Appata siri me moko me

dxx

Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    වසර 28 කට පසු ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ මළල ක්‍රීඩා බලය අල්ලයි


    දකුණු ආසියාවේ මළල ක්‍රීඩා ආධිපත්‍යය යළි සියතට ගැනීමට ශ්‍රී ලංකාව සමත්ව තිබෙනවා. ඒ, මෙවර නේපාලයේ පැවැත්වෙන 13 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේදී රන් පදක්කම් 15 ක් දිනා ගනිමින්. විදෙස් රටක පැවති දකුණු ආසියානු ක්‍රීඩා උළෙලකදී ශ්‍රී ලංකාව දිනා ගත් වැඩිම රන් පදක්කම් සංඛ්‍යාව ද එයයි.

    1991 වර්ෂයේ ශ්‍රී ලංකාවේ පැවති 05 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේදී ද ශ්‍රී ලංකාව රන් පදක්කම් 15 ක් දිනා ගත්තා. ඒ අනුව වසර 28 කට පසු ඉන්දියාව ඇතුලු දකුණු ආසියානු රටවල් පරාජය කරමින් මෙවර දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේදී රන් පදක්කම් 15 ක් දිනා ගැනීමට ශ්‍රී ලංකාවට මෙවර හැකියාව ලැබුණා. කාන්තා මළළ ක්‍රීඩා ඉසව් දහ අටෙන් රන් පදක්කම්
    08 ක්ම දිනා ගත්තේ ශ්‍රී ලංකාවයි.

    අද පැවති මීටර් හාරසියය හතර කාන්තා සහ පිරිමි රන් පදක්කම් 02 ම දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණා. අවසන් වරට 2016 වසරේ පැවති දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේදී එම රන් පදක්කම් 02 ම දිනා ගත්තේ ඉන්දියාවයි. රන් පදක්කම් 15 ක් දිනමින් කලකට අමතක නොවන දක්ෂතා පෙන්නුම් කළ ශ්‍රී ලංකා මළල ක්‍රීඩා කණ්ඩායම ගීත ගායනා කරමින් සහ නර්තනයේ යෙදෙමින් නේපාලයේ කත්මණ්ඩු නුවරදී සිය ජයග්‍රහණය සැමරුවා. ක්‍රීඩා අමාත්‍යාංශයේ උපදේශිකාවක ලෙස කටයුතු කරන ඔලිම්පික් පදක්කම් ලාභී සුසන්තිකා ජයසිංහ ද ඊට එක් වුණා.

    ශ්‍රී ලංකා මළල ක්‍රීඩා කණ්ඩායම ලද මෙම ජයග්‍රහණය පිළිබඳ කණ්ඩායමේ කළමණාකරු මේජර් ජෙනරාල් මහින්ද මුදලිගේ මෙලෙස අදහස් පළ කළා.

    මේ වනවිට දකුණු ආසියානු පදක්කම් සටහනේ රන් පදක්කම් 30 ක් දිනා ගනිමින් ශ්‍රී ලංකාව පසු වන්නේ, තුන්වන ස්ථානයේයි. රිදී පදක්කම් 50 ක් සහ ලෝකඩ පදක්කම් 77 ක් දිනා ගැනීමට ද ශ්‍රී ලංකාව සමත්ව සිටිනවා.

     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    ජනාධිපති වෙනස් උනා විතරයි රට සෞභාග්ය කරා යනවා


    වැරදි නං නිවැරදි කරන්න. මේ සෙට් Select කරලා තිබ්බේ පහුගිය ආණ්ඩුව කාලේ නෙවෙයිද ? මට මතක විදිහට කේස් එකකකුත් ගියා කෙල්ලන්ගේ දුවන තරඟ වලින් අවසන් තරඟ වලින් දෙක තුන ප්ලේස් ආපු අයවත් මෙයාලා දාලා තිබ්බා කියල. හම්බුනොත් post එකත් දාන්නම්.
     

    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    Congrats our Heros..​

    Article-cover-6.jpg
     
    Last edited: