BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

Status
Not open for further replies.

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,457
    23,702
    113
    ලිම්පෝපෝ කන්දෙ
    kowDOZD.jpg

    Russia: 56 (confirmed). :dull:
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    ඉතාලි නගර වසා තිබියදී ලාංකිකයන් පැමිණීම සැකයක්.. කෑලෑවල්වලින් වෙනත් ගුවන් තොටුපලවල්වලට ඇවිත්..
    March 14, 2020 at 2:10 pm | lanka C news
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    ඉතාලි නගර වසා තිබියදී ලාංකිකයන් පැමිණීම සැකයක්.. කෑලෑවල්වලින් වෙනත් ගුවන් තොටුපලවල්වලට ඇවිත්..
    March 14, 2020 at 2:10 pm | lanka C news

    බෝට්ටු වලින් ඉතාලි ගිය උන්ට ඕකත් කජ්ජක්ද බං..:lol:
     
    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,792
    2,934
    113
    කොරෝනා වෛරසය ආසාධිත වූ තවත් රෝගීන් දෙදෙනක්

    කොරෝනා වෛරසය ආසාධිත වූ තවත් රෝගීන් දෙදෙනක් අද දිනයේදී හමුවූ බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි සඳහන් කර සිටිනවා. ඒ අනුව මේ වන විට කොරෝනා වෛරසය ආසාධිත මුළු රෝගීන් සංඛ්‍යාව 07ක් දක්වා ඉහල ගොස් තිබෙනවා.

    අද දිනයේදී තහවුරු වූ පුද්ගලයින් දෙදෙනා ගෙන් එක් අයෙක් 44 හැවිරිදි වියේ පසුවන අය අතර ඔහු ඉතාලියේ සිට පැමිණි පුද්ගලයෙක් වනවා.

    ඔහු කන්දකාඩු හි පිහිටි නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි අයෙක් වන අතර ඔහු මේ වන විට පොළොන්නරුව දිස්ත්‍රික් රෝහලේ ප්‍රතිකාර ලබනවා.

    එමෙන්ම අනෙක් රෝගියා නාත්තන්ඩිය ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි පුද්ගලයෙක් වන අතර ඔහුද ඉතාලියේ සිට පැමිණි පුද්ගලයෙක් වනවා. මේ වන විට ඔහු කුරුණෑගල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවයි සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කර සිටියා

    Source:Neth news
     
    Last edited:

    PrasadSL2018

    Active member
  • Mar 4, 2018
    329
    37
    28
    මේක ලෝක වියාප්ත වසන්ගතයක්. මේ අය ඉන්න ඉතාලි කොරියා රටවල මෙහෙට වඩා උපස්තාන පහසුකම් තියෙනවා. මොලේ පාවිච්චි කරල එහේම උන්නනම් එයාලවගේම මේ කිඩිම පරිපාලනයක් නැති නීතියක් චාරයක් නැති ආන්ඩුකරවන රටේ අසරන මිනිස්සුත් බේරෙනව. ණය ගෙවාගන්න බැරි නිසා චීනෙට වහල් වෙලා චීන මිනිස්සු නිරෝදායන කලේ නැ
    මේ රටේ ඉස්සෙල්ලම එයා පෝට් වහන්න තිබ්බෙ. බස් කෝච්චි ගත්තත් මිනිස්සු ඔෆිස් යන්නෙ දාස් ගානක් පැක් වෙලා. ඉතින් බෝ වෙන ලෙඩ කොහොම පාලනයක් ද.
    රවී උසාවියට දැම්ම සෙල්ලමෙන්ම පේනව තත්වෙ
     
    Djice

    Well-known member
  • Jan 17, 2011
    4,417
    3,789
    113
    out of fucked up land
    මේක ලෝක වියාප්ත වසන්ගතයක්. මේ අය ඉන්න ඉතාලි කොරියා රටවල මෙහෙට වඩා උපස්තාන පහසුකම් තියෙනවා. මොලේ පාවිච්චි කරල එහේම උන්නනම් එයාලවගේම මේ කිඩිම පරිපාලනයක් නැති නීතියක් චාරයක් නැති ආන්ඩුකරවන රටේ අසරන මිනිස්සුත් බේරෙනව. ණය ගෙවාගන්න බැරි නිසා චීනෙට වහල් වෙලා චීන මිනිස්සු නිරෝදායන කලේ නැ
    මේ රටේ ඉස්සෙල්ලම එයා පෝට් වහන්න තිබ්බෙ. බස් කෝච්චි ගත්තත් මිනිස්සු ඔෆිස් යන්නෙ දාස් ගානක් පැක් වෙලා. ඉතින් බෝ වෙන ලෙඩ කොහොම පාලනයක් ද.
    රවී උසාවියට දැම්ම සෙල්ලමෙන්ම පේනව තත්වෙ

    Healthcare services in Italy has been overloaded for days now.
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,760
    5,722
    113
    මේක ලෝක වියාප්ත වසන්ගතයක්. මේ අය ඉන්න ඉතාලි කොරියා රටවල මෙහෙට වඩා උපස්තාන පහසුකම් තියෙනවා. මොලේ පාවිච්චි කරල එහේම උන්නනම් එයාලවගේම මේ කිඩිම පරිපාලනයක් නැති නීතියක් චාරයක් නැති ආන්ඩුකරවන රටේ අසරන මිනිස්සුත් බේරෙනව. ණය ගෙවාගන්න බැරි නිසා චීනෙට වහල් වෙලා චීන මිනිස්සු නිරෝදායන කලේ නැ
    මේ රටේ ඉස්සෙල්ලම එයා පෝට් වහන්න තිබ්බෙ. බස් කෝච්චි ගත්තත් මිනිස්සු ඔෆිස් යන්නෙ දාස් ගානක් පැක් වෙලා. ඉතින් බෝ වෙන ලෙඩ කොහොම පාලනයක් ද.
    රවී උසාවියට දැම්ම සෙල්ලමෙන්ම පේනව තත්වෙ
    මචං මේක ආවේ චීනයෙන් නෙමේ. චීන ගෑනිට හොද වෙලා සතියකට වඩා තියාගෙන එලියට දැම්මේ ඒත් එකෙක් ගෙන්වත් බෝවුනේ නැහැ. තාම කොරියා වලින් ආපු එකෙකුට වත් ලෙඩෙක් නැහැ. ඉතාලියෙන් තමා ඇවිත් තියෙන්නේ. උන්ට තාම control එකක් නැහැ. මේ වෙන කොට ඔක්කෝම කඩා වැටිලා ඇති. හමුදාවත් අපේ එකට වඩා අඩු ඇති. එක හින්දා හමුදාව දාලා පාලනය කරන්නත් බැහැ. අපේ ඉතාලි වල ඉන්න බෝට්ටු හැත්ත තමා ඕක බෝ කරන්න ලංකාවට ආවේ.
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    සවස් වෙද්දී තවත් කොරෝනා රෝගීන් වාර්තා වේවි - වෛද්‍ය අනිල් ජාසිංහ
    2020-03-14
    ShareFacebookTwitterEmail
    4928
    Views

    අද (14) සවස් කාලය වන විට කොරෝනා වෛරසය ආසාධිත රෝගීන් එක් අයෙක් හෝ දෙදෙනෙක් වාර්තා වීමේ ඉඩකඩ පවතින බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ ප්‍රකාශ කර සිටිනවා.

    වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කර සිටියේ මේ වන විට වාර්තා වී ඇති මුළු රෝගීන් ගණන 07ක් වන බවත් ඉන් 06 දෙනෙක් ඉතාලියට සම්බන්ධ වන බවයි.

    ඇතිවී තිබෙන තත්ත්වය අනුව ඉතාලිය, දකුණු කොරියාව සහ ඉරානයේ සිට පැමිණෙන පුද්ගලයින්ට අමතරව ප්‍රංශය, ස්පාඤ්ඤය, ස්විට්සර්ලන්තය, ජර්මනිය, ඩෙන්මාර්කය, ඔස්ට්‍රියාව, නෙදර්ලන්තය, ස්වීඩනය, බහරේන් සහ කටාර් සිට පැමිණෙන සියලු ගුවන් මගීන් නීරෝධානයට ලක් කිරිමට ජාතික කොරෝනා මර්ධන කමිටුව තීරණය කළ බවයි වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කලේ.

    :eek: :eek: :eek:
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,580
    22,724
    113
    අම්බකිස්ස
    Fb එකේ දැක්කේ...ඉතාලි වලදිම අරුනට් කොරෝනා තිබිලා පැරසිටමෝල් බීලා උණ අඩු කරගෙන මිලානෝ වලින් නැතුව වෙන එයාපෝට් එකකින් අවිල්ලා කියන කතාවක් දැක්කා...කන්දකාඩුවලදි හම්බුනේ වුන්වලු
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    Fb එකේ දැක්කේ...ඉතාලි වලදිම අරුනට් කොරෝනා තිබිලා පැරසිටමෝල් බීලා උණ අඩු කරගෙන මිලානෝ වලින් නැතුව වෙන එයාපෝට් එකකින් අවිල්ලා කියන කතාවක් දැක්කා...කන්දකාඩුවලදි හම්බුනේ වුන්වලු

    ඉතාලියේ සිට පැනඩෝල් බිලා ආපු දෙදෙනාට කොරෝනා : එකට බස් රියේ සිටි 16 දෙනා හමුදාවෙන් සොයා ගැනේ
    2020-03-14
    ShareFacebookTwitterEmail
    4475
    Views

    කොරෝනා වෛරසය වැලදී ඇති බවට තහවුරුවූ කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි පුද්ගලයින් දෙදෙනා ඉතාලියේ සිටියදීම පෙනඩෝල් වැනි ඖෂධ පානය කොට මෙරටට පැමිණ ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ ප්‍රකාශ කර සිටිනවා.

    " මෙම පුද්ගලයින් දෙදෙනා මිලානෝ නුවර සිට ගුවන් ගතවෙන්න ඉඩ ලැබී නැති නිසා එතැන සිට වාහනයකින් සැතපුම් 800ක් ගොස් එහි සිට ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා.

    ඔවුන් ඉතාලියේ සිටියදීම උණ ගතියෙන් පෙලීම නිසා පෙනඩෝල් වැනි ප්‍රති ජීවක ඖෂධ පානය කරලා ඇගේ උණ ගතිය් යටපත් කර ගෙන තිබෙනවා. ඒ ගුවන් තොටුපලේදී සිදුකරන පරීක්ෂාවෙන් බේරෙන්න.

    මොවුන් ලංකාවට පැමිණියාට පස්සේ රජයේ නිරෝධායන වැඩසටහනට යන්න බැහැ කියලා කටුනායක ගුවන් තොටුපලේදී විරෝධය පලකරලා තිබෙනවා. ඒ අවස්ථාවේදී මේ පුද්ගලයින් දෙදෙනා එම ස්ථානයේ සිටි අනෙක් පුද්ගලයින් සමග ලංවෙලා ඉදලා තියෙනවා.

    නමුත් මෙම පුද්ගලයින් දෙදෙනා ඔවුන්ගේ රෝගී තත්ත්වය කටුනායක ගුවන් තොටුපලේදීවත් හෙළි කරලා නැහැ.

    පසුව එම පුද්ගලයින් දෙදෙනා තවත් 16 දෙනෙක් සමග බස් රථයකින් කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයට රැගෙන ගොස් තිබෙනවා.

    මෙම පුද්ගලයින් දෙදෙනා කොරෝනා රෝගීන් බවට තහවුරු වීමත් සමග ඔවුන් සමග සිටි අනෙක් පුද්ගලයින් 16 දෙනා යුධ හමුදාවේ සහයෙන් මේ වන විට හඳුනාගෙන ඔවුන්ව වෙනම රඳවා තිබෙනවා.

    ඔවුන් නිරෝධායනයට ලක් නොවී නිවෙස් වලට ගියා නම් ඇතිවෙන තත්ත්වය මිට වඩා වෙනස් වෙන්න තිබ්බා, වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කර සිටියා.
     
    Status
    Not open for further replies.