Malaysia tour - 2019 octomber

nethumshan

Well-known member
  • May 27, 2017
    2,691
    2,168
    113
    මුලින්ම ස්තුති කරන්න ඕනි කිරියට. කිරියෙන් තමා මන් මේ ගමන ප්ලැන් කරන්න ගොඩාක් දේවල් දැනගත්තේ. මේකේ මැලයාසියාව ගැන දාලා තිබ්බ හැම ත්‍රෙඩ් එකක්ම වගේ කියෙව්වා.

    විසා කෙස් නිසා මලේ යනවද බාලි යනවද කියලා හිතාගන්න බැරුව හිටියේ. ඕන දෙයක් වෙන්න කියල රිසක් එකක් අරන් ටිකට් බුක් කරලා විසා ඇප්ලයි කරා.

    අපි ටිකට් ගත්තේ airasia එකෙන්. addons ඇඩ් වෙලා එනකොට ශ්‍රී ලංකා එයාලයින් එකේ ටිකට් වල වෙනස 2000ක් වගේ තිබුනේ.

    විසා ගැන කතා කරොත් අපි ෆ්‍රිලාංසර්ස්ල නිසා විසා ඇප්ලයි කරේ බයෙන් බයෙන්. විසා ඔන්ලයින් අපලයි කරේ. විසා වලට 5300යි ගියේ අපිට.වැඩ කරන පැය 48ක් යන්න කලින් විසා හම්බුනා. අවශ්‍ය ඩොකියුමෙන්ට් උනේ,
    1. scanned passport
    2. photo
    3. accommodation confirmation
    4. air ticket confirmation
    5. 3 months bank statement
    6. visa request letter

    විසා ඇප්ලයි කරන එකේ ලයිව් චැට් එකක් තියෙනවා. එකෙන් ඇහුවාම කිව්වේ බෑන්ක් ස්ටේට්මෙන්ට් වලට මිනිමම් බැලන්ස් එකක් ඕනේ නැ කියලා. එත් මන් කෝකටත් කියලා එකවුන්ට් බැලන්ස් එක ලක්ෂයක් තියල ඔන්ලයින් බැන්කින් වලින් ස්ටේට්මෙන්ට් අරන් දැම්මේ. විසා රික්වෙස්ට් ලේටර් එකට මහා ලොකු දේවල් ලියන්න ඕනි නැ ඔයා යන තැන් ගැනයි ඔයත් එක්ක තව කවුද යන්නේ කියලයි දැම්මනම් හරි. ෆ්‍රිලාංසින් කරන කෙනෙක්නම් එකේම සදහන් කරන්න ඔයා ෆ්‍රිලාංසින් කරන්නේ කියලත්.

    අපි ගියේ ඔක්තෝබර් 8-18.යන එන ෆ්ලයිට් දෙකම තිබුනේ මහා රැ. අපි පැය 4කට කලින් එයාපෝට් එකට ගිහින් හිටියා. කියන්න සතුටුයි වතුර සිබහක් ඇවිත් ඇතුලින් 500ml කොකා කොලා එකක් ගත්තා 350ක් දීලා. අපි කරන්සි එක්චෙන්ජ් කරේ එයාපෝර්ට් එකෙන්. අපිට rm 1ක් රුපියල් 44.5ක් උනා. කරන්සි එක්ස්චේන්ජ් කරද්දී 1% ෆී එකක් කපලා තිබ්බා. අපි සල්ලි මදි වෙලා එහේ atm එකකින් සල්ලි ගත්තා අපිට වැටිලා තිබ්බේ rm 1ක් රුපියල් 44.9 කට වගේ.

    අපි klia2 කියන එයාපෝර්ට් එකට තමයි ගියේ. මාත් එක්ක ගිය යාළුවා එයාපෝර්ට් එකෙන් නැතුව එළියෙන් සිම් එකක් ගමු කියලා අපි එයාපෝර්ට් එකෙන් බස් එකක් අරන් kl sentral එකට ආවා.බස් එකට එකෙනෙක්ට rm12. එතනින් අපි අනාථ උනා. සිම් එකක් ගන්න තැනක් හොයාගනත් බැරිව. හෙන වටයක් ගහලා එක කඩේකින් පැය ගානක් තැපලා සිම් එකක් ගත්තා. සිම් එක rm8 ඩෙටා පැක් එක rm 15ක් උනා. සිම් එකනම් digi කියලා එකක්. වෙලාවකට එකේ නෙට් පට්ට ස්ලෝව්. අපි නැවතිලා හිටිය තැන වල වයිෆයි තිබුන නිසා අපී වැඩ ටික කරගන්න පුළුවන් උනා.

    අපි කවුළා ලාම්පුර් වල නයිට් 6ක් හිටියා.නවතින්න තැන අපි බුක් කරේ airbnb එකෙන්. 2 බේඩ් රූම් අපාට්මන්ට් බුක් කරේ. අපාර්ට්මෙන්ට් නම් පට්ටම පිරිසිදුයි. උයාගෙන කන්න පුලුවනම් කෙනෙක් යනවනම් ලාබම විදිය අපාර්ට්මෙන්ට් ගන්න එක.

    අපි යන දවස් ටිකෙනම් හැමදාම හවස් වෙද්දී වහින්න ගත්තා පැය ගානක්. ඉතින් යන කෙනෙක් ඉන්නවනම කුඩයක් අරන් යන්න.අපි හැමදාම අපාර්ට්මෙන්ට් එකෙන් එලියට බහිද්දී දවල් 11-12යි. අපිට උදේ ටයිම් හැමදාම මිස් උනා. අපි කවුලා ලාම්පුර් වල බලන්න ගියේ මේවා.

    batu caves - ෆ්‍රී
    illutional 3d art museum - rm 50 pp
    kl tower - rm 33 අපි මේකේ observation desk විතරයි ගත්තේ. එකනම් වැඩක් නැ ගන්නවනම් අනිත් එක ගන්න.
    petronas twin tower - මේකනම් අපි එළියෙන් බලලා අවා. අපි යද්දී ටිකට්ස් ඔක්කොම sold.
    aquaria klcc - rm 44 pp
    genting highland - rm 85 pp
    jalan alor night market
    mosque

    අපි නයිට් 4ක් kl ඉදලා ෆ්ලයිට් එකකින් ලන්කවී ගියා. ලන්කවී නයිට් 3ක් හිටියා. අපි බුක් කරපු හොටෙල් එක තිබ්බෙනම් අයිලන්ඩ් එක මැද්දෙ. එහෙ duty free ශෝප්ස් නම් හැමතැනම වගේ තිබ්බා. අපිටනම් ඒවාට යන්න උනේ නැ. චෝකොලට් එහෙම පට්ට ලාබයි කිව්වා.අහ තව දෙයක් යන කෙනෙක් ඉන්නවනම් ලන්කවී එයාපෝර්ට් එකෙන් එලියට බහිද්දිම තියෙනවා කාර් රෙන්ට් කරන්න. එකක් රෙන්ට් එකට අරන් යන්න. එක තමා ලාබම. එහෙ 95 පැට්‍රොල් ලීටර් එකක්ම rm 2.08. කාර් එකක් පැය 24කට රෙන්ට් කරන්න rm 50-60ක් වගේ වෙන්නේ.

    අපිට ලන්කවී අයිලන්ඩ් එකටනම් හරියට explorer කරන්න හම්බුනේ නැ. අපි එහෙ බලන්න ගියේ
    durians waterfall
    පැය 2ක බෝට්ටු සවාරියක් ගිය rm 185ක් උනා.
    තව බීච් වල අවිද්ද්දා.
    jetski පැද්ද - පැය භාගෙකට rm 150ක් pp (මේකනම් අපි ඒජන්ට් කෙනෙක් හරහා ගියේ. මිට වඩා අඩුවට සෙට් කරගන්න පුළුවන් cenang බීච් එකට බැහැල පොඩි රවුමක් දැම්මොත්)
    sky bridge එකටත් ගියා. එකට rm 101ක් උනා.
    crocodile farm ගියා. අපි යනකොට එක වහලා.

    transportation ගැන කතා කරොත් අපිට වැරදිච්ච තවත් තැනක් මේක. අපි ගිය පාර සිංගා ගිහින් යුස් කරේම පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් විතරයි. අපි හිතුව මෙහෙත් එහෙම කරගන්න පුළුවන් කියලා. එත් මෙහෙ පාරවල් තේරුම් ගන්න පට්ට අමාරුයි.අපිට පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් කියල යුස් කරනන උනේ එයාපෝර්ට් එකෙ ඉදලා kl සෙන්ට්‍රල් එකට එන එක විතරයි. එහෙ grab තමා තියෙන්නේ. grab දාල උන් එන්න ලේට් උනාම පාරේ තියෙන ටැක්සි වලින් ඇහුවාම උන් අපිව ගන්න කැමති නැ. ගොඩක් උන් හිතන්නේ අපි ඉන්දියන් කියලා. අපි අන්තිම දවසට කලින් දවසේ ෂොපින් කරලා මයිඩින් එක ඉස්සරහා පැය 2ක් හිටියා grab නැතුව. එදා පට්ටම වැස්ස. පාරේ තියෙන හැම ටැක්සි එකකින්ම අහලා අහලා චාටර් වෙලා එතනට ඉන්දියන් කාරයෙක් ආවා උගෙන් ඇහුවාම ඌ කැමති වෙලා දාලා අවා. තව දෙයක් කියන්න ඕනි එහෙ ග්‍රැබ් ඩ්‍රයිවර් විදියට අපිට ගොඩාක්ම සෙට් උනේ ගෑනු අය. සමහරක් උන් නම් පට්ට රෙස්පට්. සමහරක් උන් නම් හෙන හොදින් කතා කරා.

    කෑම ගැන කතා කරොත් අපිට තවත් වැරදිච්ච තැනක්. මේකේ පරණ ත්‍රෙඩ් වල තිබුනා rm 8 - 10 ට කන්න කෑම තියෙනවා කියලා. අපිටන හම්බුනේ kl සෙන්ට්‍රල් වල එක ඉන්දියන් කඩේක විතරයි ඒ ගානට. අපි කැවේම බිරියානි , රයිස් , kfc විතරයි. අලුත් ඒවා ට්‍රයි කරන්න බය උනා බඩ අප්සට් යයි කියලා. අපි කාපු කැම rm 20-40ත් අතර උනා. අපි ජලාන් අලෝර් නයිට් මාකට් එකේ ඇවිද්දත් එකේ කිසිම කමක් කෑවේ නැ. එකේ තිබුනෙම තායි, චයිනිස්, මැලේ කෑම විතරයි. තව සින් එකක් තිබ්බා අපි ඉන්න තැනට කෑම ගෙනන්න පුලුවන්. ග්‍රැබ් එකෙත් පුළුවන් එක. අපිට එක යුස් කරන්න බැරි උනා මොකද එකට කාඩ් එක හරි පේපැල් එක හරි ලින්ක් කරන්න ඕනි. අපි යුස් කාරී ෆුඩ් පැන්ඩා කියලා ඇප් එකක්.


    ෂොපින් කරන්න ගියේ අපි low yat plaza සහ mydin විතරයි. mydin එකෙන් චොකලට්, පවුඩර්, perfume වගේ දේවල් ගත්තා.low yat plaza එකෙන් mi පවර් බෑන්ක් එකකුයි ඩෑෂ් cam එකකුයි ගත්තා. කිරියේ පරණ ත්‍රෙඩ් වල තිබුනා බාගෙන් කරන්න පුළුවන් කතාවක්. එත් අපිටනම් එහෙම බාගෙන් කරන්න හම්බුනේ නැ. ඔක්කොම fixed price තිබුනේ.klcc එකටත් ගියා. එකේ ගණන් දැක්කම කම ටිකක් කාල එලියට ආවා. :lol::lol:

