Coronavirus (Covid19) Megathread #2

Status
Not open for further replies.

Banned!

Member
Jun 30, 2013
10,779
1,070
0
ඇක්සිඩන්ට් එකක් වෙලා ආපු සමහර ලෙඩ්ඩුන්වත් CT ස්කෑන් එකක් කරලා බැලුවාම උන්ටත් කොරෝනා තිබිලා. :eek: ඒ කියන්නෙ කොරෝනා පොසිටිව් ඒත් හොයාගත්ත නැති උන් තව කොච්චර ඇතිද. :shocked:

CT walata check wenna dawas keeyak yanawada
 
danzka

Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    ඇක්සිඩන්ට් එකක් වෙලා ආපු සමහර ලෙඩ්ඩුන්වත් CT ස්කෑන් එකක් කරලා බැලුවාම උන්ටත් කොරෝනා තිබිලා. :eek: ඒ කියන්නෙ කොරෝනා පොසිටිව් ඒත් හොයාගත්ත නැති උන් තව කොච්චර ඇතිද. :shocked:

    Newyork state eke witarak positive cases 25000+ tiyenwa. hospital okkoma full wegena yanne.
     
    danzka

    Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    EUC3rzdU0AUTthI
     
    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    Ubata hitenne nadda meka muslim ratak gahapu gemak kjyala??

    නැ බං හොදට මැරෙනවා. ඉරානේ වගේ බලපං උන් සමුහ මිනිවලවල දානවා. අනික පකිස්තාන් බලපං. උන් තාම මාස් නවත්තලත් නැ. ඉරානේ බෝඩර් පැනලා පක්කුන්ට සෙට් පිටින් ඇවිත් තැගි දෙනවා
     
    danzka

    Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    නැ බං හොදට මැරෙනවා. ඉරානේ වගේ බලපං උන් සමුහ මිනිවලවල දානවා. අනික පකිස්තාන් බලපං. උන් තාම මාස් නවත්තලත් නැ. ඉරානේ බෝඩර් පැනලා පක්කුන්ට සෙට් පිටින් ඇවිත් තැගි දෙනවා

    Indonesia walath dan sahenna spread wegena yanne.
     
    janaka_jr

    Well-known member
  • May 26, 2008
    976
    380
    83
    Thursday, March 26, 2020
    ඇමරිකාවේ කොරෝනා
    http://economatta.blogspot.com/2020/03/blog-post_26.html?m=1

    covid-3-26.png

    අද උදේ (ලංකාවේ) ගෙදරින් දුරකථන ඇමතුමක් ආවා. ලංකාවේ නෑදෑ හිතවතුන් ගණනාවක් අපේ ගෙදරට කතා කරලා මගේ සහ පවුලේ අයගේ සුවදුක් විමසා තිබෙනවා. ඇතැම් අය වත්පොත හා වෙනත් සමාජ මාධ්‍ය හරහා සුවදුක් විමසනවා.

    අප තවමත් හොඳින් ඉන්නවා. එහෙත් අප සියලු දෙනාම දෙසතියක පමණ සිට ස්වේච්ඡාවෙන් නිවාස අඩස්සිගත වෙලයි ඉන්නේ. මගේ සේවය මේ වන විට අත්‍යාවශ්‍ය සේවාවක් ලෙස නම් කර තිබෙනවා. එහෙත්, අපගේ ප්‍රාන්තයේද නිවසේ රැඳී සිටීමේ නියෝගයක් නිකුත් කිරීමෙන් අනතුරුව මේ වන විට මගේ සේවා ස්ථානයට ඇතුළුවීමද දැඩි සීමා කිරීමකට ලක් කර තිබෙනවා.

    පෞද්ගලිකව මටනම් මෙය විශාල ප්‍රශ්නයක් නෙමෙයි. මා කොහොමටත් පුරුදු වී සිටියේ නිවසේ සිට වැඩ කරන්නයි. දරුවන්ගේ පාසැල්ද වසා නැතත් පාසැල් යාමක් සිදු වන්නේ නැහැ. අන්තර්ජාලය හරහා ඉගැන්වීම් කටයුතු සිදු වෙනවා. අපේ ගෙදර අනෙකුත් අයත්, හොඳ පුරුද්දක් නොවුනත්, දවසේ වැඩි වෙලාවක් පරිගණකයක් සමඟ ගත කරන අයයි. ඒ නිසා, පවතින තත්ත්වය අපට සාමාන්‍ය ඇමරිකානුවෙකුට තරම් දැඩි පීඩනයක් ගෙන දෙන්නේ නැහැ.

    පවතින තත්ත්වය ඇඳිරි නීතියක් වැනි තත්ත්වයක් නෙමෙයි. අපට අත්‍යවශ්‍ය කටයුතු සඳහා නිවසින් පිටතට යාමේ බාධාවක් නැහැ. අත්‍යවශ්‍ය කටයුතු ලැයිස්තුවට අපගේ පවුලේ සාමාන්‍ය "අවශ්‍ය කටයුතු" විශාල ප්‍රමාණයක් ඇතුළත්ව තිබෙන තිබෙන නිසා සාමාන්‍යයෙන් කරන දේවල් වලින් අපට දැන් නොකළ හැක්කේ අවන්හලකින් කෑම ගැනීම වැනි සීමිත කටයුතු කිහිපයක් පමණයි. එහෙත්, මා නිවසටම වී සිටින්නේ අප සිටින ප්‍රදේශයේත් මේ වන විට ආසාදිතයින් සිය ගණනක් සැරිසරනවා විය හැකි නිසා අනවශ්‍ය අවදානමක් නොගත යුතු නිසයි.

    අපේ අසල්වැසියන් සියලු දෙනාද මා මෙන්ම සිතන බව ඉතා පැහැදිලියි. වෙනදා මෙන් පාරවල් වල තොරතෝංචියක් නැතිව වාහන සද්ද ඇහෙන්නේ නැහැ. සුපිරි වෙළඳසැලකට ගියත් වෙනදා වගේ සෙනඟ නැහැ.

    මෙය ලියන මොහොත වන විටත් හඳුනාගත් කෝවිඩ්-19 ආසාදිතයින් ප්‍රමාණය අනුව ඉහළින්ම සිටින්නේ චීනයයි. දෙවැනි තැන ඉතාලියත්, ඉන් පසුව ඇමරිකාවත් ඉන්නවා. ජෝන් හොප්කින්ස් සරසවියේ සංඛ්‍යාලේඛණ මෙහෙමයි.

    චීනය - 81,667
    ඉතාලිය - 74,386
    ඇමරිකා එක්සත් ජනපදය - 68,572

    හෙට දවස අවසන් වන විට ඇමරිකාව මෙහි උඩින් සිටින රටවල් දෙකම පසුකර මුල් තැනට පැමිණීමට විශාල ඉඩක් තිබෙනවා. යම් හෙයකින් එය එසේ නොවුනොත් අනිද්දා දිනයේ එය අනිවාර්යයෙන්ම වෙයි. පසුගිය සතිය තුළ ඇමරිකාව ඉතා වේගයෙන් මේ ලැයිස්තුවේ ඉහළට පැමිණි බව කවුරුත් දන්නා දෙයක්.

    ලංකාවේ බොහෝ දෙනෙක් අපේ සුවදුක් විමසන්නේ ඇමරිකාවේ සංඛ්‍යාලේඛණ වල පෙනෙන්නට තිබෙන මේ භයංකාර වර්ධන නැඹුරුව නිසයි. එය ඇත්තටම ඉතා භයංකාර වර්ධනයක් තමයි. එහෙත්, පෞද්ගලිකව මටනම් මේ සංඛ්‍යාලේඛණ වලින් විශේෂ බයක් දැනෙන්නේ නැහැ. ඇමරිකාවේ තත්ත්වය ගැන බොහෝ දෙනෙකුට දැන් දැනෙන හා ඉදිරි සති කිහිපය තුළ දැනෙන්නට නියමිත බය මට දැනී දැන් සති දෙක තුනක් වෙනවා. ඒ නිසා, දැන් විශේෂ අමුත්තක් නැහැ.

    මගේ විෂය වසංගතවේදය නෙමෙයි. එහෙත්, මා යම් නිපුණතාවයක් දක්වන විෂය වසංගතවේදයට බොහෝ කිට්ටු විෂයක්. ඒ නිසා, සිදු විය හැකි දෙය තරමක් කලින් තේරුම් ගන්න එක මට අපහසු වුනේ නැහැ. වසංගතවේදය පිළිබඳ විශේෂඥ මට්ටමේ නිපුණතාවක් ඇති විශාල පිරිසක් ඇමරිකාවේ ඉන්නවා. ඒ අය මේ වෛරස් තර්ජනය හමුවේ නිකම් සිට නැහැ. ඒ බව මා ඉතා විශ්වාසයෙන් යුතුව කියන්නේ මේ කරුණ හා අදාළව ප්‍රතිපත්ති තීරණ ගන්නා විශේෂඥයින් සිටින තැන් වල හා ප්‍රතිපත්ති තීරණ ගන්නා විශේෂඥයින් නොවන ඉහළම මට්ටමේ අයට උපදෙස් දෙන අය අතර මා සමඟ පෞද්ගලික (වෘත්තීය) සම්බන්ධතා ඇති අය කිහිප දෙනෙක්ම සිටින නිසයි.

    ඇමරිකාව හා අදාළව දැන් දකින්නට ලැබෙන සංඛ්‍යාලේඛණ වගේම ඉදිරි සති වලදී දකින්නට ලැබිය හැකි මීටත් වඩා නරක සංඛ්‍යාලේඛණ ඇමරිකාවේ ප්‍රතිපත්ති සම්පාදකයින්ට විමතියක් දනවන එකක් නැහැ. ඔවුන්ට මෙයින් සිදු විය හැකි හානිය ගැන පැහැදිලි අවබෝධයක් තිබෙනවා. එහෙමනම්, රෝගය පැතිරෙන්නත්, මිනිස්සු මැරෙන්නත් ඉඩ දෙන්නේ ඇයි කියා කාට හෝ අහන්න පුළුවන්. ඔය තරම් මහ ලොකු විශේෂඥයින් ඉන්න ඇමරිකාවට තත්ත්වය පාලනය කර ගන්න බැරි ඇයි?

    ඇමරිකාව රෝගය පාලනය කරන්නේ නිශ්චිත සැලසුමකට අනුවයි. සැලසුම සකස් කර තිබෙන්නේ වසංගතයේ හානියේ ස්වභාවය ගැන නිසි අධ්‍යයනයකින් පසුවයි. රෝගය යම් මට්ටමක් දක්වා පැතිරෙන්නට හැරීමත් රෝග ව්‍යාප්තිය පාලනය කිරීමේම කොටසක්. සංකීර්ණ තාක්ෂණික කරුණු ගණනාවක් ගැන විස්තර නොකර මේ ගැන පැහැදිලි කරන එක පහසු නැහැ. එහෙත්, මම යම් උත්සාහයක් දරන්නම්.

    කෝවිඩ්-19 වෛරසය එක් අයෙකුගෙන් 2.2 දෙනෙකුට පැතිරෙන බව ඔබ අසා ඇති. බැලූ බැල්මටම මෙය රෝගය පැතිරෙන ආකාරය ගැන ඉතා සරල පැහැදිලි කිරීමක් මෙන් පෙනෙනවා. එහෙත්, මේ අංකය තේරුම් ගැනීමටනම් වසංගතවේදයේ ආකෘති ගැන පුළුල් දැනුමක් අවශ්‍ය වෙනවා. එසේ නැතිව මේ අංකය ගැන විග්‍රහ කරන්න යාම දේශපාලනඥයින් විසින් කෝවිඩ් වලට ඖෂධ යෝජනා කරනවා වගේ විහිළුවක්. හැබැයි හොඳ වෙලාවට මා කියූ ආකෘති ගැන නොදන්නා අයෙකුට මෙහි තිබෙන විහිළුව තේරෙන්නේ නැහැ.

    මෙහි 2.2 ලෙස මාධ්‍ය වලින් ප්‍රචාරය වන්නේ මූලික ප්‍රජනන අංකය (Basic reproduction number) කියන අංකයයි. මෙය වසංගතවේදියෙකුට ඉතා වැදගත් අංකයක්. වසංගතවේදයේදී වගේම කිසියම් ජනගහණයක වර්ධනය ගැන කතා කරන විටත් මෙවැනි අංකයක් යොදා ගන්න පුළුවන්. මුස්ලිම්වරු ලංකාවේ බහුතරය වෙයිද කියා පිරිසකට කාලයක් ප්‍රශ්නයක් තිබුණනේ. එතකොට සිංහල ජාතිය වඳ වෙයිද කියලත් සමහර අය ගණන් හදා තිබෙනු මා දැක තිබෙනවා. මේ වගේ දෙයකටත් මේ අංකය යොදා ගන්න පුළුවන්. වසංගතවේදයේදී මේ අංකය පිටුපස සංකීර්ණ කතාවක් තිබුණත් එය යොදාගෙන පහසුවෙන් කතාව පැහැදිලි කරන්න පුළුවන්. මා එතැනින් පටන් ගත්තේ ඒ නිසයි.

    ඇත්තටම වැදගත්ම කරුණ වන්නේ මේ අංකය 1.0 ට වඩා අඩුද වැඩිද කියන එකයි. හේතුව ඉතා සරලයි. මේ අංකය 1.0ට වඩා අඩුනම් රෝගය කාලයත් සමඟ ස්වභාවිකවම මර්දනය වෙනවා. එහෙත්, අංකය 1.0ට වඩා වැඩිනම් එය ක්‍රමක්‍රමයෙන් ජනගහණය පුරා වර්ධනය වෙනවා. අංකය හරියටම 1.0 නම් රෝගය ජනගහණය තුළ ස්ථාවර මට්ටමක දිගටම පවතිනවා.

    දැන් මේ අංකය හරියටම 1.0 නම් එයින් කියන්නේ එක් ආසාදිතයෙකු විසින් තමන්ට රෝගය වැළඳී තිබෙන කාලය ඇතුළත තවත් එක් ආසාදිතයෙකුට රෝගය බෝකරන බවයි. මෙය දළ පැහැදිලි කිරීමක්. අංකය 2.0 නම් එක් අයෙකු විසින් දෙදෙනෙකුව ආසාදනය කරනවා. අංකය 0.5නම් එයින් අදහස් වන්නේ එක් අයෙකු විසින් වෙනත් අයෙකු ආසාදනය කිරීමේ සම්භාවිතාව 50%ක් බවයි. R0 (ආර් නෝට්) ලෙස වසංගතවේදීන් විසින් හඳුන්වන මේ අංකය හා අදාළ ආකෘති(ය) හා ගණිතමය පැහැදිලි කිරීම් වෙත මා යන්නේ නැහැ. හරියටම පැහැදිලි කරන්නනම් ආකෘතියෙන් පටන් ගත යුතුයි.

    මීට පෙර පැතිරුණු කොරෝනා පවුලේම මර්ස් වයිරසය ගැන ඔබ අසා ඇති. එය වැළඳුනු අයගෙන් 38%ක් පමණම මිය ගියා. එහෙත්, සමස්තයක් මර්ස් වයිරසය නිසා මේ වන තුරු ලෝකයෙන්ම මිය ගොස් තිබෙන්නේ 858 දෙනෙකු පමණයි. 2012 සැප්තැම්බර් සිට මුළු කාලයටම වයිරසය ආසාදනය වී තිබෙන්නේද 2,494 දෙනෙකුට පමණයි. මර්ස් වෛරසයේ R0 අගය 0.47 පමණ බව ඇස්තමේන්තු කර තිබෙනවා.

    රෝගයක් පැතිරෙන්නනම් මුලින්ම එය ජනගහණයේ කිසියම් පිරිසකට බාහිරින් සම්ප්‍රේෂණය විය යුතුයි. මර්ස් වෛරසය පැමිණි සේ සැලකෙන්නේ ඔටුවන්ගෙනුයි. අපි හිතමු මුලින්ම ඔටුවන්ගෙන් 100 දෙනෙකුට වෛරසය සම්ප්‍රේෂණය වුනා කියා. දැන් මේ 100 දෙනාගෙන් තවත් 47 දෙනෙකුටත්, ඒ 47 දෙනාගෙන් තවත් 22 දෙනෙකුටත් ලෙස වෛරසය පැතිරෙනවා. එහෙත්, මුල් අවස්ථාවෙන් පසුව දිගින් දිගටම ඔටුවන්ගෙන් වෛරසය සම්ප්‍රේෂණය නොවන්නේනම් රෝගය පැතිරීම නිශ්චිත කාලයකට පසුව ස්වභාවික ලෙසම නැවතෙනවා.

    කෝවිඩ්-19 වෛරසයේ R0 අගය 2.2 ලෙස ඇස්තමේන්තු කර තිබෙනවා. මේ ඇස්තමේන්තු ගැනත්, R0 අගය ගැන වැඩි විස්තරත් පසුව කතා කරමු. දැනට අපි පහසුවට මේ 2.2 නිශ්චිත අගයක් කියා හිතමු. දැන් ලංකාවට ඉතාලියේ සිට (වෙනත් බාහිර ජනගහණයක සිට) ආසාදිතයින් 10 දෙනෙකු එනවා. ඔවුන් විසින් ලාංකිකයින් 22 දෙනෙකුට රෝගය බෝ කරනවා. ඒ 22 විසින් තවත් 48 දෙනකුටත්, ඒ අය තවත් 106 දෙනෙකුටත් ආදී වශයෙන් රෝගය බෝ කරනවා. මේ ක්‍රියාවලිය කොයියම් ආකාරයකින් හෝ නැවතුණේ නැත්නම් අන්තිමේදී රටේ ඉතා විශාල පිරිසකට වෛරසය බෝවෙනවා.

    කලින් කිවුවා වගේ R0 අගය සම්බන්ධ වැදගත්ම කරුණ එය 1.0 ට අඩුද වැඩිද කියන එකයි. අගය 1.0 ට වැඩිනම් රෝගය එන්න එන්නම ව්‍යාප්ත වෙනවා. අගය විශාල වන තරමට රෝගය ව්‍යාප්ත වන වේගයත් වැඩියි. අගය කුඩා වූ තරමට රෝගය වඩා ඉක්මණින් නොපෙනී යනවා.

    මේ R0 අගය එන්නේ වසංගතවේදයේ කිසියම් ආකෘතියකින් බව මම කලින් කිවුවනේ. මෙවැනි ආකෘතිත් ගණනාවක්ම තිබෙනවා. ඒ නිසා, අදාළ නිශ්චිත ආකෘතියකින් බැහැරව මේ අගය ගැන කතා කිරීමේත් අවුලක් තිබෙනවා. ඒ තරම් දුරට නොගියොත්, මේ R0 අගයට රෝගය පවතින කාලය හෝ රෝගය නිසා මිය යාමට තිබෙන ඉඩකඩ වැනි දේ අදාළ වෙන්නේ නැහැ. ඒ නිසා, R0 අගය 2.0 බව කියන විට කිසියම් රෝගයක් තවත් දෙදෙනෙකුට බෝවෙන්නේ සතියකින් වෙන්නත්, වසර 30-40කින් වෙන්නත් පුළුවන්. උදාහරණයක් විදිහට එච්යිවී හා අදාළ R0 අගය 4.6 ක් පමණ නිසා එක් අයෙකුගෙන් තවත් හතර පස් දෙනෙකුටම වෛරසය ආසාදනය වන නමුත් එය සිදු වන්නේ වසර 20ක පමණ කාලයක් ඇතුළතයි. කෝවිඩ්-19 රෝගයේ R0 අගය 2.2ක් වීම ප්‍රශ්නයක් වන්නේ රෝගයේ ජීව චක්‍රය සති දෙක තුනක් පමණක් වීමද නිසයි.

    ආසාදිතයෙකු රෝගයක් පතුරන කාලයද සැලකිල්ලට ගෙන R0 අගය කොටස් කිහිපයකට විසංයෝජනය කරන්න පුළුවන්.

    R0 = (ආසාදිතයකු විසින් දිනකට හමු වන පුද්ගලයින් ගණන) X (එසේ හමුවන පුද්ගලයෙකුට වෛරසය සම්ප්‍රේෂණය වීමේ සම්භාවිතාව) X (ආසාදිතයෙකු විසින් රෝගය සම්ප්‍රේෂණය කරන දින ගණන)

    මෙහි අවසාන සාධකය වෛරසයේ ස්වභාවය ඇතුළු ජීව විද්‍යාත්මක කරුණු මත බොහෝ දුරට තීරණය වන දෙයක් නිසා එය රටින් රටට නොවෙනස්ව තිබිය හැකියි. එහෙත්, දෙවන සාධකය සමාජයීය හා ජීව විද්‍යාත්මක කරුණු කරුණු වල එකතුවක්. පළමුවැන්න තනිකරම සමාජයීය කරුණක්. මේ අනුව, එකම වෛරසය හා අදාළ R0 අගය රටින් රටට හා ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙනස් විය හැකි බව පැහැදිලි විය යුතුයි.

    නිවු යෝර්ක් වැනි ජනාකීර්ණ නගරයක ජීවත් වන අයෙකු විසින් දිනකට හමුවන පුද්ගලයින් ගණන ග්‍රාමීය ප්‍රදේශයක එම ගණනට වඩා ගොඩක් වැඩියි. ඒ වගේම දෙවන කරුණ සංස්කෘතික සාධක ආදිය මත වෙනස් විය හැකියි. අතට අත දෙන හෝ වැළඳ ගන්නා හමුවක් හා ආයුබෝවන් කියා හෝ දණ ගසා වඳින හමුවක දෙවන සාධක සමාන වන්නේ නැහැ. ඒ නිසා, 2.2 කියන අගය කෝවිඩ්-19 හා අදාළව හැම රටකටම එක සේ බලපාන අගයක් නෙමෙයි. එය හරියටම දැනගන්නනම් කිසියම් ජනගහණයකට අදාළ දත්ත යොදාගෙන අධ්‍යයනයක් කළ යුතුයි.

    දැන් ලංකාව විසින් කරන පරිදි ඇඳිරි නීති දමා මිනිසුන් ගෙවල් වලට සීමා කළ විට ඉහත කී "ආසාදිතයකු විසින් දිනකට හමු වන පුද්ගලයින් ගණන" පහත දැමිය හැකියි. ආසාදිතයින් සේ සැක කරන අය නිරෝධායනය මගිනුත් එය කළ හැකියි. දුරස්ව සිටීම අනුගමනය කිරීමෙන් "එසේ හමුවන පුද්ගලයෙකුට වෛරසය සම්ප්‍රේෂණය වීමේ සම්භාවිතාව" අඩු කළ හැකියි. මේ ක්‍රියා මාර්ග මඟින් තාවකාලිකව R0 අගය 1.0 මට්ටමට වඩා පහළට ගත්තොත් රෝගය පැතිරීම ක්‍රමක්‍රමයෙන් අඩු වී යනවා. එසේ වෙද්දී නැවත ඉහත කී දැඩි නියාමනයන් ලිහිල් කළොත් නැවතත් රෝගය පැතිරෙන්න පටන් ගන්නවා. රටක මිනිසුන්ගේ සමාජ සම්බන්ධතා රටාව තාවකාලිකව වෙනස් කළ හැකි වුවත් ස්ථිර ලෙස වෙනස් කරන්න අමාරුයි. ඒ නිසා, මේ වැඩෙන් ප්‍රතිඵලයක් ගන්න අවසන් කෝවිඩ්-19 රෝගියාත් සුවවන තුරු R0 අගය පහළින් තියා ගන්න වෙනවා. එහෙම කළත් ප්‍රශ්නයක් තිබෙනවා. එය පසුවට තියමු.

    දැන් මේ ලංකාව කරන දේ ඇමරිකාව නොකළේ ඇයි? සාධාරණ වශයෙන්, ආසියානු රටවල් කරන දේ බටහිර රටවල් නොකරන්නේ ඇයි?

    බොහෝ දෙනෙකුගේ නිගමනය අනුව, ඇමරිකාවට රටේ සමාජ සැකැස්ම හා සමාජ සම්බන්ධතා වල ස්වභාවය අනුව R0 අගය 1.0 මට්ටමෙන් පහළට ගැනීමේ හැකියාවක් නැහැ. මා හිතන්නේ අනෙකුත් බටහිර රටවල් හා අදාළ තත්ත්වයත් එයයි. බැරිම නැහැ. නමුත්, එසේ කරන්න උත්සාහ කිරීමේ හානිය රෝගය පැතිරීමේ හානියට වඩා වැඩි විය හැකියි. දැනට ගන්නා ක්‍රියාමාර්ග නිසා R0 අගය පහළ බසිනු ඇති වුවත් ඒ නිසා රෝගය පැතිරීමේ වේගය අඩු වනු මිස රෝගය පැතිරීම සම්පූර්ණයෙන් අඩු වන එකක් නැහැ. එහෙමනම්, අවසානයේදී ඇමරිකාවේ හැමෝටම කෝවිඩ්-19 හැදෙයිද?

    එහෙම වෙන්නේ නැහැ. බෝවෙන රෝගයක් පැතිරීම ස්වභාවිකවම පාලනය වන යාන්ත්‍රණයක් තිබෙනවා. මේ වෛරසය වරක් ආසාදනය වූ කෙනෙකුට එම වෛරසය නැවත ආසාදනය වෙන්නේ නැහැ. ඒ බව හරියටම කියන්න කල් වැඩිනම්, අඩු වශයෙන් එම වෛරසය ඉතා කෙටි කාලයක් ඇතුළත නැවත ආසාදනය වෙන්නේ නැහැ.

    අපි හිතමු කෝවිඩ්-19 R0 අගය හැදෙන්නේ මේ විදිහටයි කියා. මෙය උදාහරණයක් පමණයි.

    ආසාදිතයකු විසින් දිනකට හමු වන පුද්ගලයින් ගණන = 100
    එසේ හමුවන පුද්ගලයෙකුට වෛරසය සම්ප්‍රේෂණය වීමේ සම්භාවිතාව = 0.001
    ආසාදිතයෙකු විසින් රෝගය සම්ප්‍රේෂණය කරන දින ගණන = 22

    R0 = 100 X 0.001 X 22 = 2.2

    මේ R0 අගය අර්ථදක්වන්නේ රෝගය පැතිරෙන අවස්ථාවේ එක් අයෙකු නිසා බිහිවන ද්වීතියික ආසාදිතයින් ගණන කියලයි. රෝගය පැතිරෙන අවස්ථාවේ කියා විශේෂයෙන් කියන්නේ ඒ වන විට කිසිවෙකුට ප්‍රතිශක්තිකරණය නැති නිසයි. ඒ නිසා අහම්බෙන් හමු වෙන 100 දෙනාගෙන් ඕනෑම කෙනෙකුට වෛරසය සම්ප්‍රේෂණය විය හැකියි. නමුත්, යම් පිරිසකට රෝගය වැළඳී සුව වූ පසු එම පුද්ගලයාට රෝගය වහාම නැවත වරක් හැදෙන්නේ නැහැ. ඒ වගේම රෝගය දැනට තිබෙන කෙනෙකුට නැවත හැදෙන්න දෙයකුත් නැහැනේ. රෝගය හැදෙන්නේ කලින් එය නොහැදුණු අයට පමණයි.

    අපි හිතමු ඇමරිකාවේ ජනගහණයෙන් 50%කට රෝගය හැදුණා කියලා. දැන් කෙනෙකුට දවසකට 100 දෙනෙකු හමු වුනත් ඒ අයගෙන් රෝගය හැදෙන්න ඉඩක් තිබෙන අය ඉන්නේ 50ක් පමණයි. ඒ නිසා, ඇත්තටම රෝගය බෝ වෙන්නේ 100 X 0.001 X 22 X 0.5 = 1.1 දෙනෙකුට පමණයි. මේ අගයට කියන්නේ ඵලදායී ප්‍රජනන අංකය හෙවත් R අගය (Effective reproduction rate) කියලයි. ආරම්භයේදී R අගය හා R0 අගය සමාන වුවත් රෝගය ක්‍රමයෙන් පැතිරෙද්දී R අගය ටිකෙන් ටික පහළ වැටී යම් අවස්ථාවක 1.0ට වඩා අඩු වෙනවා. එවිට රෝගය පැතිරීම මන්දගාමී වී එය නොපෙනී යනවා. ප්‍රතිශක්තිකරණය මගින් කරන්නේත් මේ අගය පහත හෙළන එකයි.

    මේ විදිහට R අගය පහත වැටී 1.0 මට්ටමට එන්නනම් ජනගහණයෙන් කොපමණ පිරිසකට වෛරසය ආසාදනය වෙන්න අවශ්‍යද? ඔබට පෙනෙනවා ඇති එම ප්‍රතිශතය 1 -1/R0 අගයට සමාන බව. එවිට රෝගය වැළඳිය හැකි ප්‍රතිශතය 1/R0 අගයට සමාන වන නිසා R අගය 1.0 බවට පත් වෙනවා. උදාහරණයක් විදිහට R0 අගය 2.2ක්නම්, 1 - 1/R0 = 55% පමණ වෙනවා. ඒ කියන්නේ ජනගහණයෙන් 55%කට වෛරසය ආසාදනය වූ විට රෝගය පැතිරෙන එක මන්දගාමී වෙන්න පටන් ගන්නවා. අපි හිතමු දුරස්කරණය, පාසැල් වැසීම ආදිය මගින් R0 අගය තාවකාලිකව 1.5 දක්වා අඩු කළා කියා. එවිට 1- 1/R0 = 33% දක්වා පහළ යනවා. ඒ කියන්නේ රෝගය පැතිරීම ස්වභාවිකව මන්දගාමී වන්නේ අඩු පිරිසකට රෝගය පැතිරුණාට පසුවයි.

    අපි නිකමට වගේ හිතමු ඇමරිකාව දැඩි නීති දමා මොන විදිහකින් හෝ මුලදීම වෛරසය මර්දනය කළා කියා. එසේ කිරීමේ ප්‍රශ්නය වන්නේ නැවත ඒ දැඩි නීති ලිහිල් කළ වහාම කොහෙන් හෝ නැවත වෛරසය රටට එන්න පුළුවන්කමක් තිබීමයි. එවිට නැවත මුලින් හිටපු තැනමයි. මෙහිම අනෙක් අන්තය වන්නේ බ්‍රිතාන්‍යය මුලින් කළා වගේ පෙර කී 55% මට්ටමට රෝගය ආසාදනය වන තුරු එය පැතිරෙන්න හැරීමයි. මෙහි 55% හැරුම් ලක්ෂ්‍යයයි. මන්දගාමීව වුවත් එයින් පසුවත් යම් දුරක් රෝගය පැතිරෙනවා. මෙහි ප්‍රශ්නය වන්නේ රෝගය පැතිරීමේ වේගය නිසා අවශ්‍ය රෝහල් පහසුකම් මඳ කමින් විශාල පිරිසක් මිය යාමයි. ඒ නිසා, ඇමරිකාව විසින් අනුගමනය කරන්නේ අතරමැදි පිළියමක්. මෙහිදී රෝගය පැතිරීම මුළුමනින්ම වැළකෙන්නේ නැති වුවත් රෝගයේ හානිය අවම වෙනවා.

    අපි හිතමු විවිධ ක්‍රියාමාර්ග නිසා R0 අගය 2.2 සිට 1.5 දක්වා අඩු වුනා කියා. දැන් රෝගය කලින් තරම්ම පිරිසකට හැදී නැහැ. මෙහි අවාසිය නැවත දෙවන වටයකින් රෝගය මතු වීමයි. එහෙත් මුල් වටයේදී සැලකිය යුතු පිරිසකට රෝගය හැදී තිබෙන නිසා දෙවන වටය එතරම් භයානක නැහැ. රටේ සෞඛ්‍ය පද්ධතියට එය දරාගත හැකියි. දැන් ගන්නා ක්‍රියාමාර්ග වල අරමුණ වන්නේ දෙවන වටයකින් රෝගය පැතිරීමේ ඉඩ ඉතිරි කරමින් වුවත් පළමු වටයේ හානිය හැකි පමණ අඩු කර ගැනීමයි. දෙවන වටයට පෙර එන්නතක් වැඩි දියුණු කර ගත්තොත් දෙවන වටය වලක්වා ගන්නත් පුළුවන් වෙයි.

    තවත් බොහෝ කරුණු විස්තර කරන්න පුළුවන්. ඔය ඇතිනේ!

    :sorry:
     
    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    ඔය වැඩේ ප්‍රයොගිකද? කීයෙන් කීදෙනාටද ඕක පුළුවන්..IT related වගේම IT infrastructure එකක් තියන ඒවාට පුළුවන් .අනික පුද්ගලික අංශයෙන් එන බලපෑම නිසා මේ වෙලාවේ වැරදි තීන්දුවක් ගන්න එකක් නෑ කියල හිතනවා. මොකද මොන රෙද්ද කරන්නත් රට හරියට ඉතුරුවෙලා තියෙන්න ඕනි. අද අලුත් දෙන්නක් හම්බුනා... ඇඳිරි නීතිය අද ඉඳන් සති දෙකක් වත් දාන්න වෙයි...පොඩි මිනිහ ගැනතමයි අවල. මේක අනාගන්නවද ගොඩයනවද...හ්ම්ම්.

    mata nam hithenne me curfew eka hariyata result eka enne nahabn
    minissu curfew ayin karpu gaman podi kanwa randu wenwa badu ganna

    anduwa eka danagenama thama mehema ekadigata curfew daanne.
    private sector eke kochchra business thiyenwada bageta bagayak wahalane.
    un padi gewanna kamathi na minissu nikan gedara innawa kiyala.

    දැන් ඔය මොට්ට පුජකය ගිහින් දවස් 10 14 වෙනව නේද යාපනෙන් එකයි හැදිල තියෙන්නෙ තාම නම්..

    ඔච්චරම හැමිනිලත් හැදුනෙ නැත්තන් ..මේ ඇදිරි නිති දාන් ඉන්න එකෙන් තේරුමක් නැ..මෙසිරි ලකේ කොරෝනා හැදෙන් නැ .. :yes::yes:

    danma high hopes thiyaganna epa bn

    එතකොට දැන් විදුලි බිල්පත් විතරද? :oo::oo::oo:

    ehema wenna ona.
    telephone bills walatath kalayak dunnane.
    water bills mark karanna dial eka awada ubalyi paththe?
    ekath kal yayi

    මොකක්ද බන් මේ??? රජයේ නිවාඩු නැත්තම් no-pay ද ? දන්න එකෙක් පැහැදිලි කරපල්ලා

    oka private sector eke eka eka company policy anuwa thama bn
    ape nam awith wada karanna kiwwa OT+Daily Salary
    awe nathi aya eyalage leaves walin kapenawa.

    Indonesia walath dan sahenna spread wegena yanne.

    man hithanne virus eka rasneta oroththu denna 100% mutate wela nathuwa athi.
    ehema wunoth fuckma thama
     
    danzka

    Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    Thursday, March 26, 2020
    ඇමරිකාවේ කොරෝනා
    http://economatta.blogspot.com/2020/03/blog-post_26.html?m=1

    covid-3-26.png

    අද උදේ (ලංකාවේ) ගෙදරින් දුරකථන ඇමතුමක් ආවා. ලංකාවේ නෑදෑ හිතවතුන් ගණනාවක් අපේ ගෙදරට කතා කරලා මගේ සහ පවුලේ අයගේ සුවදුක් විමසා තිබෙනවා. ඇතැම් අය වත්පොත හා වෙනත් සමාජ මාධ්‍ය හරහා සුවදුක් විමසනවා.

    අප තවමත් හොඳින් ඉන්නවා. එහෙත් අප සියලු දෙනාම දෙසතියක පමණ සිට ස්වේච්ඡාවෙන් නිවාස අඩස්සිගත වෙලයි ඉන්නේ. මගේ සේවය මේ වන විට අත්‍යාවශ්‍ය සේවාවක් ලෙස නම් කර තිබෙනවා. එහෙත්, අපගේ ප්‍රාන්තයේද නිවසේ රැඳී සිටීමේ නියෝගයක් නිකුත් කිරීමෙන් අනතුරුව මේ වන විට මගේ සේවා ස්ථානයට ඇතුළුවීමද දැඩි සීමා කිරීමකට ලක් කර තිබෙනවා.

    පෞද්ගලිකව මටනම් මෙය විශාල ප්‍රශ්නයක් නෙමෙයි. මා කොහොමටත් පුරුදු වී සිටියේ නිවසේ සිට වැඩ කරන්නයි. දරුවන්ගේ පාසැල්ද වසා නැතත් පාසැල් යාමක් සිදු වන්නේ නැහැ. අන්තර්ජාලය හරහා ඉගැන්වීම් කටයුතු සිදු වෙනවා. අපේ ගෙදර අනෙකුත් අයත්, හොඳ පුරුද්දක් නොවුනත්, දවසේ වැඩි වෙලාවක් පරිගණකයක් සමඟ ගත කරන අයයි. ඒ නිසා, පවතින තත්ත්වය අපට සාමාන්‍ය ඇමරිකානුවෙකුට තරම් දැඩි පීඩනයක් ගෙන දෙන්නේ නැහැ.

    පවතින තත්ත්වය ඇඳිරි නීතියක් වැනි තත්ත්වයක් නෙමෙයි. අපට අත්‍යවශ්‍ය කටයුතු සඳහා නිවසින් පිටතට යාමේ බාධාවක් නැහැ. අත්‍යවශ්‍ය කටයුතු ලැයිස්තුවට අපගේ පවුලේ සාමාන්‍ය "අවශ්‍ය කටයුතු" විශාල ප්‍රමාණයක් ඇතුළත්ව තිබෙන තිබෙන නිසා සාමාන්‍යයෙන් කරන දේවල් වලින් අපට දැන් නොකළ හැක්කේ අවන්හලකින් කෑම ගැනීම වැනි සීමිත කටයුතු කිහිපයක් පමණයි. එහෙත්, මා නිවසටම වී සිටින්නේ අප සිටින ප්‍රදේශයේත් මේ වන විට ආසාදිතයින් සිය ගණනක් සැරිසරනවා විය හැකි නිසා අනවශ්‍ය අවදානමක් නොගත යුතු නිසයි.

    අපේ අසල්වැසියන් සියලු දෙනාද මා මෙන්ම සිතන බව ඉතා පැහැදිලියි. වෙනදා මෙන් පාරවල් වල තොරතෝංචියක් නැතිව වාහන සද්ද ඇහෙන්නේ නැහැ. සුපිරි වෙළඳසැලකට ගියත් වෙනදා වගේ සෙනඟ නැහැ.

    මෙය ලියන මොහොත වන විටත් හඳුනාගත් කෝවිඩ්-19 ආසාදිතයින් ප්‍රමාණය අනුව ඉහළින්ම සිටින්නේ චීනයයි. දෙවැනි තැන ඉතාලියත්, ඉන් පසුව ඇමරිකාවත් ඉන්නවා. ජෝන් හොප්කින්ස් සරසවියේ සංඛ්‍යාලේඛණ මෙහෙමයි.

    චීනය - 81,667
    ඉතාලිය - 74,386
    ඇමරිකා එක්සත් ජනපදය - 68,572

    හෙට දවස අවසන් වන විට ඇමරිකාව මෙහි උඩින් සිටින රටවල් දෙකම පසුකර මුල් තැනට පැමිණීමට විශාල ඉඩක් තිබෙනවා. යම් හෙයකින් එය එසේ නොවුනොත් අනිද්දා දිනයේ එය අනිවාර්යයෙන්ම වෙයි. පසුගිය සතිය තුළ ඇමරිකාව ඉතා වේගයෙන් මේ ලැයිස්තුවේ ඉහළට පැමිණි බව කවුරුත් දන්නා දෙයක්.

    ලංකාවේ බොහෝ දෙනෙක් අපේ සුවදුක් විමසන්නේ ඇමරිකාවේ සංඛ්‍යාලේඛණ වල පෙනෙන්නට තිබෙන මේ භයංකාර වර්ධන නැඹුරුව නිසයි. එය ඇත්තටම ඉතා භයංකාර වර්ධනයක් තමයි. එහෙත්, පෞද්ගලිකව මටනම් මේ සංඛ්‍යාලේඛණ වලින් විශේෂ බයක් දැනෙන්නේ නැහැ. ඇමරිකාවේ තත්ත්වය ගැන බොහෝ දෙනෙකුට දැන් දැනෙන හා ඉදිරි සති කිහිපය තුළ දැනෙන්නට නියමිත බය මට දැනී දැන් සති දෙක තුනක් වෙනවා. ඒ නිසා, දැන් විශේෂ අමුත්තක් නැහැ.

    මගේ විෂය වසංගතවේදය නෙමෙයි. එහෙත්, මා යම් නිපුණතාවයක් දක්වන විෂය වසංගතවේදයට බොහෝ කිට්ටු විෂයක්. ඒ නිසා, සිදු විය හැකි දෙය තරමක් කලින් තේරුම් ගන්න එක මට අපහසු වුනේ නැහැ. වසංගතවේදය පිළිබඳ විශේෂඥ මට්ටමේ නිපුණතාවක් ඇති විශාල පිරිසක් ඇමරිකාවේ ඉන්නවා. ඒ අය මේ වෛරස් තර්ජනය හමුවේ නිකම් සිට නැහැ. ඒ බව මා ඉතා විශ්වාසයෙන් යුතුව කියන්නේ මේ කරුණ හා අදාළව ප්‍රතිපත්ති තීරණ ගන්නා විශේෂඥයින් සිටින තැන් වල හා ප්‍රතිපත්ති තීරණ ගන්නා විශේෂඥයින් නොවන ඉහළම මට්ටමේ අයට උපදෙස් දෙන අය අතර මා සමඟ පෞද්ගලික (වෘත්තීය) සම්බන්ධතා ඇති අය කිහිප දෙනෙක්ම සිටින නිසයි.

    ඇමරිකාව හා අදාළව දැන් දකින්නට ලැබෙන සංඛ්‍යාලේඛණ වගේම ඉදිරි සති වලදී දකින්නට ලැබිය හැකි මීටත් වඩා නරක සංඛ්‍යාලේඛණ ඇමරිකාවේ ප්‍රතිපත්ති සම්පාදකයින්ට විමතියක් දනවන එකක් නැහැ. ඔවුන්ට මෙයින් සිදු විය හැකි හානිය ගැන පැහැදිලි අවබෝධයක් තිබෙනවා. එහෙමනම්, රෝගය පැතිරෙන්නත්, මිනිස්සු මැරෙන්නත් ඉඩ දෙන්නේ ඇයි කියා කාට හෝ අහන්න පුළුවන්. ඔය තරම් මහ ලොකු විශේෂඥයින් ඉන්න ඇමරිකාවට තත්ත්වය පාලනය කර ගන්න බැරි ඇයි?

    ඇමරිකාව රෝගය පාලනය කරන්නේ නිශ්චිත සැලසුමකට අනුවයි. සැලසුම සකස් කර තිබෙන්නේ වසංගතයේ හානියේ ස්වභාවය ගැන නිසි අධ්‍යයනයකින් පසුවයි. රෝගය යම් මට්ටමක් දක්වා පැතිරෙන්නට හැරීමත් රෝග ව්‍යාප්තිය පාලනය කිරීමේම කොටසක්. සංකීර්ණ තාක්ෂණික කරුණු ගණනාවක් ගැන විස්තර නොකර මේ ගැන පැහැදිලි කරන එක පහසු නැහැ. එහෙත්, මම යම් උත්සාහයක් දරන්නම්.

    කෝවිඩ්-19 වෛරසය එක් අයෙකුගෙන් 2.2 දෙනෙකුට පැතිරෙන බව ඔබ අසා ඇති. බැලූ බැල්මටම මෙය රෝගය පැතිරෙන ආකාරය ගැන ඉතා සරල පැහැදිලි කිරීමක් මෙන් පෙනෙනවා. එහෙත්, මේ අංකය තේරුම් ගැනීමටනම් වසංගතවේදයේ ආකෘති ගැන පුළුල් දැනුමක් අවශ්‍ය වෙනවා. එසේ නැතිව මේ අංකය ගැන විග්‍රහ කරන්න යාම දේශපාලනඥයින් විසින් කෝවිඩ් වලට ඖෂධ යෝජනා කරනවා වගේ විහිළුවක්. හැබැයි හොඳ වෙලාවට මා කියූ ආකෘති ගැන නොදන්නා අයෙකුට මෙහි තිබෙන විහිළුව තේරෙන්නේ නැහැ.

    මෙහි 2.2 ලෙස මාධ්‍ය වලින් ප්‍රචාරය වන්නේ මූලික ප්‍රජනන අංකය (Basic reproduction number) කියන අංකයයි. මෙය වසංගතවේදියෙකුට ඉතා වැදගත් අංකයක්. වසංගතවේදයේදී වගේම කිසියම් ජනගහණයක වර්ධනය ගැන කතා කරන විටත් මෙවැනි අංකයක් යොදා ගන්න පුළුවන්. මුස්ලිම්වරු ලංකාවේ බහුතරය වෙයිද කියා පිරිසකට කාලයක් ප්‍රශ්නයක් තිබුණනේ. එතකොට සිංහල ජාතිය වඳ වෙයිද කියලත් සමහර අය ගණන් හදා තිබෙනු මා දැක තිබෙනවා. මේ වගේ දෙයකටත් මේ අංකය යොදා ගන්න පුළුවන්. වසංගතවේදයේදී මේ අංකය පිටුපස සංකීර්ණ කතාවක් තිබුණත් එය යොදාගෙන පහසුවෙන් කතාව පැහැදිලි කරන්න පුළුවන්. මා එතැනින් පටන් ගත්තේ ඒ නිසයි.

    ඇත්තටම වැදගත්ම කරුණ වන්නේ මේ අංකය 1.0 ට වඩා අඩුද වැඩිද කියන එකයි. හේතුව ඉතා සරලයි. මේ අංකය 1.0ට වඩා අඩුනම් රෝගය කාලයත් සමඟ ස්වභාවිකවම මර්දනය වෙනවා. එහෙත්, අංකය 1.0ට වඩා වැඩිනම් එය ක්‍රමක්‍රමයෙන් ජනගහණය පුරා වර්ධනය වෙනවා. අංකය හරියටම 1.0 නම් රෝගය ජනගහණය තුළ ස්ථාවර මට්ටමක දිගටම පවතිනවා.

    දැන් මේ අංකය හරියටම 1.0 නම් එයින් කියන්නේ එක් ආසාදිතයෙකු විසින් තමන්ට රෝගය වැළඳී තිබෙන කාලය ඇතුළත තවත් එක් ආසාදිතයෙකුට රෝගය බෝකරන බවයි. මෙය දළ පැහැදිලි කිරීමක්. අංකය 2.0 නම් එක් අයෙකු විසින් දෙදෙනෙකුව ආසාදනය කරනවා. අංකය 0.5නම් එයින් අදහස් වන්නේ එක් අයෙකු විසින් වෙනත් අයෙකු ආසාදනය කිරීමේ සම්භාවිතාව 50%ක් බවයි. R0 (ආර් නෝට්) ලෙස වසංගතවේදීන් විසින් හඳුන්වන මේ අංකය හා අදාළ ආකෘති(ය) හා ගණිතමය පැහැදිලි කිරීම් වෙත මා යන්නේ නැහැ. හරියටම පැහැදිලි කරන්නනම් ආකෘතියෙන් පටන් ගත යුතුයි.

    මීට පෙර පැතිරුණු කොරෝනා පවුලේම මර්ස් වයිරසය ගැන ඔබ අසා ඇති. එය වැළඳුනු අයගෙන් 38%ක් පමණම මිය ගියා. එහෙත්, සමස්තයක් මර්ස් වයිරසය නිසා මේ වන තුරු ලෝකයෙන්ම මිය ගොස් තිබෙන්නේ 858 දෙනෙකු පමණයි. 2012 සැප්තැම්බර් සිට මුළු කාලයටම වයිරසය ආසාදනය වී තිබෙන්නේද 2,494 දෙනෙකුට පමණයි. මර්ස් වෛරසයේ R0 අගය 0.47 පමණ බව ඇස්තමේන්තු කර තිබෙනවා.

    රෝගයක් පැතිරෙන්නනම් මුලින්ම එය ජනගහණයේ කිසියම් පිරිසකට බාහිරින් සම්ප්‍රේෂණය විය යුතුයි. මර්ස් වෛරසය පැමිණි සේ සැලකෙන්නේ ඔටුවන්ගෙනුයි. අපි හිතමු මුලින්ම ඔටුවන්ගෙන් 100 දෙනෙකුට වෛරසය සම්ප්‍රේෂණය වුනා කියා. දැන් මේ 100 දෙනාගෙන් තවත් 47 දෙනෙකුටත්, ඒ 47 දෙනාගෙන් තවත් 22 දෙනෙකුටත් ලෙස වෛරසය පැතිරෙනවා. එහෙත්, මුල් අවස්ථාවෙන් පසුව දිගින් දිගටම ඔටුවන්ගෙන් වෛරසය සම්ප්‍රේෂණය නොවන්නේනම් රෝගය පැතිරීම නිශ්චිත කාලයකට පසුව ස්වභාවික ලෙසම නැවතෙනවා.

    කෝවිඩ්-19 වෛරසයේ R0 අගය 2.2 ලෙස ඇස්තමේන්තු කර තිබෙනවා. මේ ඇස්තමේන්තු ගැනත්, R0 අගය ගැන වැඩි විස්තරත් පසුව කතා කරමු. දැනට අපි පහසුවට මේ 2.2 නිශ්චිත අගයක් කියා හිතමු. දැන් ලංකාවට ඉතාලියේ සිට (වෙනත් බාහිර ජනගහණයක සිට) ආසාදිතයින් 10 දෙනෙකු එනවා. ඔවුන් විසින් ලාංකිකයින් 22 දෙනෙකුට රෝගය බෝ කරනවා. ඒ 22 විසින් තවත් 48 දෙනකුටත්, ඒ අය තවත් 106 දෙනෙකුටත් ආදී වශයෙන් රෝගය බෝ කරනවා. මේ ක්‍රියාවලිය කොයියම් ආකාරයකින් හෝ නැවතුණේ නැත්නම් අන්තිමේදී රටේ ඉතා විශාල පිරිසකට වෛරසය බෝවෙනවා.

    කලින් කිවුවා වගේ R0 අගය සම්බන්ධ වැදගත්ම කරුණ එය 1.0 ට අඩුද වැඩිද කියන එකයි. අගය 1.0 ට වැඩිනම් රෝගය එන්න එන්නම ව්‍යාප්ත වෙනවා. අගය විශාල වන තරමට රෝගය ව්‍යාප්ත වන වේගයත් වැඩියි. අගය කුඩා වූ තරමට රෝගය වඩා ඉක්මණින් නොපෙනී යනවා.

    මේ R0 අගය එන්නේ වසංගතවේදයේ කිසියම් ආකෘතියකින් බව මම කලින් කිවුවනේ. මෙවැනි ආකෘතිත් ගණනාවක්ම තිබෙනවා. ඒ නිසා, අදාළ නිශ්චිත ආකෘතියකින් බැහැරව මේ අගය ගැන කතා කිරීමේත් අවුලක් තිබෙනවා. ඒ තරම් දුරට නොගියොත්, මේ R0 අගයට රෝගය පවතින කාලය හෝ රෝගය නිසා මිය යාමට තිබෙන ඉඩකඩ වැනි දේ අදාළ වෙන්නේ නැහැ. ඒ නිසා, R0 අගය 2.0 බව කියන විට කිසියම් රෝගයක් තවත් දෙදෙනෙකුට බෝවෙන්නේ සතියකින් වෙන්නත්, වසර 30-40කින් වෙන්නත් පුළුවන්. උදාහරණයක් විදිහට එච්යිවී හා අදාළ R0 අගය 4.6 ක් පමණ නිසා එක් අයෙකුගෙන් තවත් හතර පස් දෙනෙකුටම වෛරසය ආසාදනය වන නමුත් එය සිදු වන්නේ වසර 20ක පමණ කාලයක් ඇතුළතයි. කෝවිඩ්-19 රෝගයේ R0 අගය 2.2ක් වීම ප්‍රශ්නයක් වන්නේ රෝගයේ ජීව චක්‍රය සති දෙක තුනක් පමණක් වීමද නිසයි.

