BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

Status
Not open for further replies.

nikdw

Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    true story.. GOTA ta Mahindaya karanna denne naha... Mahinda Gothrika Deshapalanayak karanne...

    ane gon kata kiyanna epa ban.. ehenam mona ati kehelkatada awe etanata... karanna beri maragath karanna :dull: okun okkoma ekai...
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    denna beri nam marila pala eka godata marila pala. moda haraka.... arthamarthakami.. kamara tikak arana wena wenama quarantine karana eka amarui habei rate 100 dahasaganak merunata kamak ne
    සියදාස් ගානකට බෝ වෙන හින්ද තමයි මනුස්සයෝ උන්ව වෙන්කරලා තියෙන්නෙ. ප්‍රමුඛතාවය දෙන්නේ රටේ දෙකෝටියක් ජනතාවගේ ආරස්සාවට, උන්ට මධ්‍යස්තානෙ ඇතුලේ හැදෙනවද නැද්ද කියන එක දෙවනියට බැලුවැකි. ඊට වඩා හානියක් වෙනවා උන්ව ගෙදර යැව්වොත්.

    කාමර තියාගෙන කවුරුත් නොදී ඉන්නේ නෑ අර චීනෙන් ආපු උන්ට හදල දුන්නේ.
     
    Last edited:

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    සිංහලු මේක බලපන්. මොකක්ද බන් මේ වෙන්න යන්නෙ. සිංහල තේරෙන්නෙ නැති පොන්සියො ට්කක්නෙ අර කො⁣රෝනා කාර්යය සාධක බලකායෙ ඉන්නෙ. GMOA මෙච්චර කියනවා. අර හැත්ත මොකක්ද මේ කරන්නෙ. දැන්ම වලක් කපාගෙන වැලලුනා නම් සැපයි වගේ. :sorry:

    https://www.facebook.com/NewsfirstSL/videos/626136454618304/

    දේශපාලන කතා වැඩක් නෑ මේ කතාව නම් ඇත්තම ඇත්ත...කෙල වෙනකම් ඉඳල ගන්න තීරණ වැඩක් නෑ...:angry::angry::angry:
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    කොරෝනා වයිරසය මඬින්න ඉන්දීය අගමැති මුළු රටටම ඇඳිරි නීතිය පනවයි
    lankadeepa
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    මුන්දලම පොලීසිය සහ එම ස්ථානයේ සේවය කරන නිලධාරීන්ව ස්වයං නිරෝධායනය කිරීමට මහජන සෞඛය පරීක්ෂකවරුන් කටයුතු ආරම්භ කර තිබෙනවා. ඒ, හදිසි අනතුරක් හේතුවෙන් අත්අඩංගුවට ගෙන මුන්දලම පොලීසිය තුළ රදවා සිටි සැකකරුවෙකුට කොවිඩ් -19 හෙවත් කොරෝනා වෛසරය ආසාධනය වී ඇති බවට හෙලිවීමත් සමගයි.

    පසුගිය 08 වැනිදා මදුරන්කුලිය ප්‍රදේශයේදී වෑන් රථයක පා පැදියක් ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා. එම අනතුර සම්බන්ධයෙන් ජා-ඇල ප්‍රදේශයේ පදිංචිකරුවෙකුව මුන්දලම පොලීසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත. ඉතාලියේ සිට මෑතකදී දිවයිනට පැමිණි බව කියන එම සැකකරු තලවිල දේවස්ථානය දක්වා ගමන් කරමින් සිට ඇත.

    පසුව සැකකරුව පුත්තලම වැඩ බලන මහේස්ත්‍රාත් අබ්දූල් කාදර් මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම මස 11වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

    බන්ධනාගාරයෙන් මුදා හැර ඇති සැකකරු පසුව අසනීප තත්ත්වයක් පෙන්නුම් කර ඇත. ඔහුට කොවිඩ් -19 වෛරසය ආසාධනය වී ඇති බවට සිදු කරන ලද පරීක්ෂණ වලින් අනාවරණය වී තිබෙනවා.

    ඒ අනුව සැකකරුව අත්අඩංගුවට ගත් මුන්දලම පොලිසියේ නිලධාරීන් ඔහුගෙන් ප්‍රකාශ සටහන් කර ගත් නිලධාරීන්ව ස්වයං නීරෝධයනය කිරීම අද (19) සවස ආරම්භ කර ඇත.

    සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි පුත්තලම රිමාන්ඩ් සිර මැදිරිය මෙන් මීගමුව රිමාන්ඩ් සිර මැදිරියද ඔහු සමග රදවා සිටි සෙසු රැදවියන්ද නිරෝධායනය කිරීමට සිදුවී ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සදහන් කරයි.

    Souece Nethnews

    :sorry::sorry::sorry:
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    16 වනදා එක්තරා රෝහලකට පැමිණි රෝගියෙක් තමාට ඇත්තේ පපුවේ අමාරුව බව පවසා ඇත. වෙනත් කිසිදු අපහසුතාවක් හෝ විදේශ සංචාරයක් ගැන ඔහු පවසා නොමැති නිසා සාමාන්‍ය වාට්ටුවක ඔහුට ප්‍රතිකාර ලබා දී ඇත.

    නමුත් දෙවන දවසේ කැස්ස ඇතිවීමත් සමඟ නැවත ඔහුගේ පවුලෙන් විමසීමේදී ඔහු ඉතාලියේ සිට 1වනදා පැමිණි බව පවසා ඇත.

    අද දිනයේ ඔහු කොරෝනා රෝගියෙකු බව පරීක්ෂණයෙන් තහවුරු වී ඇත.

    දැන්?

    ඔහු පවුලේ සහ මෙතෙක් ඔහු හමුවූ සියලු දෙනාවම අනතුරේ හෙලා ඇත

    එපමණක් නොවේ.

    ඔහුට ඇතුලු වූ අවස්ථාවේ සිට ප්‍රතිකාර කල සියලු කාර්ය මණ්ඩලයේ අය පමණක් නොව වාට්ටුවේ අනික් රෝගීන් පවා වයිරසයට නිරාවරණය වී ඇත.
    ඔවුන් නිරෝධායනයට ලක් වන නිසා තවදුරටත් සේවය කල නොහැක.
    නිරාවරණය වූවන්ගේ ජීවිත?? ඔවුන්ගේ පවුල්වල අයගේ ජීවිත?

    මේ ඔබ අප වෙසෙන අසිරිමත් සිරි ලංකාවයි.
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    සියදාස් ගානකට බෝ වෙන හින්ද තමයි මනුස්සයෝ උන්ව වෙන්කරලා තියෙන්නෙ. ප්‍රමුඛතාවය දෙන්නේ රටේ දෙකෝටියක් ජනතාවගේ ආරස්සාවට, උන්ට මධ්‍යස්තානෙ ඇතුලේ හැදෙනවද නැද්ද කියන එක දෙවනියට බැලුවැකි. ඊට වඩා හානියක් වෙනවා උන්ව ගෙදර යැව්වොත්.

    කාමර තියාගෙන කවුරුත් නොදී ඉන්නේ නෑ අර චීනෙන් ආපු උන්ට හදල දුන්නේ.

    ane palayan ban yanna uba mata owa kiyanna one ne man inna rata oka hariyata karana ratak ubala wage hal paruwo ne anduwata wahal kam karana mehe... eith mehe government eka hariyata ea dewal karanwa :yes:
     
    gjey2ejey

    Active member
  • Oct 19, 2009
    788
    93
    28
    Gampaha
    ඉතාලියේ සිට පැමින, ඒ බව දිගින් දිගටම වෛද්‍යවරුන් ගෙන් වසන් කරමින් රාගම ශික්ෂන රෝහලට අතුලු වී, පසුව Covid19 වෛරසය ආසාදනය වී ඇති බවට සොයාගත් එක්තරා මෘගයකු නිසා, අද දින හදිසි ප්‍රතිකාර වෛද්‍යවරුන් කන්ඩායමක්, හෙදියන් ඇතුලු සෞඛ්‍ය සේවකයන් විශාල කන්ඩායමකගේ සේවය අපිට අවශ්‍යම මොහොතේ ශ්‍රී ලංකාවට අහිමි කරන ලදී.

    අදාල ඒකකයයේ සියලු කාර්‍ය මන්ඩලය ඉදිරි සති දෙකේදීම නිරෝධායනයයට යොමුකරන්නට සිදුවිය.
    ඒ ඔවුන් මේ රටට අවශ්‍ය ම මොහොතේය.
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    බදුල්ලේ ප්‍රථම කොරෝනා ආසාදිත රෝගියා අයි.ඩී.එච් රෝහලට
    (එෆ්.අස්ලම්)

    කොරෝනා වෛරසය ආසාදනය වූ බවට තහවුරු වූ තරුණයෙකු අද (19) රාත්‍රීයේ කොලඹ අයි.ඩී.එච් රෝහල වෙත මාරුකර යැවීමට පියවර ගෙන ඇතැයි බදුල්ල පළාත් මහ රෝහලේ ආරංචිමාර්ග පවසයි.

    මෙම තරුණයා බණ්ඩාරවෙල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 28 ක පුද්ගලයෙකු වන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

    කොරෝනා වෛරසය ආසාදනය වූ ප්‍රථම ශ්‍රී ලාංකිකයා වශයෙන් හඳුනාගත් මාර්ගෝපදේශකයා සමඟ මෙම පුද්ගලයා සමීප සම්බන්ධතා පවත්වා ඇති බව අනාවරණය වී තිබේ.

    මාර්ග උපදේශකවරයෙකු වන ප්‍රථම ශ්‍රී ලාංකික කොරෝනා රෝගියා සමඟ සම්බන්ධතා පැවැත් වූ පුද්ගලයින් සොයා යාමේදී මෙම තරුණයා පිළිබඳව තොරතුරු අනාවරණය වී තිබේ.

    මෙම තරුණයා ඔහුගේ නිවසේම ස්වයං නීරෝධායනයට ලක්කර තිබූ බවත් ඒ අතරවාරයේ දී ඔහුට උණ රෝගය වැළදී ඊයේ (18) වැනිදා බදුල්ල පළාත් මහ රෝහලේ ස්ථාපිත කර ඇති කොවිඩ් 19 ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කර තිබෙන බවත් වෛද්‍ය පරීක්ෂණවලදී මොහුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවත් අද (19) තහවුරු වී ඇති බවත් බදුල්ල පළාත් මහ රෝහලේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

    පසුව මෙම රෝගියා අද (19) රාත්‍රීයේ කොළඹ ජාතික උණ රෝහල වෙත මාරුකර යැවීමට පියවර ගෙන ඇත

    මෙම රෝගියා බදුල්ලේ ප්‍රථම කොවිඩ් 19 ආසාදිත රෝගියා බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

    lankadeepa
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,729
    12,754

    ඉතිරි අයත් එක්ක හිතපුඅ අයගේ ප්‍රතිපල එන්නේ ඉස්සරහට :sorry::sorry:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ane palayan ban yanna uba mata owa kiyanna one ne man inna rata oka hariyata karana ratak ubala wage hal paruwo ne anduwata wahal kam karana mehe... eith mehe government eka hariyata ea dewal karanwa :yes:
    කොහෙහරි දියුණු රටකට ගිහින් ඒ රටවල මිනිස්සු මහන්සියෙන් හදාගත්ත සිස්ටම් එකට ජැක් එක ගහල නිකන් උඹ ගිහින් ඒ රට හැදුව වාගේ ටෝක් දෙනව මෙතන. :rofl:
     
    Status
    Not open for further replies.