රටේ ඉරණම

bravehearts

Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    ඉතාම කෙටියෙන් දේශපාලනිකව කිසියම් පැත්තකට බර නොවී කියනවා නම්

    ආහාර සුරක්ෂිතතාවය රටතුළ සහතික කළ යුතුයි. කෘෂිකර්මය දියුණු කිරීමෙන් තමා අපේ රට සංවර්ධනය කරන්න පුළුවන් වෙන්නේ. මේ යටතේ අපට වගා කළ හැකි සෑම බෝ ගැන වගා කිරීම එයින් ස්වයංපෝෂිත වීමට සැලසුම් සකස් කිරීම ආහාර හසිත විවිධ නිෂ්පාදන සඳහා දිරිගැන්වීම් විශේෂයෙන් ආහාර කල්තබා ගැනීම මනා බෙදුම් හැරීමේ ජාලයක් පවත්වා ගැනීම පුළුවන් තරම් තාක්ෂණය කෘෂිකර්මයට යොදා ගැනීම වගේ කරුණු කොයි රජය ආවත් කලයුතුමයි.

    මහජනයාගේ විශ්වාසය දිනා ගන්නට නම් ලොකු කුඩා සියලුම දෙනාට එකම ආකාරයෙන් නීතිය ක්‍රියාත්මක වන බවට තහවුරු කරන සංශෝධන නීති ක්ෂේත්රයේ කළ යුතු අතර මුළු රටටම බලපවත්නා පොදු නීති රෙගුලාසි ඇතුළත් වන පරිදි නීති පද්ධතිය වෙනස් කළ යුතුයි.


    දේශපාලකයා නීති හා ප්‍රතිපත්ති සෑදීමට පමණක් සීමා වන පරිදි ප්‍රතිපත්තිමය වශයෙන් තීරණ හා නීති සෑදිය යුතු අතර ඒ ඒ කරුණු සම්බන්ධයෙන් විෂය ප්‍රවීණයන්ගෙන් උපදෙස් ලබා ගන්නා කමිටු ක්‍රමයක් රජයන් වෙනස් වන විට වෙනස් නොවන පරිදි සාදාගත යුතුයි.

    රාජ්‍ය හා පුද්ගලික අංශ දෙකම මැදිහත්ව රාජ්‍ය හා පුද්ගලික විශ්ව විද්‍යාල හා කාර්මික විද්‍යාල සියල්ල ඇතුලත් සාමාන්‍ය මහජනයාට ද අදහසක් තිබේ නම් ඉදිරිපත් කළ හැකි නිපැයුම් හා පර්යේෂණ කළහැකි යාන්ත්‍රණයක් සහිත ආයතනයක් පිහිටුවා ගැනීම.

    ජාතික ආරක්ෂාව සහ විදේශ සබඳතා සඳහා ආරක්ෂක හා ආර්ථික කටයුතු පිළිබඳ දන්නා අයගෙන් සමන්විත රජයට උපදෙස් දෙන ආයතනයක් පිහිටුවා ගැනීම.

    අඩුම තරමේ මේ ටිකවත් කරගත්තොත් රටේ ඉරණම ඉදිරි පැවැත්ම හොඳ වෙයි. දේශපාලනිකව පිල් බෙදාගෙන මරාගත්ත කියලා වෙන කිසිම සෙතක් නැත. වෙන එකම දේ අපේ ජීවිත කාලය බෙදීම් හා ගහමරා ගැනීම් වලින් ඉවර වෙන අතර දේශපාලකයන් තමන්ගේ ජීවිත කාලය මොනවා හෝ කරමින් දේශපාලනය ආදායමක් කරගනිමින් ගෙවා දමන එකයි.







    ඇදිරි නීති වෙලාවේ කම්මැලිකමට නිකන් දැම්මේ හොදේ 😉
     
    Last edited:

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,734
    12,761
    113
    මට හිතෙන විදියට අපේ රටේ කෘෂිකර්මය විනාශ කළේ bussiness කාරයෝ
    ඒකෙන් පිට රට ඉඳන් බඩු ගෙනාපු උන්

    උන් පරිපාලනය කරන එවුන්ට ජරාව දීලා මෙරට ඇතුලේ හදපු ගොඩක් දෙවල් විනාශ කළා .
    කියන්න සතුටු යි උන් සේරම හොම්බෙන් ගිහිල්ලා ඉන්නෙ .
     

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,056
    1
    11,092
    113
    Aniwa Food Crisis ekak Ei lagadima, Indian Farmers la Dan nawaththalalu waga karana ekath. So Aniwa Indiawen Lankawata ena Badu nawathi Masa 3,4kata. Hodama wade Gedara waththe Mona hari kanna puluwan ekak Hadaganna eka. Lankawe One thanaka One Magulak Hadenawa.
     
    Last edited:

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මට හිතෙන විදියට අපේ රටේ කෘෂිකර්මය විනාශ කළේ bussiness කාරයෝ
    ඒකෙන් පිට රට ඉඳන් බඩු ගෙනාපු උන්

    උන් පරිපාලනය කරන එවුන්ට ජරාව දීලා මෙරට ඇතුලේ හදපු ගොඩක් දෙවල් විනාශ කළා .
    කියන්න සතුටු යි උන් සේරම හොම්බෙන් ගිහිල්ලා ඉන්නෙ .



    business karayanta hema deyakma import karanna jarawa aran license deela help kare deshapaluwo. mokada godak biz walata share thiyenawa dehspaluwanta
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,853
    17,021
    113
    Kottawa
    මට හිතෙන විදියට අපේ රටේ කෘෂිකර්මය විනාශ කළේ bussiness කාරයෝ
    ඒකෙන් පිට රට ඉඳන් බඩු ගෙනාපු උන්

    උන් පරිපාලනය කරන එවුන්ට ජරාව දීලා මෙරට ඇතුලේ හදපු ගොඩක් දෙවල් විනාශ කළා .
    කියන්න සතුටු යි උන් සේරම හොම්බෙන් ගිහිල්ලා ඉන්නෙ .

    fonterra, uniliver :yes::yes:
     

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    මට හිතෙන විදියට අපේ රටේ කෘෂිකර්මය විනාශ කළේ bussiness කාරයෝ
    ඒකෙන් පිට රට ඉඳන් බඩු ගෙනාපු උන්

    උන් පරිපාලනය කරන එවුන්ට ජරාව දීලා මෙරට ඇතුලේ හදපු ගොඩක් දෙවල් විනාශ කළා .
    කියන්න සතුටු යි උන් සේරම හොම්බෙන් ගිහිල්ලා ඉන්නෙ .

    :yes::yes::yes:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,496
    22,157
    113
    Gotland
    ඉන්න රටක් නැතත් කන්න දෙයක් ඕනා කියන්නේ ඔන්න ඕකයි
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,496
    22,157
    113
    Gotland
    හෙනයා;25277446 said:
    fonterra, uniliver :yes::yes:


    පොන්.ටෙරා ලංකාවේ හයිලන්ඩ්, පැල්වත්ත වහන්න හෙනම ගේමක් දෙනව
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,734
    12,761
    113
    හෙනයා;25277446 said:
    fonterra, uniliver :yes::yes:

    Anchor වලට නම් කෙළම වෙලා තියෙන්නෙ
    රත්ති වලින් තමයි ගේම ගහන්නෙ .
    Local ඒවට ඉල්ලුමට සැපයුම දෙන්න අමාරු කේස් එකක් තියෙන්නෙ :sorry: