BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

Status
Not open for further replies.

BadBlueGenius

Well-known member
  • Jun 11, 2014
    5,546
    6,532
    113
    Three more Coronavirus infected Sri Lankans identified, a girl (13) & two males, bringing the total to 21: Director General of Health Services




    අලුත් තුන්දෙනා නිරෝදනයේ හිටපු අයද
    නැත්තන් එළියේ උන්ද කියල කියන්නේ නැහැ .
    මුල දවස්දෙකේ කිව්ව කොහෙන්ද හම්බුනේ කියල .
    ඊයෙයි අදයි හරියට විස්තරයක් නැහැ .
    මිනිස්සු කලබලවෙයි කියල
    එළියේදී බෝවෙන උන්ගැන නොකිය ඉන්නවද මන්ද .
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,222
    29,916
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    චීනා බයවුනා කියන්නේ, ඉතාලියට ඇඩිලා ඉන්නේ කියන්නේ, සිංහලුන්ට වළවල් හාරගන්න කාලේ ඇවිත්. ලෙඩේ හදාගත්තොත් මුහුදුමහා විහාරේ අවට වෙද්දු ඉන්නවා පාරම්පරික බෙහෙත් තියෙනවා ලෙඩා අරං ගිහිං හොයලා බලපල්ලා:):)
     

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    අලුත් 3දෙනා ලංකාවේම හිටපු අයද ඉතාලි වලින් ආව අයද??
     

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet


    අලුත් තුන්දෙනා නිරෝදනයේ හිටපු අයද
    නැත්තන් එළියේ උන්ද කියල කියන්නේ නැහැ .
    මුල දවස්දෙකේ කිව්ව කොහෙන්ද හම්බුනේ කියල .
    ඊයෙයි අදයි හරියට විස්තරයක් නැහැ .
    මිනිස්සු කලබලවෙයි කියල
    එළියේදී බෝවෙන උන්ගැන නොකිය ඉන්නවද මන්ද .

    එකතමා බන් පිට අය නම් තව ගොඩාක් වැඩි වෙන්න පුළුවන් :dull:
     

    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,045
    725
    113
    ශ්‍රී ලංකාවේ covid-19 රෝගීන් 18 දෙනෙක් වාර්තා වෙලා ඉන්න වෙලාවේ පොඩි දෙයක් කියන්න හිතුණා.. මේ සටහන මම පටන් ගන්නෙ "Don't try to be like patient 31" කියලා ...

    කවුද මේ patient 31 කියන්නෙ? දකුණු කොරියාව කියන්නෙ චීනයට පස්සෙ ඉතාම සීඝ්‍රයෙන් මේ වෛරසය මුලින්ම ව්‍යාප්ත වුන රටක්.. හැබැයි ඒ යම් හේතුවක් නිසා.. ඒ හේතුව තමයි " patient 31" කතාව.

    පෙබරවාරි 18 වෙනකන් වගෙ දවසට එකා දෙන්නා වගෙ වාර්තා වුනු දකුණු කොරියානු රෝගීන් සංඛ්‍යාව තිබුණෙ 30ක් විදියට.. Daegu වල 61 හැවිරිදි කාන්තාවක් 31 වෙනි රෝගියා විදියට කොරෝනා පොසිටිව් වෙනවා..

    කතන්දරේ පටන් ගන්නෙ එතනින්. පෙබරවාරි 28 වෙනකොට රෝගීන් 31 ක්ෂණයකින් රෝගීන් 1000 න් එහා පැත්තට පනිනවා.. 31 වෙනි රෝගියාගෙ ඉතිහාසය පරීක්ශා කරනකොට තමයි ඉහමොළ රත් වෙන්න ගන්නෙ..

    මේ කාන්තාව පෙබරවාරි 6 රිය අනතුරකට මුහුණ දීලා රෝහල් ගත වෙලා තියෙනවා.. ඊට පස්සෙ 7 වෙනිදා රෝහලෙන් discharge වෙලා එයාගෙ ප්‍රියතම Shincheonji කියන පල්ලියට ගිහින් තියෙනවා.. උණ එක්ක හිසරදයක් මෙයාට ඇවිත් තියෙනවා.. වැඩිය ගණන් අරන් නෑ.. උණ ගතිය වැඩි වෙනකොට වෛද්‍යවරු කියලා තියෙනවා විවේක ගන්න කියලා .. අහලා නෑ.. පෙබරවාරි 15 කොරෝනා ටෙස්ට් එක කරන්න කීවට එයා අහලා නෑ. සාමාන්‍ය උණක් කියලා හිතාගෙන එදා යාළුවෙක් එක්ක හෝටලයක දවල් ආහාරයත් අරගෙන Shincheonji කියන පල්ලියේ යාඥා වලට උණ ගතියෙන්ම ගිහින් තියෙනවා.. මොකද ඒ පල්ලිය ක්‍රිස්තියානි කිව්වට වෙනම නිකායක්.. ඒ පල්ලියේ නිර්මාතෲට අනුව " අසනීප වීම කියන්නෙ දේව යාඥාවන්ට සහභාගි නොවීමට තියෙන නිදහසට කාරණාවක් නෙමෙයි".. එදා පෙබරවාරි 15 කොරෝනා ටෙස්ට් එක කරන එක ප්‍රතික්ෂේප කරන්න පල්ලියේ බලපෑමත් ඇයට හේතුවක් වෙන්න ඇති.

    ඉතින් මෙයා හෙන භක්තිමත් කාන්තාවක්.. ගිහින් තියෙනවා 16 වෙනිදත්.. එදා ඒ පල්ලියට 9000ක් විතර ඇවිත් තියෙනවා. යාඥාව පැය දෙකක් වගෙ තිබිලා තියෙනවා.. යාඥාවෙන් පස්සෙ කැවිලි කෑම එහෙම බෙදාගෙන කන එකත් සිරිතක්ලු..

    17 මෙයාට තදට අසනීප වෙලා රෝහලේ ඇඩ්මිට් වුනාලු.. 18 තහවුරු වුනාලු කොරෝනා කියලා.. ඊට පස්සෙ දවසින් දවස වාර්තා වුනු රෝගීන් ගාණ අසාමාන්‍ය ලෙස ඉහල ගිහින් තියෙනවා. අර පල්ලියේ යාඥාවට සහභාගි වුන අයගෙන් 1200ට විතර උණ ලක්ශණ එන්න පටන් තියෙනවා. ඒ පල්ලියට ආපු විරෝධය එක්ක පල්ලිය වහලා තියෙනවා.. පල්ලියට එන අයගෙ නාම ලේඛණයක් අරගෙන කට්ටියව වෙනමම කොරෝනා වෛරසය ආසාධිතද කියලා පරීක්ශණ කරනකොට patient 31 හරහා ආසාධනය වුනු රෝගීන් දවස ගානෙ වාර්තා වෙන්න පටන් අරන් තියෙනවා..

    මේක නොසැලකිල්ල සහ මුරණ්ඩු කමට දෙන්න පුලුවන් ජීවමාන උදාහරණයක් .. ලංකාව වගෙ රටක මෙහෙම අය සෑහෙන්න වැඩියි. හිතට සහනයක් දෙන හේතුව තමයි තවමත් ලංකාවෙන් වාර්තා වෙන්නෙ කන්දකාඩු නිරෝධායනය මධ්‍යස්ථානයෙන් සිදුවීම් බහුතරයක් වීමත් පිටින් වාර්තා වුනු කොරෝනා රෝගීන්ගෙ සබඳතා හරහා බෝ වුනා යැයි සැලකෙන රොගීන් සංඛ්‍යාව තුනක් වගෙ අවම මට්ටමක තිබීමත්..

    ඒත් ඉතාලියේ ඉදන් ඇවිත් නිරෝධායනය නොවී බොරු තොරතුරු දීලා හැංගිලා ඉන්න එක්කෙනෙක් හරි 'patient 31' වගෙ උනොත් ලංකාවට ලොකු ප්‍රශ්නෙකට මුහුණ දෙන්න වෙනවා.. එහෙම නොවේවා කියලා පතන ගමන් තව කාරණාවක් කියන්නම ඕන.

    පාසල් කලින් නිවාඩු දුන්නෙ, 16 වෙනිදා නිවාඩු දුන්නෙ පවුල් පිටින් විනෝද චාරිකා යන්න නෙමෙයි ... ශ්‍රී පාද වන්දනාවේ තෙරපි තෙරපි දහස් ගණනක් අය වන්දනාවේ යනවලු මේ කාලයේ..මේ ඒකට කාලය නෙමෙයි ... ' Patient 31' කෙනෙක් ඔය අතරේ හිටියොත් අර කොරියාවේ පල්ලියෙන් නාම ලේඛණය ඉල්ල ගත්තා වගේවත් link එකක් නෑ... ආයෙ ලංකාවට නැගිටින්න බැරි වෙන්න අඩාල වෙනවා ඒම වුනොත්..

    ඉතින් තමන්ගෙ පුද්ගල වගකීම ඉෂ්ඨ කරන්නම ඕන වෙලාවක් මේක.. ' Patient 31' කතාව කිව්වේ කාවවත් බය කරන්න නෙමෙයි .. අවදානම පෙන්නන්න. ඉතින් හැමෝම තමන්ගෙ පුද්ගල වගකීම ඉෂ්ඨ කරමු.. කොරෝනාවට ලංකාව බිලි ගන්න දීම හෝ නොදීම තීරණය කරන්න පුලුවන් ලාංකික අපිටමයි.. අර හැංගිලා ඉන්න අයටයි.. 🙂

    Gihan Sameera Gallage මහතාගේ ලිපියකි!

    :baffled:
     

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    නිවාඩු දුන්නම චන්දේට නොමිනෙශන් දෙන්න විදිහක් නලු. සිකුරාදා වෙනකල් නිවඩු නැත .
    සින්හලු මෙ පාර ඉල්ලන් කන්නෙ.
    End of Sinhalu.
     

    reddeckuka

    Well-known member
  • Nov 26, 2018
    3,109
    2,204
    113
    නිවාඩු දුන්නම චන්දේට නොමිනෙශන් දෙන්න විදිහක් නලු. සිකුරාදා වෙනකල් නිවඩු නැත .
    සින්හලු මෙ පාර ඉල්ලන් කන්නෙ.
    End of Sinhalu.

    munta pissu bn.. chande tiyanna wenne na.. antimata chandeth na minissut boruwata maraganna wadak :oo::oo::oo::oo:
     

    boyrocky

    Well-known member
  • Aug 27, 2007
    1,239
    384
    83


    අලුත් තුන්දෙනා නිරෝදනයේ හිටපු අයද
    නැත්තන් එළියේ උන්ද කියල කියන්නේ නැහැ .
    මුල දවස්දෙකේ කිව්ව කොහෙන්ද හම්බුනේ කියල .
    ඊයෙයි අදයි හරියට විස්තරයක් නැහැ .
    මිනිස්සු කලබලවෙයි කියල
    එළියේදී බෝවෙන උන්ගැන නොකිය ඉන්නවද මන්ද .

    un 3 dena UK indala awilla asiri eken test karagena positve wuna aya. aniwa dan trace karana wade case wegena yanne
     

    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,045
    725
    113
    ආන්න එකයි පුතා ආගමික චින්තනයක් මත පදනම් වෙච්ච සංස්කෘතියක වටිනාකමක් ඔනි වෙන්නෙ .ලොකෙ සියදිවි හානි කරගැනිම වැඩිම රටවල් සෙට් එකෙ ගොඩක් වැඩිහිටි අයත් ඉන්නවා.ප්‍රධාන හෙතුව තමන්ව බලාගන්න කවුරුත් නැති වීම.

