මි උණ

Siyalla dath

Well-known member
  • May 4, 2018
    1,318
    995
    113

    අනිවාර්යෙන්ම ඔබ අහල තියන රෝගයක්.හැබැයි ඩෙංගු රෝගය තරමට සමාජයේ කතා බහ වෙන්නේ නැති නමුත් ඩෙංගු වලට වඩා මරණ ගණනකට වාර්ෂිකව වග කියන රෝගයක්.පුංචි උදාහරණයක් කිව්වොත් 2008 වසරේ ඩෙංගු රෝගය නිසා ලංකාවේ වාර්ෂික මරණ ගණන උනේ 28ක්.එත් මී උණ නිසා වාර්ෂික මරණ 204 ක් උනා!.සමාජයේ දනුවත්භාවයත් හරිම අඩුයි මී උණ ගැන.එක නිසා your family doctor කණ්ඩායම කල්පනා කළා මී උණ ගැන ඔබව දැනුවත් කරන්න.

    මී උණ අපි ලේප්ටෝස්පිරෝසිස්/Leptospirosis කියලත් හදුනවනවා.මී උණ හැදෙන්නේ L.interrogans විද්‍යාත්මක නාමයෙන් හදුන්වන බැක්ටීරියාවන් නිසයි.මේ බැක්ටීරියාව මියන්ගේ වකුගඩු ආශ්‍රිතව ජිවත් වෙනවා.මියන්ට අමතර ඌරා,බල්ලා,හරකා වගේ සතුන්ගේ වකුගඩු ආශ්‍රිතවත් L.interrogans බැක්ටීරියාව ජිවත් වෙනවා.මියන් මුත්‍රා කරන කොට බැක්ටීරියාව පරිසරයට නිදහස් වෙනවා.කකුලේ තුවාලයක් තියන කෙනෙක්ට මී මුත්‍රා පෑගුනොත් තුවාලය හරහා බැක්ටීරියාව ඇගට ඇතුළු වෙලා මී උණ සැදෙන්න පුළුවන්.

    ලංකාවේ පළවෙනි මී උණ රෝගියා වාර්තා වෙන්නේ 1959 අවුරුද්දේ දී. 2008 වසරේ තමයි වසංගත තත්වයක් වගේ මී උණ පැතිරුනේ.2018 වසරේදීත් රෝගීන් 3700 ක් වාර්තා උනා.

    මී උණ ලංකාවේ වැඩිපුරම පැතිරිලා තියෙන්නේ බස්නාහිර පළාතේ,කුරුණෑගල,රත්නපුර,ගාල්ල වගේ පති වලයි.හේන්,ගොවිතැන්,පතල් වල වැඩ කරන ය අතර ග්‍රාමීයව කම්කරු රැකියා කරන ය අතර නාගරිකවත් පැතිරිලා තියනවා.මිට අමතරව ලගදි ඉදං කුඩු කසිප්පු බොන අය අතරත් මි උණ තදින් පැතිරිලා යන ගතියක් තියනවා මොකද ඕවා ඔන්න හැම අස්සේ මුල්ලේම රිංගන නිසා.

    මී උන රෝග ලක්ෂණ තරමක් ඩෙංගු වලට සමානයි.

    • [*]තද උණ
      [*]කැම අරුචිය,වමනය
      [*]ඇගපත වේදනාව
      [*]මිට අමතරව ඇස කහවීම

      • [*]මුත්‍ර පිටවීම අඩුවීම,මුත්‍ර තද දුබුරු වර්ණයක් ගැනීම
      [*]බඩේ වේදනාව,කැස්ස,විදුරුමහමලපහ සමග ලේ පිට වීම
      දකින්න පුළුවන්.

    මී උණ ත් එක එක රෝගීන්ගේ මතු වෙන්නේ එක එක තරමින්.සමහරුනට icu වලට දන්නා තරම් දරුණු උනත් සමහරෙක්ට සාමාන්‍ය උණකට වඩා වෙනස් වෙන්නේ නැ.

    මී උණ වලක්වන්න ප්‍රාදේශීය වෛද්‍ය නිලධාරී තුමාට,ප්‍රාදේශීය වසංගත රෝග වෛද්‍ය තුමාට වගේම phi මහත්තයටත් ලොකු වගකීමක් තියනවා.අවදානම් රැකියාව වල නිරත වෙන අයව හදුනාගැනීම,දැනුවත් කිරීමේ වැඩසටහන් පවත් වීම,ප්‍රදේශයේ මී උණ පැතිරෙන ස්ථාන හදුනාගැනීම වගේම ජාතික වසංගත රෝග ආයතනය දැනුවත් කිරීම,තොරතුරු සැපයීමත් සිදුකරනවා.

    ඔබ අවදානම් රැකියාවක නිරත වෙනවා නම්,

    DOXYCYCLIN 200mg සතියකට වරක් ලබා ගත යුතුයි.හැබැයි මේ බෙහෙත පොඩි ළමයිට,ගර්භනී,කිරි දෙන මවුවරුන්ට,වකුගඩු,අක්මා අබාධ තියන අයට නිර්දේශ කරන්නේ නැ.
    කොහොම උනත් වෛද්‍ය නිර්දේශයකින් පමණයි ඔෂධ ලබා ගන්න ඕනි.

    මී උණ රෝගය වලක්වා ගන්න එක අපි හැමෝගෙම වගකීමක්.එක රජයටවත්,නිලධාරීන්ටවත් තනියම කරන්න බැහැ.මහජනතාව විදියට ඔබටත් වගකීමක් තියනවා.

    මී උණ රෝහයට ගොදුරු වෙන්නේ වැඩ කරන ජනතාව.වැඩ කරන ජනතාව තමයි රටේ ආර්ථික ශක්තිය.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,453
    1
    59,885
    113
    Mother Earth
    ස්තූතියි. මී උණ රෝගය වැළඳුන පසු සුව කරන්න බෙහෙත් තියෙනවද ? මට මතක් වුණේ ඉන්දියාවෙද කෙහෙද හරක් චූ බොනවා.:lol:
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    මගෙ අයියා අවාසනාවන්ත විදිහට මියගියේ ඔය රෝගයෙන්. මුලින් වෛද්‍යවරු ලෙඩේ අඳුනාගත්තේ කහඋණ කියලා. නමුත් ටික දවසක් යද්දි අප්පච්චිට ආපු සැකයක් මත වහාම කොළඹ අරගන ගිහින් නවලෝකෙ නතර කලා. එහෙන් හොයාගත්තා මී උණ කියලා. නමුත් ටූ ලේට්.. කරන්න තියන හැමදේම කලත් බේරගන්න බැරි උනා. දීප්තිමත් අනාගතයක් තිබ්බ කොල්ලෙක්. මොරටු ඉන්ජිනියරින් සිලෙක්ට් වෙච්චි ලියුම ආවෙ තුන්මාසෙ දානෙ දවසෙ...

    මී උණ සුලුවෙන් තකන්න එපා. හැදිලා දවස් දෙක තුනක් ඇතුලත ගන්න බෙහෙතක් තියනවා. ඒක ගත්තෙ නැත්තං සොරි තමා.
     
    • Like
    Reactions: Candid-B

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මම අහලා තියන විදියට ඔය කියන බැක්ටීරියාව ඉර එළිය වැටුණා ම විනාශ වෙනවා ලු. අපෙත් නෑ කෙනෙක් මැරුණා මී උණ හැදිලා, ලෙඩේ හදද්දි ම බෙහෙත් ගත්තා නම් හොඳ කරගන්න පුළුවන් ලු.
     
    Champ HB

    Well-known member
  • Oct 5, 2012
    5,854
    6,989
    113
    අපේ දිහෑ
    මගෙ අයියා අවාසනාවන්ත විදිහට මියගියේ ඔය රෝගයෙන්. මුලින් වෛද්‍යවරු ලෙඩේ අඳුනාගත්තේ කහඋණ කියලා. නමුත් ටික දවසක් යද්දි අප්පච්චිට ආපු සැකයක් මත වහාම කොළඹ අරගන ගිහින් නවලෝකෙ නතර කලා. එහෙන් හොයාගත්තා මී උණ කියලා. නමුත් ටූ ලේට්.. කරන්න තියන හැමදේම කලත් බේරගන්න බැරි උනා. දීප්තිමත් අනාගතයක් තිබ්බ කොල්ලෙක්. මොරටු ඉන්ජිනියරින් සිලෙක්ට් වෙච්චි ලියුම ආවෙ තුන්මාසෙ දානෙ දවසෙ...

    මී උණ සුලුවෙන් තකන්න එපා. හැදිලා දවස් දෙක තුනක් ඇතුලත ගන්න බෙහෙතක් තියනවා. ඒක ගත්තෙ නැත්තං සොරි තමා.

    :(:(:(:(
     
    sorry to hear that bro. අයියට නිකන්මද හැදුණේ ? :(