MAHAADENAmutta

Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    මොකද්ද ඒ ඇලවීමෙන් බලාපොරොත්තු වෙන්නේ...
    ඔබට මුණගැහිලා තියනවද නැත්නම් ඇහිලා තියනවද ගැලවෙන්න යන විවාහ ජීවිත අලවා තබන්න භාවිතා කරන (එක්) ගම් වර්ගයක්..(එකක් කියලා කිව්වේ ගැලවෙන්න යන ඕනම දෙයක් අලවන්න ගොඩක් දේ ඕන නිසයි)..මට නම් ඕන තරම් ඇහිලා තියනවා, මේ ගම් වර්ගය භාවිතා කරන යුවළවල්..දැකලත් තියනවා..මොනවද දන්නවද ඒ ගම් වර්ගය..ඒ තමයි දරුවන්...(ගැලවෙන්න යන විවාහ ජීවිත වල දරුවන් හැදීම කියන කරුණ ගැන වෙනම කතා කරන්න ඕන)

    විවිධාකාර හේතු නිසා ඇතුලාත්නයෙන් එකිනෙකා පිළිබඳ ආදරයක් ගෞරවයක් නැති, පිටතින් ගම් ගා තාවකාලිකව අලවා ඇති මේ ජීවිත වල තේරුම් ගැනීම කියන්නේ අත පොවන්න නොහැකි දුරක ඇති හීනයක් බව මට හිතෙන්නේ මීට වසර 18කට විතර කලින් ඉඳන් මම අහන දකින දේවල් නිසා එදිනෙදා අවට පරිසරයේ..(විවාහය කියන වචනය සමඟ අවට පරිසරයේ මිනිසුන් ගනුදෙනු කරන විදිහ ගැන පැහැදීමක් නොතිබු නිසාම, මගේ ජීවිතේ මට තිබුනෙම නැතී හීනයක් තමයි විවාහය කියන එක...පිටතින් ගම් ගා අලවන ජීවිත වලට ඇලවෙන්න මම ආස නැහැ කවදත් )

    දැන් මේ කැඩෙන්න ගැලවෙන්න ඔන්න මෙන්න තියන විවාහ අලවගන්න දරුවන් නමැති ගම් වර්ගය භාවිතා කලාම මොකද වෙන්නේ දරුවන්ට..වෙන මොකක් වෙන්නද.. සපත්තු හරි වෙන මොනවා හරි කැඩුනම super glue ගාලා ඇතිනේ හැමෝම.. අන්න ඒ දේම තමයි දරුවන්ට වෙන්නේ කියලයි මට නම් හිතෙන්නේ.. දරුවෝ සදාකාලිකවම ගල් වෙලා..දෙමාපියන් අතරේ හිර වෙලා..නිදහස් සැහැල්ලු මනසකින් වැඩෙනවා වෙනුවට ඒ පුංචි මනස ලොකු අයගේ ගැටලු වලින් හෙම්බත් වෙලා..(කෙනෙක් කියාවි super glue හදලා තියෙන්නේම ගැලවෙන දේවල් නොගැලවෙන්නම අලවන්න කියා..ඒත් දරුවන් යනු පණ නළ ගැහෙන ජීවයක් බව අමතක කරන්න එපා)

    එහෙම නැතුව දෙන්නා දෙමහල්ලෝ (ඇයි දන්නේ නෑ එහෙම කියන්නේ.. හොයන්න ඕන දෙයක්) අලවන්න ගම් හොයන්න හදිස්සි වෙන්නේ නැතුව ඇයි ගැලවෙන්නේ කියා හෙව්වා නම් ටිකක් ඉවසීමෙන්..කතා බහ කලා නම් විවෘතව... වැඩිහිටි අපිට තේරෙනවනේ ගැලවෙන්න කලින් ඉඳලම..නොතේරුනා වගේ හිටියට අඳ ගොලු බිහිරි චරිත රඟපෑවට..ඇයි එකිනෙකා ගැන මුලින් තිබුන ආදරය වියැකෙන්නේ.. මුලින් තිබුන ගෞරවය වියැකෙන්නේ..(එහෙම තිබ්බා නම්..නැති වෙන්නේ නැ මුල ඉඳන්ම නැති දෙයක්..ඇති කර ගන්න නම් පුලුවන්)..

    ගැලවෙන්න යන ඕනම බැඳිමක් ආපහු එකතු කර ගන්න වචන කියන්නේ හොඳ ගම් වර්ගයක්.. හැබැයි තමන්ගේ හදවතින් එන අවංක ස්වාධීන වචන..තමන් විසින්ම ගම් වර්ගයක් ස්වාධීනව හොයා ගත්තා නම් අනුන්ගේ පහනෙන් එළිය බලන්නේ නැතුව...එහෙම උනේ නැත්නම් කකුළුවෝ ඇදේට යන ගමන් පැටවුන්ට කෙලින් යන්න කියලා තේරුමක් නැති නිසා දරුවොත් පුරුදු වෙන්නේ තමන්ගේ දරුවන්ව ගම් වර්ගයක් ලෙස භාවිතා කර කාලයත් එක්ක එපා වෙන තමන්ගේ සහකාරිය හෝ සහකරු අලවා තබා ගන්න පිටට පේන්න පමණක් හෝ..