    ආසාදිතයෙකු රෝගයක් පතුරන කාලයද සැලකිල්ලට ගෙන R0 අගය කොටස් කිහිපයකට විසංයෝජනය කරන්න පුළුවන්.

    R0 = (ආසාදිතයකු විසින් දිනකට හමු වන පුද්ගලයින් ගණන) X (එසේ හමුවන පුද්ගලයෙකුට වෛරසය සම්ප්‍රේෂණය වීමේ සම්භාවිතාව) X (ආසාදිතයෙකු විසින් රෝගය සම්ප්‍රේෂණය කරන දින ගණන)

    මෙහි අවසාන සාධකය වෛරසයේ ස්වභාවය ඇතුළු ජීව විද්‍යාත්මක කරුණු මත බොහෝ දුරට තීරණය වන දෙයක් නිසා එය රටින් රටට නොවෙනස්ව තිබිය හැකියි. එහෙත්, දෙවන සාධකය සමාජයීය හා ජීව විද්‍යාත්මක කරුණු කරුණු වල එකතුවක්. පළමුවැන්න තනිකරම සමාජයීය කරුණක්. මේ අනුව, එකම වෛරසය හා අදාළ R0 අගය රටින් රටට හා ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙනස් විය හැකි බව පැහැදිලි විය යුතුයි.

    නිවු යෝර්ක් වැනි ජනාකීර්ණ නගරයක ජීවත් වන අයෙකු විසින් දිනකට හමුවන පුද්ගලයින් ගණන ග්‍රාමීය ප්‍රදේශයක එම ගණනට වඩා ගොඩක් වැඩියි. ඒ වගේම දෙවන කරුණ සංස්කෘතික සාධක ආදිය මත වෙනස් විය හැකියි. අතට අත දෙන හෝ වැළඳ ගන්නා හමුවක් හා ආයුබෝවන් කියා හෝ දණ ගසා වඳින හමුවක දෙවන සාධක සමාන වන්නේ නැහැ. ඒ නිසා, 2.2 කියන අගය කෝවිඩ්-19 හා අදාළව හැම රටකටම එක සේ බලපාන අගයක් නෙමෙයි. එය හරියටම දැනගන්නනම් කිසියම් ජනගහණයකට අදාළ දත්ත යොදාගෙන අධ්‍යයනයක් කළ යුතුයි.

    දැන් ලංකාව විසින් කරන පරිදි ඇඳිරි නීති දමා මිනිසුන් ගෙවල් වලට සීමා කළ විට ඉහත කී "ආසාදිතයකු විසින් දිනකට හමු වන පුද්ගලයින් ගණන" පහත දැමිය හැකියි. ආසාදිතයින් සේ සැක කරන අය නිරෝධායනය මගිනුත් එය කළ හැකියි. දුරස්ව සිටීම අනුගමනය කිරීමෙන් "එසේ හමුවන පුද්ගලයෙකුට වෛරසය සම්ප්‍රේෂණය වීමේ සම්භාවිතාව" අඩු කළ හැකියි. මේ ක්‍රියා මාර්ග මඟින් තාවකාලිකව R0 අගය 1.0 මට්ටමට වඩා පහළට ගත්තොත් රෝගය පැතිරීම ක්‍රමක්‍රමයෙන් අඩු වී යනවා. එසේ වෙද්දී නැවත ඉහත කී දැඩි නියාමනයන් ලිහිල් කළොත් නැවතත් රෝගය පැතිරෙන්න පටන් ගන්නවා. රටක මිනිසුන්ගේ සමාජ සම්බන්ධතා රටාව තාවකාලිකව වෙනස් කළ හැකි වුවත් ස්ථිර ලෙස වෙනස් කරන්න අමාරුයි. ඒ නිසා, මේ වැඩෙන් ප්‍රතිඵලයක් ගන්න අවසන් කෝවිඩ්-19 රෝගියාත් සුවවන තුරු R0 අගය පහළින් තියා ගන්න වෙනවා. එහෙම කළත් ප්‍රශ්නයක් තිබෙනවා. එය පසුවට තියමු.

    දැන් මේ ලංකාව කරන දේ ඇමරිකාව නොකළේ ඇයි? සාධාරණ වශයෙන්, ආසියානු රටවල් කරන දේ බටහිර රටවල් නොකරන්නේ ඇයි?

    බොහෝ දෙනෙකුගේ නිගමනය අනුව, ඇමරිකාවට රටේ සමාජ සැකැස්ම හා සමාජ සම්බන්ධතා වල ස්වභාවය අනුව R0 අගය 1.0 මට්ටමෙන් පහළට ගැනීමේ හැකියාවක් නැහැ. මා හිතන්නේ අනෙකුත් බටහිර රටවල් හා අදාළ තත්ත්වයත් එයයි. බැරිම නැහැ. නමුත්, එසේ කරන්න උත්සාහ කිරීමේ හානිය රෝගය පැතිරීමේ හානියට වඩා වැඩි විය හැකියි. දැනට ගන්නා ක්‍රියාමාර්ග නිසා R0 අගය පහළ බසිනු ඇති වුවත් ඒ නිසා රෝගය පැතිරීමේ වේගය අඩු වනු මිස රෝගය පැතිරීම සම්පූර්ණයෙන් අඩු වන එකක් නැහැ. එහෙමනම්, අවසානයේදී ඇමරිකාවේ හැමෝටම කෝවිඩ්-19 හැදෙයිද?

    එහෙම වෙන්නේ නැහැ. බෝවෙන රෝගයක් පැතිරීම ස්වභාවිකවම පාලනය වන යාන්ත්‍රණයක් තිබෙනවා. මේ වෛරසය වරක් ආසාදනය වූ කෙනෙකුට එම වෛරසය නැවත ආසාදනය වෙන්නේ නැහැ. ඒ බව හරියටම කියන්න කල් වැඩිනම්, අඩු වශයෙන් එම වෛරසය ඉතා කෙටි කාලයක් ඇතුළත නැවත ආසාදනය වෙන්නේ නැහැ.

    අපි හිතමු කෝවිඩ්-19 R0 අගය හැදෙන්නේ මේ විදිහටයි කියා. මෙය උදාහරණයක් පමණයි.

    ආසාදිතයකු විසින් දිනකට හමු වන පුද්ගලයින් ගණන = 100
    එසේ හමුවන පුද්ගලයෙකුට වෛරසය සම්ප්‍රේෂණය වීමේ සම්භාවිතාව = 0.001
    ආසාදිතයෙකු විසින් රෝගය සම්ප්‍රේෂණය කරන දින ගණන = 22

    R0 = 100 X 0.001 X 22 = 2.2

    මේ R0 අගය අර්ථදක්වන්නේ රෝගය පැතිරෙන අවස්ථාවේ එක් අයෙකු නිසා බිහිවන ද්වීතියික ආසාදිතයින් ගණන කියලයි. රෝගය පැතිරෙන අවස්ථාවේ කියා විශේෂයෙන් කියන්නේ ඒ වන විට කිසිවෙකුට ප්‍රතිශක්තිකරණය නැති නිසයි. ඒ නිසා අහම්බෙන් හමු වෙන 100 දෙනාගෙන් ඕනෑම කෙනෙකුට වෛරසය සම්ප්‍රේෂණය විය හැකියි. නමුත්, යම් පිරිසකට රෝගය වැළඳී සුව වූ පසු එම පුද්ගලයාට රෝගය වහාම නැවත වරක් හැදෙන්නේ නැහැ. ඒ වගේම රෝගය දැනට තිබෙන කෙනෙකුට නැවත හැදෙන්න දෙයකුත් නැහැනේ. රෝගය හැදෙන්නේ කලින් එය නොහැදුණු අයට පමණයි.

    අපි හිතමු ඇමරිකාවේ ජනගහණයෙන් 50%කට රෝගය හැදුණා කියලා. දැන් කෙනෙකුට දවසකට 100 දෙනෙකු හමු වුනත් ඒ අයගෙන් රෝගය හැදෙන්න ඉඩක් තිබෙන අය ඉන්නේ 50ක් පමණයි. ඒ නිසා, ඇත්තටම රෝගය බෝ වෙන්නේ 100 X 0.001 X 22 X 0.5 = 1.1 දෙනෙකුට පමණයි. මේ අගයට කියන්නේ ඵලදායී ප්‍රජනන අංකය හෙවත් R අගය (Effective reproduction rate) කියලයි. ආරම්භයේදී R අගය හා R0 අගය සමාන වුවත් රෝගය ක්‍රමයෙන් පැතිරෙද්දී R අගය ටිකෙන් ටික පහළ වැටී යම් අවස්ථාවක 1.0ට වඩා අඩු වෙනවා. එවිට රෝගය පැතිරීම මන්දගාමී වී එය නොපෙනී යනවා. ප්‍රතිශක්තිකරණය මගින් කරන්නේත් මේ අගය පහත හෙළන එකයි.

    මේ විදිහට R අගය පහත වැටී 1.0 මට්ටමට එන්නනම් ජනගහණයෙන් කොපමණ පිරිසකට වෛරසය ආසාදනය වෙන්න අවශ්‍යද? ඔබට පෙනෙනවා ඇති එම ප්‍රතිශතය 1 -1/R0 අගයට සමාන බව. එවිට රෝගය වැළඳිය හැකි ප්‍රතිශතය 1/R0 අගයට සමාන වන නිසා R අගය 1.0 බවට පත් වෙනවා. උදාහරණයක් විදිහට R0 අගය 2.2ක්නම්, 1 - 1/R0 = 55% පමණ වෙනවා. ඒ කියන්නේ ජනගහණයෙන් 55%කට වෛරසය ආසාදනය වූ විට රෝගය පැතිරෙන එක මන්දගාමී වෙන්න පටන් ගන්නවා. අපි හිතමු දුරස්කරණය, පාසැල් වැසීම ආදිය මගින් R0 අගය තාවකාලිකව 1.5 දක්වා අඩු කළා කියා. එවිට 1- 1/R0 = 33% දක්වා පහළ යනවා. ඒ කියන්නේ රෝගය පැතිරීම ස්වභාවිකව මන්දගාමී වන්නේ අඩු පිරිසකට රෝගය පැතිරුණාට පසුවයි.

    අපි නිකමට වගේ හිතමු ඇමරිකාව දැඩි නීති දමා මොන විදිහකින් හෝ මුලදීම වෛරසය මර්දනය කළා කියා. එසේ කිරීමේ ප්‍රශ්නය වන්නේ නැවත ඒ දැඩි නීති ලිහිල් කළ වහාම කොහෙන් හෝ නැවත වෛරසය රටට එන්න පුළුවන්කමක් තිබීමයි. එවිට නැවත මුලින් හිටපු තැනමයි. මෙහිම අනෙක් අන්තය වන්නේ බ්‍රිතාන්‍යය මුලින් කළා වගේ පෙර කී 55% මට්ටමට රෝගය ආසාදනය වන තුරු එය පැතිරෙන්න හැරීමයි. මෙහි 55% හැරුම් ලක්ෂ්‍යයයි. මන්දගාමීව වුවත් එයින් පසුවත් යම් දුරක් රෝගය පැතිරෙනවා. මෙහි ප්‍රශ්නය වන්නේ රෝගය පැතිරීමේ වේගය නිසා අවශ්‍ය රෝහල් පහසුකම් මඳ කමින් විශාල පිරිසක් මිය යාමයි. ඒ නිසා, ඇමරිකාව විසින් අනුගමනය කරන්නේ අතරමැදි පිළියමක්. මෙහිදී රෝගය පැතිරීම මුළුමනින්ම වැළකෙන්නේ නැති වුවත් රෝගයේ හානිය අවම වෙනවා.

    අපි හිතමු විවිධ ක්‍රියාමාර්ග නිසා R0 අගය 2.2 සිට 1.5 දක්වා අඩු වුනා කියා. දැන් රෝගය කලින් තරම්ම පිරිසකට හැදී නැහැ. මෙහි අවාසිය නැවත දෙවන වටයකින් රෝගය මතු වීමයි. එහෙත් මුල් වටයේදී සැලකිය යුතු පිරිසකට රෝගය හැදී තිබෙන නිසා දෙවන වටය එතරම් භයානක නැහැ. රටේ සෞඛ්‍ය පද්ධතියට එය දරාගත හැකියි. දැන් ගන්නා ක්‍රියාමාර්ග වල අරමුණ වන්නේ දෙවන වටයකින් රෝගය පැතිරීමේ ඉඩ ඉතිරි කරමින් වුවත් පළමු වටයේ හානිය හැකි පමණ අඩු කර ගැනීමයි. දෙවන වටයට පෙර එන්නතක් වැඩි දියුණු කර ගත්තොත් දෙවන වටය වලක්වා ගන්නත් පුළුවන් වෙයි.

    තවත් බොහෝ කරුණු විස්තර කරන්න පුළුවන්. ඔය ඇතිනේ!

    :sorry:

    Mata nam penne USA out of control wela misak meke widihata pathirenna dila control karanna yana bavak penne na
     
    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,034
    720
    113

    sirawata mata penne out of control kiyala. balamu oya method eken marena gana 25,000 paninawa. ita wada hodai under control karala medicine ekak hoyagatta nam :rolleyes:
    anika hadena hamoma berenneth nane. aye hadicha ewunta hadila thibba. china, japan news balapan jan-feb wala wage reports godak giya eka gana
     
    Last edited:

    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,034
    720
    113
    දහයක් විතර ටෙස්ට් කරලා එකෙක්වත් නැද්ද දන්නෙත් නෑ :baffled:

    ටෙස්ට් කරපු ගාන ගානත් කිව්වා නං තමා හිතට වැඩියෙන් නිදහසක් දැනෙන්නේ.

    :rofl:
     
    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,034
    720
    113
    මිනිස්සු කොච්චර නම් මෝඩද වතුරෙ ගිල්ලල මොනාද ලැබෙන්නෙ..:lol::lol::lol:

    oya pasterlata salli denne religion ekata kattiya recruit karaganawata :rofl: ape ewun modayo wage yanawa. :P
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,538
    3,882
    113
    Speed force

    බෙහෙතක් හොයාගන්න බැරි නම් මෙක තමයි හරි විඳිය වගේ පේන්නේ. ලංකාවේ ඉතින් කොච්චර කල් ඇදිරි නීතිය දාලා තියන්න ද? අවුල මෙහෙ facilities අඩු නිසා මේ කියන විඳිය ට ගියොත් එහෙම ලොකු ගාණක් මැරෙයි.

    Lockdown/curfew විඳිය ට ගියත් virus එක පැතිරෙන්න දීලා control කරන්න බැලුවත් දෙකන් ම එක වගේම damage එකක් economy එකට වෙනවා නේද?

    පැතිරෙන්න දීලා නවත්තන්න බැලුවොත් එතකොටත් virus එක ගොඩකට එක පාර හැදිලා වැඩ කරන්න බැරි වෙන නිසා economy එකට බලපානවා. ඇදිරි නීතිය දාන එකෙනුත් ඔය වගේම තමයි වෙන්නේ..

    සමහර විට America උන් ගෙ විඳිය efficient ඇති. උන් හදල බලන්න ඇති නේ මුළු ජනගහනය ට ම virus එක හැදිලා කට්ටිය මැරිලා (හැබැයි මේ මැරෙන අය නිසා සමාජීය බලපෑමක් වෙනවා නේද. 70 වැඩි ඔක්කොම මැරෙනවා කියලා හිතුවොත් මේ කියන කට්ටිය එ එ fields වල ලොකු දැනුමක් අත්දැකීම් තියෙන අය හුඟක් වෙලාවට) ඔක්කොම වෙලා ආයේ normal වෙන්න කොච්චර කාළයක් යනවා ද කියන එකයි බෙහෙතක් හොයාගන්න කම් lock down කරන්වා වගේ දේකට යන කාලයයි එක්ක economy එකට වෙන බලපැම් බලපුවාම පළවෙනි විඳිය වාසි ඇති.
     
    Last edited:

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,008
    5,740
    113
    canada
    _97176213_breaking_news_bigger.png

    US now nation with most coronavirus cases

    The US now has recorded most cases of coronavirus in the world with more than 82,404 confirmed positive tests.

    According to the latest figures collated by Johns Hopkins University, the US overtook China (81,782 cases) and Italy (80,589).

    The grim milestone came as President Donald Trump predicted the nation would get back to work "pretty quickly", after 3.3 million layoffs.

    More than 1,100 people with Covid-19 have died in the US
    bbc news

    .

    මිත්‍රවරුනි ඇමෙරිකාව කප් එක ගසා ඇත. පැහැදිලිකිරීම් අවශ්‍ය නොවේ
     
    Status
    Not open for further replies.