    දියුණුවයි ආගමක් නැති වීමයි කියන්නෙ මිනිස්සුන්ගෙ පරිහාණිය. කරුමෙ කියන්නෙ අපෙ රටවල් වල උන් හදනවා ඒ රටවල් වගෙ වෙන්න .
    පාරවල් බිල්ඩින් හැදුනාට සොෂල් වෙල්ෆෙයාර් තිබුණාට වැඩක් නැහැ.
    සංස්කෘතියක් ඔනි මිනිස්සුන්ට.

    agama thiyena ewun thama palli gihin ara infect karal thiyenne :P
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,827
    16,985
    113
    Kottawa
    නිවාඩු දුන්නම චන්දේට නොමිනෙශන් දෙන්න විදිහක් නලු. සිකුරාදා වෙනකල් නිවඩු නැත .
    සින්හලු මෙ පාර ඉල්ලන් කන්නෙ.
    End of Sinhalu.

    ඇයි දැන් කැරි බන්දුල යා කිව්වේ ළගදීම ඡන්දෙ එන නිසා මේක පුළුවන් තරම් contain කරනවා කියලා :frown::oo::angry:
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,906
    1
    9,709
    113
    Gampaha
    චීනා බයවුනා කියන්නේ, ඉතාලියට ඇඩිලා ඉන්නේ කියන්නේ, සිංහලුන්ට වළවල් හාරගන්න කාලේ ඇවිත්. ලෙඩේ හදාගත්තොත් මුහුදුමහා විහාරේ අවට වෙද්දු ඉන්නවා පාරම්පරික බෙහෙත් තියෙනවා ලෙඩා අරං ගිහිං හොයලා බලපල්ලා:):)
    ehe yanda epa.. isolated ekama sinhala gama :angry:
     

    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,045
    725
    113
    යුරොපය ,ඇමරිකාව සෙරම දියුණු උනෙ යම් ආගමික චින්තනයක් මත පදනම්ව (ඉතිහාසය අධ්‍යනය කරන්න ). ඇමරිකන් ජනාධිපති තුමා අදටත් දිවුරුම් දෙන්නෙ බයිබලය උඩ අත තියලා.
    දියුණුවෙන් පස්සෙ ඇතිවන යම් සමාජ වෙනස් වීම් එක්ක තමා විශෙශයෙන් ලිබරල් මතවාද එක්ක මිනිස්සු ආගම් විස්වාස අරන එකෙන් ඈත් වෙනවා .
    නැතුව දියුණුව ඇති උනෙ ඒ නිසා නෙමෙ .

    bibale kiyala thiyenwada ban minee maranna ?? IRAQ Siriya oni tharam examples thiyenwa american history eke :P unge goal eka agama neme power eka gain karaganna eka
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    නිවාඩු දුන්නම චන්දේට නොමිනෙශන් දෙන්න විදිහක් නලු. සිකුරාදා වෙනකල් නිවඩු නැත .
    සින්හලු මෙ පාර ඉල්ලන් කන්නෙ.
    End of Sinhalu.

    අනාථ සිංහලු .... :(:(:(
     

    reddeckuka

    Well-known member
  • Nov 26, 2018
    3,109
    2,204
    113
    හෙනයා;25222395 said:
    ඇයි දැන් කැරි බන්දුල යා කිව්වේ ළගදීම ඡන්දෙ එන නිසා මේක පුළුවන් තරම් contain කරනවා කියලා :frown::oo::angry:

    idakin ponnaya , pake contain tamai.. :angry::angry::angry::angry::angry::angry: hena gahawna me wadeta ...
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,222
    29,916
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    20200316-bnec-125kb.jpg
     
    Status
    Not open for further replies.