BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

Status
Not open for further replies.

ROCCO-X

Well-known member
  • May 12, 2017
    9,921
    3,499
    113
    Pls wear a MASK




    :yes:And this one.


    0jkvRVC.png
     

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,461
    6,639
    113
    Land of Lions
    ලංකාව හොදයි බං, මෙල්බන් වල බලන බලන තැන මාස්ක් සොල්ඩ් අවුට්.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,797
    66,992
    113
    ලංකාව හොදයි බං, මෙල්බන් වල බලන බලන තැන මාස්ක් සොල්ඩ් අවුට්.

    Chinese buy them in bulk and sell in gumtree
     

    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,572
    838
    113
    දැනට හොයාගෙන තියෙන දත්ත අනුව කොරෝනා වයිරසය ඇවරේජ් දවස් 10ක් මිනිස් සිරුරේ තියෙනව රෝග ලක්ශණ එන්න කලින්, ඊට අමතරව එක පුද්ගලයෙක් සාමාන්‍ය වශයෙන් තවත් පුද්ගලයින් 2.5, 3 කට බෝ කරනව කියල චීන රජය පැවසුවත් අනෙකුත් ආයතන එය 10ක් ලෙසද ප්‍රකාශ කරනවා.
    මෙහිදී Coronavirus Spread Prediction පහත ලෙස දක්වන්න පුළුවන්. ලෝකයේ (චීනයේ) දත්ත අණුව අද තියෙන තත්ත්වයයි, ලන්කාව අද තියෙන තත්වයයි මේ විදිහට දක්වන්න පුළුවන්.

    CVS-1.jpg


    බය හිතෙනම දේ තමයි චීනේ මේක 2019 දෙසැම්බර් අන්තිම පටන් අරන් දවස් 20 ඇතුලත එයාල වුහාන් හුදෙකලා කරනවා. ලන්කාව අද ඉන්නේ චීනේ මේක පටන් ගත්ත දවස් වල අවදියේ, තව දවස් 15 - 20ක් අතරදි අපිටත් වෙන්නේ චීනේ අද (2020-01-29) තියෙන තත්වෙට මුහුණ දෙන්න, ඒක නිසා නිවැරදි සුව පුරුදු ඇති කරගන්න.


    OPEN FOR DISCUSSION
     

    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63
    ලංකාව හොදයි බං, මෙල්බන් වල බලන බලන තැන මාස්ක් සොල්ඩ් අවුට්.

    why u need them. i didn’t not see a single person wearing one yet. might be in the city but i have not yet
     

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,461
    6,639
    113
    Land of Lions
    අපි වුහාන්වල හිරවෙලා ඉන්නෙ. අපිව ලංකාවට එපා කියන්න එපා – කපිතාන් මාධවී කියයි.

    අපිට කරදරයක් නැහැ. අපි දැනට ආරක්ෂිතව ඉන්නවා. මම කැම්පස් එක ඇතුළෙම නැවතිලා ඉන්නේ. අපේ අනිත් තිස්තුන්දෙනා වූහාන්වල කැම්පස් වටේ ඉන්නේ. අපි එළියට බහින්නෙවත් නැතුව ඉන්නවා.’ යැයි වූහාන්හි සිරවී සිටින ශ්‍රී ලංකා යුද හමුදාවේ කපිතාන්වරියක වන මාධවී පෙරේරා ‘අරුණ’ට පැවැසුවාය.

    බදුල්ලේ පදිංචි කපිතාන් මාධවී පෙරේරා චීන රජයෙන් ලද ශිෂ්‍යත්වයක් මත මීට වසරකුත් මාස හතරකට පෙර චීනයේ වූහාන්හි හුවාසුන්ග් විද්‍යා හා තාක්ෂණ විශ්වවිද්‍යාලයේ ජීව රසායනය පිළිබඳ පශ්චාත් උපාධිය හැදෑරීමට ගිය මො​හොතේ මෙසේ වූහාන්හි කොටුවී ඇත.

    ‘මගේ යුනිවර්සිටි එකේ ලංකාවේ එකොළොස් දෙනෙකු ඉන්නවා. මම තාවකාලික නිවාඩු ලබාගෙන පී.එච්.ඩී. එක කරන්න ආවා. ජනවාරි මුල සතියේ වැකේෂන්වලට ලංකාවට එන්න හිටියත් වැඩ තියෙන නිසා මහාචාර්යතුමා අපිට නිවාඩු යන්න එපා කිව්වා.

    චීනයේ අයගේ අවුරුද්ද නිසා එයාලා නිවාඩු. නිවාඩුවට කඩ වහන නිසා මම සතිදෙකකට කෑම ස්ටෝර් කළා. එකපාරටම 21 දා තමයි කිව්වේ වූහාන්වල ඔක්කොම වහනවා කියලා. මෙට්‍රෝ, එයාර්පෝට් වහනවා කිව්වා.

    කැම්පස් එක ඇතුළේ මම නැවතිලා හිටියේ. මගේම බැජ් එකේ යාළුවෝ කැම්පස් එකෙන් එළියේ ෆැම්ලිවල අයත් එක්ක නැවතිලා හිටියා. අපි අපේ අයත් එක්ක සබඳතා තිබුණා. එක පාරටම වූහාන් සීල් කළා කියලා කිව්වම බියක් දැනුණා. නමුත් මම හිත හදාගත්තා. අපි අපේ ගෘෘප් එකේ වූහාන්වල ඉන්න තිස්තුන්දෙනා වී චැට් ගෲප් එකක් හදාගත්තා.

    මම රූම් එකේම උයාගෙන කන්නේ. මම වෙජිටේරියන් නිසා බයක් නැහැ. එළියේ ඉන්න අයට කෑම, බීම ගන්න එයාලා එළියට යන්න ඕනා. එයාලා එළියට යන එක අවදානමක්. වතුර ඕනේ කියලා අපේ එළියේ ඉන්න අය ගෘෘප් එකෙන් කිව්වා. අපේ ලංකාවේ එම්බසියේ නිලධාරීන් ඒ සියල්ල චීන රජය ලවා ලබාදෙන්න කටයුතු කරනවා.

    අපිට දවස ගානේ වෛද්‍ය පරීක්ෂණ කරන්න උපදෙස් දීලා තියෙනවා. උණක් ආවොත් ගතයුතු ක්‍රියාමාර්ග ගැන උපදෙස් ලැබිලා තියෙනවා.

    අපිට කළින් අනතුරු හැඟෙව්වේ නැහැ. ඒ නිසා අපි 16දාත් මාකට් එකට පවා ගියා. මෙට්රෝ ට්‍රේන් එකේත් ගියා. අපි මාස්ක් එකක්වත් දැම්මේ නැහැ. අපි ඊස්ට් ලේක් ඒක ළඟටත් ගියා. වෙනදාට සෙනඟ පිරිලා ඉන්නවා. සෙනඟ එදා අඩුවෙන් හිටියේ.

    දෙසැම්බර් ඉඳන් මේක පැතිරිලා තියෙනවා. අපි චීනේ අයගෙන් අහද්දි කිව්වේ සාර්ස් කියලා. ඒ නිසා අපිට බයක් දැනුනේ නැහැ. මාස්ක් දාන්නේ නැතිව හැම තැනම ගියේ. එකපාරටම හයිලයිට් වුණේ 21දායි. චීනේ අය මේක දැනගෙන හිටියා. අපේ කැම්පස් එකේ යාළුවට ප්‍රෙපෙසර් කෙනෙකු වින්ටර් එකට වැකේෂන් යන්නේ නැත්තේ ඇයි කියලා අහලා තිබුණා. වෛරස් එකක් ස්පෙඩ් වෙනවා. ඒක භයානක එකක්. යන එක හොඳයි කියලා එයාට ප්‍රොපෙසර් කියලා තිබුණා.

    චීන රජය ඔෆිසියලි එනවුන්ස් නොකරපු නිසා අපි ගණන් ගත්තේ නැහැ. එයාර් ටිකට් මේ දවස්වල ගණන් නිසා කවුරුත් යන්න හිතුවේ නැහැ.

    අපේ අයට එකම ප්‍රශ්නය එළියට බහින එක විතරයි. සමහර අයගේ මාස ගණන්වල ළමයි ඉන්නවා. අපිව ලංකාවට ගෙන්වන්න එපා කියලා ලංකාවේ අය සෝසල් මීඩියාවල කියලා තිබුණා. ඇත්තටම අපිට දුකයි. චීනයේ අය සැබෑවටම කාරුණිකයි. තමන්ගේ කෙනෙකුට මෙහෙම දෙයක් වුණානම් සෝසල් මීඩියාවල මෙහෙම කියන්නේ නැහැ. අපි අපේ රටට ඇවිත් ලෙඩ බෝකරන්න අවශ්‍ය නැහැ. අපේ අයව කොරන්ටයින් කරලා ගන්න පුළුවන්. අනිත් රටවල ස්ටුඩන්ලා බේරගන්න එයාලගේ එම්බසියත් අපේ රටේ එම්බසිය වගේ මහන්සි වෙනවා.’ යැයි කපිතාන් මාධවි පෙරේරා පැවැසීය.



    https://aperata.net/were-stuck-in-wuhan-dont-blame-us-on-sri-lanka-captain-madhavi/
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,139
    49,488
    113
    සේදවත්ත
    මැරෙන්න බය කීයක් ලෝකේ ඉන්නවද . හරියට අමරණිය ගමනක් ඇවිල්ලා වගේ හැසිරෙන්නේ ඇයි. වසංගතයක් නම් මැරෙන්න තියනවනම් මුඛවාඩම් නෙමෙයි කොරන්ටයින් කිට් එක ගහල 365 හිටියත් කූරිය ගහනවම තමා. කොරානාවෙන් නොමැරුන එකා හැප්පිලා හරි වෙඩි කාල හරි කූරිය ගහනවා එක අද වෙන්න පුලුවන් හෙට වෙන්න පුලුවන් තව අවුරුදු ගානකින් වෙන්න පුලුවන් . කොච්චර පරිස්සම් වෙන්න බැලුවත් මැරෙන්න තියනවනම් අර බස්කට්බෝල් ප්ලෙයර් වගේ කූරිය ගහනවම තමා
     

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    මැරෙන්න බය කීයක් ලෝකේ ඉන්නවද . හරියට අමරණිය ගමනක් ඇවිල්ලා වගේ හැසිරෙන්නේ ඇයි. වසංගතයක් නම් මැරෙන්න තියනවනම් මුඛවාඩම් නෙමෙයි කොරන්ටයින් කිට් එක ගහල 365 හිටියත් කූරිය ගහනවම තමා. කොරානාවෙන් නොමැරුන එකා හැප්පිලා හරි වෙඩි කාල හරි කූරිය ගහනවා එක අද වෙන්න පුලුවන් හෙට වෙන්න පුලුවන් තව අවුරුදු ගානකින් වෙන්න පුලුවන් . කොච්චර පරිස්සම් වෙන්න බැලුවත් මැරෙන්න තියනවනම් අර බස්කට්බෝල් ප්ලෙයර් වගේ කූරිය ගහනවම තමා

    Hahaha!! :lol::lol::lol:
    Marena eka newei bn.. Virus eka hadunama kochchara kattak kanna oneda hospital wala bada gaga. time/moeny kochachara yanawada?
    Hadissiye podi ekek ta hadunoth. Hitha eka thanaka thiya gena inna puluwanda. pissu hadenawa ne bn.

    Eka para api marenawa nam kamak na dog gala.
    Ane manda ubala wage un. uba thaniyamada inne? lamai/wife/ammala thaththala na neda?
     
    Last edited:

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    චීනයේ සිට පැමිණි සිසුන් 91 දෙනෙකු කෙලින්ම නිවස් වෙත

    මේ අතර ඊයේ (28) රාත්‍රියේ සිට මේ දක්වා චීනයේ ඉගෙනුම ලැබීමට ගොස් සිටි ශ්‍රී ලාංකික සිසුන් 91 දෙනෙකු කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබූ බවයි ගුවන් තොටුපළ සෞඛ්‍ය වෛද්‍ය ඒකකය පැවසුවේ. එම සිසුන්ගේ සෞඛ්‍ය තත්වය පරීක්ෂා කළ ගුවන් තොටුපළ සෞඛ්‍ය වෛද්‍ය ඒකකයේ වෛද්‍යවරුන්, ඔවුන්ගේ සෞඛ්‍ය තත්වය යහපත් මට්ටමක පැවතීම හේතුවෙන් සිය නිවෙස් වෙත යෑමට කටයුතු සලසා දී තිබෙනවා. එහෙත් ඔවුන්ට කොරෝනා වෛරස ආසාදිත රෝග ලක්ෂණ මතු වුවහොත්, වහාම ඔවුන්ට ළගම ඇති රෝහල වෙත යන ලෙසටයි වෛද්‍යවරුන් දන්වා ඇත්තේ.

    :eek::eek::eek::eek:

    කෙසේ වෙතත් කටුනායක ගුවන් තොටුපළ සෞඛ්‍ය වෛද්‍ය ඒකකයේ ප්‍රධාන වෛද්‍ය පී.ආර්. පෙරේරා පැවසුවේ චීනයේ සිට රැගෙන එන ශ්‍රී ලාංකික සිසුන් පිළිබඳ දැනට අනුගමනය කරන ක්‍රමය අසම්පූර්ණ ක්‍රමයක් බවයි. මෙම සිසුන් සෘජුවම චීනයේ සිට මත්තල ගුවන් තොටුපළ වෙත රැගෙන ආ යුතු බවත්, පසුව ගිලන් රථ මගින් දියතලාව රෝහල ආශ්‍රිත රැදවුම් මධ්‍යස්ථානය වෙත යොමු කළ යුතු බවත්, ඔහු ප්‍රකාශ කළා. එහිදී දින 10 ක් හෝ දින 14 ක් සෞඛ්‍ය නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ තැබිය යුතු බවයි ගුවන් තොටුපළ සෞඛ්‍ය වෛද්‍ය ඒකකයේ ප්‍රධාන වෛද්‍ය පී.ආර්. පෙරේරා කියා සිටියේ.

    අදාල කාලයෙන් පසුව එම සිසුන් වෙතින් කොරෝනා වෛරස් රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන්නේ නම් පමණක් ඔවුන් සිය නිවෙස් වෙත යොමු කල යුතු බව ඔහුගේ අදහසයි.

    චීනයේ සිට ශ්‍රී ලංකාවට පැමිණෙන තවත් ගුවන් යානයක් අද පස්වරුවේ කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණීමට නියමිතයි.


    http://nethnews.lk/article/74191
     

    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    කෙසේ වෙතත් කටුනායක ගුවන් තොටුපළ සෞඛ්‍ය වෛද්‍ය ඒකකයේ ප්‍රධාන වෛද්‍ය පී.ආර්. පෙරේරා පැවසුවේ චීනයේ සිට රැගෙන එන ශ්‍රී ලාංකික සිසුන් පිළිබඳ දැනට අනුගමනය කරන ක්‍රමය අසම්පූර්ණ ක්‍රමයක් බවයි. මෙම සිසුන් සෘජුවම චීනයේ සිට මත්තල ගුවන් තොටුපළ වෙත රැගෙන ආ යුතු බවත්, පසුව ගිලන් රථ මගින් දියතලාව රෝහල ආශ්‍රිත රැදවුම් මධ්‍යස්ථානය වෙත යොමු කළ යුතු බවත්, ඔහු ප්‍රකාශ කළා. එහිදී දින 10 ක් හෝ දින 14 ක් සෞඛ්‍ය නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ තැබිය යුතු බවයි ගුවන් තොටුපළ සෞඛ්‍ය වෛද්‍ය ඒකකයේ ප්‍රධාන වෛද්‍ය පී.ආර්. පෙරේරා කියා සිටියේ.

    අදාල කාලයෙන් පසුව එම සිසුන් වෙතින් කොරෝනා වෛරස් රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන්නේ නම් පමණක් ඔවුන් සිය නිවෙස් වෙත යොමු කල යුතු බව ඔහුගේ අදහසයි.

    චීනයේ සිට ශ්‍රී ලංකාවට පැමිණෙන තවත් ගුවන් යානයක් අද පස්වරුවේ කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණීමට නියමිතයි.

    Lankawe ehema bane. Ashwaya giyata passe isthale wahanna thamai balan inne :yes:
     
    Status
    Not open for further replies.