BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

Status
Not open for further replies.

dilshan87

Well-known member
  • Apr 1, 2008
    11,185
    1
    6,243
    113
    Sri Lanka
    Lockdown කියලා post දාන්න කලින් අම්මාගෙන්
    අහපන් දවල් ට
    උයන්න හාල්
    තියෙනවා ද කියලා
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,457
    23,703
    113
    ලිම්පෝපෝ කන්දෙ
    අමෙරිකාව පුරාම කොරෝනා පැතිරෙයි

    කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසය අමෙරිකාවේ සියළු ප‍්‍රාන්තවල පැතිර ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය පවසනවා.

    ඒ, 50 වන ප‍්‍රාන්තය ලෙස බටහිර වර්ජිනියා ප‍්‍රාන්තයෙන් කොරෝනා ආසාදිත රෝගියෙකු තහවුරු කර ගැනීමත් සමගයි.

    විදෙස් මාධ්‍ය වාර්තාවන්ට අනුව අමෙරිකාවෙන් මේ වනවිට වාර්තා වන මුළු ආසාදිතයින් ගණන 6,443 ක්. ගත වූ පැය 24 තුළ අලූතින් රෝගීන් 1,776 දෙනෙකු හමුවී තිබෙනවා. අමෙරිකාවේ සිදුවූ පුද්ගල මරණ සංඛ්‍යාවද 109 ක් දක්වා ඉහළ ගියේ අලූතින් පුද්ගල මරණ 23 ක් වාර්තාවීමත් සමගයි.

    මෙවන් තත්ත්වයක් තුළ අමෙරිකාවේ ප‍්‍රාන්ත 3 ක ප‍්‍රාථමික මැතිවරණයක්ද මේ වනවිට පැවැත්වෙනවා.

    මේ අතර බි‍්‍රතාන්‍යයේද පුද්ගල මරණ 71 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර පැය 24 ක් තුළ නව කොරෝනා මරණ 16 ක් වාර්තාවීම ඊට හේතුවී තිබෙනවා. බි‍්‍රතාන්‍යයෙන් වාර්තා වන මුළු රෝගීන් ගණන 1,950 ක්.

    මේ වනවිට චීනයට වඩා යුරෝපා රටවල කොරෝනා වෛරසය සීග‍්‍රයෙන් පැතිර යමින් තිබෙනවා. ඉතාලිය තුළ රෝගීන් 31,506 දෙනෙකු වාර්තා වන්නේ පුද්ගල මරණ 2,503 ක් ද සමගයි. ස්පාඤ්ඤයෙන් පුද්ගල මරණ 533 ක් වාර්තා වන අතර ආසාදිතයින් ගණන 11,826 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

    ලංකාවෙ ගොඩක් IT කම්පැනිවලට මේ තත්වය බලපායි. :(
     

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    ලංකාවෙ ගොඩක් IT කම්පැනිවලට මේ තත්වය බලපායි. :(

    IT company wala weda karana un Wedane gedara indan. Mamanam hithanne IT witharak survive wei. Production, Supply Chain walata thamai hulan. :baffled:
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    ඉන්දියාවේ සිටින ශ්‍රී ලාංකික වන්දනාකරුවන් පිරිස අද දිවයිනට

    Wednesday, 18 March 2020 - 9:11

    ඉන්දියාවේ සිටින ශ්‍රී ලාංකික වන්දනාකරුවන් 900කට ආසන්න පිරිස අද මධ්‍යම රාත්‍රියට පෙර දිවයිනට ගෙන්වා ගැනීමට සියළු කටයුතු සූදානම් කර ඇති බව බුද්ධශාසන, සංස්කෘතික සහ ආගමික කටයුතු අමාත්‍යාංශ ලේකම් එම්.කේ. බන්දුල හරිස්චන්ද්‍ර ප්‍රකාශ කළා.

    හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී ඔහු කියා සිටියේ විශේෂ ගුවන් යානයක් මගින් ඔවුන් මෙරටට ගෙන්වීමට කටයුතු කරන බවයි.

    දඹදිව වන්දනා චාරිකා තාවකාලිකව අත්හිටුවීමට රජය තීරණය කිරීමට පෙර මෙම පිරිස ඉන්දියාවට ගොස් තිබෙනවා.

    මේ අතර, ඕස්ට්‍රේලියානු අගමැති ස්කොට් මොරිසන්, ජනතාවට දැනුම් දී ඇත්තේ රට තුළ පුද්ගලයින් 100කට වැඩි පිරිසක් එක්රොක් නොවන ලෙසටයි.

    කොරෝනා වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා ඔහු මෙම පියවර ගෙන ඇති අතර, ඕස්ට්‍රේලියාවෙන් රෝගය ආසාදනය වූ පුද්ගලයින් 450ක් වාර්තා වන අතර මිය ගිය සංඛ්‍යාව 5ක්.

    කොරෝනා වසංගතයේ තිඹිරිගෙය වූ චීනයේ මසකට පසුව පාසල් කිහිපයක් විවෘත කර තිබෙනවා. චීනයේ රෝගීන් 81,074ක් වාර්තා වන අතර, 56,883ක් සුවය ලබා ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

    මේ වන විට රටවල් 153ක පැතිර ඇති කොරෝනා වෛරසය ආසාදිත සංඛ්‍යාව එක්ලක්ෂ 97,121ක්.
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,457
    23,703
    113
    ලිම්පෝපෝ කන්දෙ
    TVSM4ol.png
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    යුරෝපා සංගමයට අයත් රටවල බාහිර දේශ සීමා වසා දමයි

    නව කොරෝනා වෛරස් වසංගතයේ සීග්‍ර ව්‍යාප්තියත් සමඟ යුරෝපා සංගමයට අයත් රටවල සියලු බාහිර දේශ සීමා වසා දමා තිබේ.

    ඒ අනුව යුරෝපා සංගමයට අයත් රටවල බාහිර දේශ සීමා දින 30කට වසා දමා ඇත.

    එහෙත් පසුගිය කාලයේ දී එම සංගමයෙන් ඉවත් වූ බ්‍රිතාන්‍යයට මෙම තීරණය අදාළ වන්නේ නැහැ.

    ඒ අනුව යුරෝපා සංගමයේ සාමාජික සෙසු රටවල් 26ට බාහිර රටවලින් පුද්ගලයන් ඇතුළුවීම තහනම් වනු ඇති.

    කෙසේ නමුත් මෙම තීරණය එම සංගමයෙන් ඉවත්වී සිටින බ්‍රිතාන්‍යයට අදාළ වන්නේ නැහැ.

    නව කොරෝනා වෛරසය හේතුවෙන් ලොවපුරා මියගිය සංඛ්‍යාව මේ වන 7,965ක්.

    පසුගිය දෙසැම්බර් මාසයේ චීනයේ වූහාන් නගරයෙන් ලොවපුරා ව්‍යාප්තිය ආරම්භ වූ නව කොරෝනා වෛරසය අද වන විට රටවල් 165 ක් පුරා පැතිර පවතින අතර පුද්ගලයන් 7,965දෙනෙකු මියගොස් තිබේ.

    චීනයෙන් ආසාදිතයන් 81,116 දෙනකු හඳුනාගැනුණු අතර ඉන් 3,231 දෙනකු මියගොස් තිබේ.
     

    Thilina123

    Well-known member
  • Feb 6, 2007
    2,031
    2,821
    113
    IT company wala weda karana un Wedane gedara indan. Mamanam hithanne IT witharak survive wei. Production, Supply Chain walata thamai hulan. :baffled:

    උන්ට business නැති වෙච්ච ගමන් අපිට තමයි මුලින්ම shot එක දෙන්නේ, travel industry එකට support system කරන උන්ට දැනටම red notice හම්බවෙලා තියෙන්නේ
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,457
    23,703
    113
    ලිම්පෝපෝ කන්දෙ
    IT company wala weda karana un Wedane gedara indan. Mamanam hithanne IT witharak survive wei. Production, Supply Chain walata thamai hulan. :baffled:

    ගොඩක් IT කම්පැනිවලින් දෙන සර්විසස් බේස් වෙන්නෙ ට්‍රැවල්, ප්‍රොඩක්ශන් වගේ ඉන්ඩස්ට්‍රිවලට නිසා IT බිස්නස්වලටත් වදිනවා බං. :(
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,457
    23,703
    113
    ලිම්පෝපෝ කන්දෙ
    උන්ට business නැති වෙච්ච ගමන් අපිට තමයි මුලින්ම shot එක දෙන්නේ, travel industry එකට support system කරන උන්ට දැනටම red notice හම්බවෙලා තියෙන්නේ

    මේක තමයි සීන් එක. IT කියන්නේ ගොඩක් වෙලාවට තවත් ඉන්ඩස්ට්‍රි එකක් මත යැපෙන එකක්නේ. :sorry:
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    ගොඩක් IT කම්පැනිවලින් දෙන සර්විසස් බේස් වෙන්නෙ ට්‍රැවල්, ප්‍රොඩක්ශන් වගේ ඉන්ඩස්ට්‍රිවලට නිසා IT බිස්නස්වලටත් වදිනවා බං. :(

    අයි බන් උබලා job ගැන හිතන්නේ :lol: වෙන්න යන දේ තේරෙන්නේ නැද්ද? :dull:
     
    Last edited:

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    45525235235235.jpg
    කොරෝනා සැදුණු පුද්ගලයා සමග සිටි විදේශිකයා සොයා බුද්ධි අංශ මෙහෙයුමක් (PHOTOS)

    මිට දින කිහිපයකට පෙර කොළඹ 07 ප්‍රදේශයේ පිහිටි හෝටලයකදී කොරෝනා වෛරසය වැළදුණු බවට තහවුරු වූ විදේශිකයෙක් සමග සිටි තවත් විදේශිකයෙක් සොයා ගැනීමට පොලිසිය මහජන සහය පතා සිටිනවා.

