BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

Status
Not open for further replies.

Rasthiyadu padanama

Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    කොරෝනා ආසාදිත මත්තෙගොඩ රණසිංහ මහතා ආගිය තැන්

    මේ වනවිට අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යාතනයේ ප්‍රතිකාර ලබන මෙරටදී හඳුනාගත් පළමු කොරෝනා ආසාදිත ශ්‍රී ලාංකිකයා මත්තෙගොඩ ප්‍රදේශයේ පදිංචි දෙදරු පියෙකු වන ජයන්ත රණසිංහ බවත් ඔහු සීගිරිය, පොළොන්නරුව සහ මහනුවර හෝටල් කිහිපයක පසුගිය දිනවල විදේශිකයින් සමග සංචාරය කළ බවත් ඔහුගේ ආසන්න සංචාරය නොව ඊට පෙර සංචාරයේ
    කොරෝනා යයි සැක ඉතාලි ජාතිකයෙකු සිටි බවට කරුණු හෙළිව ඇති බවත් එම ඉතාලි ජාතිකයා ඉතාලියට ගිය පසු මියගියේද යන්න කරුණු සොයමින් පවතින බවත් වාර්තාවේ.
    නව කොරෝනා වෛරසය ආසාදනය වූ බවට මෙරටදී හඳුනාගත් පළමු ශ්‍රී ලාංකිකයා ගැන තොරතුරු කිහිපයක් පමණක් ඊයේ නිල වශයෙන් රජය අනාවරණය කළ නමුත් ඔහු සාමාජිකත්වය දරන රියදුරු සංචාරක මාර්ගෝපදේශක සංගමය සිය සාමාජිකයින්ට ඔහු සමග සබඳතා පැවැත්වූවේ නම් පරීක්ෂණ කරගන්නා ලෙසට නිකුත් කළ එස්එම්එස් පණිවිඩයක් නිසා ජයන්ත රණසිංහ මහතා ගැන තවත් තොරතුරු සමාජ මාධ්‍ය වෙත නිරාවරණය විය.
    මෙලෙස ශ්‍රී ලංකාව තුළදීම ආසාදිතයෙකු හමුවු‍ණේ චීනයේ වූහාන්හි වෛරස ව්‍යාප්තියෙන් දින 71කට පසුවයි.

    ඉතාලි බස කතාකරන මාර්ගෝපදේශකයෙක් වූ ජයන්ත මහතා
    ඉකුත් පෙබරවාරි මස 25දා සිට මාර්තු 2 වැනිදා අතර කාලය තුළ ඉතාලි ජාතිකයන් සමඟ දඹුල්ල, පේරාදෙණිය, දික්වැල්ල හා මහනුවර පළමු සංචාරයෙහි නිරතව සිට ඇති බව දැනගන්නට තිබේ.
    මොහු පොලිස් වාර්තාවක් ලබාගැනීම සඳහා කොළඹ දිස්ත්‍රික්කය තුළ පිහිටි පොලිසියකට දෙවරක්ම පැමිණ
    ඇත. ඒ කටුනායක ගුවන්තොටුපළට ඔහුගේ වාහනය ඇතුළු කිරීම සඳහා අවසර පත්‍රයක් ලබාගැනීම සඳහාය.
    අවසන් වරට මගපෙන්වා ඇත්තේ ඉකුත් 03 වැනිදා සිට මෙරට සංචාරයක නිරත වූ ඉතාලි ජාතිකයින් සිව්දෙනෙකුටයි.
    3 වැනිදා සිට 8 වැනිදා දක්වා සීගිරිය, පොළොන්නරුව සහ මහනුවර ප්‍රදේශවල සංචාරය කර තිබෙන ඔවුන් එම ප්‍රදේශවල හෝටල් කිහිපයකම නවාතැන් ගෙන තිබේ.
    ඉතාලි ජාතිකයින් සිව්දෙනා කටුනායක ගුවන් තොටුපළට ඇරලවූ ජයන්ත රණසිංහ මහතා පසුව මත්තේගොඩ පිහිටි තම නිවසට ද පැමිණ ඇත.

    දෙදරු පියෙකු වන 52 හැවිරිදි ජයන්ත මහතා අසනීප තත්ත්වයෙන් රෝහල් ගතකර තිබුණේ, පසුගිය 9 වැනිදායි.
    ජයන්ත රණසිංහ මහතා සාමාජිකත්වය දරන රියදුරු සංචාරක මාර්ගෝපදේශක කථිකාචාර්ය සංගමය සෙසු සාමාජිකයින්ට යැවූ එස්.එම්.එස්. පණිවිඩියක දැක්වෙන්නේ, ජයන්ත මහතා ඇතුළු ඉතාලි ජාතිකයින් නවාතැන් ගත් හෝටල්වල රැඳී සිටියේ නම් කඩිනමින් සෞඛ්‍ය පරීක්ෂණ සඳහා යොමු වන ලෙසයි.
    වයස අවුරුදු 52ක් වන ජයන්ත රණසිංහ මත්තෙගොඩ ප්‍රදේශයේ නිවසක පදිංචි කරුවෙකි. ඔහුගේ පවුලේ සාමාජිකයන් නිවසේ සිටම නිරෝධායනයට ලක් කිරීමට රජයේ බලධාරීන් දැන් පියවර ගෙන තිබේ. ඔහු සංචාරය කළ ස්ථාන මෙන්ම ඔහු සමඟ ගමන් කළ ඉතාලි ජාතිකයන් සංචාරය කළ ස්ථාන පිළිබඳවද මේ වනවිට පුළුල් විමර්ශනයක් සිදුවේ.
    කලක් ඉතාලියේ රැකියාව කළ හෙතෙම මෙරටට ආවේ ඉතාලි භාෂාව පිළිබඳ හසල දැනුමින් යුක්තව බවත් පැමිණි පසු සංචාරක මාර්ගෝපදේශකයකු (guide) ලෙස කටයුතු කරන්නට පටන්ගත් බවත් පැවසේ. සංචාරකයන් මෙරටට ගෙන්වන සමාගම් කිහිපයක් හා සම්බන්ධ වී නිදහස් සංචාරක මාර්ගෝපදේශකයෙක් (guide) ලෙස ඔහු කටයුතු කරමින් සිටියේය.
    ඉකුත් පෙබරවාරි මස 25දා සිට මාර්තු 2 වැනිදා අතර කාලය තුළ ඉතාලි ජාතිකයන් සමඟ දඹුල්ල, පේරාදෙණිය, දික්වැල්ල හා මහනුවර පළමු සංචාරයෙහි නිරතව සිට ඇති කාලය තුළදී එක් ඉතාලි ජාතිකයෙකුට අසනීප තත්වයක් පැවති බවත් එම තැනැත්තා ඉතාලියට ගියේ එම අසනීපය සහිතව බවත් කරුණු හෙළිව ඇති අතර ඔහු ඉතාලියේ වාසය කරන ප්‍රදේශයේ කොරෝනා මරණ 3 ක් වාර්තාවී ඇති බවත් කියැවිණි.මෙම පුද්ගලයා එම මරණ අතර සිටීදැයි දැන් පරීක්ෂණ සිදුවේ.
    බොහෝ දුරට ජයන්ත මහතාට රෝගය වැළඳෙන්නට ඇත්තේ ඔහුගෙන් බවට අනුමාන කෙරේ.
    ආසාදිත සංචාරක මග පෙන්වන්නා ගේ ගමන් කාලසටහන පහත දක්වන්නේ ඒ හා සම්බන්ධිතව සිට සැකසහිත රෝග ලක්ෂණ පහළවූ අයගේ දැනගැනීම පිණිසය.

    25/02 Amaya Lake, Dambulla
    26/02 – Amaya Lake, Dambulla
    27/02 – Amaya Lake, Dambulla
    28/02 – Royal Kandyan , Kandy
    29/02 – Royal Kandyan , Kandy
    3/03 – Amaya Lake, Dambulla
    4/03 – Amaya Lake, Dambulla
    5/03 – Amaya Lake, Dambulla
    6/03 – Royal Kandyan , Kandy
    7/03 – Royal Kandyan , Kandy
    02/03 from Dickwella resort


    Source

    නෙදකින් කාලකණ්නියා සල්ලි පෙරේතකමේ තලගොයා වගේ හැම රෙද්දක් අස්සෙම රිංගලා ලෙඩ තියාගෙන.ෂික්.ඕකා උතුරු කොරියාවේ හිටියේ නැහැනේ..පරයා..:angry:
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,821
    16,980
    113
    Kottawa
    News 1st
    @NewsfirstSL
    ·
    23s
    Update: කොරෝනා වෛසරය ආසාදන වී IDH රෝහලේ ප්‍රතිකාර ලබන රෝගියා සමග නවාතැන් ගත් තවත් පුද්ගලයෙකුට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වෙයි - සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්
     

