සද්ද විද්ද රන්ජන් මහතා ඉමහත් අකරතැබ්බයකට පත් වූයේ නවීන තාක්ෂණයේ ප්රවණතා සිය ආරක්ෂාව උදෙසා යොදා නොගැනීම නිසාවෙනි. එනම් සිය රහසිගත වටිනා ලිපිගොනු, වීඩියෝ සහ ඕඩියෝ පට ඩිජිටල් ක්ලවුඩ් නොහොත් වළාගත නොකිරීම හේතුවෙනි. මෙලෙස අපරික්ෂා කාරී වීමෙන් සිදුවන වින්නැහිය මුලින්ම දුටුවේ අරිසෙන් අහුබුදුවන්ය. උන්නැහේ එය ගීතයෙන් පැවසූවේ මෙසේයි;
වළාකුලින් බැස සමන් කුලත් වැඳ
එලෝ බලා යනවා
අනේ මගෙන් වැඩ ගනිවු ගනිවු
හඬ හඬා ඔහේ යනවා
එනම්, ඩිජිටල් ක්ලවුඩ් වලින් රහසිගත ෆයිල්ස් බාගත වුවහොත් දෙයියන් බුදුන් සිහි කරමින් එලෝ යන්නට වන බවය. බරපතළ වැඩ සහිතව හිරබත් කෑමට පවා සිදුවන බවය..
එසේම ක්ලවුඩ් තාක්ෂණයේ මහිමය සහ වැදගත් කම කුලරත්න ආරියවංශයන්ද සිය නැණින් දැක ඇති ආකාරය ආශ්චර්ය ජනකය. ඔහුගේ පද රචනය ටී.එම්. ජයරත්නයන් මෙසේ පවසයි;
වළා තීරයෙන් එහා
කොහේද ලෝකයක්..
සොයා ඇදෙන් පැතුම් බිඟුන්
අපේම ලෝකයක්...
තරංඟයක් ලෙසින් අදී
බිදී නොයන් සිතින්..
වසන්තයක් ලෙසින් උදාව
එන්න ජීවිතෙන්...
ඩිජිටල් ක්ලවුඩ් වලින් එහාට වෙන ලෝකයක් ගැන අප සිතන්නේ කෙසේද? අපේ ප්රාර්ථනා බෘංගරාජයන් එලෙස ක්ලවුඩ් තාක්ෂණය ඔස්සේ ඇදෙන්නේ අපේම නව ලෝකයක් දෙසටයි. එලෙසම තරංග තාක්ෂණය ඔස්සේ අදිමින් අප්ලෝඩ් සහ ඩවුන්ලෝඩ් කරමින් නොබිඳෙන සේවයක් සපයමින් සිත සතුටු කරන මේ ක්ලවුඩ් තාක්ෂණය ජීවිතයේ වසන්තය උදා කරයි..
බලන්න අපේ සම්භාවනීය ගේය පද රචකයන්ගේ තුන්කල් දක්නා නුවණක මහිම!
~ ~
Copied from moditha sendanayake's Facebook

ඕනම service එකක් හදන්නෙ මිනිස්සුනෙහ් මචන්, ඉතින් මිනිස්සුන්ටම ඒවත් හැක් කරන්න පුලුවන් ඕනම වෙලාවක.
පෙන්ටගන්/ FBI සයිට් වලට ගහනවනම් ඕවා මොනවද මචන් නතින්ග් නෙහ් 