3-3. සත්‍යයෙන් යුතු වූද” ඊට පෙර පැවති ශුද්ධ ලියවිලි ස්ථීර කරන්නා වූද, (මෙම) ධර්ම ග්‍රන්ථය ඔහු (අල්ලාහ්) නුඹ වෙත පහළ කළේය.
5-48. එයට ඉදිරියෙහි වූ දහම් ග්‍රන්ථය සත්‍ය කරමින්ද එය ආරක්ෂා කරමින්ද (නබි මුහම්මද් !) සත්‍යයෙන් පදනම් වූ දහම් ග්‍රන්ථය (අල්-කුර්ආනය) අපි නුඹ වෙත පහළ කළෙමු. එබැවින් නුඹ අල්ලාහ් පහළ කළ දෑ අනුව ඔවුන් අතර විනිශ්චය කරනු. නුඹට පහළ වූ සත්‍යයෙන් හැරි ඔවුන්ගේ දුර්මත අනුගමනය නොකරනු. නුඹලාගෙන් එක් එක් ජන කොටස් වෙනුවෙන් නීතියක් හා දිවි පිළිවෙතක් අපි නියම කළෙමු.
13-1. අලිෆ්, ලාම්, මීම්, රා. මේවා ධර්ම ග්‍රන්ථයේ වාක්‍ය වෙයි. නුඹගේ රබ්(පරමාධිපති) විසින් නුඹ වෙත පහළ කළ මෙය නියම සත්‍යයයි. නමුත් (නුඹගේ) ජනයාගෙන් වැඩිදෙනෙක් විශ්වාස නොකරති