GOTA & DUMINDA SILVA

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,405
    113
    භාරත ලක්ෂ්මන් ඇතුළු සිව්දෙනෙකු ඝාතනය කිරිම සම්බන්ධයෙන් දැනට මරණ දඩුවම ලබාසිටින කොළඹ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආර් දුමින්ද සිල්වාට ජනාධිපති සමාව යටතේ නිදහස් කරන ලෙස ඉල්ලා දුමින්ද සිල්වාගේ මව සහ පියා අද උදැසන 10.30ට පමණ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවී ඇතැයි වාර්තාවේ.

    එහිදී දුමින්ද සිල්වාගේ පියා වන ප්‍රේමලාල් ද සිල්වා විසින් ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිට ඇත්තේ පසුගිය ජනාධිපතිවරණයෙදි ගෝඨාභය රාජපක්ෂ මහතාට ජයක්ග්‍රාණය කිරිම සදහා තම වැඩිමහල් පුත්‍රයාගේ හිරු නාලිකාව විශාල කාර්යභාර්‍යක් සිදුකළ බවත් එම නිසා හැකි ඉක්මනින් දුමින්ද සිල්වා ජනාධිපති සමාව යටතේ නිදහස් කරන ලෙස දුමින්දගේ පියා විසින් ඉල්ලා තිබේ.

    මෙහිදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවදාරණය කර තිබෙන්නේ පසුගිය ජනාධිපතිවරණයෙදි හිරු නාළිකාව තමන් ජයක්ග්‍රාණය කිරිම සදහා ලබාදුන් සහයෝගය සම්බන්ධයෙන් තමන් බෙහෙවින් ස්තුතිවන්ත වන බවත් නමුත් පහල අධිකරණයේ සහ අභියාචනාධිකරණය හමුවේ දෙවරක් වරදකරුවු මිනිමරුවෙක් නිදහස් කිරිම කිසිසේත්ම කළ නොහැකියි යැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දුමින්ද සිල්වාගේ පියාට පවසා තිබේ.

    අනතුරුව දුමින්ද සිල්වාගේ පියා එම අවස්ථාවේ ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ අඩා වැලපෙමින් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ දෙපා වැද කෙසේ හෝ තම පුතා නිදහස් කරන ලෙස නැවත වතාවක් ආයාචනා කළද ජනාධිපතිවරයා විසින් යලිත් එම ඉල්ලිම ප්‍රතික්ෂේප කර තිබේ.

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අදහසවී ඇත්තේ දුමින්ද සිල්වා නිදහස් කිරිමට නම් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු එදා භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර සමග මියගිය සිව්පුද්ගලයින්ගේ පවුලේ උදවිය හමුවී දුමින්ද සිල්වාට ජනාධිපති සමාව ලබාදෙන ලෙසට හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සහ අනෙක් භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර සමග මියගිය පවුලේ උදවියගේ අත්සන සහිත සංදේශයක් තමන්හට භාරදෙන ලෙසට ජනාධිපතිවරයා විසින් දුමින්ද සිල්වාගේ පියාට අවදාරණය කොට තිබේ.

    වැඩිදුරටත් අදහස් දැක්වු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් දුමින්ද සිල්වාගේ පියාට පවසා ඇත්තේ තමන්ට හැටනව ලක්ෂයක්වු ජනතාව ජන්දය ලබාදුන්නේ පාස්කු ප්‍රහාරයට වගකිවයුතු පිරිස්හට සහ මහබැංකු බැදුම්කර වංචාවට සම්බන්ධ අයට දඩුවම් කිරිමට බවත් එමනිසා දුමින්ද සිල්වා නිදහස් කිරිමට දුමින්ද නිදහස් කිරිම කිසිසේත්ම කලනොහැකි දෙයක් බව පවසා ඇත.

    තවද ජනාධිපතිවරයා පවසා ඇත්තේ දුමින්ද සිල්වාට ජනාධිපති සමාව ලබාදුන්නොත් රටේ සිටින සෑම මිනිමැරුම් මංකොල්ලකෑම් වලට ස්ත්‍රී දූෂණ වලට මත්ද්‍රව්‍ය වලට අදාල සිදුවීම් වලට වගකිවයුතු පුද්ගලයන්ටද ජනාධිපති සමාව ඉල්ලා රටේ තිබෙන බන්දනාගාර වල සිටින සිරකරුවන් වහලයට නැග උද්ඝෝෂණ කරනු ඇති බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් කරුණු පැහැදිලි කර තිබෙන්නේ.

    ඒ අනුව දුමින්ද සිල්වා නිදහස් කිරිමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රතික්ෂේප කිරිම නිසා දැඩි කලකිරිමට සහ දුකට පත් දුමින්ද සිල්වාගේ පියා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සමුදී කමක් නැහැ ගිහින් එන්න යනුවෙන් පවසා තිබේ.
     
    • Haha
    Reactions: AshenTM

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    "පසුගිය ජනාධිපතිවරණයෙදි ගෝඨාභය රාජපක්ෂ මහතාට ජයක්ග්‍රාණය කිරිම සදහා තම වැඩිමහල් පුත්‍රයාගේ හිරු නාලිකාව විශාල කාර්යභාර්‍යක් සිදුකළ බවත් එම නිසා හැකි ඉක්මනින් දුමින්ද සිල්වා ජනාධිපති සමාව යටතේ නිදහස් කරන ලෙස"


    මුන් බලහංකො :baffled:
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,600
    2
    115,444
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    Source?


    "ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අදහසවී ඇත්තේ දුමින්ද සිල්වා නිදහස් කිරිමට නම් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු එදා භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර සමග මියගිය සිව්පුද්ගලයින්ගේ පවුලේ උදවිය හමුවී දුමින්ද සිල්වාට ජනාධිපති සමාව ලබාදෙන ලෙසට හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සහ අනෙක් භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර සමග මියගිය පවුලේ උදවියගේ අත්සන සහිත සංදේශයක් තමන්හට භාරදෙන ලෙසට ජනාධිපතිවරයා විසින් දුමින්ද සිල්වාගේ පියාට අවදාරණය කොට තිබේ"


    මම ජනාධිපති නම් ඔය ටිකම තමා කියන්නෙ හිටං
     

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    10,932
    23,646
    113
    hiru eke kiwwe nane?

    හිරු එකේ මේක කියන්න පුළුවන්ද බන් :dull:

    "ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අදහසවී ඇත්තේ දුමින්ද සිල්වා නිදහස් කිරිමට නම් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු එදා භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර සමග මියගිය සිව්පුද්ගලයින්ගේ පවුලේ උදවිය හමුවී දුමින්ද සිල්වාට ජනාධිපති සමාව ලබාදෙන ලෙසට හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සහ අනෙක් භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර සමග මියගිය පවුලේ උදවියගේ අත්සන සහිත සංදේශයක් තමන්හට භාරදෙන ලෙසට ජනාධිපතිවරයා විසින් දුමින්ද සිල්වාගේ පියාට අවදාරණය කොට තිබේ"
     

    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    තමන්ට හැටනව ලක්ෂයක්වු ජනතාව ජන්දය ලබාදුන්නේ පාස්කු ප්‍රහාරයට වගකිවයුතු පිරිස්හට සහ මහබැංකු බැදුම්කර වංචාවට සම්බන්ධ අයට දඩුවම් කිරිමට බවත්
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,583
    40,121
    113
    සෝස් කියලා ඩීඑන්ඒ ගලපලා දෙන්නද බන්. සීන් එක දන්නෝ දනිති. දුමින්දට නිදහසේ වැඩ කරන්න තමයි දුමින්දට කම්පිටිශන් එකක් තියෙන අයව ස සුද්ද කරල දුන්නෙ. ස පාතාලේ මර්ධනය කරා කුඩු නැති කරා කියලා මිනිස්සු කියන්නෙ ඒ නිසයි.
     
    • Like
    Reactions: ITGuy25