චීනයේ වේගයෙන් පැතිරී යන මාරාන්තික කොරෝනා වෛරස් ආසාදනය වී යැයි සැකපිට ශ්‍රී ලාංකික කාන්තාවක් සහ චීන ජාතික කාන්තාවක් උණ රෝහලට ඇතුළු කර ඇත.
ඔවුන් දෙදෙනා හදුනාගෙන ඇත්තේ කටුනායක ගුවන්තොටුපලේදීය.
රෝහගේදී ඔවුන්ගේ පරීක්ෂණ සිදු කිරීමෙන් පසු ඔවුන් එම වෛරස් ආසාධිතයන්ද නැද්ද යන්න නිවේදනය කරනු ඇත.
මෙම වෛරස් රෝගය හඳුනාගත හැකි මූලික රෝග ලක්ෂණ වන්නේ තද උණ, සෙම්ප්‍රතිශ්‍යාව, උගුරේ වේදනාව, දැඩි හිසරදය, ඇඟපත වේදනාව සහ කැස්සයි.
පුද්ගලයෙකුගෙන් පුද්ගලයෙකුට මෙම රෝගය බොහෝ විට පැතිරෙන අතර කැස්ස සහ කිවිසුම් යාම මගින්ද එය පැතිරෙයි.
මේ අතර විදෙස් වාර්තා පවසන්නේ චීන වෛද්‍ය කණ්ඩායමක් විසින් මේ සඳහා වන සාර්ථක ප්‍රතිකාර සොයාගෙන ඇති බවයි