demu balanna uththara dodo
1.Me wage gamanakadi ubalata snake bite ho wenath ledak hedunoth ewage risk ekakata plan kalada?
2. Ube job eka mokadda?
3. Ubalata wanawasi hamuduruwaru, perani natabu wage ewa hambawela nedda me wage gamanakadi?
4. 'Ganga dige' wage programme ekak ubala karanna kemathi nedda? Utube danna puluwanne?
ත්‍රෙඩ් එකේ පොස්ට් වලට රිප්ලයි කරන්නම්...ඊට කලින් මේ ප්‍රශ්න වලට උත්තර දෙන්නම්...
01 - කැලේදී වෙන්න පුළුවන් හැම අනතුරකටම විසඳුම් නැහැ.ඒ අවදානම ගන්නම වෙනවා.උග්‍ර විෂ සර්ප දෂ්ඨනයක් කියන්නේ 90 % මරනීයයි.සාමාන්‍ය ප්‍රථමාධාර උනත් වලංගු වෙන්නේ රෝහලකට ගෙනියන්න පුළුවන් අවම කාලය මත.කිලෝමීටර් 4,5 කැලේ ඇතුලේ කියන්නේ ඉතින් ඒ වැඩක් නැහැ.
නමුත් සර්පයන් හඳුනාගැනීම සහ සර්පයන්ව මග හැරීම කියන දේ හරියට දැන ගත්තොත් ප්‍රායෝගිකව අනතුරකින් තොරව ගමන ඉවර කරන්න පුළුවන්.
එතැනදී සර්පයන් විතරක් නෙමේ මාරක සතුන් බොහොමයකින් මග හරින විදිහ දැන ගෙන ඉඳීම වැදගත්.
වෙනත් ලෙඩ යටතේ එදිනෙදා සාමානය ලෙඩරෝග වලට අවශ්‍ය මුලික ප්‍රථමාධාර කට්ටලය අනිවාර්යයෙන් ගෙනියනවා.
හැබැයි හෘද රෝග තියෙන කෙනෙක් එක්ක නම් මේ වගේ ගමනක් කිසිම වෙලාවක නොයන්න වග බලා ගන්නවා.
02 - මගේම කියල සුළු ව්‍යාපාරයක්.
03 - ඔව්.වනවාසී හාමුදුරුවන් ව හම්බ වෙලා තියෙනවා.නකල්ස් වල සුදු හාමුදුරුවන්වත් හම්බ වෙලා තියෙනවා. හඳුනානොගත් නටඹුන් දෙපාරක් හම්බුවෙලා තියෙනවා.
එක අවස්තාවක් ගැන මම ත්‍රෙඩ් එකක් පවා දැම්මා.
මේ කාරනා දෙකම ගැන මීට වඩා විස්තර කරන එකෙන් මම වැලකී ඉන්නවා.
04 - කිසිම යුටියුබ් චැනල් එකක් කරන්න මගේ කිසිම කැමැත්තක් නැහැ.මේක මගේ විනෝදාංශයක් විතරමයි.සල්ලි වලට ටුවර් ගයිඩ් ,ඉවෙන්ට් අනං මනං වලටත් කැමැති නැහැ.







)



