BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

Status
Not open for further replies.

awjas2621

Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    The coronavirus COVID-19 is affecting 156 countries and territories around the world and 1 international conveyance

    11111.jpg

    222222.jpg

    Screenshot_4.jpg
    33333.jpg


     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,817
    3,851
    113
    Delaware
    නෑ මචං අනිල් ජයසිංහ කියපු කතාව ඇත්ත චීනේ මේක උන්ගේ රටින් පිටට යන එක සෑහෙන්න කන්ට්‍රෝල් කළා
    මම හොදටම ඒක දන්නේ මම වැඩ කරන්නෙත් චයිනීස් උන් එක්ක නිසා
    එහෙන් එන්න කලින් උන්ව දවස් දාහතරක් නිරෝධානය කළා සහ මෙහෙට ආවයින් පස්සේ කෙලින්ම සයිට් වලට ගේන්නේ නැතිව තවත් දවස් ගානක් හොටෙල් වල සේෆ් හවුස් වල තියාගෙන ඉදල තමයි සයිට් ඇතුලට ගන්නේ
    හ්ම්ම් තාම චින්නුගෙන් මෙහෙට බෝවෙලා නැ නේද?
    අර කලින් ආපු චීන ගෑනිටනම් කොරෝනා තිබිලා නැ සුවර් එකට වෙන අසනීපයක් තියෙන්ඩ ඇත්තේ නැත්තම පවිත්‍රා ඉබින්ඩ යන් නැ ඕක හොද උනා කිව්වට
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,457
    23,702
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ඇතුලේ උන්ගෙන් අනිත් උන්ට බෝවෙනවානම්
    උන්ව දවස් 14න් ගෙදර යවල බැහැ .
    මොකද 14 වෙනි දවසේ වෙන එකෙක්ගේන් බෝකරගෙන
    ගෙදර යන්න පුළුවන් .
    අර diamond prince නැවේ වගේ නවත්තගෙනම ඉන්න වෙනවා . :(:(:(

    උන් ටිකත් මෙහෙ ඇවිල්ල ඉල්ලං කාපු සීන් එකක් වගේ දැන් තියෙන්නෙ. :(
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    1584292168-corona-outbreak_l.jpg
    ඔබ කොරෝනා ගැන දැනුම්වත් ද?

    ශ්‍රී ලංකාව කොරෝනා රෝගය පැතිර යන රටක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය නිල වශයෙන් නම් කර ඇති පසුබිමක ඔබේ දෛනික ක්‍රියාකාරකම්වලදී ඔබ වඩාත් අවධානයෙන් ක්‍රියා කළ යුතු වේ.
    වෛරසයට ගොදුරුවීම වළක්වාගැනීමට නිසි සෞඛ්‍යාරක්ෂක ක්‍රමවේද අනුගමනය කිරීම ඉතා වැදගත්.
    නව කෙරෝනා වෛරසය පහසුවෙන්ම ව්‍යාප්ත විය හැකි නමුත් ඔබේ වැඩි අවධානයක් යොමු නොවන අවස්ථා පිළිබඳ සැලකිලිමත් වීම මේ දිනවල ඉතා වැදගත් වේ.
    ඒ අනුව මුදල් නෝට්ටු සහ කාසි භාවිතයේදී ඔබ විශේෂ සැලකිල්ලක් දැක්විය යුතුයි.
    මුදල් නෝට්ටු සහ කාසි බොහෝ දෙනෙකු ස්පර්ෂ කරන නිසාත්,වේගයෙන් විශාල පිරිසක් අතර සංසරණය වන නිසාත් වෛරසය අසාදනයට ඇත්තේ සැලකියයුතු බලපෑමක්.
    එමෙන්ම ATM යන්ත්‍ර භාවිතයේදී ,දුම්රිය, බස් රථ ඇතුළු පොදු ප්‍රවාහන සේවා භාවිතයේදී අවධානයෙන් සිටිය යුතුයි.

