සහන පැකේජය

shameera89

Well-known member
  • Jun 26, 2013
    16,314
    12,574
    113
    Piliyandala
    කොරෝනා වෛරසය ව්‍යාප්තිය හමුවේ ජනපතිගෙන් ජනතාවට සහන රැසක්......
    සියලු සහන අද (මාර්තු 23 දා) සිට ක්‍රියාත්මකයි.

    1) ආදායම් හා වැට් බදු, රියදුරු බලපත්‍ර අලුත් කිරීමේ ගාස්තු රුපියල් 15,000 ට අඩු ජල, විදුලි බිල්පත්, වරිපනම් බදු, බැංකු චෙක්පත් වලංගු කාලසීමා, රුපියල් 50,000 ට අඩු මාසික ණයපත් (Credit Card) ගෙවීම් 2020 අප්‍රේල් මස 30 වන දින දක්වා දීර්ඝ කර ඇත.

    2) ත්‍රිරෝද රථ හිමියන්ගෙන් ලීසිං ණය වාරික අය කරගැනීම මාස 06 කට අත්හිටුවීම.

    3) රජයේ සේවකයින්ගේ හා පෞද්ගලික අංශයේ මාණ්ඩලික නොවන සේවකයින්ගේ වැටුපෙන් ණය වාරික අයකිරීම් 2020 මැයි මස 30 වන දින දක්වා අත්හිටුවා තිබේ.

    4) බැංකු හා මූල්‍ය ආයතන විසින් දී ඇති රුපියල් ලක්ෂ 10 ට අඩු පෞද්ගලික ණය අයකරගැනීම මාස 03 කට අත්හිටුවා ඇත.

    5) රැකියා සඳහා තෝරාගත් උපාධිධාරීන්ගේ, මාර්තු මස අභ්‍යාසලාභී දීමනාව වන රුපියල් 20,000 ඔවුන්ගේ බැංකු ගිණුමට බැර කෙරේ.

    6) කොරෝනා වෛරසය මර්දනයේ නිරත සෞඛ්‍ය, පොලිස්, සිවිල් ආරක්ෂක ඇතුළු රජයේ සේවකයින් සඳහා වන අග්‍රහාර රක්ෂණ ප්‍රතිලාභ දෙගුණයකින් වැඩි කෙරේ.

    7) සංචාරක, ඇගළුම්, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා මාස 06 ක ණය සහන කාලයක් (DEBT MORATORIUM) ක්‍රියාත්මක කිරීම හා ශ්‍රී ලංකා මහ බැංකුව එම මුදල් ප්‍රතිමූල්‍ය කිරීම.

    😎 ලංකා බැංකුව, මහජන බැංකුව, ජාතික ඉතිරි කිරීමේ බැංකුව, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව, සේවක අර්ථසාධක අරමුදල, සේවක භාරකාර අරමුදල ඒකාබද්ධව භාණ්ඩාගාර බැඳුම්කර හා බිල්පත් වල මුදල් ආයෝජනය කිරීමේදී, එමගින් මුදල් වෙළඳපොළ 7% ක පොළී අනුපාතය යටතේ ස්ථාවර කිරීම.

    9) මාසික ණය මුදල රුපියල් 50,000 දක්වා වන දේශීය ගණුදෙනු සඳහා භාවිත ණයපත් (Credit Card) සඳහා ණය පොළී අනුපාතය 15% ක උපරිමයකට යටත් කිරීම හා අවම මාසික අයකිරීම 50% කින් අඩුකිරීම.

    10) ඇඳිරි නීතිය නැති අවස්ථාවල සියලුම බැංකු ශාඛා ගණුදෙනුකරුවන්ට උපරිම සේවාවක් සැලසෙන පරිදි විවෘතව තැබීම.

    11) ශ්‍රී ලංකා වරාය, රේගුව හා සෙසු නියාමන ආයතන අත්‍යාවශ්‍ය ආහාර, පොහොර, ඖෂධ සහ ඉන්ධන අඛණ්ඩව අදාළ පුද්ගලයින්ට නිකුත් කළ යුතුය.

    12) සමෘද්ධිලාභීන් හා සමෘද්ධි කාඩ්පත් හිමියන් සඳහා රුපියල් 10,000 ක පොළී රහිත අත්තිකාරම් මුදලක් සියලුම සමෘද්ධි බැංකු සංගම් මගින් ලබාදීම.

    13) ලංකා සතොස හා සමූපකාර වෙළෙඳසැල් වැට් බදු හා වෙනත් ප්‍රාදේශීය බදු හා ගාස්තු වලින් නිදහස් කිරීම.

    14) අඩු ආදායම්ලාභීන් සඳහා පෝෂණ ආහාර ද්‍රව්‍ය නිකුත් කිරීම වෙනුවෙන් සමෘද්ධි අධිකාරිය සමෘද්ධි හා අඩු ආදායම්ලාභී පවුල් සඳහා හිමිකම් සහතික පත් වහාම නිකුත් කළ යුතුය. එම පවුල්වලට වැඩිහිටියන්ට හා අඩු ආදායම්ලාභීන්ට සහල්, පරිප්පු, ලූණු ආහාර හිමිකම් සහතික පත් (Food Card) මඟින් සතිපතා ලබා දිය යුතුය.

    15) COVID – 19 වෛරසය පැතිර යාම වැළැක්වීමට හා අදාළ සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ කටයුතුවලට සහන සැලසීමට ජනාධිපති අරමුදලේ විශේෂ ගිණුමක් ලංකා බැංකුවේ විවෘත කර ඇත. ඒ සඳහා ජනාධිපති අරමුදලෙන් රුපියල් මිලියන 100 ක් තැන්පත් කර තිබේ. සියලු දේශීය හා විදේශීය පරිත්‍යාගශීලීන්ට ඊට දායක වීම සඳහා බදු හා විදේශ විනිමය පාලන සීමා ඉවත් කර ඇත.

    16) SAARC රටවල කොරෝනා අරමුදලට ශ්‍රී ලංකා රජයෙන් ඇ. ඩො. මිලියන 05 ක් වෙන්කිරීම.

    මේ තීරණ වහාම ක්‍රියාත්මක කරන්නැයි ජනාධිපතිතුමාගේ නියමය පරිදි ජනාධිපති ලේකම්වරයා අදාළ නිලධාරීන්ට නියම ඇත.

    ජනාධිපති මාධ්‍ය අංශය
    2020-03-23
     
    Last edited:

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,240
    36,289
    113
    කෑගල්ල

    Good job 😃😃😃😃
    ලක්ශ 10 වැඩි personal loan 😢😢😢😢
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,521
    72,722
    113
    මාලඹේ
    ජෙප්පෝ මේකට මොකද කියන්නේ කියලා බලමු. .
    අනුර කුමාරයා කට හදනවා ඇති දැන් දිව හපාගෙන :lol::lol::lol:
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,331
    6,081
    113
    PImtgzu.jpg

    A5QyTuP.jpg
     
    LiquorHelp

    Well-known member
  • Mar 22, 2019
    1,071
    125
    63
    I think Gota is reading elakiri posts. Because what we had discussed few days ago are now included in the relief package! Maybe Gota had purchased this site as well:baffled:
     
    SMG70

    Well-known member
  • Apr 14, 2015
    983
    746
    93
    බැංකු හා මූල්‍ය ආයතන විසින් දී ඇති රුපියල් ලක්ෂ 10 ට අඩු පෞද්ගලික ණය අයකරගැනීම මාස 03 කට අත්හිටුවා ඇත.

    ඒ කියන්නේ hold වෙනවා වගේ දෙයක් නෙමේ නේද? ආයි ගෙවන්න ඕන නෑ නෙ?
     
    LiquorHelp

    Well-known member
  • Mar 22, 2019
    1,071
    125
    63
    බැංකු හා මූල්‍ය ආයතන විසින් දී ඇති රුපියල් ලක්ෂ 10 ට අඩු පෞද්ගලික ණය අයකරගැනීම මාස 03 කට අත්හිටුවා ඇත.

    ඒ කියන්නේ hold වෙනවා වගේ දෙයක් නෙමේ නේද? ආයි ගෙවන්න ඕන නෑ නෙ?

    Hold
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,314
    12,574
    113
    Piliyandala
    බැංකු හා මූල්‍ය ආයතන විසින් දී ඇති රුපියල් ලක්ෂ 10 ට අඩු පෞද්ගලික ණය අයකරගැනීම මාස 03 කට අත්හිටුවා ඇත.

    ඒ කියන්නේ hold වෙනවා වගේ දෙයක් නෙමේ නේද? ආයි ගෙවන්න ඕන නෑ නෙ?

    ගෙවිය යුතු කාලය මාස 3කින් දීර්ඝ වෙනවා මන් හිතන්නෙ