    තමන් තමන්ට අවංක නැත්නම්, දෙදෙනාට දෙදෙනා විවෘත නැත්නම් මට හිතෙන්නේ අනුන්ගෙන් ඉල්ලා ගත් ගම් වලින් අලවන්න උත්සහ කරන එක නැති ගැටලු මවන දෙයක් කියලයි... කොහොමත් බොහෝ මිනිසුන් තමන්ගේ ගැටලු වලට මුහුණ දෙන්න ගොඩක් අකමැතියි කෙලින්, අනුන්ගේ ගැටලු වලට විසඳුම් හොයන්න දාර්ශණිකයන් උනත්..බොහෝ මිනිස්සු කරන්නේ තමන්ගෙ ගැටලු කොහොම හරි මඟ හැර අනිත් අයගේ ගැටලු තමන්ගේ කර ගන්න එක..අන්තිමේ පැටලුනු නූල් බෝලයක් වගේ පූස් පැටියෙක් නොනවත්වා සෙල්ලම් කල ජීවිතය තමන්ගේත් අනුන්ගේත්..


    ප.ලි.: "මම නම් මේ කසාඳේ ඉන්නේ දරුවෝ නිසා..දරුවෝ නැත්නම් එපා වෙලා ගොඩක් කල්.. දරුවට අම්මෙක් ඕන තාත්තෙක් ඕන..ලෝකේට පේන්න පවුලක් ඕන.." මෙහෙම කියන අය ඕන තරම්..ඇයි මෙහෙම කියන්නේ..ඇයි තමන්ගේ සහකාරිය හෝ සහකාරයව එපා වෙන්නේ..ඇයි පවුල් ජීවිතය එපා වෙන්නේ..ඇයි ඒ ගැන දෙන්නත් එක්ක ඉවසීමෙන් හිමින් කාලය අරගෙන විවෘතව කතා නොකර කාගෙන් හරි ගම් ටිකක් හොයාගෙන තාවකාලිකව පිටට පේන්න අලව ගන්න හදන්නේ..මොකද්ද ඒ ඇලවීමෙන් බලාපොරොත්තු වෙන්නේ කෙනෙක්..



    උපුටා ගත්තේ අඳුරෙන් ආලෝකයට බ්ලොග් එකෙන් පුතී! http://adurenalookayata.blogspot.com/2018/11/blog-post.html
     
    • Like
    Reactions: Hermes

    Hermes

    Well-known member
  • Mar 21, 2019
    1,286
    815
    113
    Mount Olympus
    Atta kathawa.... math marry karapu alutha athi una prashnayk hinda divorce wennam hitha hitha iddi, babek hambenna awa... dan atthatama thiranyk gnna baruwa inne..
     
    Last edited:
    • Like
    Reactions: MAHAADENAmutta

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මුත්තා අලුත් අවුරුද්දෙ සුපිරි කතාවක් නෙ දාලා තියෙන්නෙ..මගෙත් යාලුවො ඉන්නවා ලමයි නිසා ජිවත් වෙන වගෙම ලමෙක් හදගෙන පවුල රැක ගන්නවා කියන මතේ ඉන්න අය..
    ඇත්තටම ලංකාවේ විවාහය කියන දෙ හිසරදයක් කරලා තියෙන්නෙ..යම් වයස් සිමාවක් තුල විවාහ විය යුතුමයි,එ මොකද කියලා ඇහුවොත් කියන්නෙ නිරෝගි දරුවන් බිහිකල හැකි වයස් සිමාව නිසා කියලා..
    විවහායක් සිදු කරගන්නෙ දරුවන් බිහිකල යුතු නිසාමද..
    විවාහයක් රැක ගතයුත්තෙ දරුවන් නිසාමද....
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    මුත්තා අලුත් අවුරුද්දෙ සුපිරි කතාවක් නෙ දාලා තියෙන්නෙ..මගෙත් යාලුවො ඉන්නවා ලමයි නිසා ජිවත් වෙන වගෙම ලමෙක් හදගෙන පවුල රැක ගන්නවා කියන මතේ ඉන්න අය..
    ඇත්තටම ලංකාවේ විවාහය කියන දෙ හිසරදයක් කරලා තියෙන්නෙ..යම් වයස් සිමාවක් තුල විවාහ විය යුතුමයි,එ මොකද කියලා ඇහුවොත් කියන්නෙ නිරෝගි දරුවන් බිහිකල හැකි වයස් සිමාව නිසා කියලා..
    විවහායක් සිදු කරගන්නෙ දරුවන් බිහිකල යුතු නිසාමද..
    විවාහයක් රැක ගතයුත්තෙ දරුවන් නිසාමද....

    :yes::yes::D