල් තැන දිය යුතු යැයි සිතූ ඔබට වඩාත් විනය ගරුක නීතී ගරුක ආරක්ෂාව පිළිබඳව වඩාත් සහතික විය හැකි නායකත්වයක් දැන් ලැබී ඇත.

👉 වැඩ කරන දක්ෂයෙකු , විනය ගරුක නායකයෙකු සෙවූ ඔබට දැන් දක්ෂ විනයගරුක නායෙකයෙකු ලැබී ඇත.

👉 මිනී නොමරන, සොරකම් නොකරන කෙනෙක් ඔබ සෙවුවේය. රාජ්‍ය සේවයේ වසර තිහක් තුල හොරකම් කර නොමැති චෝදනා නොමැති ශ්‍රි ලාංකිකයෙකු ඔබට ලැබී ඇත.

👉ඡන්දයට හොඳ මිනිස්සු ඉදිරිපත් වී නැතැයි ඔබ චෝදනා කලේය. දැන් ඒ හොඳ මිනිස්සු එකතු වී හොඳ මිනිසෙකු ඉදිරිපත් කර ඇත....

👉 දින 52 කේ දේශපාලන කුමන්ත්‍රණය වෙලාවේදි හමුදාව රට භාර ගෙන පාලනය කලා නම් හොඳයි කී ඔබට, ඒ වෙලාවේ නොසැලී ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කල හමුදා නායකයා ඔබේ ඡන්ද බලයෙන් ප්‍රජාතන්ත්‍රවාදීව පත් කර ගැනීමට අවස්ථාව දී ඇත.

👉 කවුරු ජනපති උනත් රනිල් අගමැති නොවෙන, UNP ය බලයට නොඑන කෙනෙක් ඔබ සෙව්වේය; ඔව් දැන් ඔබට රනිල් පමණක් නොව දෙපැත්තේම සිටින 225 අමන රැල එලවා දැමීමට හැකි ආරම්භයක් ලබා ගැනීමට හැකි අවස්ථාවක් ලැබී ඇත.

👉 2015 ජනවාරි 8 ඡන්දයෙන් පැරදී සිය තනතුරෙන් නික්ම ගිය ආරක්ෂක ලේඛම් වරයා නැවත් ඡන්දයකට එනතුරු මිනිස්සු වෙනුවෙන් ඉටු කළ යුතුකමක් නැත. මිනිස්සුන්ගේ ගැටලු වෙනුවෙන් ඉදිරිපත් වී නොමැත, පාරට බැස නැත, කතා කර නැත. එහෙත්, එම ලේඛම් වරයා විසින් හේතුවක් නැතුව අත්තනෝමතිකව හදිසියේ හමුදා රැකියාවෙන් පහ කල නිලධාරියෙකු පසුව පැමිණ ලංකාවේ යුද හමුදාපති වරයා බවට ද පත්වෙයි...
ඔහු රට දමා ගොස් නැත, වෙන රටක පදිංචි වී නොමැත. දැන් ඔහු ඔබ ඉදිරියේ රටේ නායකත්වය වෙනුවෙන් ඉදිරිපත් වී සිටියි.

තේරීම ඔබ සතුය...
ඔබ සූදානම් ද???

හිටපු හමුදාපති මහේෂ් සේනානායක වටා එකතු වෙලා ඉන්න පිරිස හැමෝම උගත් බුද්ධිමත් මිනිස්සු. පැරදුනත් ලැජ්ජ වෙන්න දෙයක් නෑ. මොකද කඩේ ගියේ වැදගත් මිනිස්සු ටිකකට.

ඔබට ජය!!!!
 

ShehanAM

Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    Bitch Please...........:lol::lol:
    :lol::lol::lol:
    ඒක නේ බලන්නකෝ................ පව් මහේශ් :(:sorry:

    අර මාස ගානකට කලින් යාපනේ මුරපොලක වැඩ කරපු පොලිස් නිලධාරින් දෙන්නෙක්ව සහරාන්ල මහ දවාලෙ කපල කොටල මරපු වෙලාවෙ "ඒක රටේ ආරක්ෂාවට බලපෑමක් නැ, ඒක ත්‍රස්තවාදී ප්‍රහාරයක් නෙමේ" කිව්වෙත් එතකොට ආරක්ශක ලේකම් වෙන්නැති නේද, මහේෂ් නෙමේ.

    සහරාන්ගෙ බෝම්ප හදපු ෆැක්ටරිය සීල් තියල හමුදාවෙන් ඩියුටි දාල තියෙන වෙලාවෙ රෑ අවිල්ල ඒකෙ ඔක්කොම බඩු ටික පන්නගෙන යනකං උඩබලං හිටියෙ ආරක්ශක ලේකම් වෙන්නැති නේද, මහේෂ් නෙමේ.

    මෙච්චරක් කාලෙකට ආණ්ඩුවෙවත්, දේශපාලනය ගැන කිසිම වරදක් නොකියපු කෙනා, පෙන්ශන් හදාගෙන ඉලියට ආවට පස්සෙ විකාර දොඩෝනව. වැරදි දැක දැක පෙන්ශන් එක හදාගෙන රිටායර් වෙනකම් මීක් කියන්නැතුව හිටියෙ ආරක්ශක ලේකම් වෙන්නැති නේද, මහේෂ් නෙමේ.

    හමුදාවෙ බලඇණි 33ක් වහන්න උපදෙස් දුන්නෙ ආරක්ශක ලේකම් වෙන්නැති නේද, මහේෂ් නෙමේ.

    ආරක්ෂක විද්‍යාපීඨයකට යන්නෙ නැතුව ලංකාවේ හමුදාපති වුන එකම කෙනාත් එතකොට ආරක්ශක ලේකම් වෙන්නැති නේද, මහේෂ් නෙමේ.

    යුද්දෙ කාලෙ ෆයිල් බාරව හිටපු බ්‍රිගේඩියර්, හමුදාවෙ හතරවෙනියට රිටයර් වෙන්න හිටපු එකා, දක්ශ කමට නැතුව ඊට ඉහල හිටපු අයගෙ වැරදි නිසා හමුදාපති වුනේ ආරක්ශක ලේකම් වෙන්නැති නේද, මහේෂ් නෙමේ.



    අපි ඕක කලින් කිව්වා.......
    මහේෂ් ලොක්කව දාපු එක JVP එකේ වැඩක් සහ jvp ලවා එක කරවන්නේ UNP+NGO හැත්ත කියලා......
    මුළු ප්රෝජෙච්ට් එකම ෆන්ඩ් කරන්නේ ඩොක්ටර් වින්‍යා ආරියරත්න, සර්වෝදය හරහා......
    ඒ සජිය දින්නහම උට කියල.....


    1- ලංකාවේ NGO එකක වුනු ලොකුම මුල්‍ය අක්‍රමිකතාවය වහගන්න. මේක සර්වෝදයේ වුනු එකක්.
    2-සර්වෝදය ෆිනෑන්ස් කියන ආයතනයේ වුනු මගදී වහගන්න.
    3-සර්වෝදය ෆිනෑන්ස් එක පටන් ගන්න එවපු NGO සල්ලි පිල්ලි ගහපු ඒවා යට ගහන්න....
    ඌරු වරිගේ වන්නිය;24823580 said:
    යුද්දේ අන්තිම කාලේදී සර්වෝදය A. T. ආරියරත්න උන්ගේ නඩේකුත් එක්ක මාලිගාව ඉස්සරහ උපවාසයක් කරන්න හැදුවා යුද්දේ නවත්තන්න කියලා.... මිනිස්සු ගහල පැන්නුවේ..... ඒ උනාට මිනිස්සුන්ට දැන් ඒවා මතක නෑ .... සුදු ඇඳගෙන පොන්න කටහඬින් කතාකරද්දී මිනිස්සු හිතන්නේ ඌ උපාසකයෙක් කියලා....
     

    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa

    🔻අප්‍රේල් 08 ජාතික බුද්ධි ප්‍රධානිය මේ ගැන ආරක්ශක ලේකම් දැනුවත් කරනවා

    🔻අප්‍රේල් 09 මේ බුද්ධි තොරතුර ගැන සම්බන්දීකරණ රැස්වීමක් පවත්වලා තියෙනවා

    ඒ රැස්වීමට ආරක්ශක ලේකම් සහ ත්‍රිවිධ හමුදාපතිවරු සහභාගි වෙලා තියෙනවා
    :sorry::sorry: