Api mewa denagaththe poth kiyawalada? Saththu hariyatama koranna danne poth kiyawalada?![]()
ඔබතුමා කරන විදිය නම් දන්නේ නැහැ, හැබැයි සත්තු කරන විදියට වෙන්න ඕන නැති නිසා තමයි ලිංගික අධ්‍යාපනය ඕන.


නැත්නම් ඔබ තුමාගේ දැනුමේ හැටියට, සත්තු කරන ක්‍රමය තමයි හරි. ඒ කියන්නේ ඔබ තුමාටත් ලැබිය යුතු අධ්‍යාපනය ලැබිල නැහැ.
(සත්තුන්ගේ ක්‍රමය මම මෙතන විස්තර කරන්න ඕන නැහැ නේ. සාමාන්‍ය දැනුමක් තියෙන ඕනෑම කෙනෙක් දන්නවා )
එක ලිංගිකත්වයට විතරක් නෙවේ අනිකුත් හැම දේටම අදාලයි.
අනිත් එක ලිංගිකත්වය කියන්නේ සංසර්ගය නෙවේ. සංසර්ගය එකේ කොටසක් විතරයි. ඔතනිනුත් අපි සත්තුන්ගෙන් ගොඩක් වෙනස් වෙනවා.
අදාල අවයව පිරිසිදුවට තියාගන්න හැටි, අදාල සිතුවිලි පාලනය කරන හැටි, අපචාර වලින් ගැලවෙන හැටි, උපත් පාලනය.. මේ වගේ ලොකු පරාසයක් තියෙන දෙයක්. මේ පිලිබඳ මෙහෙම හරි අතගහපු එක විටිනවා. ඊට පස්සේ තමයි ටික ටික දියුණු වෙන්නේ. එක පාරම සර්ව සම්පුර්ණ කිසිදෙයක් බිහි වෙන්නේ නැහැ. (කවදාවත් සර්ව සම්පුර්ණ දෙයක් බිහිවෙන්නේත් නැහැ)
අනිත් අතට සත්තු ජිවත් වෙන්නත් දන්නෝ. හැබැයි සතෙක් විදියට ජිවත් වෙනවද? එහෙමත් නැත්නම් මිනිසෙක් විදියට ජිවත් වෙනවද කියන එකත් ඔබතුමා ඔබතුමාට පමණක් තීරණය කරන්න. හැබැයි ඔබතුමාට සතෙක් විදියට ඉන්න ඕන කියල, අනිත් ශ්‍රී ලන්කිකයනුත් සත්තු වගේ ඉන්න ඉන්න ඕන කියල හිතනවා නම් ඔබතුමාට ගොඩක් වැරදිලා.
ඒ වගේම ලිංගික අධ්‍යාපනයට එරෙහි වෙන සියලුම දෙන මේ ලංකාවේ වෙන සියලුම අපචාර වලට, ළමා ගැබ් ගැනීම් වලට, වැරදි මත වලට, ගබ්සා වීම් වලට අඩු වැඩි වශයෙන් වග කියන්න ඕන වගේම, ඒ පව් වලටත් යම් තාක් දුරකට කරගහන්න ඕන.