    BloodStorm

    Well-known member
  • Nov 29, 2012
    1,151
    199
    63
    25/02 Amaya Lake, Dambulla
    26/02 – Amaya Lake, Dambulla
    27/02 – Amaya Lake, Dambulla
    28/02 – Royal Kandyan , Kandy
    29/02 – Royal Kandyan , Kandy
    3/03 – Amaya Lake, Dambulla
    4/03 – Amaya Lake, Dambulla
    5/03 – Amaya Lake, Dambulla
    6/03 – Royal Kandyan , Kandy
    7/03 – Royal Kandyan , Kandy
    02/03 from Dickwella resort
    මේ වේස පකයා වටේම දුවලා
    යකෝ උන්ට ඒ තැන් බලන්න වෙලාවක් දෙන්නෙ නැද්ද?
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    උන්නේ යකෝ රටට ඔය වයිරස් බුරුතු පිටින් ගත්තේ..

    මොකා ගත්තත් දැන් රටට ඇවිත් ඉවරනේ බං දැන් කරන්න තියෙන්නේ ඉස්සරහට පරිස්සම් වෙන එක අරු ගෙනාවා මූ ගෙනාවා කියකිය බල බල හිටියොත් දන්නෙම නැතිම කෙලවෙන්නේ අපිටමයි
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    :shocked::shocked::shocked:


    Update: කොරෝනා වෛසරය ආසාදන වී IDH රෝහලේ ප්‍රතිකාර ලබන රෝගියා සමග නවාතැන් ගත් තවත් පුද්ගලයෙකුට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වෙයි - සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්


    89227321_3136569159736654_7880788233905242112_o.jpg
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    BREAKING NEWS

    5344646424.jpg
    තවත් අයෙකුට කොරෝනා ආසාදනය වී ඇතැයි තහවුරු වෙයි

    කොරෝනා වෛරසය ආසාදනය වී දැනට අයි.ඩී .එච්. රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින පුද්ගලයා සමඟ නවාතැන්ගෙන සිටි තවත් අයෙකුට එම වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ ප්‍රකාශ කරනවා.
    44 හැවිරිදි ඔහු මේ වනවිට අයි.ඞී.එච්. රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.



     
    Last edited:

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,666
    4,518
    113
    View attachment 78514
    තවත් අයෙකුට කොරෝනා ආසාදනය වී ඇතැයි තහවුරු වෙයි

    කොරෝනා වෛරසය ආසාදනය වී දැනට අයි.ඩී .එච්. රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින පුද්ගලයා සමඟ නවාතැන්ගෙන සිටි තවත් අයෙකුට එම වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ ප්‍රකාශ කරනවා.
    44 හැවිරිදි ඔහු මේ වනවිට අයි.ඞී.එච්. රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.



    Sinhalu
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    1584019669-corona_l.jpg

    කොරෝනාවලින් බේරෙන හැටි

    නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය සහ එම රෝගය බෝවීම වළක්වා ගැනීමේ පියවර පිළිබඳව තවමත් බොහෝ දෙනාට නිසි වැටහීමක් නැහැ.
    එහෙත් ඒ සඳහා වන නිසි සෞඛ්‍යාරක්ෂක ක්‍රමවේද අනුගමනය කිරීමෙන් ඔබටත් ඊට ගොදුරුවීම වළක්වාගත හැකි වනු ඇති.
    නව කොරෝනා වෛරසය ප්‍රධාන වශයෙන්ම එක් අයකුගෙන් තවත් අයකුට ආසාදනය වන්නේ කතාකරන විටදී, කහින විටදී හෝ කිවිසුම් යාමේදී පිටවන බිඳිති මඟින්.
    එම දියර බිඳිති , ආසාදිතයා අසල සිටින පුද්ගලයෙකුගේ මුඛයේ හෝ නාසයේ හෝ තැන්පත් වීම මගින් මෙම වෛරසය ශරීරගත වෙයි.
    මෙම දියර බිඳිති බරින් වැඩි නිසා බොහෝ දුරක් වාතය හරහා ගමන් කිරීමක් සිදුවන්නේ නැහැ.
    ඒවා දළ වශයෙන් මීටර් 1ක් වැනි දුරක් ඇතුළතදී අසළ ඇති යම් පෘෂ්ඨයක් මත තැන්පත් වීම සිදුවෙයි.
    මේ නිසා එක් පුද්ගලයෙකුගෙන් තවත් පුද්ගලයෙකුට රෝගය සම්ප්‍රේෂණය වන විටදී එය බොහෝ විට සිදුවන්නේ අදාළ රෝගී පුද්ගලයා සමීපව ආශ්‍රය කරන අයටයි.
    ඒ අතර ආසාදිතයකුගෙන් පරිසරයට නිකුත් වූ වෛරස තැවරුණු පෘෂ්ඨයක් ආසාදිත නොවන පුද්ගලයකු විසින් ස්පර්ශ කළ විට වෛරසය එම තැනැත්තාගේ අත්වල තැවරීමට ඉඩකඩ පවතියි.
    එවැනි අතකින් ඔහු හෝ ඇය දෑස් ,නාසය හෝ මුඛය ඇල්ලීමෙන්ද වෛරසය ආසාදනය විය හැකියි.
    නව කොරෝනා වෛරසය මෙලෙස ආසාදනයවීම වළක්වාගැනීම සඳහා ඔබට අනුගමනය කළ හැකි පහසු පියවර කිහිපයක්ම පවතියි.
    මෙම වෛරසය ප්‍රමාණයෙන් විශාල වන නිසා ඕනෑම සාමාන්‍ය මුහුණු ආවරණයක් මඟින් වෛරසය ඇතුළුවීම වළක්වාගත හැකියි.
    එමෙන්ම බාහිර පෘෂ්ඨ ස්පර්ශ කළ පසු හොඳින් සබන් යොදා සෝදා දෑත් ‍පිරිසිදු කිරීමත්, ඇල්කොහොල් සහිත පිරිසිදුකාරක මගින් විෂබීජ හරණය කිරීමත් වෛරසය ශරීරගත වීම වැළැක්වීමට ඉවහල් වෙයි.
    ඔබ නිතර දෑත් සෝදා පිරිසිදු කරගැනීම ඒ අනුව වැදගත් වෙයි.
    ඔබ කහිනවිට හෝ කිවිසුම් යවන විට සිය වැලමිටෙහි ඇතුල් පැත්තෙන් කට සහ නාසය ආවරණය කර ගැනීම හෝ ටිෂූ කඩදාසියක් භාවිත කිරීම වඩාත් සුදුසුයි.
    එම ටිෂූ කඩදාසිය භාවිත කළ වහාම අවට පරිසරයට මුදාහැරීම වෙනුවට පියනක් සහිත කසල බඳුනකට බැහැර කිරීමට වගබලාගත යුතුයි.
    ඔබට උණ, කැස්ස, සෙම්ප්‍රතිෂ්‍යාව, හුස්ම ගැනීමේ අපහසුතාව, කෙටි හුස්ම ගැනීම, දියර ලෙස මළපහ පිටවීම, හිසරදය, උගුරේ වේදනාව, ඇඟපත වේදනාව වැනි අසීරුතා ඇත්නම් නොපමාව වෛද්‍යවරයකු හමුවන්න.


     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    JuZe_BaNda

    Well-known member
  • Mar 8, 2018
    1,515
    1,504
    113
    ෆුඩ් සිටියට ගියා, බඩු නෑ හිස් රාක්ක විතරයි කියපන්කෝ... දන්සැල් වගේ කැෂියර් පෝළිම...
     

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,225
    5,049
    113
    Loading...
    ෆුඩ් සිටියට ගියා, බඩු නෑ හිස් රාක්ක විතරයි කියපන්කෝ... දන්සැල් වගේ කැෂියර් පෝළිම...

    ටඉකේ... Fuel Shed වලයි, Foodcity වලයි මාර Rush එකලු මොරටුවෙ.
     

    Niluka dissanayake

    Active member
  • Mar 24, 2015
    370
    106
    43
    අර ඉතාලිවලින් අාපු එකෙක් රට හැම තැනම ගිහිල්ලා වැඩේ දිලා...හෙට වෙනකොට බලපල්ලා තව අයට ඕක හැදෙයි...Italy,China ,South Korea,Iran වලින් එන අයට අැයි තාවකාලික VISA දිම නතර කරන්න බැරි.. ඇයි americaට හා Indiaවට පුලුවන්නම් නම් ඇයි අපිට බැරි...:frown:....?
     
    Status
    Not open for further replies.