Ranil Wickremesinghe | Full Address and

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මේක බලන්න.
    Ranil Wickremesinghe | Full Address and Q&A  ­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­| Oxford Union

    දේශපාලන වේදිකා වල බැනගනීම් වලිනුයි, ලීක් වෙන කෝල් වලනුයි ඔබ්බට ලංකාවෙ දේශපාලනය ගැන උනන්දුවක් තියෙන අය බලන්න :)

    අවුරුද්දකට විතර කලිං කරපු සාකච්ඡාවක් වුනත් වැදගත් කරුණු ටිකක් සාකච්ඡා කරනව.

    පහලිං තියෙන්නෙ කතා කරන key points ටික.

    • 15 වෙනි සියවසේ චීනයේ තිබුණු දියුණුව සහ එහි කඩාවැටීම.

    • ඉන් පසුව ඇතිවුන බටහිර ගෝලීය ආධිපත්‍යය

    • 20 වන සිවයසේ ආරම්භයත් සමඟ සීතල යුද්ධ, අධිරාජ්‍ය විරෝදී සටන් සහ ලෝක යුද්ධ හේතුවෙන් බටහිර අධිරාජ්‍යයේ පසුබෑම

    • ආසියාවේ වර්ධනය, නව world order එකක ආරම්භය සහ එහි බලවතුන්

    • නව world order එකෙහි බටහිර දරන ස්ථානය

    • චීනයේ ගමන් මඟ

    • ඉස්ලාම් ලෝකයේ බලපෑම

    • අලුතෙන් බිහිවන බහුද්‍රැවීය (multi polar) ලෝකයක ඉන්දියන් සාගරයේ වැදගත්කම

    • දකුණු චීන මුහුදේ අර්බුධය සහ ඉන්දියන් සාගරය දක්වා එහි ව්‍යාප්ත වීමේ හැකියාව

    • මේ සියල්ලෙහි ලංකාව දරන ස්ථාවරය

    • දේශගුණ අර්බුධය වැලැක්වීම සහ ශ්‍රී ලංකාවේ දායකත්වය

    • LTTE සංවිධානය යුදමය වශයෙන් පරාජය කිරීම, සමාදාන කිරීම් වල තත්වය

    • උතුරේ ජනතාව යුධමය මානසිකත්වයෙන් මිදී සාමාන්‍ය දේශපාලන ප්‍රවාහයට ප්‍රවේශවීම සහ එයින් ඇති වන යහපත් බලපෑම්

    • හම්බන්තොට වරාය චීනයට බදුදීම, චීන හමුදා ඉන්දියන් සාගරයට ගෙන ඒම සහ චීනයේ ණය උගුල

    • ශ්‍රී ලංකාවේ ණය සහ ඒ සඳහා sovereign bonds වල දායකත්වය

    • බටහිර රටවල රජයේ මැදිහත් වීම් වෙලඳපොල කෙරෙහි අයහපත් අයුරින් බලපෑම සහ ආසියාවේ තත්වය ඊට විරුද්ධ ස්වභාවයක් ගැනීම

    • උතුරෙන් හමුදාව ඉවත් කිරීම එහි ඇති ගැටලු සහ එහි තත්වය
     
    • Like
    Reactions: Travz and Rated_R

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    දැනුම නම් තියෙනව අැති..ඒ උනාට අගමැති කම දීලත් ඒ දැනුමට හරියන්‍න වැඩක් කරගන්න බැරි උනානේ..
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    දැනුම නම් තියෙනව අැති..ඒ උනාට අගමැති කම දීලත් ඒ දැනුමට හරියන්‍න වැඩක් කරගන්න බැරි උනානේ..

    ඕක නං ඉතිං නොකියන්නෙ කාටද. මහින්ද මොනවද කලේ කියල අහන මිනිස්සුත් ඉන්නෙ. ගෝඨ මොකුත් කරන්නෑ කියල බනින මිනිස්සුත් ඉන්නෙ.
    දේශපාලඥයො එලියෙ ඉන්නව, අපි ඒ මිනිස්සුන්ව දකිනව කියල හිතාගෙන හිටියට ඇත්තටම දේශපාලඥයන්ව කවුරුත් දකින්නෑ. ඇත්තටම වෙන්නෙ අපි දේශපාලඥය ගැන චිත්‍රයක් හිත ඇතුලෙ ගොඩනඟන එක. ඒ ගොඩනඟන චිත්‍රය මොනවත් කරල තියෙනවද නැද්ද කියල ඊට පස්සෙ කෙස් පැලෙනකං වාද කරනව. හැම දෙයක්ම මෙච්චර තමා. දකිනවට වඩා කරන්නෙ ගොඩනඟීම :(
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    දැනුම නම් තියෙනව අැති..ඒ උනාට අගමැති කම දීලත් ඒ දැනුමට හරියන්‍න වැඩක් කරගන්න බැරි උනානේ..

