ඒ කාලේ ඉදල කියන කාතාවක් මේ
අපිට කොරනවා කියලයි කියන්නෙ
දින්නදාට ඒකට්‌ටිය උඩිං යයි
දුන්නු ඈයො කොර ඇන ඇන බිමින් යයි
ඊටපස්‌සෙ මොකද වෙන්නෙ දන්නවද ඔයා
(ඊටපස්‌සෙ ඒගොල්ලො සුදු අැදගෙන ඇවිල්ල ජනතාවට
සේවය කරනවා)
හැමදාමත් හිතන් ඉන්නෙ එහෙම වෙයි කියා
ඒ වුනාට කවදාවත් වෙන්නෙ නෑ
තාප්පවල එල්ලිගෙන සිටින්නෙ
අාප්පවගේ මුහුනු සුදට තියෙන්නෙ
කේප්ප හරකුන් කතිරය ගහන්නෙ
රීප්පෙකින් දෙන්ඩ තමයි හිතෙන්නේ
ඊටපස්‌සෙ මොකදවෙන්නෙ දන්නවද ඔයා
(තාම බලේ තියෙන්නෙ බාගෙටනේ ඉතුරුබාගේ හම්බවුනාම වැඩ කරයි)
හැමදාමත් හිතන් ඉන්නෙ එහෙම වෙයිකියා
ඒවුනාට කවදාවත් වෙන්නෙ නෑ
ඒ කාලේ ඉදල කියන කාතාවක් මේ
අපිට කොරනවා කියලයි කියන්නෙ
දින්නදාට ඒකට්‌ටිය උඩිං යයි
දුන්නු ඈයො කොර ඇන ඇන බිමින් යයි
ඊටපස්‌සෙ මොකද වෙන්නෙ දන්නවද ඔයා
(මන් කිවුවෙ දිනලා එන්නෙ ජනතාවට සේවය කරන්නනෙ)
හැමදාමත් හිතන් ඉන්නෙ එහෙම වෙයිකියා
ඒවුනාට කවදාවත් වෙන්නෙ නෑ
කතිරේ ගහලා අපි වරදක් කලා ද?
කොටා ගන්නේ මේ වගේ අපි නිසා ද?
මේ විදියට කොච්චර කල් ගියා ද?
ඒ උනාට කිසිම දෙයක් උනා ද?
ලබන පාර කරන වැඩේ දන්නවද ? ඔයා
(ලබන පාර දෙනව කෙලින්ම අනිත් පැත්තට)
මෙච්චරකල් කෙරුවෙත් අපි ඔයටිකම තමා ඒ වුනාට එකෙන් උන සෙතක් නෑ