How you know you dont have a cancer?

podda malli

Active member
  • Feb 18, 2015
    926
    108
    43
    උබල අපි ගානක් නැතුව ලෝකෙම උනත් පෙරලන්න පුලුවන් විදියට ජීවත් වෙනවනේ?...

    උබ කොහොමද දන්නේ මේ වෙනකොට උබට පිළිකාවක් නෑ කියල.???

    මචං දැනට පිළිකාවක් මගින් එන ලක්ෂන නැතත්. අපිට බැරිද චෙක් කරගන්න? අඩුම මාස 6කට සැරයක්වත්?

    ගොඩක් අය මේව තියෙනව කියල දැනගන්නේ රෝගලක්ෂන පෙන්නුවමනේ?

    මොනවත් පරීක්ෂන නැත්ද රෙගියුලර් බේසිස් කරගන්න පුලුවන්, බ්ලඩ් ටෙස්ට්, අල්ට්‍රසවුන්ඩ් පරීක්ෂන වගේ?

    ලංකාවේ බහුල පිළිකා මොනවද?
     
    podda malli

    Active member
  • Feb 18, 2015
    926
    108
    43
    හෙළයෙක්;25142410 said:
    උබට මට කොහොම දැගලුවත් තියෙන්නෙ උපරිම දවස් 20000 ක් විතරයි තව.:yes::yes::yes:

    මචං මේක ගැන අපි කතාකරමු ත්‍රෙඩ් එක විහිලුවකට ගන්න එපා. පොඩි උන්ටත් දැන් මේ ජරා ලෙඩ එනව. අපි එකතුවෙලා සාකච්චා කරමු, දැනුම බෙදාගමු. අපිට මැරෙන එක නෙමේ අවුල. අපිට සම්බන්ද මිනිස්සුත් අසරන වෙනවනේ බන් අපිට ඉක්මනට යන්න උනොත්.
     
    podda malli

    Active member
  • Feb 18, 2015
    926
    108
    43
    හෙළයෙක්;25142438 said:
    මම විහිළුවක් කරේ නෑ මචන්.

    උපදින ඕනිම මනුස්සයෙක් දන්නව මැරෙනව කියල. ඒක වෙන වෙලාව විතරයි දන්නෙ නැත්තෙ. ප්‍ර්ශ්නත් අපි ඔකොටම තියෙනව. හැමෝම තව කෙනෙක්ගෙ ආදරණීයයෙක්. ඕව්ව ඔක්කොම එකට ගත්තම අපිට එක්කො මැරෙන එක ගැන වද වෙවී ජීවත් වෙන්නත් පුළුවන් එහෙම නැත්තන් මේ තප්පරෙත් මම ජීවත් උනානෙ කියල සතුටින් ඉන්නත් පුළුවන්.

    අපි කැමති උනත් අකමැති උනත් ලෝකෙ මේ යන විදියට ඔය ලෙඩ ටික එනවමයි එහෙම එන්නෙ නැති වෙනන නන් ගල් යුගයටම වගේ යන්න වෙනව. අපි ලේසි වෙන්න වැඩ කරද්දි ඒකට ගෙවන්න තියෙන මිලත් වෙනස් වෙනව.

    අස්වැන්න වැඩි කරගන්නම වෙනව මොනව හරි කරල මොකද මේ වෙනකොට බිලියන 7 පැනල මිනිස්සු ඉන්නව. එව්වට ක්‍රම පාවිච්චි කරද්දි අතුරු ආබාධ විදියට පිළිකා වගේ දෙවල් එනව. එක්කො බඩගින්නෙ මැරෙන්න වෙනව එහෙම නැත්තන් ඔව්ව හැදිල මැරෙන්න වෙනව. මිනිස්සු තෝරගෙන තියෙන්නෙ බඩගින්නෙ මැරෙන්න නැතුව කාල ලෙඩ වෙලා මැරෙන එක.

    පුළුවන් හැම වෙලාවෙම ගෙදර මොනව හරි හදල කන්න එතකොට ලෙඩ වෙන්න තියෙන ඉඩ අඩු වෙනව ඒත් අපිට වෙනස් කරන්න බැරි සාධක (වායු දූෂණය, රිය අනතුරු, .... )නිසා තියෙන ඉෆෙක්ට් එක සාපේක්ෂව ඒක බොහොම අඩු සම්භාවිතාවක්.

    එක්කො මම හෙට මැරෙයිද දන්නෙ නෑ කියල වද වෙවී හිටපන් එහෙම නැත්තන් අද තියෙන ටික ඉවර කරල හෙට මැරුනත් කමක් නෑ කියල ඉන්න.

    එහෙම දෙයක් ගැන නෙමේ බන් මම කියන්නේ. නෝමලි ගොඩක් අය ෆුල්බොඩි චෙකප් වගේ කරන්න පුලුවන් පරීක්ෂන මොනාද කියල දැනගන්න විස්තර කතා කරන්න දැම්මෙ. කාටවත් මැරෙන්න ඕන නෑනේ බන් මැරුනට. කලින් දැනගත්තොත් චාන්ස් එක වැඩි. හිතපන් උබට දරුවො ඉන්නව, වයසක දෙමව්පියන් ඉන්නව එයාලට ඉන්නේ උබ විතරයි.

    මැරෙනව කියල මාත් දන්නව. එහෙනම් ලෙඩකට බෙහෙත් ගන්න ඕනෙත් නෑනේ බන්. මැරෙනවනේ කියල බලන් ඉන්න පුලුවන්නේ.

    මම කතා කරන්නේ කලින් මේව ඩිටෙක්ට් කරගන්න පුලුවන් ක්‍රම. හරියට කාන්තාවන්ට එයාලටම පුලුවන්නේ එයාලගේ පියයුරු පරීක්ෂාවක් නිතර කරගන්න. ඉතින් ඒක දන්න කෙනා සහ කරන කෙනාට චාන්ස් එක වැඩියි සර්වයිව් වෙන්න.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,812
    98,968
    113

    Ube kamathak ona mama post dekama delete kara. nathan ubata oni wede wen nathi wei meken.
    Ubath delete karala dapan mama bump ekak gahala denan ubata oni de wena
     
    Last edited: