ලේසියෙන් යන්න පුලුවන් කන්දක්

HimaliHan

Active member
  • Sep 11, 2023
    77
    225
    33
    1696834089540.png

    මොණරගල - Peacock Hills
    ⛰️
    🏔️
    😍


    මොණරගල එහෙමත් නැත්තම් Peacock hill කියලා තමයි ප්‍රසිද්ධ. කොත්මලයේ සහ පුස්සැල්ලාව සීමාවේ පිහිටා ඇති මොණරගල කන්ද ඉතා සුන්දර දර්ශනයක් මවා පෑමට සමත් වෙලා තියෙනවා . කඳු තරණය කරන්නන් ගේ ප්‍රියතම ස්ථානයක් වන මෙය කන්ද මුදුනට ඉතා සුන්දර දර්ශනයක් දැක බලා ගැනීමට හැකියාව ලැබෙනවා . පිදුරු තලාගල , රාවණාගේ කරත්ත පාර , සිරිපාදය වගේම කඳු මුදුන් ගණනාවක් මේ ස්ථාන ස්ථාන ට ද දැක බලා ගන්න පුළුවන් . ඒ වගේම පහතින් ගලා යන ගලායන මහවැලි ගඟ හරස් කරලා ඉදි කරපු කොත්මලේ ජලාශය මේ කඳු මුදුනට ඉතා සුන්දර දර්ශනයක් එකතු කරලා තියෙනවා .

    Bike වලින් හරි වෙන වාහනයකින් යනවා නම් විනාඩි 30 කින් කදු මුදුනට ළගා වෙන්න පුලුවන්.

    මේ කන්ද නගින්න පුළුවන් විදි දෙකක් තියෙනවා

    1 වන මාර්ගය :
    ගම්පොළින් bus එකක් තියෙනවා දොරගල bus එකේ ගිහින් Tea Factory ළග බැහැලා 3km විතර යනකොට ෆයිනස් කැලැයක් ඇතුලකට යන්න පාරක් තියෙනවා..එකේ විනාඩි 30 යනකොට කදු මුදුණටම ළගා වෙන්න පුලුවන්. උදේ 8:30 ඉදන් bus තියෙනවා ගම්පොළින්..එහෙම නැත්නම් කොත්මලේ ජලාශය පැත්තෙන් මොණරාගල එන්න පුලුවන්..ටිකක් යට වදින වාහනක් නම් ඒ පාරෙන් යන එක හොදයි දොරගල පාරට වඩා...මොකද ඒක හොදටම අබලන් වුණ පාරක්. කදු මුදුණට කොත්මලේ ජලාශය මාරම ලස්ස්නට බලා ගන්න පුලුවන්.
    පාර ඉවර වෙන්නෙ හරියටම පයිනස් කැලයක් ගාවින් .ෆයිනස් කැලේමැද්දෙන් තියෙන පාරේන් විනාඩි තිහක් ඇතුළත වගේ කන්ද මුදුනට යන්න පුළුවන්.

    2 වන මාර්ගය :
    කලින් මාර්ගය වගේ නෙමෙයි මේ මාර්ගය ටිකක් අමාරුයිතේ වතු මැද්දෙන් කැලෑ මැද්දෙන් බඩ ගාගෙන තමයි උඩ පයිනස් කැලේ ගාව තියෙන තැනට යන්න වෙන්නෙ.
    අපි මුලින්ම ගම්පොලින් පුස්සැල්ලාවේ ටවුන් එකට ඇවිල්ලා එතන ඉඳන් ත්‍රීවිල් එකක් අරගෙන පුස්සැල්ලාව පන්සල තියෙන පාරේ SANQUHAR STATE එක ගාවට ආවා(පුස්සැල්ලාවේ බැහැලා ත්‍රීවිල් එක් කෙනෙක්ගෙන් ඇහුවා නම් ඔයාලවත් එක්කන් යයි ) එතන ඉදන් ගූගල් මැප් දාගෙන තමයි ආවේ .තේවත්ත ඉවර වෙනවාත් එක්කම පොඩි කැලෑවකට සෙට් වෙනවා කැලෑවෙන් වම් අත පැත්තට තියෙන උඩ පාර යන්න ඕනේ (වතුර පාරට කලින් තියෙන පාරේ තමයි එන්න ඕනේ.නැත්තං පාර වරදිනවා .)

    කොහොම කොහොම හරි ඒ පාරත් සෙට් වෙන්නේ උඩ තියෙන පයිනස් කැලේ ගාවට .එතන ඉඳන් පයිනස් කැලේ මුදුන තියෙන මොනරාගලට යන්න පුළුවන්.

    ඇත්තටම කන්ද උඩ ඉතාමත් ශීතල පරිසරයකට මුහුණ දීමට සිදුවෙයි .ඒ වගේම ඉතාමත් මනරම් හිරු උදාවත් එක්ක දර්ශනයටනැරඹීමටද ,වළාකුළු උඩ අතරමං වීමට ඔබට හැකියාවක්ද ඇත .camping යනවනම් ටෙන්ට් තුනක් වගේ ගහන්න කන්ද උඩ ඉඩ තියෙනවා.

    මදක් අනතුරුදායක බෑවුමක් සහිත නිසා කන්ද අයිනේ ජායාරූප ගැනීමට යාමේදී ප්‍රවේශම් වන්න. එමෙන්ම මෙම පරිසර පද්ධතිය ආරක්ෂා වනසේ වැඩ කරන්න.
    අන්තිමේට කියන්න තියෙන්නේ මේ පරිසරය තව කෙනෙක් ට විදින්න ඉතුරු කරලා අපහු එන්න. සොබාදහම කියන්නේ ලස්සන දෙයක් එක අපි පරිසම් කරොත් අපිවත් රකිනවා ඒකාන්තයෙන්ම.

    Source: https://hiitravellers.com/peacock-hill-sri-lanka-monara-gala-mountain-sri-lanka/