රනිල්ගේ ගේම

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,049
    5,816
    113
    canada
    පක්ෂ නායකත්වය ගැන සංශෝධනය සකසන්නැයි රනිල් කියයි.. ලංකාදීපේ පුවත ගැන මට ඇතිවුනේ සිනාවකි. රනිල් නම් මරුය. මරු නම් රනිල්ය. මට මතක්වුනේ ජනපතිවරණය ලන්වීමත් සමග රනිල් වහ වහා කලබලයෙන් විධායක ජනපතිදුරය අහෝසි කිරීමට හදිසියේ තීරනය කිරීමය. ඒ සදහා වහාම ක්‍රියාත්මක වීමයි. හේතුව ඉතා පැහැදිලිය. තමුන්ට මේ පාර ජනපති වෙන්න බැරි බව දන්නා නිසා විධායක ජනපතිදුරය අහෝසිකිරිම තුලින්ර නිල්ට ලැබෙන වාසි රාශියකි.

    (1) ගොටාබයට අවාසියක් කිරීම. ජනපති ධුරය නාමික නම්, ගෝට දිනවා ඇති වැඩක්දැයි ජනතාව කල්පනා කිරීම.
    (2) සජිත් දිනුවත් නාමික දුරය නිසා සජිත් පබයෙක් වීම හරහා රනිල් පක්ෂයේ තම අදිපත්‍ය තහවුරු කිරීම.
    (3) රනිල් අගමැති වූ පසු රටේ ප්‍රධානියා රනිල් වීම.

    MY3 ත් ඉන්නේ රනිල්ගේ බෝට්ටුවේ නිසා ඔහුගේ සහයද ගත හැකිය. JVP එකද එක පයින් කැමතිය. එහෙත් ජාතියේ වාසනාවට එය ඉටු නොවිය.

    (MY3 හෝ වේවා රනිල් හෝ වේවා සජිත් හෝ වේවා දන්ඩියාගේ මහේෂ් :rofl: හෝ වේවා අනුර කුමාර හෝ වේවා මේ සියලු ගෙනාගේම බිහිසුණු සහ සහාසික සතුරා ගෝටබයයි. සාමාන්‍යයෙන් මැතිවරණයකදී විපක්ෂයේ තරග කරන පිරිස් ආණ්ඩු බලයේ අපේක්ෂකයා පැරදවීමට ක්‍රියාකිරීම අරමුණු කරත් පහුගිය ජනපතිවරණය ඊට වඩා වෙනස්ය)

    සජිත් කෝපයෙන් විධායක ජනපති අහෝසිවීම ගැන කතා කළේය. ඒ "සජිත් භීතිකාව" කියන වචනයද පාවිච්චි කරමිනි.

    අවුරුදු 4 වැඩි කාලයක් තිස්සේ අවශ්‍යනම් විදායක ජනපති අහෝසි කිරීමට අවස්ථාව තිබියදී, මෙසේ හදිසියේ දනී පනී ගා කිරීම අහෝසි කිරීමට උත්සාහ කිරීම විහිළුවකි.

    අවරුදු 25 විතර පසු දැන් රනිල් පක්ෂ නායකත්වයෙනුත් විසිවෙන්න යන අවස්ථාවයි. රනිල්ගේ මොලය කාර්යක්ෂමව වේගයෙන් යලිත් වැඩ කරන්න පටන් ගෙන තිබේ. දැන් මට අමුතුවෙන් මේ කතාවේ ඉතිරි ටික ලියන්න උවමනා නැත. පහලින් ලංකාදීපේ පුවත බලන්න. රනිල් නම් මරුය. මරු නම් රනිල්ය.

    ...................................................................................................
    පක්ෂ නායකත්වය ගැන සංශෝධනය සකසන්නැයි රනිල් කියයි

    (නිමල කොඩිතුවක්කු)

    එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට හිමිව තිබෙන බලතල, වගකීම් සහ ධූර කාලය ආදී සියලූ ක‍්‍රියාපටිපාටියන් ඇතුළත් පක්ෂ ව්‍යවස්ථාවට ගෙන ආ යුතු සංශෝධනය වහාම සකස් කරන ලෙස එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජනාධිපති නීතීඥ තිලක් මාරපන මහතාට අද(15) දැනුම් දුන්නේය.

    එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා කළ ඉහත දැනුම් දීමට අනුව දැනට පවතින පක්ෂ ව්‍යවස්ථාවේ නායකත්වයට අදාළ පරිච්ඡේවල විශාල සංශෝධනයන් ඉදිරියේදී කිරීමට නියමිතය.

    එක්සත් ජාතික පක්ෂ ව්‍යවස්ථාවට අනුව නායකත්වයට පැවරී තිබෙන බලතල සහ වගකීම් කාලයට ගැළපෙන පරිදි සංශෝධනය කිරීම එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික‍්‍රමසිංහ මහතාගේ අරමුණ වී පවතී.

    එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් විසින් ඉදිරිපත් කරනු ලැබූ කරුණුද සැලකිල්ලට ගෙන පක්ෂ නායකත්වයට හිමිවෙන බලතලෙ, වගකීම් සහ ධූර කාලය සංශෝධනය විය යුතු බව එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා මෙයට පෙර ප‍්‍රකාශ කර තිබුණි.

    මෙයට අමතරව පක්ෂ නායකත්වයේ බලතල සහ කාර්යභාර්යයේ වියයුතු වෙනස්කම් පිළිබ`දව තරුණ මන්ත‍්‍රීවරුන් ඉදිරිපත් කළ අදහස් සියල්ල සැලකිල්ලට ගන්නා ලෙස එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජනාධිපති නීතීඥ තිලක් මාරපන මහතාට ලබාදුන් උපදෙස්වල වැඩිදුරටත් ස`දහන් වේ.

    copyright :Lankadeepa newspaper
    .........................................

    600_1(35).gif



     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගූ ඇන් පි පොන්නයො කවද්ද මචන් වැඩක් හරියට කරේ, ඔය පොන්නයව එලවන්ඩ ඔනෙ නම් කනට දෙකක් ගහල එලවන්ඩ එක පිරිමියෙක් ඔය ගූ ඇන් පියෙ නැ ඉන්නෙ ඔක්කොම පම්පි.
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ගූ ඇන් පි පොන්නයො කවද්ද මචන් වැඩක් හරියට කරේ, ඔය පොන්නයව එලවන්ඩ ඔනෙ නම් කනට දෙකක් ගහල එලවන්ඩ එක පිරිමියෙක් ඔය ගූ ඇන් පියෙ නැ ඉන්නෙ ඔක්කොම පම්පි.

    mokku ? :eek:
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,049
    5,816
    113
    canada
    මේකේ රතු කොටු පුරවගත්ත සෙට් එකක් ඉන්නවා. ආණ්ඩුවේ පොඩ්ඩක් එහෙ මෙහෙ උනොත් කෙලින්ම ගේම ඉල්ලනේ. බුරාගෙන පන්නිනේ. යක්කු වගේ.

    යකෝ අවරුදු 25ක් රනිල් මේ පක්ෂේ විනාස කරනකොට උබල මොකද කරේ ?. කන්නාඩියක් ඉස්සරහට ගිහිල්ල කලිසම පහත් කල බලපල්ලා මොකක්වත් තියෙනවද කියල:rofl::P. එක හරි හමන් පිරිමියෙක් නැද්ද ඔය පක්ෂේ
     
    Last edited:

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    "කුමන පරාජයක් හමුවේ වුවද ඉන්ද්‍රඛීලයක් සේ නැඟී සිටිය යුතුයි. 2015 දී මහින්ද දේශපාලනයෙන් ඉවත් වූවානම් අද ඔහු අගමැති නෙවෙයි. පරාජය ඉදිරියේ නායකත්වයෙන් ඉවත් වීම දේශපාලන වශයෙන් පරිණත නායකත්වයට සුදුසු නෑ." - රනිල් :lol::lol:


    79356178_166785201390700_6754583221175844864_o.png
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,049
    5,816
    113
    canada
    "කුමන පරාජයක් හමුවේ වුවද ඉන්ද්‍රඛීලයක් සේ නැඟී සිටිය යුතුයි. 2015 දී මහින්ද දේශපාලනයෙන් ඉවත් වූවානම් අද ඔහු අගමැති නෙවෙයි. පරාජය ඉදිරියේ නායකත්වයෙන් ඉවත් වීම දේශපාලන වශයෙන් පරිණත නායකත්වයට සුදුසු නෑ." - රනිල් :lol::lol:

    sirawata :rofl:
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,910
    3,462
    113
    Pls wear a MASK
    රනිල ඔය ගේම් මොක ගැහුවත් සමහර අපතයෝ මරා රනිල් යාළුවො කියල කියන ඵකනේ වැඩේ..
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,346
    1
    57,408
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    රනිල ඔය ගේම් මොක ගැහුවත් සමහර අපතයෝ මරා රනිල් යාළුවො කියල කියන ඵකනේ වැඩේ..

    ඇත්තටම උන් දෙන්න යාලුවොද? තරහකාරයොද? නියුට්‍රල් ද?:shocked: