Coronavirus (Covid19) Megathread #2

Status
Not open for further replies.

janaka_jr

Well-known member
  • May 26, 2008
    976
    380
    83
    හෙට උදේ 6ට පෙර සියළු දෙනා කියවිය යුතු ලිපිය!❤️❤️

    කෝ ඉතින් ඉතාලියේ curve එකයි ලංකාවේ curve එකයි වෙනස් වෙලා නේද?

    ලංකාවේ වාර්තා වෙන දෛනික රෝගීන් සංඛ්‍යාව අනුව flat rate එකක්ලු නේද යන්නෙ?

    හරි සංතෝසයි ඉතින් නේද?
    ඔව් අප්පා මටත් හෙනම සතුටුයි..

    ඉතින් හෙට ඇඳිරි නීතිය අයින් කරාම ගොනා සේ ආයෙම එක් රැස් වෙලා තපුල්ලන්න ඕන කියලා හිතන් ඉන්නවද?

    ආහ්.. එහෙනම් මේකත් හිතට ගන්න..

    ගල්කිස්සෙ මැණික් ව්‍යාපාරිකයා හම්බ වුනෙ කවද්ද?
    රෝයල් තෝමස් බිග් මැච් එකෙ ආසාධිතයා හම්බ වුනෙ කවද්ද?
    වරකපොළ මන්ත්‍රී?
    රාගම කට්ටි පැනපු රෝගියා?

    සේරම මාර්තු 12ට පස්සෙ නේද?

    මේ රෝගය කෙනෙකුගෙන් කෙනෙකුට බෝ වෙලා ඒ community එකේ අයගෙන් රෝග ලක්ශණ පෙන්නුම් කරන්න දවස් කීයක් යනවද?

    දවස් 14ක් ලු නේද? ඉතාලියේ නම් දවස් 16 ඉදන් 28 වෙනකන් රෝග ලක්ශණ නොපෙන්නුව අයත් ඉන්නවා කියනවා..

    ආහ් අද කවද්ද? මාර්තු 22...

    ගණන් හදලා බැලුවාම කොරෝනා එයාගෙ වැඩ පෙන්නන්න පටන් අරන් නෑ. එයා තාම සේනා සංවිධානය කරනවා. එක පාර හිතාගන්න බැරිවෙන්න ප්‍රහාරයක් දියත් කරන්න කලින් දවස් වල නිශ්චල භාවය තමයි දැන් තියෙන්නෙ.

    හිතන්නකො සුනාමිය එන්න කලින් මුහුද ගැන. මුහුද පස්සටත් යනවා.. කොච්චර සුන්දරද? කොච්චර නිහඬද? නේද?

    ඉතින් කොරෝනා ආසාධිත වුනු අයගෙ clusters ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නෙ මාර්තු 26න් පස්සෙ.. අප්‍රේල් මුල් සති දෙක ඉවර වෙනකන් අතිශය තීරණාත්මකයි. මේක තව ඉස්සරහට ඇද ගන්නවද? නැත්නම් මේ පාර අවුරුදු නැකැතෙන් ඉවර කරගන්නවද කියලා තීරණය කරන්න ඕන අපිමයි.

    ඒ කියන්නේ අපි ජනතාව අතර නොගැවසීම, හැකිතාක් නිවසේ සිටීම, අත් නිතර පිරිසිදු කිරීම, මුහුණ කට ඇල්ලීමෙන් වැලකීම, මුඛ ආවරණ භාවිතය වැනි සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රියාමාර්ග ගැනයි!

    වෛද්‍යවරු මොන දේ කිව්වත්
    මාධ්‍ය කොච්චර දැනුවත් කරත්
    වැඩේ තියෙන්නෙ අපේ අතේ..🙏🙏

    bump
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    BVnsq48.jpg


    :lol:


    :D:D
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,138
    113
    මන්නාරම, වවුනියාව, මුලතිවු, කිලිනොච්චි සහ යාපනය දිස්ත්‍රික්කවලද ඇඳිරි නීතිය අඟහරුවාදා (මාර්තු 24) උදෑසන 6 දක්වා දීර්ඝ කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නිවේදනය කළේය.

    එදිනම සවස දෙකට එම දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය යළි පනවනු ලැබේ.

    එමෙන්ම නැවත දන්වන තුරු කිසිදු පුද්ගලයෙකුට තමන් වාසය කරන ප්‍රදේශවලින් බැහැරට යාමට අවසර නොලැබෙන බව ද ජනාධිපතිවරයා නිකුත් කළ ට්විටර් පණිවුඩයේ දැක්වේ.

    BBC සිංහල
    #LockDownSL:dull::dull:
     

    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    යාපනේ ෆාදර් තැගි දිලා. එක්කෙන්ට තහවුරුයි
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113

    කාමර 150 ක අතිසුඛෝපභෝගී Citrus Waskaduwa හෝටලය නිරෝධායන මධ්‍යස්ථානයකට
    ගාල්ලේ සංචාරක හෝටල් දෙකක් නිරෝධායන මධ්‍යස්ථානවලට

    ගාල්ල ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු සතු සංචාරක හෝටල් දෙකක් කොරෝනා වයිරසය ආසාදනය වූවන් නිරෝධායන මධ්‍යස්ථාන ලෙස භාවිතා කිරීමට ලබාදී තිබේ.
     
    Last edited:

    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48

    කාමර 150 ක අතිසුඛෝපභෝගී Citrus Waskaduwa හෝටලය නිරෝධායන මධ්‍යස්ථානයකට

    ගාල්ලේ සංචාරක හෝටල් දෙකක් නිරෝධායන මධ්‍යස්ථානවලට

    ගාල්ල ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු සතු සංචාරක හෝටල් දෙකක් කොරෝනා වයිරසය ආසාදනය වූවන් නිරෝධායන මධ්‍යස්ථාන ලෙස භාවිතා කිරීමට ලබාදී තිබේ.


    දැන්ද බං දන්නෛ්. ඔවා පරන නිවුස්නේ.
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,905
    3,456
    113
    Pls wear a MASK
    ඉතා දරුණු අන්දමින් පැතිරී යන කොරෝනා වෛරසය ඇමරිකාව ඇතුළු යුරෝපය ගිල ගනිමින් පවතී .

    චීනයේ මෙම තත්වය පාලනය කොට ඇති අතර දිනේදී චීනයෙන් වාර්තා වූයේ රෝගීන් 46 දෙනෙක් පමණි .

    එහෙත් ඇමරිකාව දිනයක් තුළ ලෝකයේ වැඩිම ආසාදිතයින් වාර්තා වූ දිනය බවට රෝගීන් 7301 ක් වාර්තා වී ඇත .

    දෙවනුව ඉතාලියත් 6557ක් ස්පාඤ්ඤය 3925 ක් ද ජර්මනිය 2516ක් ද ප්‍රංශය 1847ක්ද ස්විස්සර්ලන්තය 1248 ක්ද එංගලන්තය 1035 ක්ද ඇතුළු යුරෝපා රටවල් පිළිවෙලින් විශාල රෝගීන් ගණනක් වාර්තා කොට ඇත .

    ඉතාලියේ ඊයෙ මරණ සංඛ්‍යාව 793 ක් වාර්තා කොට ඇති අතර ස්පාඤ්ඤ 285 ක් ද ප්‍රංශ 112ක් ද ඇතුළු දිනක් තුල වැඩිම මරණ සංඛ්‍යාව වණ 1663 ක් වාර්තා කොට ඇත .

    ශ්‍රී ලංකාවේ ඊයේ දිනයේදී වාර්තා කොට ඇත්තේ රෝගීන් හතර දෙනෙක් පමණක් වන අතර කිසිම මරණයක් වාර්තා කර නොමැත .
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    කොරෝනා ආසාදනය වීමේ වැඩි අවදානමක් ඇති මිලියන 1.5ට ආසන්න පිරිසක් හදුනා ගනි

    නව කොරෝනා වයිරසය ආසාදනය වීමේ වැඩි අවදානමක් ඇති මිලියන 1.5ට ආසන්න පිරිසක් හඳුනාගෙන ඇතැයිද ඔවුන් සති 12කට ආසන්න කාලයක් නිවෙස්වලට වී සිටිය යුතු යැයි ද බ්‍රිතාන්‍ය රජය පවසයි.
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    ඉතාලියේ කොරෝනා මැඩීමට කියුබානු වෛද්‍යවරුන්ගේ සහාය

    කොරෝනා වයිරසය දරුණු ලෙස හානියට පත්වූ ඉතාලියේ ලොම්බාර්ඩි කළාපයේ සේවය කිරීම සඳහා වෛද්‍යවරුන් සහ හෙදියන් පිරිසක් යැවූ බව කියුබාව පවසයි.

     
    Status
    Not open for further replies.