ප්‍රථම කොරෝනා නිරෝධායන මධ්‍යස්ථානය ලාදුරු රෝහලේ - ප්‍රදේශවාසීන්ගෙන් විරෝධයක්
හැඳල - ලාදුරු රෝහල මෙරට ප්‍රථම කොරෝනා නිරෝධායන මධ්‍යස්ථානය බවට පත් කර තිබෙනවා.
ඒ අනුව කොරෝනා වෛරසය සීග්‍රයෙන් පැතිරෙන ඉරානය, දකුණු කොරියාව සහ ඉතාලියේ සිට මෙරටට පැමිණෙන සියලු ගුවන් මගීන් දින 14 ක නිරෝධායනයට ලක් කිරීම සඳහා මෙම ස්ථානයට යොමුකරන කරනු ඇති.
http://www.hirunews.lk/sinhala/235788/%E0%B6%B4%
ලෝකයම බිය ගැන්වූ කොරෝනා නිසා, මුදල් භාවිතයේදී සැලකිලිමත් වන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අනතුරු ඇඟවීමක්
මේ වන විට ලොවම කළඹමින් පැතිර යන කොවිඩ් 19 හෙවත් කොරෝනා වෛරසය පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානය අලුත්ම අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා. ඒ සඳුදා (02) දිනයේදී යි.
ඒ වෛරසය මුදල් නෝට්ටු හරහා පැතිර යාමක් පිළිබඳවයි. මේ හේතුවෙන්... මුදල් හුවමාරුවේදී ඒ සඳහා වන තාක්ෂණික ක්‍රමවේද අනුගමනය කරන ලෙසයි, ලෝක සෞඛ්‍ය සංවිධානය ජනතාවගෙන් ඉල්ලා සිටියේ.
මුදල් නෝට්ටු මතුපිටින් මෙම වෛරසය ව්‍යාප්ත වීමේ ඉඩකඩ ඇති බවයි ඔවුන් වැඩිදුරටත් සඳහන් කරන්නේ. මේ හේතුවෙන් online එසේත් නැත්තම්, තාක්ෂණික ක්‍රමවේද තුළින් මුදල් හුවමාරු සිදු කළ යුතු වන අතර මුදල් පරිහරණයෙන් පසු අත් සේදිය යුතු බවයි, ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ.
මුදල් නෝට්ටු මඟින් බැක්ටීරියා හුවමාරු විය හැකි බවට එංගලන්තය විසින් හඳුනාගෙන ඇති අතර ඔවුන් මුදල් පරිහරණයෙන් පසු දෑත් සේදීම සිදු කරනු ලබනවා.
කෙසේ වෙතත්, පසුගිය මාසයේ දී වෛරසය වැළැක්වීමේ උත්සහයක් ලෙස කොරියාවේ සහ චීනයේ බැංකු වසින් භාවිතා කළ මුදල් නෝට්ටු විෂබීජහරණය කිරීම සිදු කළා.
එංගලන්ත බැංකු මුලාශ්‍රයක් පැවසුවේ, කොරියාව සහ චීනය විසින් එසේ සිදු කළත් තමන් එසේ කිරීමට සැලසුමක් නැති බවයි.
http://www.hirunews.lk/sinhala/235790/%E0%B6%BD