Mad Weera

Well-known member
  • Oct 13, 2015
    5,320
    6,076
    113
    ඔබත් මේ වංචාවට හසුවුනාද?

    පසුගිය 4 වෙනිදා ( 04/03/2020) රාත්‍රී 9 පමන කලල්ගොඩ keels ආයතනයට ගියේ ගෙදරට අවශ්‍ය බඩු කීපයක් මිලදී ගැනීමටයි. මම වාහනය ( කලු පැහැති ) නතර කරන විට යම් පුත්ගලයෙක් වාහනය නතර කරන සීමාවේ සිට මදක් නැවතී මග හරස්කර නැවත මට ඉඩදී ඉවත්විය. මා ඒ ගැන එතරම් ගනන් නොගෙන ආයතනය තුලට ඇතුලු විය.

    පසුව මා ආයතනය තුල විනාඩි 30 වැනි කාලයක් ගතකර මට අවශ්‍ය දේ රැගෙන ආයතනයෙන් පිටත් විය. මා පන්නිපිටිය දෙසට මගේ කාරය දාවනය කලෙමි. පොල්වත්ත හන්දිය පසුවී මගදුරක් ගියවිට රතු පැහැති ත්‍රී රෝද රථයක් ( SP QH - 3718 )මග හරස්කර මට නවතින ලෙස පැවසිය. ඔහු පැවසුවේ මා ඔහුගේ ත්‍රී රෝදරතය හප්පා නොනවත්වා දාවනය කල බවයි.( වාහනයේ කැමරාවේ දිනය හා වේලාව වැරදිය.)

    මා දන්නා පරිදී මා දැනුවත්ව එවැනි අනතුරක් සිදු නොවුවද ඔහුගේ කීමට මා වාහනය නතරකර වාහනයින් බැස්ස විට ඔහු කියා සිටියේ ඔහු ත්‍රී විලය නතර කර කෙනෙක් බස්සන විට මම දකුනු මන්තීරුවට වාහනය එකවර ගත් බවත් එවිට ඔහුගේ ඉදිරිපස කොටස මගේ කාරයේ පිටුපස වැදුනු බවත්‍ය. මට එසේ අනතුරක් සිදුවූ බව නොදැනුනු බව පැවසූ විට ඔහු කියා සිටියේ මගේ වාහනය පරීක්ෂා කර බලන ලෙසත් ඔහුගේ වාහනයේ පාට ගෑවී තිබිය හැකි බවත්‍ය.

    මා කාරය පරීක්ෂා කලවිට ඔහුගේ රතු තීන්ත මගේ කාරයේ ගෑවී තිබූ අතර පිටුපස ලයිට් එක සීරී තිබුනි. මට අදහා ගත නොහැකි උවත් නොදැනුවත්වම හෝ අනතුරක් සිදූවී ඇති බව මට සිතුනි.

    අනතුරුව ඔහු පැවසුවේ ඔහුගේ රතය සාදා ගැනීමට 10000/= මුදලක් අවශ්‍ය බවත් රැකියාව ලෙස හයර් දුවන බවත් මේ අනතුර නිසා දින දෙකක් වත් රැකියාව කරගැනීමට නොහැකි වන බවය.

    මගේ වාහනයේ ඉදිරිපස කැමරාවක් පවතින බැවින් එය පරික්ෂාකල යුතු බව මා ඔහුට පැවසුව අතර ඔහු එකවරම පිටුපස කැමරා ඇත්දැයි අසා සිටි අතර මා පැවසුවේ පිටුපස නොමැති බවත් යම් අනතුරක් සිදුවී ඇත්දැයි හෝඩුවාවක් ඉදිරිපස කැමරාවෙන් ලබාගත හැකි බවත්ය.

    මා හට කැමරාව හරි හැටි ක්‍රියාත්මක කරගැනීමට නොහැකි වූ බැවින් මා මිතුරෙකුට දුරකතනයෙන් කතා කර පැමිනෙනෙ ලෙස දැනුම් දුන්නේ මෙය හරියට පරීක්ෂා කර මොහුගේ මුදල මොහුට ලබා දීමටයි.