    අන්තිම දවස නිකන් නාස්ති උනා. අපේ ෆ්ලයිට් එක තිබුනී රැ 8යි ගානකට. අපි හිටිය එපාර්ට්මෙන්ට් එකේ චෙක් අවුට් එක 11ට තිබුනේ. එක්ස්ටෙන්ඩ් කරන්න බැලුවාම පැයකට rm25ක් ඉල්ලුව. අපි 11.30ට චෙක් අවුට් වෙලා. කාල පොඩි රවුමක් දාල 2කට විතර එයාපෝර්ට් යන්න බස් එකට නැග්ග. 3න වෙනකොට එයාපෝර්ට් එකේ. බෝඩින් ටයිම් එක එනකන් එයාපෝර්ට් එකේ වටයක් දදා හිටියා. අපු ෆ්ලයිට් එකනම් ගොඩාක් ගැස්සුනා. එයාපෝර්ට් එකෙන් එලියට ආවා විතරයි ඔලුව කැක්කුමකුත් හදුනා.


     
    Last edited:

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,825
    8
    35,339
    113
    Unless you fly with AirAsia with their annual sale, better use another airline. Special sale prices are cheap. I have flown from SIN to PNH for $24.00 on sale and return REP to SIN for $20.00.
    Haven't seen these fares recently even on their sale.

    Also when you visit a country take a few days to move away from the major cities. Don't limit to shopping. Every country got beautiful nature places. Sabah is a beautiful place.
    Nice to hear that you visited Langkawi. That's great. Liquor is very cheap. The hotel usually gives you a free car. There are specials there too. I booked Datai Langkawi for about $500 for the family for 5 nights all inclusive. Watch for the deals and book in advance.
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    10,921
    13,441
    113
    පෘථිවිය
    Niyamai. Awith gihin neda.
    Maxis, Celcom, Digi hondai, Umobile kiyala ekak aluthen tiyenawa ekath coverage hondai.
    Kema kanakota ape widihata kanna Indian kada tamai honda.
    Hebai godak malls wala food market ekak tiyenawa, ewage malay stalls wala ona wiyanjana illagena daganna puluwan, kohomath kukul keli wetunama eka portion ekakata RM4-6 add wenawa. Hebai Elawalu 3k ekka mas aran 10-12 tama uparima.
    RM20 kiyanne hondama kemak kewama tamai. (Posh nathi tan wala)
    Hebai Malaysia ena aya Malindo eke enna, eke pahasukam wedi. Airasia chamax, kakaulak digarinna be.
     

    MAD_MAX

    Well-known member
  • Mar 21, 2016
    683
    609
    93
    wena ratakata giyama a ratawala aluth kama kala try karapan ban. samahara patta kama tiyei. pork sate chicken sate tiyei spicy sauce ehekuth ekka patta.coconut ice cream tiyei.coconut juice ekak gahanawa patta ekath. api dakalawath nathi patta kama tiyei ban unge. street food tiyena market ehekata gihin balala balala kanda one.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    57,890
    86,095
    113
    ආශ්චර්යමත් රටක
    yanna kalin post ekak damma nam kiyanawa oya AirAsia mala jarawe yanna epa kiyala..

    kunuma kunu jarawak.. athi labekuth naa.. lokkoma add wela enakota padui... dan thread eka dapu kenath kiyala thiyenawa wage.. e addons nathuwa giyoth wathurawath na... :lol: ballekwath yawanna hoda nathi flight ekak... anatha wela refugee wage yanawanam hodai...

    mama ekama eka parai book kare. apahu na.. apahu malaysia wath yanne na pawle kenekwath yawanne na..

    mama nam danata giyapu ewayen 10/10 walin recommend karanne Singapore Airlines.. eka sarayak hari gihin balanna
     

    surarocks

    Active member
  • Apr 17, 2008
    694
    176
    43
    Machan sky bridge ekata yanna puluwanda... mama tika kalekata kalin giya, etakota wahala tibbe...

    Langkawi island hopper tour ekak giye nadda...