    මේ සම්බන්ධයෙන් අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එක්වෙමින් නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කර සිටියේ මෙම පුද්ගලයා රටින් පිටව ගොස් නැති බවට ආගමන විගමන දෙපාර්තමේන්තුව තහවුරු කර ඇති බවත් ඔහු සම්බන්ධයෙන් බුද්ධි අංශ විසින් විමර්ශනය කරමින් පවතින බව කියා සිටියා.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,487
    72,688
    113
    මාලඹේ
    ප්ලාස්ටික් සහ වානේ මත "කොරෝනා වෛරසයට" දින තුනක් රැඳී සිටිය හැකි : විද්‍යාඥයින් හෙළි කරයි​
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    ප්ලාස්ටික් සහ වානේ මත "කොරෝනා වෛරසයට" දින තුනක් රැඳී සිටිය හැකි : විද්‍යාඥයින් හෙළි කරයි​
    Paya 4i yako thiyenne:lol::lol:
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    ප්ලාස්ටික් සහ වානේ මත "කොරෝනා වෛරසයට" දින තුනක් රැඳී සිටිය හැකි : විද්‍යාඥයින් හෙළි කරයි


    ප්ලාස්ටික් සහ මළ නොබැදෙන වානේ මතුපිට කොරෝනා වෛරසයට දින තුනක කාලයක් පැවතිය හැකි බව නවතම අධ්‍යනයකින් සොයා ගැනීමට හැකිවූ බව New England Journal of Medicine සඟරාවේ වාර්තාවක් පළ කරමින් විද්‍යාඥයින් සඳහන් කර සිටිනවා.
    මතුපිට ස්ථායිතාවය සම්බන්ධයෙන් විද්‍යාඥයින් සිදුකළ පරීක්ෂණයේදී 2002 වර්ෂයේදී පැතිර ගිය SARS-CoV-1 හෙවත් සාර්ස් වෛරසය සමඟ කොරෝනා වෛරසය සංසන්දය කිරීමට කටයුතු කර ඇත.
    මෙහිදී විද්‍යාඥයින් අනාවරණය කර ගෙන ඇත්තේ කොරෝනා වෛරසයට තඹ මත පැය 04ක කාලයක්, කාඩ්බෝඩ් මත පැය 24ක කාලයක්, ප්ලාස්ටික් සහ මළ නොබැදෙන වානේ මතුපිටවල් මත පැය 72 ක කාලයක් පැවතීමේ හැකියාව ඇති බවයි.
    ඊට අමතරව කොරෝනා වෛරසයට කුඩා ජල අංශු මෙන් වාතයේ පැය තුනක කාලයක් රැඳී සිටීමේ හැකියාවක් ඇති බවයි.
    කොරෝනා වයිරස් යනු සතුන් අතර බහුලව දක්නට ලැබෙන වෛරස් සමූහයකි. විද්‍යාඥයින් විසින් මෙය සත්වෝද්‍යාව (zoonotic) ලෙස හඳුන්වන අතර එයින් අදහස් කරන්නේ ඒවා සතුන්ගෙන් මිනිසුන්ට සම්ප්‍රේෂණය කළ හැකි බවයි. පර්යේෂකයන් ගණන් බලා ඇති පරිදි කොරෝනා වෛරසයට පැය කිහිපයක් සිට සතියකට වඩා වැඩි කාලයක් අවට පරිසරයේ රැඳී සිටීමේ හැකියාව ඇති බව සොයා ගෙන ඇත.

    පසුගිය සඳුදා මාධ්‍ය හමුවකට එක්වෙමින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ වසංගත රෝග පිලිබදව වෛද්‍ය Maria Van Kerkhove සඳහන් කලේ සාර්ස් සහ කොරෝනා වෛරසය වැනි වෛරස් ප්ලාස්ටික්, මළ නොබැදෙන වානේ මත සහ පරිසරයේ රැඳී සිටීමේ හැකියාව සම්බන්ධයෙන් පර්යේෂකයින් පරීක්ෂණ කටයුතු සිදුකරමින් සිටින බවයි.


    bump
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    IT walata kela wenwa machn aniwa.
    cost cutting ekak enwa lagadima..
    meka me month ekema iwara unoth shape.
    nttn anathai.

    ඔව්... IT විතරක් නෙවි..ලොකු ගානකට ජොබ් නැති වෙනවා :dull:
     
    Status
    Not open for further replies.