    කාර්යාල සහ පොදු ස්ථානවල විදුලි සෝපාන පිළිබඳ වැඩි දෙනෙකු අවධානය ලක් නොකළද ද එයත් වෛරසය පැතිර යාමට බලපාන සාධකයක්.
    මේ අතර දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පාසල් සහ දහම් පාසල් නොපැවැත්වෙන පසුබිමක ඇතැම් ප්‍රදේශවල තවමත් උපකාරක පන්ති පැවැත්වෙන බව ද අපට වාර්තා විය.
    සිය දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් අවශ්‍ය තීරණ ගැනීම දෙමාපියන්ගේ වගකීමක් බව විශේෂයෙන් සිහිපත් කළ යුතු වන්නේ නැත.
    නමුත් වෛරස ආසාදනයෙන් ආරක්ෂා වීමට එදිනෙදා අනුගමනය කළ හැකි පහසු පියවර කිහිපයක්ම පවතියි.
    මෙම වෛරසය ප්‍රමාණයෙන් විශාල නිසා ඕනෑම සාමාන්‍ය මුහුණු ආවරණයක් මගින් වෛරසය ශරීරයට ඇතුළුවීම වළක්වාගත හැකියි.
    එම නිසා හැකි සෑම විටම මුහුණු ආවරණයක් පැළඳීමෙන් වෛසරසය ශරීරගත වීම වළක්වාගැනීමට ඔබට හැකියාව පවති.
    එමෙන්ම මේ දිනවල පොදු සහ සෙනඟ ගැවසෙන ස්ථානවල සිටීම හැකිතාක් අවම කළ යුතුයි.
    නිතර නිරත තම ඇස්, නහය සහ මුඛය ස්පර්ෂ කිරීමෙන් වැළකිය යුතු අතර ඔබ යම් බාහිර පෘෂ්ඨයක් ස්පර්ශ කළ පසු සෑම විටම දෑත් සේදීම වැදගත් වේ.
    මුදල් ස්පර්ෂ කිරීමෙන්,පොදු ප්‍රවාහන සේවා භාවිතයෙන් සහ ATM යන්ත්‍ර භාවිතයෙන් පසු දෑත් සෝදා පිරිසිදුව තබාගැනීම ඒ අතර වඩා වැදගත්.
    ඒ සඳහා ඇල්කොහොල් සහිත සේදුම්කාරකයක් හෝ සාමාන්‍ය සබන් වුවත් භාවිත කළ හැකියි.
    එමෙන්ම කහිනවිට හෝ කිවිසුම් යවන විට සිය වැලමිටෙහි ඇතුළු පැත්තෙන් මුඛය සහ නාසය ආවරණය කර ගැනීම හෝ ටිෂූ කඩදාසියක් භාවිත කිරීම වඩාත් සුදුසුයි.
    ටිෂූ කඩදාසිය භාවිත කළ වහාම අවට පරිසරයට මුදාහැරීම වෙනුවට පියනක් සහිත කසල බඳුනකට බැහැර කිරීමට වගබලාගත යුතුයි.
    අසනීප තත්ත්වයෙන් යුතු අයෙක් හමුවට යන්නේ නම් දෙදනා අතර නම් අවම මීටරයක පරතරයක් තබා ගැනීම සිදුකිරීම ඉතා වැදගත්.
    ඒ අතර ඔබ උණ, සෙම්ප්‍රතිශ්‍යාව වැනි රෝගී ලක්ෂණ පෙන්නුම් කරන්නේනම් වහාම වෛද්‍යවරයෙක් වෙත යොමුවිය යුතුයි.
    මේ අතර ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට නියෝජිතවරියද අද (15) විශේෂ ප්‍රකාශයක් නිකුත් කර තිබුණි.
    ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට නියෝජිත වෛද්‍ය රාසියා පෙන්ඩ්සේ මහත්මිය.
    "සමාජ මාධ්‍ය තුළ වැරදි තොරතුරු සහ කටකතා වෛරසයට වඩා වැඩි වේගයෙන් ව්‍යාප්ත වෙනවා.ඉන් අනවශ්‍ය බියක් ඇති කරනවා වගේම ආසාදිත පුද්ගලයින් අපහසුතාවට ලක්කරනවා.
    ඔබට ඔබේ පවුලට සහ ආදරණීයයන්ට උපකාර කිරීමට පවතින හොඳම විදිහ නිවැරදි තොරතුරු පිළිබඳ දැනුවත්ව ඒවා බෙදා හැරීමයි.තමන් සහ අවට සිටින අයගේ ආරක්ෂාවට කරන්න ඕනේ මොනවාද කියන දැනුමෙන් ඔබ සන්නද්ධ වෙන්න."

     
    Last edited:

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,457
    23,702
    113
    ලිම්පෝපෝ කන්දෙ
    දැනට Closed Casesවලින් 8%ක් මැරුනයි කියන්නෙ ඒක නේද මේ වයිරස් එකෙන් මැරෙන නිවැරදි දළ ප්‍රතිශතය?

    4uarZAj.png


    ඒතකොට පහුගිය පැය 24 තුල අලුත් ලෙඩ්ඩුන් 11,104ක් අලුතෙන් එකතු වෙලා. මෙහෙම ගියොත් දැනට දිනකට මැරෙන ගනනට අලුතෙන් තව 900ක් විතර එකතු වෙනවා. :eek:
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    දැනට Closed Casesවලින් 8%ක් මැරුනයි කියන්නෙ ඒක නේද මේ වයිරස් එකෙන් මැරෙන නිවැරදි දළ ප්‍රතිශතය?

    4uarZAj.png


    ඒතකොට පහුගිය පැය 24 තුල අලුත් ලෙඩ්ඩුන් 11,104ක් අලුතෙන් එකතු වෙලා. මෙහෙම ගියොත් දැනට දිනකට මැරෙන ගනනට අලුතෙන් තව 900ක් විතර එකතු වෙනවා. :eek:

    ඔය virus එක හැදෙන උන්ගෙන් බහුතරයක් රෝග ලක්ශණ පෙන්නන්නෙ නෑ. රෝග ලක්ශණ පෙන්නපු උන්ගෙන් බහුතරයක් දැනට මැරිලා. :(
     
    Status
    Not open for further replies.