    නමුත් ඔහු ඉතා හදිසි බවත් රැකියාව කරගැනීමට ඇති කාලය අපතේ යන බවත් 5000 හෝ ලබාදෙන ලෙස පැවසිය. මා පැවසුවේ එසේනම් පොලිසිය ට ගොස් ගැටලුව විසදා ගත හැකි බවයි. ඔහු පැවසුවේ පොලිසියට ගොස් තවත් කාලය යන බැවින් දරුවන් තුනක් සිටින තමාට හයර් දිවීමට නොහැකි වන බවය.

    අවසානයේ මගේ මිතුරා පැමින ඔහුගේ හා මගේ වාහන පරීක්ෂා කර කියා සිටියේ ත්‍රී රෝද රතයයේ ඇත්තේ පරන හැප්පිම් ලකුනු බවත් මගේ වාහනයේ සිදුවී ඇති හානිය සැලකීමේදී ඔහුගේ රතයට වී දැති හානිය ඉතා වැඩි බවත් ඒවා පරන ඒවා බවත්ය.

    අවසානයේ ත්‍රී ‍රෝද හිමිකරු එය පිලිගත් අතර ලයිට් එක සදහා පමනක් 2400 ලබාදෙන මෙන් ඉල්ලීය. මගේ මිතුරා මගේ වාහනයේ කැමරාව පරීක්ෂා කිරීමට කීප විටක් උත්සාහ කලත් නිසි ආකාරයට එම වේලාවේදී කරගැනීමට නොහැකි විය. මා අතද laptop එකක් ඒ අවස්ථාවේ නොතිබුන නිසා ගෙදර ගොස් පරීක්ෂා කිරීමට තීරනය කල අප ඔහුට 2000 ලබා දුන්නේ මා අතින් යම් වරදක් සිදුවී ඇත්නම් සොයා බලා ඔහුට තවදුරටත් කල හැකි උපකාරයක් කිරීමටත් , සිදුවූ දෙය නිවැරැදිව දැනගෙන ඔහුට දැනුම් දීමටත් ඔහුගේ තොරතුරු ලබාගෙන එතනින් පිටත් විය.

    පසුදා මා මගේ වාහනයේ කැමරාවේ චිප් එක ගලාවා laptop එකට දමා බැලූ විට අනතුරක් සිදු වූ ලකුනු එහි නොවීය. පාර අයිනේ හැප්පිය හැකි ආකාරයට ත්‍රී ‍රෝද රතයක් කීල්ස් ආයතනයේ සිට මොහු කාරය නතර කරන තුරුම දක්නට නොමැති විය.

    කෙසේ වෙතත් මෙගේ කාරය BMW නිසා ඉන්සුවරස් මගින් සාදාගැනීමට වඩා අතින් සාදා ගැනීම වාසි දායක නිසා මා දන්නා ආයතනයකට යොමුකර 16000 මුදලක් ගෙවා මගේ වාහනය සාදා ගත්තෙමි.

    මගේ මිතුරාට මට වඩා වාහන හා අනතුරු පිලිබද හොද දැනුමක් ඇති නිසා ඔහුගේ උවමනාවටම මා වාහනය හදන ස්තානයට පැමිනි ඔහු මගේ laptop එකෙන් විඩියෝ පරීක්ෂා කරන ලදී.

    කීප විටක්ම විඩියෝ පරීක්ෂා කල ඔහු එක් වීඩියෝවක ත්‍රී විල් රියදුරු කීල්ස් ආයතනයේ සිටින බව හදුනා ගත් අතර මා වාහනය නතර කරන විට ඉදිරියට පැමිනෙන්නේ ඔහු බව හදුනා ගත්තෙමු.

    අප කෙලින්ම ගියේ කලල්ගොඩ කීල්ස් ආයතනයටයි. එහි කලමනාකරු අපගේ ගැටලුව පිලිබදව අසා අපට cctv පරීක්ශා කිරීමට අවස්ථාව ලබාදුනි.

    කීල්ස් ආයතනයේ එලියට සවිකර ඇති කැමරාවේ දෝශයක් පැවතුනුද අපට අවශ්‍ය කොටස පෙර පිනකට මෙන් සටහන් වී තිබුනි.

    එහි දැක්වෙනේ මගේ කාරය නතර කර ඇති විට පිටුපසින් ත්‍රී ‍රෝද රතය දෙවරක් හප්පා වෙනත් ස්තානයක නවතා මගේ කාරය පරීක්ෂා කිරීමට ත්‍රී ‍රෝද රත රියදුරු පැමිනෙන ආකාරයි. ඔහු අනතුර හිතා මතා සිදුකර මා පිටත්වූ විට මග හරස්කර මා අනතුරක් කල බව පවසා මගෙන් මුදල් ගැනීමට සැලසුම් කරන ආකාරයයි.

    මොහු මෙය වියාපාරයක් ලෙස සිදුකරන අයෙක් ලෙස අපට පසක් විය.
    තවදුරටත් ඔහුගේ දුරකතන අංකය ( 0702866156 ) truecaller පරීක්ෂා කල විට ඇත්තේ accident ලෙසය. ඒ මොහු විශාල පිරිසකට මෙය සිදුකල බවට කදිම ශාක්ශියකි.

    අවසානයේ මා තලංගම පොලිසියට මේ පිලිබදව පැමිනිලි කල අතර ඔහුට පොලිසියට පැමිනීමට දැනුම් දුන්නද තවම පොලිසිය මග හරිමින් සිටී. ඔබත් මෙම වංචාවට හසුවූ අයෙක්නම් තලංගම පොලිසියේ රථවාහන ස්තානාධිපතිවරයා හමුවන්න.


    Video link - FB

    https://web.facebook.com/tharunaya.co.uk/videos/2466163256823502/
     

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,320
    6,076
    113
    reputation_neg.gif
    Accident 03-15-2020 10:52 PM පොන්නයෝ fb තියෙන් හැම හුත්තම මේකෙ කොපි පේස්


    me wage ekak wena aya danaganna hoda nadda
    treewheel driver ubada :rofl::rofl:
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,176
    72,328
    113
    මාලඹේ
    reputation_neg.gif
    Accident 03-15-2020 10:52 PM පොන්නයෝ fb තියෙන් හැම හුත්තම මේකෙ කොපි පේස්


    me wage ekak wena aya danaganna hoda nadda
    treewheel driver ubada :rofl::rofl:

    පොර මේකේ ඉන්නවා වාගේ:lol::lol:
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    reputation_neg.gif
    Accident 03-15-2020 10:52 PM පොන්නයෝ fb තියෙන් හැම හුත්තම මේකෙ කොපි පේස්

    ]

    මෙන්න වීල් හුත්තිගෙ පුතා මේ ඉන්නේ..
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    rep nam monada ban :)
    mun wage un nisa thami me wage un raganne
    මානසික ලෙඩ්ඩු බං. ගණං ගන්න එපා. අපි එළියට බැස්සොත් ඔහොම එකෙක් දෙන්නෙක් හම්බ වෙනව නේහ්. ඒ වගේ තමයි මේක ඇතුලෙත්:yes::yes::yes:
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    මානසික ලෙඩ්ඩු බං. ගණං ගන්න එපා. අපි එළියට බැස්සොත් ඔහොම එකෙක් දෙන්නෙක් හම්බ වෙනව නේහ්. ඒ වගේ තමයි මේක ඇතුලෙත්:yes::yes::yes:






    මානසික ලෙඩ්ඩු බං. ගණං ගන්න එපා. අපි එළියට බැස්සොත් ඔහොම එකෙක් දෙන්නෙක් හම්බ වෙනව නේහ්. ඒ වගේ තමයි මේක ඇතුලෙත්:yes::yes::yes: