ගමේ ජීවිතේ

උබලයි ගමේ එවුන් ගැන මොකද බන් හිතෙන්නෙ.
ඇත්තටම මටනම් ගම එපා වෙලා තියෙන්නෙ.

ඒත් කරන්න දෙයක් නැති කමට ඉන්නව.

ගෙදරට අලුත් බඩු මුට්ටුවක් ගෙනාවොත් මාස ගානකින්
ගෙදරට ආවෙ නැති එවුනුත් ඔලුව දාල යනව. මොකක් හරි අඩුවක් කියල යනව.

ගෙදර මොකක් හරි අලුතෙන් හැදුවොත් ඒත් එහෙමයි.ඇවිත් බලල යනව. ආයෙ මාස ගානකට පැත්ත වත් බලන්නෙ නෑ..

වාහනයක් ගෙනාවොත් තරහ වෙලා ඉන්නව ගොඩක් එවුන්. අපි ඉන්න තැනදි වෙන අය එක්ක කියනව අර වර්ගයෙ වාහන හොද මදි , අල්ලපු ගමේ අරය පාවිච්චි කරන වාහනේ ඒක නම් මරු ..ඔය වගේ ඒවා

වයරින් කරන උන් , මේසන් වැඩ කරන එවුන් හිටියට වැඩක් කරගන්න බෑ. හිතුන හිතුන ගනන් කියන්නෙ ඉරිසියාවත් එක්ක. ඒ කොච්චර ගත්තත් උන්ට ඇත්තෙත් නෑ.අනිත් එක වැඩට ආවත් අපිට ඕන විදියට නෙවී උන්ට ඕන විදියට වැඩ කරන්න ඕන.පිට කාට හරි වැඩ දුන්නත් උන්ගෙ මූන හොද නෑ. තරහ වෙලා ඉන්නව මාස ගනන්.

ඒ මදිවට හොරු. ගෙයක් වහල යන්න බෑ. එලියෙ තියෙන ගහක් හරි ගලවන් යනව.

කේලම් කාරයො. කතා කරන්න බයයි. එක දෙක කරල වෙන ගෙදරක ගිහින් කියනව.

බීල පිස්සු කෙලින එවුන් වැඩි හරියක් ඉන්නෙ.

ඊළගට දේශපාලනේ කරන එවුන්. උන් එක එකාගෙ පස්සෙ යනව. උන්ගෙ දේශපාලකය උන්ට වැහිල ඉන්නෙ. ම්හිපිට ඕන දෙයක් උන්ට පුලුවන් වගේ ඉන්නෙ.

තව සෙට් එකක් ඉන්නව දේශ්පාලනයෙන් හම්බ කරගත්ත. රස්සාවල් ගත්ත. උනුත් හෙනම ලොකුවෙන් ඉන්නෙ. ඉගනගෙන වැඩක් නෑ කියලය් උන්ගෙ කටේ තියෙන්නෙම.

දෙමව්පියො ඉන්න නිසා අකමැති ගම් වල ඉන්න උන මම වගේ තව දහස් ගනන් ඇති
 

Baby_Girl

Active member
  • Mar 17, 2014
    244
    45
    28
    Colombo
    waththa wateta hariyata wata / thappe banda ganin. wadak karanna puluwan un hire karala wada aran padi deepan hariyata. athee durin minissu ashraya karapan. awashya de witharak katha kathakarapan. thamange paduwe wadak balagena hitapan. prashna athi karana unta police ye case eka file karpaan. game un hithana hati kiyana katha wadak na.
     

    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    එහෙම හැම වෙලාවේම නෑ බන්..මමත් ඉන්නේ ගමක...ගමක ඉන්නේ ගොඩක් වෙලාවට විවිධ මට්ටමේ අය එකට...නගරේ එහෙම නෑනේ...ගොඩක් වෙලාවට ඒ අයට වෙන දේවල් ගැන හොයන්න වෙලාවකුත් නෑ...ගමේ උන්ට එහෙමද....ගොඩක් අය හොදට අදුනනව...අනිත් අය ගැන හොයනවා...ඒ අය අපි ගැන ඇද කුද හොයනවා ඇති...අපි කරන්න ඕන එහෙම නොහිතෙන්න වැඩ කරන්න ඕන...:rolleyes:අපි ඒ අයගේ හිත දිනාගෙන උදවු කරගෙන ඉන්නව නම් ගොඩක් වෙලාවට ඔය ප්‍රශ්න ගොඩක් මඟ ඇරෙනවා...:Dමොකද එතකොට ඒ අයට අපිව වටින කෙනෙක්...එතකොට අපේ හිත රිදෙන්න අපිව හලලා පහත් කරලා කතා කරන්න උත්සාහ කරන්නේ නෑ...:yes:


    හොරු ගැන කතා කරන්නෙ නෑ..ඒ ප්‍රශ්න අපේ පැත්තේ නම් අඩුයි...ඒත් තියෙනවා ටිකක්..
    ගොඩක් වෙලාවට ගෙවල්වල තියෙන ඒවාට වඩා ඔය මොකක් හරි ඉඩම් වල තියෙන දෙයක් උස්සනවා...:(


    බොන එක නම් කතා කරන්න ඕන නෑ...ඒවා වැඩ ඕන තරම් ටවුන් වලත් තියෙනවා..හැබැයි ඒ අය කරදර කරන්නේ නෑ...මොකද ගොඩක් වෙලාවට අල්ලපු ගෙදර අය එක්කවත් වැඩි කතාවක්වත් නෑ...ගම්වල අය බොන හැටි දන්නෙත් නෑ...:Pබීලා ඉන්න හැටි දන්නෙත් නෑ...:no:


    දේශපාලනේ ගැන කතා වැඩක් නෑනේ...මම නම් කාගේවත් ලොකු ලයින් බලන්නේ නෑ..:no:කතා කරනවානම් කතා කරා...එච්චරයි...ඒ අයගේ ලොකුකම් ඒ අයට ලොකු වෙච්චාවේ කියල ඉන්න තියෙන්නේ...:dull:එතකොට තමයි රිදෙන්නේ...:yes:


    මේක තමයි මගේ පෞද්ගලික අදහස...
     
    Last edited:

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    FB_IMG_1574860554038.jpg
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    මාත් නං ගමක ඉන්නෙ. හැබැයි ඔහොම කචල් නං නෑ. ඔය උඹල ඉන්නෙ උඹලගෙ මුල්ගමේද ? පරම්පරාගත ගංකාරයො නොවුනමත් ඔය වගේ අවුල් තියනවා
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    පරම්පරාගත ගංකාරයො පදිංචියට ආපු අය එක්ක තරහයි
     

    Sootin Ayya

    Active member
  • Mar 8, 2017
    149
    37
    28
    චිකාගෝ ක්‍රමයෙන් (ඇහැට ඇහැක්, දතට දතක්, රෙපට රෙපක්) එහා ගිය යමක් එළකිරියට අවශ්‍යයි
    මගේ අම්මේ, තාත්තේ, සහෝදරයා, සහෝදරිය ඒ වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කරන්න.
    මාතෘ භූමියට ජයවේවා...
    කිරියට ජය වේවා....
    මට ජයවේවා

    ජයෙන් ජයම වේවා...!!


    xwn0Ayl.png
     
    මාත් නං ගමක ඉන්නෙ. හැබැයි ඔහොම කචල් නං නෑ. ඔය උඹල ඉන්නෙ උඹලගෙ මුල්ගමේද ? පරම්පරාගත ගංකාරයො නොවුනමත් ඔය වගේ අවුල් තියනවා

    එහෙම මරාගන්න සීන් නෑ. මරන්න ගහන වැඩ නෙවී , ඔය මම කිව්ව වගෙ හොද මූන පෙන්නල , කුහක වැඩ කරන සීන් තමයි තියෙන්නෙ
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මාතර ළමයා;24973058 said:
    එහෙම මරාගන්න සීන් නෑ. මරන්න ගහන වැඩ නෙවී , ඔය මම කිව්ව වගෙ හොද මූන පෙන්නල , කුහක වැඩ කරන සීන් තමයි තියෙන්නෙ

    ගමෙ උන් නෙවෙයි පුතා
    නෑයොත් ඔහොමයි :yes: