A Special SriLankan Airlines flight departed to Wuhan

sirajstc

Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    _107367444_ebola_suit_v2_640-nc.jpg

    :D:D:D:rolleyes:
     

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    හෙනයා;25128382 said:
    කෙලින්ම දියතලාවටට යවන නිසා ලොකු ප්‍රශ්නයක් වෙන එකක් නැ නේද? ඒ සේරම හමුදාවෙන් කරනවා කිව්වේ

    me minssu bayawela
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,795
    2
    115,772
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    හෙනයා;25128382 said:
    කෙලින්ම දියතලාවටට යවන නිසා ලොකු ප්‍රශ්නයක් වෙන එකක් නැ නේද? ඒ සේරම හමුදාවෙන් කරනවා කිව්වේ

    අවුලක් වෙන්නෙ නැතිවෙයි..දැනට කාටවත් රෝග ලක්ෂණ නෑලු..දවස් 15කින් පස්සෙ 100% safe.
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    චයින මැප් එක බැලුවොත් ඔක්කොම රතු පාටයි..කොරෝනා මහ ගෙදර ඉඳන් එන අයගේ ඇඟේ ලෙඩේ නැත්නම් ලොකු දෙයක්.




    :yes:ඔව් බන් එක නම් ඇත්ත. ඒ උනාට බන් එකෙක්ට හරි ඇති ජපන් උන් ගෙන්න ගත්ත උන්ගෙත් කොරෝනා කාරයෝ ඉදලා අපේ උන්ගේ විතරක් නැති වෙන්න විදිහක් නෑ. :dull:
     

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    -දියතලාව යුධ හමුදා පුහුණු මද්‍යස්ථානයේ සිට-

    කොහෙන්කොහොම පටන් ගන්නද කියල හිතනව තාම.😊
    අපි ලංකාවේ.😳
    හීනයක් නෙමේ ඇත්තටම අපි ලංකාවේ.දේශයේ මුර දේවතාවන්ගෙ අඩවියක සැපෙන් සැහැල්ලුවෙන් නිරෝගීව.අප්‍රමාණ සැලකිලි හමුවේ🤩.මේ ලියන මොහෙතෙත් අපේ කිසිම කෙනෙක්ට කෙනෙක්ට නිදහසක් නෑ.ඇයි අපිව ආමි කෑම්ප් එකක නිසාද.නෑ අපිව එනකන් බලන් හිටපු,අපිව ලංකාවට ගන්න කැපවුනු,අපිව ආරාක්ශා කරල දෙන්න කියල ඉල්ලපු ආදර්ණීය හද්වත් තියන මනුස්සකමින් කිසිම රටකට නොදෙවෙනි මිනිස්සුන්ගේ ආදරණීය ඇමතුම්,කෙටි පණිවිඩ නිසා.
    හැමෝටම නැතත් පුලුවන් විදියට හැමෝටම කතා කරනව තොරතුරු කියනව මහන්සිය නොබල.ඒ මිනිස්සුන්ගෙ කැපවීම නිසා අපි මෙතන ඉන්න බව දන්න නිසා.පැය 18ක පමණ වෙහෙසකර ගමනිකකින් පස්සෙවත් වෙහෙසක් නොදැන්නෙ අපේ මිනිස්සු අපිව පිලිගත්ත විදියට අපිට සලකපු විදියට,ඒක පුදුමාකාරයි.😌

    අපිට පෙරේද රෑ වෙද්දි සුභදායක ආරංචිය එනව අපේ තානාපති කාර්‍යාලෙන්."පුතාල බඩු ටික ලෑස්ති කරගෙන ඉන්න,බොහෝ දුරට හවස්වෙද්දි අපිට යන්න පුලුවන් වෙයි." ඒ වචන ටික අපි ආයෙ ආයෙම අහනව.ඒ අහපු මිහිරිම වචනටික වෙන්නඕනෙ දවස්ගානකට පස්සෙ.ඒ සතුටට විශාල හේතුවක් උනා අපි වෙනුවෙන් අපේ පවුල් වලින් මෙන්ම චීනෙ ඉගෙන ගත්ත තවමත් ඉගෙනගන්න ශ්‍රී ලාංකික හිතමිතුරන් විදේශ කටයුතු අමත්‍යාංශයට කර ඉල්ලීම අපි වෙනුවෙන් ඒ අයගෙ දවස කැපකරගෙන.මිනිස්සු ඉන්නෙ අමාරුම කාලෙ අපිත් එක්කනම් අමාරුමකාලෙ අපි එක්ක නැති අය ගැන අපි හිතනව ආයෙ පාරක්.අපිව නවත්තන්න හදපු කෙනෙක් ඉන්නවනම් ඒ නිසා අපි තවත් ශක්තිමත් උනා.රටම අපිට ආශිර්වාද කරන්න ගත්තා.මිනිසත්කම හැමදාම ජයගන්නව. ඒක නියතයක්.
    හැමෝගෙම මුහුණුවල අවිනිශ්චිතතාව ය පිරිණු සතුට.ඒ ආදරණීය ලස්සන වූහාන් නගරය තනි කරල යන එකට නෙමේ,මිනිසුන්ගෙන් ජීවිතේ උදුරමින් එන වෛරසයෙන් ජීවිතේ රැකගන්න ආදරණීය ලංකාවට යන්න ලැබෙන නිසා.🤗

    යයිද නොයයිද.

    උදේම පණිවිඩය ලැබෙනව තානාපති කාර්‍යාලෙත හවස් වෙද්දි එයාපෝට් එකට යන්න ලෑස්ති වෙන්න කියල බස් එකක් එනව ඒකට එන්න කියල.මොනව ලෑස්ති කරන්නද යන එකම මදිද.😍
    අපි එනකොට මගේ එහා කාමරේ නේපල් යාලුව අහපු දේ මං සිංහලෙන් කියන්නම් "ඔයාල යනවද අපේ රටෙන් නම් අපි තාම ගන්නෑ, ඔයාලානම් වාසනාවන්තයි,පරිස්සමින් යන්න පුලුවන් උනොත් අපි ආයෙ දවසක හමුවෙමු" කියනව,මම අනිත් පැත්තට මොනව කියන්නද.ඒ අවිනිශ්චිත මූන බලගෙන.
    අපේ අනිත් අය කියන්ව පාකිස්තාන අය අඩනවලු එයාලගෙ රටෙන් එයාලව ගන්න කැමති නෑ කියල.කොච්චර අසරණද.අම්ම දරුවන්ට එන්න එපා කියනව ඒ අය අම්ම ලගට එන්න අහද්දි.ඒ වෙලාවට අපේ රටේ වර්තමාන නායකත්වය ගැන නිහතමානී ආඩම්බරයක් එනව. බලගතු රටවල් වුනු ඇමරිකාව රුසියාවට පස්සෙ අපේ පුංචි ලංකාව චීන රජයෙන් ඉල්ලනව.දෙන්න අපේ ලමයි ටික අපි බලාගන්නම් කියල.අපි ඇමරිකාව තරම් තාක්ශණේ අතින් නොදියුණු ඇති,ඒ තරම් බලවත් නොවෙනවා ඇති ඒත් අපේ රජයට අපේ තානාපති කාර්‍යාලයට අපේ විදේශ කටයුතු අමාත්‍යාංශයට අපි 33 ගෙ වගකීම ගන්න පුලුවන් තරමට විශ්වාස යක් තියනව.අපිට වඩා නොදියුණු රටවල් ඒ රටවල ලමයි ගන්න බෑ කියද්දි.එහෙම කියන්න ලොකු හේතුවක් වෙනව එකම හඩින් අපේම අම්මල තාත්තල අයිය අක්කල නංගි මල්ලිල අපිව ගෙන්නනන කියල කරන ඉල්ලීම්.ඉතින් අපේ රට වාසනාවන්තම රට නෙමෙයිද😍

    බලාපොරොත්තු කන්දක් තියන් බස් එකේ නැගල 33ම ඉන්න තැන් වලට යනව වූහාන් නගරය පුරාම.පාරවල් පාලුවෙලා.ජනාකීර්ණ වෙදළසැල් අත් හැරල දාපු වීදි වගේ.ලස්සන වූහාන් තනිවෙලා.කොරෝනා අපි අවටම මිනිස් ගොදුරු සොයමින්.

    අපි කොහොමහරි අපි 8 විතර වෙද්දි අපි tianhe ගුවන්තොටුපලේ.රටවල් ගොඩක් වූහාන් දාල යන්න පටන් අරන් ඒ වෙද්දිත්.ගුවන්තොටුපළට කාර්‍යමණ්ඩලය ඉතා සුලු පිරිසක් නිසා වැඩකටයුතු මන්දගාමී.ඒත් වැඩ කටයුතු පුලුවන් උපරිමයෙන් කරනව අවධානමක් තියාගෙනත්.චීන ජනතාව පුලුවන් උපරිමයක් කරනව රට වැටුනු වෙලාවෙ ගොඩගන්න.වෛරසේ මැඩපවත්වන්න සෑහෙන්න කැපවීමක් කරනවා.අපි චීනෙ දාලා අපේ රටට ගියාට එයාල චීනෙම ඉන්න ඕනෙ.අපි හැමෝම හිතින් දුක්වෙනව ඒ ගැන😥.මොනව කරන්නද අපි යන්න ඕනෙ අපේ රටේ මනුශත්වය හොයාගෙන.

    අපි 33 දෙනාගෙ සියලු පරීක්ෂණ වලින් පස්සෙ 3.40ට වගේ අපි අපේ ගුවන්‍ යානයට ගොඩවෙනව.අපේම මිනිස්සු අපිව පිලිගන්නව අපි රටට ආව වගේ අපේ ජාතික කොඩියත් එක්ක ගුවන්යානය දකිද්දි.ලෝකෙ අවදානම්ම නගරෙට එනව අපේ ගුවන් යානය ස්වේච්ඡා සේවක මණ්ඩලේකුත් එක්ක අපිව ගන්න.එතන සමහර අය ගෙවල් වලට බොරු කියල ඇවිත් තියෙන්නෙ.මොකද ඒ තරමටම ඒ ගමන අවධානම්.ඉතින් ඒ මිනිස්සුන්ට දෙන්නෙ මොනවද අහිංසක ස්තූතියක් ඇරෙන්න(ඒ අයත් අපි නිසා දවස් ගානක් නිරෝධනයට ලක්වෙන්න ඕනෙ).පුදුම සැලකිල්ලක් ගුවන් ගමන පුරාවටම.
    පැය හයහමාරකට පස්සෙ අපි එනව මත්තල මහින්ද රාජපක්ෂ ගුවන්තොටුපළට.උදේ 8ට විතර වෙද්දි අපි පිංබිමට පය තියනව.අපි හරිම වෙලාවෙ වූහාන් වලින් එන්නෙ.මොකද මේ වෙද්දි වූහාන් ආයෙම වහල.😥

    ගුවන් යානෙන් එලිය දකිද්දි පොඩි ගැස්මක් ඇති නොවුනාම නොවේ.අපේ හමුදානිලදාරීන් සුදු ඇදුම් ඇදගෙන මෙන්ම යුනිෆෝම් වලින් ගිලන්රථ ඒ වගේම නිරෝධනයට අවශ්‍ය සියලු දේ හදල.විශාල වැඩපිලිවෙලක් ගුවන්තොටුපළ පුරාම .මේ සියල්ල අපි වෙනුවෙන් රට වෙනුවෙන්.ඒ මිනිස්සුන්ගෙ කැපවීම.නිරෝදායන ක්‍රියාවලිය ඉතාමත් සාර්ථකයි.අපේ සියලු විශබීජ නාශන ක්‍රියාවලියකින් පස්සෙ අපි එතනින් බස් එකට නැග්ගෙ ස්නානයකින් පස්සෙ එතනින් දුන්නු වෙනම ඇදුමක් ඇදගෙන.අපි ගෙනාපු කිසිම දෙයක් අපි අතේ නෑ .සියලුම දේ දැඩි පරීක්ශාවකින් මෙන්ම නිරෝධනයකින් පසුව අපි අතට පත් වෙනව(දියතලාවට ගෙන්ත් දුන්න අපි එහෙට ලගාවෙද්දිම).
    අපි 12 විතර වෙද්දි දියතාලාවෙ.අපි දියතලාවට ආවෙ සම්පූර්ණ පොලිස් හමුදා ආරක්ශාවක් යටතේ.ඒ හැගීම වචනවලින් විස්තර කරන්න බෑ.ඉතා සුලුකාලයකින් අපි දියතලාවට ලංවෙනව.
    අපිට හදපු අංගසම්පූර්ණ ගොඩනැගිලි,වෙන් වෙන්වූ කාමර සියලු පහසුකම් සහිතව.wifi,hot water,washing machine, ඇතුලු අවශ්‍ය සියලුම දේ දියතලාව හමුදා කදවුරේ අපි වෙනුවෙන් ඉදි වෙලා.මේ අපි බලාපොරොත්තු උනාටත් වඩා සෑහෙන්න දේවල්.පැය 48කින් මෙච්චර දේවල් ගොඩක්.ජපන්නු,චීන්නු රෝහල් හදද්දි ඊට කිසි ලෙසකින්වත් නොදෙවෙනි විදියට අපේ රණවිරුවො ජාතික මෙහෙවර කරමින් ඉන්නව.ඉස්සරහටත් කරමින් ඉදීවි.ඒ දීලත් අපෙන් හමුදා නිලදාරීන් අහනව තව මොනවද අඩුපාඩු.මේ ලෝකයේ හොදම මානුශීය හමුදාව නේද.ඒක අපි කියනන්දෙයක් නෙමේ ලෝකෙම පිලිගන්න දෙයක්.🙂
    ඉතින් අපිව පිලිගන්න තිබුණු කිරිබත් කාල,කිරිබත් ඔව් ගෙදර ගියාම අපේ අම්මල අපිව පිලිගන්නව වගේ. අපි අපේ කාමර වලට යනව.දැන් අපි අපේම රටේ අපේම මිහිපිට දෙවියො ටිකක් එක්ක කිසිම සැකයක් බයක් නැතුව.

    අපි ආපු එකේ සතුට අපිටත් වඩා අපි එනකන් බලන් හිටපු අපිට වඩා උනන්දු උන අපේම ආදර්ණීය මිනිස්සු.හැමෝම කතා කරනව ඒත් අපි කාටවත් ගොඩක් කොල් වලට පිලිතුරු දෙන්නවත් කෙටිපනිවිඩයක් යවන්නවත් වෙලාවක් වෙන්නෑ ආපු ගමන් අපිට මෙහේ සම්පූර්ණ කරන්න ඕනෙ වැඩත් එක්ක.කතා කරපු හැමෝටම කතා කරනව.ඒක ස්තීරවම කරනව.දුකේදි අපි ලග හිටපු මිනිස්සුන්ට පිං දීල විතරක් මදි වචනයක් හරි කියන්න මේ ඔක්කොම බලන් ඉන්නව.අපි එනකන් නිව්ස් එකක් එකක් ගානෙ අපිගැන අහලන්හොයල බලල අපිව දෙයියන්ට බුදුන්ට බාර කරල අපි වෙනුවෙන් පිංකම් කරල අපේ මානසික මට්ටම් හදල අපි වෙනුවෙන් බලාගෙන හිටපු පුන්චි රටේ හිත් ලොකු මිනුස්සු හැමෝටම ගොඩක් පිං.

    ආපහු ඒවි නැත්තම් නොඒවි කියල අපි කලින් කිව්වම,නෑ උබල අනිවාර්යයෙන්ම එනව කියල කියපු ඒ මිනිස්සු හරියටම හරි.අපි ආව.මැරෙන්න හරි වරෙන් කියපු මිනිස්සු ඉන්න රටට අපි ආව මැරෙන්න නෙමේ හැමෝම බේරගෙන ජීවත් වෙන්න.දින ගනන් නොකා නොබී බලන් හිටපු අපේ අම්ම තාත්ත ලගට යන්න.අපේ පවුලේ අය හිතමිතුරන් ලගට යන්න කොටින්ම කිව්වොත් අපි වෙනුවෙන් කකියන ලේ තියන අපේ උන් ලගටම යන්න.🤗🤗

    මේ පුණ්‍යහූමියෙ මිනිස්සු කරන ප්‍රාර්ථනා කවදාවත් වැරදෙන්නෑ.ඊයෙ කොරොනා වෛරසය හිතුමතේ පැතිරෙමින් තිබුනු වූහාන් වල ඉදල් අද අපේම මිනිස්සුන්ගෙ මනුසත්කම වටකරගෙන අපි 33 දෙනාම සුවෙන් ඉන්නෙ ඒ ආශිර්වාදාත්මක ප්‍රාර්තානාවෙ බලගතුකම නිසා.
    මේ දින 14න් පස්සෙ අපි සම්පූර්ණ නිරෝගී පුද්ගලයො විදියට සමාජයට එනව.

    ලාංකිකයෝ ඔක්කොම එකතුකරන් කොරෝන පරද්දල ලස්සන ලංකාවක් විදියට මිහිපිට දෙවියන් එක්ක ඉස්සරහටත් ඉන්න පිං තිබුණ අන්තිමේදි අපිටත්❤️.

    -කසුන් වික්‍රමගේ-