    ඔව් ඒකනේ....දැනුමෙන් වැඩක් නෑ ප්‍රැක්ටිකල් දෙයක් ක්‍රන්න බැරි නම්... ඔච්චර මොළකාරය පහුගිය ටිකට කලේ බැංකුව කඩපු එකයි සාගල අකිල මලික් එරාන්ලට කටට දුන්නු එකයිනෙ බං..දැනුම නම් පොතපත් කියවල ගන්න පුලුවන්...
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    උඹ හිරුනිකාද ? රන්ජන්ද ?:lol::lol:

    :(
    විනාඩි 49යි තප්පර 1ටවත් පොඩ්ඩක් ගෝත්‍රික පක්ශවාදයෙන් මිදිල දේශපාලනය දැකපං බං. ඔතන කතා කරන්නෙ unp එක ගැන නෙමේ ලංකාව ගැන.
     
    • Like
    Reactions: NaiRobi

    boka1979

    Junior member
  • Feb 5, 2016
    72
    13
    8
    :(
    විනාඩි 49යි තප්පර 1ටවත් පොඩ්ඩක් ගෝත්‍රික පක්ශවාදයෙන් මිදිල දේශපාලනය දැකපං බං. ඔතන කතා කරන්නෙ unp එක ගැන නෙමේ ලංකාව ගැන.

    උකාන් උට්ටෝ. පොන්නයා පොන්නයාමයි.
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    ඔව් ඒකනේ....දැනුමෙන් වැඩක් නෑ ප්‍රැක්ටිකල් දෙයක් ක්‍රන්න බැරි නම්... ඔච්චර මොළකාරය පහුගිය ටිකට කලේ බැංකුව කඩපු එකයි සාගල අකිල මලික් එරාන්ලට කටට දුන්නු එකයිනෙ බං..දැනුම නම් පොතපත් කියවල ගන්න පුලුවන්...

    :lol::yes:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    උකාන් උට්ටෝ. පොන්නයා පොන්නයාමයි.

    හරි බං එල. උඹ තේරුම් අරං තියෙන විදිහ 100%ක් නිවැරදියි. මේ කියල තියෙන්නෙ රනිල්ට ඡන්දෙ දෙන්න කියල තමා. මේකෙ ඊට වඩා කිසි දෙයක් කියල නෑ.
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    ඕක නං ඉතිං නොකියන්නෙ කාටද. මහින්ද මොනවද කලේ කියල අහන මිනිස්සුත් ඉන්නෙ. ගෝඨ මොකුත් කරන්නෑ කියල බනින මිනිස්සුත් ඉන්නෙ.
    දේශපාලඥයො එලියෙ ඉන්නව, අපි ඒ මිනිස්සුන්ව දකිනව කියල හිතාගෙන හිටියට ඇත්තටම දේශපාලඥයන්ව කවුරුත් දකින්නෑ. ඇත්තටම වෙන්නෙ අපි දේශපාලඥය ගැන චිත්‍රයක් හිත ඇතුලෙ ගොඩනඟන එක. ඒ ගොඩනඟන චිත්‍රය මොනවත් කරල තියෙනවද නැද්ද කියල ඊට පස්සෙ කෙස් පැලෙනකං වාද කරනව. හැම දෙයක්ම මෙච්චර තමා. දකිනවට වඩා කරන්නෙ ගොඩනඟීම :(

    උඹ කියනදේ අැත්ත මිනිහගෙ දේශපාලනය පැත්තකට දැම්මොත්..ඒත් බං මිනිහ දේශපාලනය කරන ඵකෙක්නේ..
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    උඹ කියනදේ අැත්ත මිනිහගෙ දේශපාලනය පැත්තකට දැම්මොත්..ඒත් බං මිනිහ දේශපාලනය කරන ඵකෙක්නේ..

    මෙතන ගිහිං කතා කරන්නෙ unp පොහොට්ටු පක්ශ දේශපාලනයක් ගැන නෙමේ බං ලංකාව ගැන. ලංකාව ඇතුලෙ පක්ශ කරන දේවල් oxford union society එකේ තියන speech අහන්න එන උන්ට වැඩක් නෑ බං. රට ඇතුලෙ පක්ශ දේශපාලනයෙන් අන්ද වෙලා ලංකාවෙ මිනිස්සුන්ට පක්ශවලිං තොරව දේශපාලනය ගැන හිතන්න බැරිවෙන්නම ඔලු කුරුවල් වෙලා දුකයි වෙලා තියෙන දේ දැක්කහම :(
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    මෙතන ගිහිං කතා කරන්නෙ unp පොහොට්ටු පක්ශ දේශපාලනයක් ගැන නෙමේ බං ලංකාව ගැන. ලංකාව ඇතුලෙ පක්ශ කරන දේවල් oxford union society එකේ තියන speech අහන්න එන උන්ට වැඩක් නෑ බං. රට ඇතුලෙ පක්ශ දේශපාලනයෙන් අන්ද වෙලා ලංකාවෙ මිනිස්සුන්ට පක්ශවලිං තොරව දේශපාලනය ගැන හිතන්න බැරිවෙන්නම ඔලු කුරුවල් වෙලා දුකයි වෙලා තියෙන දේ දැක්කහම :(

    :(උඹ කියන දේ මට තේරෙනව..ඒත් ලංකාවෙ ගොඩදෙනෙක් දේශපාලන හින්ද බෙදිලා ඉවරයි..ඒක කරෙත් දේශපාලනය කරන උන්ම තමා උන්ගෙ වාසියට.උඹ කියන දේ තේරුම් ගන්න මේ වීඩියෝ ඵක බලන්න ඕන රනිල් දේශපාලනය කරන කෙනෙක් නෙමෙයි කියල හිතාගෙන..:yes:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    :(
    විනාඩි 49යි තප්පර 1ටවත් පොඩ්ඩක් ගෝත්‍රික පක්ශවාදයෙන් මිදිල දේශපාලනය දැකපං බං. ඔතන කතා කරන්නෙ unp එක ගැන නෙමේ ලංකාව ගැන.

    පස්සේ අහන්න ඕනේ...
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    මූ ඇමති කමක් කරගෙන හිටපු කාලේ පට්ට වැඩ කොටසක් කරපු එකෙක්.

    චන්ද්‍රික හිටපු කාලේ මූ ඉඳල ඊට පස්සේ මහින්ද අවනම් රට මිට වඩා ගොඩක් ඉස්සරහින් ඉන්නවා දැන්

    80 ගණන් වල මූ ගෙනාපු ධවල පත්‍රිකාවට මාර විරෝධයක් ආව.පනත පරාජය උනා
    එත් අද වෙනකොට එකේ තිබ්බ හරි කියල ගෝටගේ වියත් මගේ එවුන්ම ආපහු ඒවා ගේනවා

    අවුරුදු 40කට කලින් ඒවා කරානම් අද රැකියා ප්‍රශ්නයක් නැහැ භාෂා ප්‍රශ්න නැහැ

    නොමිලේ පෙළපොත් නිල ඇඳුම් දෙන්න ගත්තේ මු.

    විද්‍යා පීඨ 9ක් හැදුව, කාර්මික විද්‍යාල පටන් ගත්ත NAITA, කටුනායක TTI , වුර්තිය පුහුණු අධිකාරිය
    රාජ්‍ය ආයතන වලට විභාග තියල රැකියා දෙන ඒවා එහෙම මූ පටන් ගත්තේ.

    වෙන රටවල් වල කැම්පස් යන්න පුළුවන් වෙන්න GCE A/L O/L කියල පටන් අරන් තියෙනේ මු

    අදටත් ලංකාවේ වැඩිම අපනයන ආදායම නිදහස් වෙළඳ කලාප වලින් එන්නේ. බියගම නිදහස් වෙළඳ කලාපේ පටන් අරන් කර්මාන්ත ප්‍රතිපත්ති හදල තියෙනව.

    කරපු දේවල් පට්ට ලොට් එකක් තියෙනවා.
     
    2012 දී කිව්වා වගේ..තව ටික දවසකින් කියපල්ලා ...මූ තමයි ආසියාවේ ඉන්න හොඳම බුද්දීමතා කියල....

    ඊට පස්සේ රනිල්ව ආයේ පත්කරගෙන දවල්ට බෝම්බ කාල රැට බැංකු කඩමු...

    ..

    සූරිය කන්ද මතක් උනා කියපන්කො...Mr .ප්‍රබාකරන් ගෙයි Mr රනිල්ගෙයි Photo එක මතකද ? ලස්සන photo එක නේ ?

    හපොයි බෑ බන්...මිලේනියම් city මතක් උනා කියපන්කො....කොරෝනා නිසා වී ගෝනි ටිකක් ගත්ත මචන් ....මත්තල ගන්න බැරිද දන්නේ නෑ ගබඩා කරන්න ?